කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි : පිරිසිදු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව

කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි : පිරිසිදු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව

ප්‍රබා වල දාපු තැන පස් ස්මාරකයක් හදන්න අරං ගිහිං – රටම කැළඹෙන හෙළිදරව්වක් එළියට එයි (23.11.2026)

ගුරු විදුහල්පති බලයත් ආණ්ඩුවෙන් ගිලිහෙයි – දැන් නම් ආණ්ඩුවට සෙල්ලම් වෙන්නේ නෑ (23.11.2026)

ජපානේ ඉඳන් දිලිත් කරපු සුපිරි කතාව – මේක ආගම ජාතිය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි (23.11.2026)

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ ලබන බදාදා (25) ආයෙත් වැඩට බෑ කියයි… අයවැය අර්බුදය ඔඩු දුවයි (23.11.2026)


කොළඹ වරායේ තෙල් කාන්දුවකින් මුතුවැල්ල වෙරළ තීරයට හානි : පිරිසිදු කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව

(22.11.2026 – hirunews.lk)

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ජයබහලු පර්යන්තයේ (JCT) අංක 108 දරන තෙල් ටැංකියෙන් සිදුවූ තෙල් කාන්දුවක් හේතුවෙන් නාගරික ජලාපවහන පද්ධතියට තෙල් එක්වී, මුතුවැල්ල වෙරළ තීරය ඔස්සේ මුහුදට ගලා යාමෙන් වෙරළබඩ පරිසරය දූෂණයට ලක්ව තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ප්‍රතිචාර සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් මේ වන විට සම්බන්ධීකරණය කරමින් සිටින බවයි.

මෙට්‍රික් ටොන් 1,000 ක ගබඩා ධාරිතාවකින් යුත් JCT අංක 108 දරන ටැංකිය සිද්ධිය වන අවස්ථාවේ සම්පූර්ණ ධාරිතාවයෙන් පුරවා තිබූ බව සඳහන්.

එහි ගබඩා කර තිබූ සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) කාන්දු වී ඇත්තේ හානි වූ හෝ සිදුරක් ඇති වූ ජල බැහැර කිරීමේ කපාටයක් (Drain Valve) හරහා බව වාර්තා වනවා.

ඊයේ (21) පෙරවරුවේ මෙම කාන්දුව ආරම්භ වී ඇති අතර, පෙරවරු 09:30 ට පමණ ඒ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර තිබුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) මැදිහත් වී එදින පෙරවරු 10:30 පමණ වන විට තෙල් කාන්දුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ වන විටත් කාන්දු වූ තෙල්වලින් යම් ප්‍රමාණයක් නාගරික ජලාපවහන ඇළ මාර්ගය ඔස්සේ මුතුවැල්ල වෙරළ තීරයෙන් මුහුදට එක්වී තිබුණා.

මේ හේතුවෙන් බොට්ටු නැංගුරම්ලා තැබීමේ ස්ථානය ද ඇතුළුව කිලෝමීටර් තුනකට (3) අධික වෙරළ තීරයක් තෙල් නිසා දූෂණයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තෙල් පැතිරීම පාලනය කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

තෙල් තවදුරටත් මුහුදේ පැතිරීම වැළැක්වීම සඳහා තෙල් පාලන බාධක (Oil Containment Booms) යොදවා ඇති අතර කාන්දු වූ තෙල් එක්රැස් කිරීම සහ වෙරළ තීරයෙන් ඉවත් කිරීමේ කටයුතු අද (22) දිනයේදීත් අඛණ්ඩව සිදු කෙරුණා.

පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර බලපෑමට ලක්වූ වෙරළ තීරය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ සියලු ආයතන සමඟ එක්ව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


ප්‍රබා වල දාපු තැන පස් ස්මාරකයක් හදන්න අරං ගිහිං – රටම කැළඹෙන හෙළිදරව්වක් එළියට එයි (23.11.2026)

+


ගුරු විදුහල්පති බලයත් ආණ්ඩුවෙන් ගිලිහෙයි – දැන් නම් ආණ්ඩුවට සෙල්ලම් වෙන්නේ නෑ (23.11.2026)

+++

+


ජපානේ ඉඳන් දිලිත් කරපු සුපිරි කතාව – මේක ආගම ජාතිය පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි (23.11.2026)

+


විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ ලබන බදාදා (25) ආයෙත් වැඩට බෑ කියයි… අයවැය අර්බුදය ඔඩු දුවයි (23.11.2026)

+


++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤