RMV එක්දින හා සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ
RMV එක්දින හා සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ
(09.11.2026 – hirunews.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ‘එක්දින සේවාව’ සහ ‘සාමාන්‍ය සේවාවන්’ තවදුරටත් පුළුල් කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මහජනතාව වෙත පපයනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ලබාදීමේ අරමුණින්, මෙම සේවාවන් ලබා ගැනීමේ ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් කළ බවයි.
ඒ අනුව, ‘එක්දින සේවාවන්’ සඳහා වේලාවක් (Appointment) වෙන් කරවා ගැනීම අනිවාර්ය වන අතර ‘සාමාන්‍ය සේවාවන්’ සඳහා වේලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
- එක්දින සේවාවන් :
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියැදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ කාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සියලුම එක්දින සේවාවන් සඳහා පහත සඳහන් ක්‍රමවේදයන් ඔස්සේ වෙලාවක් වෙන් කරවා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
** දුරකථන මාර්ගයෙන් (Call):
කොළඹ – 011 211 7116
ගම්පහ – 033 211 7116
කුරුණෑගල – 037 211 7116
හම්බන්තොට – 047 211 7116
අනුරාධපුරය – 025 211 7116
යාපනය – 021 211 7116
** (ඉහත දිස්ත්‍රික් කාර්යාල තුළින් යතුරු පැදි පමණක් නව ලියාපදිංචි කිරීම සිදු වේ.)
** මාර්ගයක ක්‍රමවේදය (Online) :
දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත වෙන් කිරීමේ පද්ධතිය වන,
https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය වේලාවන් වෙන්කරවා ගත හැක.
- සාමාන්‍ය සේවාවන් :
දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවන අතර, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛණ (Vehicle Transfer Documents) භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව පහත ස්ථානවල ද පහසුකම් සලසා තිබෙනවා.
** දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල
** ප්‍රාදේශීය ලේකම් කාර්යාල
මෙම පහසුකම් පුළුල් කිරීම මගින් මහජනතාවට තම අවශ්‍යතාවලට අනුව වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි එම දෙපාර්තම්න්තුව සදහන් කරන්නේ ෴
Hiru TV Salakuna Live | Ali Sabry| Episode 552 | 2026-11-09
+
අද දෙරණ 360 | නීතිඥ අජිත් පී පෙරේරා – සමගි ජන බලවේග
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴