හැටන් ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය සොයා ගැනේ

හැටන් ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය සොයා ගැනේ

පාදුක්ක – තුන්නාන ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටෙයි-මෝටර් රථයකට දැඩි හානි-ගමනාගමනයට බාධා

නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි – තිදෙනෙකුට තුවාල

තුන්නාන ඉන්ධන පිරවුම්හල අසල කොට්ටන් ගසක් කඩා වැටී | මෝටර් රථයකට සහ ත්‍රී රෝද රථයකට හානි (09.11.2026)

සිංහරාජෙන් දුර්ලභ සතුන් එකතු කළ චීන්නු සිව්දෙනෙකු අත්අඩංගුවට

ඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

කස්සප හිමියන් ඇතුළු පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) සිව්වැනි (4) දිනටත්

අනුරාධපුර රඹෑවේ දී බස් තුනක් එකට ගැටෙයි (10.11.2026)


හැටන් ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය සොයා ගැනේ

(10.11.2026 – hirunews.lk)

හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලීමෙන් සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය හැටන්ඔයේ ගසක සිරවී තිබියදී එම ලොරි රථය එහි අයිතිකරු විසින් අද (10) අලුයම සොයාගනු ලැබ තිබේ.

හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග හැටන්ඔය ගලා බසිනා හැටන් රොතැස් ප්‍රදේශයේ ගාල් කර තිබූ ලොරි රථයක් ඊයේ (09) පස්වරු 05:00 ට පමණ සැඩ පහරට ගසාගෙන ගියා.

හැටන්ඔය පිටාර ගැලීමෙන් රොතැස් ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50 ක් පමණ ජලයෙන් යට වූ බවයි පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ.

මේ වන විට නිවෙස්වලට කාන්දු වු වැසි ජලය බැස ගොස් ඇති අතර, එම නිවාසවල පදිංචිකරුවන් එම නිවාසවල රැඳී තිබෙන ජලය සහ මඩ ඉවත් කිරිමේ කටයුතුවල නියැලී සිටිනවා.

එම නිවාසවල පදිංචිකරුවන්ගේ බඩු බාහිර ආදිය ද වැසි ජලයෙන් විනාශ වී තිබෙනවා ෴

+++

+++

+++

+


පාදුක්ක – තුන්නාන ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටෙයි-මෝටර් රථයකට දැඩි හානි-ගමනාගමනයට බාධා

(09.11.2026 – sinhala.adaderana.lk)

හයිලෙවල් මාර්ගයේ පාදුක්ක, තුන්නාන ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මාර්ගයට විශාල කොට්ට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට හානි සිදුව තිබේ.

අනතුර සිදුවීමත් සමඟ හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර, මේ වන විට ප්‍රදේශයේ රථවාහන තදබදයක් සහ ගමනාගමනට බාධා මතුව ඇති බව පාදුක්ක පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සඳහන් වෙයි.

මාර්ගයේ කඩා වැටී ඇති ගස කපා ඉවත්කර, යළි වාහන ගමනාගමනය සඳහා මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගනිමින් පවතී.

+


නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි – තිදෙනෙකුට තුවාල

(08.11.2026 – sinhala.adaderana.lk)

අද (08) සවස වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළගකින් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් එහි නවතා තිබූ වාහන රැසකට හානි සිදුව තිබේ.

වාහන 4 කට වැඩි සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇත.

මෙහිදී තුවාල ලැබූ තිදෙනෙකු (3) රෝහල්ගතකර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

+


තුන්නාන ඉන්ධන පිරවුම්හල අසල කොට්ටන් ගසක් කඩා වැටී | මෝටර් රථයකට සහ ත්‍රී රෝද රථයකට හානි (09.11.2026)

+


සිංහරාජෙන් දුර්ලභ සතුන් එකතු කළ චීන්නු සිව්දෙනෙකු අත්අඩංගුවට

(10.11.2026 – sinhala.adaderana.lk)

සිංහරාජ වනාන්තරය තුළ කෘමි සත්ත්ව විශේෂ සහ උරගයින් එකතු කරමින් සිටි කාන්තාවක් (1) ඇතුළු චීන ජාතිකයින් සිව්දෙනෙකු (4) වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම චීන ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සත්ව විශේෂ 40 කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250 කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් මීට පෙර ද ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැකකරුවන් සහ සත්ත්ව විශේෂ කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුවන් ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඔවුන් සන්තකයේ තිබී සොයාගත් ජීවී සහ අජීවී සතුන් හඳුනාගැනීම සඳහා ජාතික කෞතුකාගාරය වෙත අද (10) දිනයේ යොමුකර පරිසරයට නිදහස් කරන මෙන් ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර මීට දින කිහිපයකට පෙර ද බැබව උද්දරකන්ද වන සංරක්ෂිත කලාපයේ මෙවැනි ජාන මංකොල්ලයක යෙදුණු ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴


ඥානසාර හිමිට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

(09.11.2026 – sinhala.adaderana.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

උන්වහන්සේ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සඳහා ධර්ම විනයානුකූලව කටයුතු කළ යුතු බවය.

ඒ බැවින් උන්වහන්සේ ඇතුළු දස නමකගෙන් (10) සමන්විත සංඝසභා නියෝජිත පිරිසක් බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර තමන්ට දන්වන ලෙස ද උන්වහන්සේ ලිපිය මගින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම ඒ සඳහා දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස උන්වහන්සේ දැනුම් දී ඇත.

මෙම ලිපියේ පිටපතක් බන්ධනාගාර අධිකාරිවරයා වෙතද යොමු කර තිබේ.

+++

+


කස්සප හිමියන් ඇතුළු පිරිස ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) සිව්වැනි (4) දිනටත්

(10.11.2026 – sinhala.adaderana.lk)

රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) සිව්වැනි (4) දිනටත් අඛණ්ඩව පැවැත්වේ.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කරනු ලැබීය.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන ගත්තේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස සත්‍යග්‍රහයේ නිරත පිරිසට අධිකරණය නියෝගයක් ද නිකුත් කෙරිණි.

කෙසේ වෙතත්, එම අධිකරණ නියෝගය නොතකා භික්ෂූන් වහන්සේලා ඇතුළු විරෝධතාවයේ නිරත පිරිස තවදුරටත් අදාළ ස්ථානයේ රැඳී සිටිති.

මේ අතර, ඊයේ (09) රාත්‍රියේදී විරෝධතා භූමියට ඇතුළු වූ පිටස්තර පුද්ගලයෙකු නිසා එම භූමියේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන තිබුණි.

+++

+++

+++

+++

+


අනුරාධපුර රඹෑවේ දී බස් තුනක් එකට ගැටෙයි (10.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤