RMV දින හතරක (4) මෙහෙයුමෙන් වාහන ලක්ෂ 90 ක දත්ත ‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ භාරයට
අකුරණ, කුඩුගල රථවාහන අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක්
ගෝඨාභය සර් එහෙම කලාට මාලිමාවට තේරෙන්නෙ නෑ මේවා ? (කොළඹ යටවුන වීඩියෝ සමග) (03.11.2026)
තවත් වස්කවියක් : ජේවීපීකාරයො මේවා විශ්වාස කරන්නේ නැති හින්දා අවුලක් නෑ (03.11.2026)
මුං මුලු රටම පාවාදෙන්නයි හදන්නේ (03.11.2026)
ලංකාවේ රාජ්‍ය රුපවාහිනිය සිරස ද ? මේ විජාතික නාඩගම පිටුපස ඉන්නේ කවුද ? (03.11.2026)
මට පොඩි උදව්වක් ඕනෙ (03.11.2026)
සටන් හතරක් (4) මළ ගෙදර වලියක් (03.11.2026)
සැමට හිරගෙවල්? කථානායක හැංගෙයි! නාමල් හිරේ තියන්නේ ඇයි? (03.11.2026)
තව සති කිහිපයකින් ඥානසාර හිමියන්ගේ සටන නැවත අරඹනවා (03.11.2026)
RMV දින හතරක (4) මෙහෙයුමෙන් වාහන ලක්ෂ 90 ක දත්ත ‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ භාරයට
(04.11.2026 – hirunews.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති විශ්ලේෂණය කිරීම සඳහා ‘වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ ඇතුළු ආයතන කීපයක් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමේදී වාහන ලක්ෂ 90 ක දත්ත තොරතුරු ඔවුන් භාරයට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීමේ අරමුණෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව මෙම මෙහෙයුම ආරම්භ වී තිබුණේ පසුගිය 29 වනදායි.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ටෙලිකොම් ආයතනය මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් ද එක්ව සිටියා.
නීතිවිරෝධි ලෙස එකලස් කළ වාහන මෙරටට ගෙන්වීමේ සිද්ධීන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පොලිසිය සැකකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගෙන තිබුණා ෴
අකුරණ, කුඩුගල රථවාහන අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක්
(04.11.2026 – sinhala.adaderana.lk)
කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයේ රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක අද (04) අලුයම 05:30 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න හේතුවෙන් මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් නතර කිරීමට පොලීසිය පියවර ගත් බව කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+
ගෝඨාභය සර් එහෙම කලාට මාලිමාවට තේරෙන්නෙ නෑ මේවා ? (කොළඹ යටවුන වීඩියෝ සමග) (03.11.2026)
+
තවත් වස්කවියක් : ජේවීපීකාරයො මේවා විශ්වාස කරන්නේ නැති හින්දා අවුලක් නෑ (03.11.2026)
+
මුං මුලු රටම පාවාදෙන්නයි හදන්නේ (03.11.2026)
+
ලංකාවේ රාජ්‍ය රුපවාහිනිය සිරස ද ? මේ විජාතික නාඩගම පිටුපස ඉන්නේ කවුද ? (03.11.2026)
+
ලෝක පූජිත ක්‍රීඩකයෝ ගහපු පට්ට ගේම්. කෝටි ගානක ඉඩම් හොරෙන් අරගෙන. හරක් කටාගේ ජරාව කාපු DIG හයදෙනෙක්. (03.11.2026)
+
කාවන්තිස්ස මියගියේ වෙඩි වැදීමෙන් ද? වෙනත් හේතුවකින් ද? පරීක්ෂණ කණ්ඩායම් වලට අළුත් තොරතුරක්! (03.11.2026)
+
Subscribersල පොඩි උදව්වක් ඕනෙ (03.11.2026)
+
සටන් හතරක් (4) මළ ගෙදර වලියක් (03.11.2026)
+
සැමට හිරගෙවල්? කථානායක හැංගෙයි! නාමල් හිරේ තියන්නේ ඇයි? (03.11.2026)
+
තව සති කිහිපයකින් ඥානසාර හිමියන්ගේ සටන නැවත අරඹනවා (03.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴