ඉඩම් නිලධාරියෙකුගේ බැංකු ගිණුමේ විශාල මුදල් හුවමාරුවක්
ජන අරගලය පාර්ලිමේන්තුව වටලන්න සැරසෙයි | පොලිස් බලෑණිය ආරක්ෂාව තර කරයි (04.11.2026)
විහාරමහාදේවි උද්‍යාන විරෝධතාව : නීති කැඩූ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසියට නියෝග
(04.11.2026 – hirunews.lk)
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළැයි කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.
එමෙන්ම එම විරෝධතාවයේදී විහාරමහා දේවි උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් ගලවා ඉවත් කිරීම සඳහා එම ස්ථානයට ගිය කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ උද්‍යාන භාර නිලධාරීගේ රාජකාරියට බාධා කර අවහිර කළ පුද්ගලයින් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසියට තවත් නියෝගයක් නිකුත් කෙරුණා.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ පැමිණිලි දෙකක් (2) සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළා.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මෙම පැමිණිලි දෙක (2) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන්වහන්සේ සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතාව අතරතුර කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කර ඇති බවයි.
එමෙන්ම අනෙක් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් එම නිලධාරීන් කියා සිටියේ අදාල දිනයේදී නීතිවිරෝධීව විහාරමහාදේවී උද්‍යානයේ එල්ලා තිබූ බැනර් සහ පෝස්ටර් මෙන්ම කටවුට් ගලවා ඉවත් කිරීම සදහා එම ස්ථානයට ගිය කොළඹ නගර සභාවේ නිලධාරීන්ට සහ උද්‍යාන භාර නිලධාරීන්ට උද්ඝෝෂණයේ යෙදී සිටි අයවලුන් අවහිර කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.
ඒ අනුව අදාල සිද්ධියේ සී සී ටී වී දර්ශන සහ වීඩියෝ දර්ශන පරීක්ෂා කර බලා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයවලුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කරන ලෙසයි මෙහිදී අධිකරණය කුරුදුවත්ත පොලිසියට නියෝග නිකුත් කළේ.
ඒ අනුව පැමිණිලි දෙක (2) සම්බන්ධයෙන්ම වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගවලින් දක්වා තිබුණේ.
එමෙන්ම එම විරෝධතාව සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය අධිකරණයෙන් ලබාගත් අතුරු ආඥාව සම්බන්ධ පැමිණිල්ල අද (04) අවසන් කිරීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.
ඒ, එම විරෝධතාව මේ වන විට අවසන් වී ඇති බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
ඉඩම් නිලධාරියෙකුගේ බැංකු ගිණුමේ විශාල මුදල් හුවමාරුවක්
(04.11.2026 – lankacnews.com)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ ක්ෂේත්‍ර නිළධාරියෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් ඉකුත් (23) දින සැක පිට අත්අඩංගුවට ගෙන (24) දින හැටනමහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර (03) දින දක්වා රක්ෂිත බන්ධගාර ගත කර සිටි සැකකරු (03) දින යලි හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ 48 හැවිරිදි පාදුක්ක ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි වර්ථමානයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ පාදුක්ක ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ කාර්යාලයේ සේවය කරන තුෂාර සමන්ත දිසානායක නැමති අයයි.
පැමිණිල්ල මෙහෙයවූ හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති නිශාන්තද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු විසින් පෞද්ගලික වාණිජ බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමක ගත වූ වසර 4 ක කාලය තුල රු. මිලියන 37 ක මුදලක් සංසරණය වී ඇති බවයි.
තවත් පෞද්ගලික බැංකු 4 ක සැකකරු ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහි වාර්ථා මෙතෙක් ලැබී නොමැති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් පැමිණිලි ගණනාවක් හැටන් පොලිසිය වෙත ලැබී ඇති බවයි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගන්නා බවත්, සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත සිදු කර ඇති පැමිණිලි කිරිමට සිටින අය වෙත මුදල් ගෙවීමට සැකකරු එකග වන නිසා සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යලි (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර රජයේ ඉඩම් මංකොල්ලයට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක් තරාතිරම නොබලා විමර්ෂණ කර අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
සැකකරු නුවරඑළිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ සේවය කරන කාලයේදි නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්‍රදේශවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කර ගනිමින් පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සැකකරු (23) දින හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස කල දැනුම්දීමක් මත සැකකරුගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
සැකකරුට මුදල් ලබා දුන් හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරයා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුගෙන් අපරාධ කොටිඨාශයට ඇගිලි සළකුණු ලබා ගැනීමට හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සැකකරු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව දැඩි ඇප කොන්දේසි මක මුදාහැර තිබුණි.
සැකකරුවන් දෙදෙනාම (2) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ ඉඩම් ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් එකතු කර ඇති බවත්, එම සැකකරුවන් දෙදෙනා (2) මේ වන තෙක් කිසිවෙකුටත් ඉඩම් ලබා නොදීම හමුවේ මුදල් ලබා දුන් අය විසින් මෙසේ පැමිණිලි 70 ක් පමණ ඉදිරිපත් කර ඇති බවයි මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.
මෙම වංචාවට සම්බන්ධ තවත් නුවරඑළිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ නිළධාරින් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.
රක්ෂිත බන්ධනගාර ගත කෙරුනු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ ක්ෂේත්‍ර නිළධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාවේ සභාපතිවරයා විසින් පියවර ගෙන ඇත.
රංජිත් රාජපක්ෂ
ජන අරගලය පාර්ලිමේන්තුව වටලන්න සැරසෙයි | පොලිස් බලෑණිය ආරක්ෂාව තර කරයි (04.11.2026)
+++
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් (සජීව) (04.11.2026)
+++
පෙරටුගාමීන් ජන ගඟක් එක්ක පාර්ලිමේන්තුව වටලන්න සැරසෙයි (සජීව) (04.11.2026)
+
පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයට පැමිණි විරෝධතාකරුවෝ විරෝධතාවය ආරම්භක ස්ථානයට යළි ගමන් කරති.
රවීවයි – ශානිවයි වහාම අයින් කරන්න! (04.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴