ගනුදෙනු 08 ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 01 දක්වා කල් යයි

ගනුදෙනු 08 ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 01 දක්වා කල් යයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 4.24 ක මත්ද්‍රව්‍ය

කොළඹ ආහාරවල ගුණාත්මක තත්ත්වය ගැන පැමිණිලි කරන්න QR කේතයක්

කඩදාසි මුවාවෙන් මෙරටට ගෙන ආ රු. කෝටි 79 කට අධික දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට

Hiru TV Balaya Live | Episode 665 | 2026-11-05

මහින්ද ප්‍රභා ගැන ෆිල්ම් එකක් සජබ අධ්‍යක්ෂවරිය තක්සලාවට (05.11.2026)

සිරසට දුන්නු ඩෝබි වන්දියට නිදහසට කරුණු කියන නලින්ද… දේශපාලන තක්කඩිකම් කළාම අසරණ වෙන හැටි (05.11.2026)

උඹලගේ දානේ වැළඳුවොත් ගින්දර කෑවා වගේ තමයි… බොහෝ බෞද්ධ භික්ෂුන් ආණ්ඩුවේ උත්සවය වර්ජනය කරයි (05.11.2026)

අනුර සෙනඟ වටකරගන්නෙ හිතේ තියෙන බය නැතිකරගන්ඩ (05.11.2026)

මත්ද්‍රව්‍ය තොගය දෙහි බාලේගේ! බෝට්ටු දෙකක් පැන්නුවාදැයි සැක! බැසිල්ගේ නිල් සහ රතු වරෙන්තුවලට වුණදේ? (05.11.2026)

අධිකරණ නියෝගය සහ මහනායක හිමිවරු (05.11.2026)

සරණාගතයෙක් වෙනව ද? දොස්තර කෙනෙක් වෙනව ද? ලේසි කෝක ද? (05.11.2026)

PSTA පනතෙන් රටට වෙන්න යන දේ – කුමුදිනී බණ්ඩාර (05.11.2026)

ශ්‍රී ලංකාවේ ගෑස් හිඟයේ ඇත්ත කතාව | ලිට්‍රෝ – ලාෆ්ස් අර්බුදය පිටුපස මොකද වෙන්නේ? (05.11.2026)

සභාපති හදිසියේ ඉල්ලා අස්වුණේ ඇයි? සුප්‍රකට ව්‍යාපාරිකයා මාලිමාව හැරගිය ඇත්ත කතාව! (05.11.2026)


ගනුදෙනු 08 ක් සඳහා TIN සහතිකය ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව 2027 අප්‍රේල් 01 දක්වා කල් යයි

(05.11.2026 – hirunews.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නියම කර තිබූ ඇතැම් නිශ්චිත ගනුදෙනු වර්ග 08 ක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 වනදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව මෙම පියවර ගත් බවයි.

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගනුදෙනු සඳහා TIN සහතිකය අනිවාර්ය කිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එම ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගෙන්ද TIN සහතිකය ලබා ගැනීම සඳහා මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් මහජනතාවට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා මෙලෙස කල් තැබීමට තීරණය කර තිබෙනවා ෴


දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 4.24 ක මත්ද්‍රව්‍ය

(05.11.2026 – hirunews.lk)

දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 4.24 ක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

එම මත්ද්‍රව්‍ය තොගයට ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 132.026 ක් සහ ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 57.22 ක් ඇතුළත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ ෴


කොළඹ ආහාරවල ගුණාත්මක තත්ත්වය ගැන පැමිණිලි කරන්න QR කේතයක්

(05.11.2026 – sinhala.adaderana.lk)

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට එම සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

මෙය කොළඹ 01 සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම බලප්‍රදේශයේ ඇති සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා අතර එම පද්ධතිය ස්කෑන් කර එහි ඇති පෝරමය පුරවා පැමිණිලි කළ හැකි වේ.

එය ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වෙත ලැබෙනු ඇත.

ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ඇති බවත් එහිදී පැමිණිලිකරුගේ අනන්‍යතාව ආරක්ෂාව අනාවරණ නොවන බවත් කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ආහාර අවන්හලට භාර නොදෙන ලෙසත් බිල ද සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එම නගර සභාව වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴


කඩදාසි මුවාවෙන් මෙරටට ගෙන ආ රු. කෝටි 79 කට අධික දුම්වැටි කන්ටේනරයක් රේගු භාරයට

(05.11.2026 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 792 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රැගත් කන්ටේනරයක් රේගු මධ්‍යම විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට ෆොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි ලෙස දැක්වෙන ව්‍යාජ ආනයනික ලියකියවිලි ඉදිරිපත් කරමින් මෙම ජාවාරම සිදු කිරීමට උත්සාහ දරා ඇත.

කඳාන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් සහ ලියකියවිලි සහිත සමාගමක් වෙත මෙම කන්ටේනරය ආනයනය කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බව රේගු විමර්ශනවලදී අනාවරී වී තිබේ.

රේගු නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකදී අදාළ කන්ටේනරය තුළ තිබී සිගරට් කාටුන් 457 ක් සොයාගෙන ඇත.

රට තුළට විවිධ සූක්ෂම ක්‍රමවේද ඔස්සේ මෙවැනි නීතිවිරෝධී භාණ්ඩ ගෙන ඒමේ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විට දැඩි නීතිමය පියවර සහ පරීක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


Hiru TV Balaya Live | Episode 665 | 2026-11-05

+


මහින්ද ප්‍රභා ගැන ෆිල්ම් එකක් සජබ අධ්‍යක්ෂවරිය තක්සලාවට (05.11.2026)

+


සිරසට දුන්නු ඩෝබි වන්දියට නිදහසට කරුණු කියන නලින්ද… දේශපාලන තක්කඩිකම් කළාම අසරණ වෙන හැටි (05.11.2026)

+


උඹලගේ දානේ වැළඳුවොත් ගින්දර කෑවා වගේ තමයි… බොහෝ බෞද්ධ භික්ෂුන් ආණ්ඩුවේ උත්සවය වර්ජනය කරයි (05.11.2026)

+


අනුර සෙනඟ වටකරගන්නෙ හිතේ තියෙන බය නැතිකරගන්ඩ (05.11.2026)

+


මත්ද්‍රව්‍ය තොගය දෙහි බාලේගේ! බෝට්ටු දෙකක් පැන්නුවාදැයි සැක! බැසිල්ගේ නිල් සහ රතු වරෙන්තුවලට වුණදේ? (05.11.2026)

+


අධිකරණ නියෝගය සහ මහනායක හිමිවරු (05.11.2026)

+


සරණාගතයෙක් වෙනව ද? දොස්තර කෙනෙක් වෙනව ද? ලේසි කෝක ද? (05.11.2026)

+


PSTA පනතෙන් රටට වෙන්න යන දේ – කුමුදිනී බණ්ඩාර (05.11.2026)

+


ශ්‍රී ලංකාවේ ගෑස් හිඟයේ ඇත්ත කතාව | ලිට්‍රෝ – ලාෆ්ස් අර්බුදය පිටුපස මොකද වෙන්නේ? (05.11.2026)

+


සභාපති හදිසියේ ඉල්ලා අස්වුණේ ඇයි? සුප්‍රකට ව්‍යාපාරිකයා මාලිමාව හැරගිය ඇත්ත කතාව! (05.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤