රුවන්වැලි මහා සෑය අසල දී හිමිවරුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

රුවන්වැලි මහා සෑය අසල දී හිමිවරුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

පොලිස් ඇමති සමග කුඩු ජාවාරම්කරුවන් හත්දෙනෙකු (7) ඩීල් එකක්. කතෝලික පල්ලිය රාජ්‍ය නත්තල් උත්සවය වර්ජනයක. (07.11.2026)


රුවන්වැලි මහා සෑය අසල දී හිමිවරුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(07.11.2026 – sinhala.adaderana.lk)

අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අසල පොලිසිය හා හිමිවරුන් අතර ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මේ බව පැවසීය.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (07) මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් මෙන්ම ඊට සහාය පළකළ සිවිල් පිරිස පොලිසිය පැමිණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේදී නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බව සඳහන් ෴

+++

‘අනුරාධපුර වනසන ආණ්ඩුවේ ඊනියා සැලසුම’ වනසලාම දාන්න කස්සප හිමි උදෙන්ම රුවන්වැලි මහසෑයට වඩී (07.11.2026)

+++

+++

පොලීසිය සහ හිමිවරු අතර ගැටුම් | පොලීසිය හට් ගලවා විසි කරයි | අනුරාධපුර උණුසුම් (07.11.2026)

+++

+++

+++

+++

+++

කස්සප හිමි එලවන්න අධිකරණ නියෝගය අරන් එයි | පොලිසිය සහ කස්සප හිමි අතර උණුසුම් තත්ත්වයක් (07.11.2026)

+++

+++

කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්

(07.11.2026 – sinhala.adaderana.lk)

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ IX පරිච්ඡේදයේ 106 (1) වගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවලදී මහජන පීඩාවක් වැළැක්වීම සඳහා තාවකාලිකව කරනු ලබන ආඥාවක් ලෙස මෙම නියෝගය නිකුත්කර තිබේ.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හා උදිත නිශාන්ත යන අය සමග සිටින සියළුම ස්වාමීන් වහන්සේලා සහ පුද්ගලයන් විසින් ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත්කර, පූජාභූමිය ප්‍රදේශයෙන් අද (07) ප.ව. 2 ට ඉවත්වන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබී ඇත.

නමුත් එම පරිශ්‍රයෙන් සාමකාමීව ඉවත් වන ලෙසට දැනුම් දී තිබිය දී එයින් ඉවත් නොවී අඛණ්ඩව විරෝධතාව හා සත්‍යග්‍රහයක් කරන බවටත්, රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් හට අවහිර කරමින් විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් කරන බවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අදාළ අධිකරණ නියෝගයට අනුව රුවන්වැලි සෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් විය යුතුය.

තවද පූජා භූමියේ පුරාවිද්‍යා ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදුනොකළ යුතු බවත්, ඉදිකර ඇති තාවකාලික කුඩාරම් ඉවත් කිරීමට කටයුතු කල යුතු බවත් අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව අධිකරණය විසින් අන්‍යාකාරයකින් විධානය කිරීමකින් තොරව අද (07) සිට දින 14 ක කාලයක් මෙම ආඥාව බලපැවැත්වෙන බව මහෙස්ත්‍රාත්වරයා නිකුත්කළ නියෝගයේ සඳහන්ය ෴

+++

තඹුත්තේගම එළාර අපි යන්නේ නෑ | වහාම මේ අණ පනත් අකුලා ගනු (07.11.2026)

+++

+


පොලිස් ඇමති සමග කුඩු ජාවාරම්කරුවන් හත්දෙනෙකු (7) ඩීල් එකක්. කතෝලික පල්ලිය රාජ්‍ය නත්තල් උත්සවය වර්ජනයක. (07.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤