යාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21 ක් අත්අඩංගුවට..

යාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21 ක් අත්අඩංගුවට..

අයවැයට විරෝධය පළ කරමින් අනිද්දා (23) ජාතික විරෝධතා දිනයක්

නාමල් හිරේ – බයියො සැලේ පොහොට්ටුවේ ඊලග ගේම මෙන්න ! (21.11.2026)

ඥානසාර හාමුදුරුවො ඇතුළේ, මුං එළියේ… වෙච්චදේට එන්නා සෙයියරදු ? (21.11.2026)

ජේවීපීකාරයො වැඩ නොකර සල්ලි ඉතුරු කරන්නේ ඇයි ? (21.11.2026)

කරුණාකරලා අපේ මතකය විනාස කරන්න එපා.. මිල්ටන්ටත් ලජ්ජාවක් පවුලේ අය ප්‍රසිද්ධියේ හැසිරෙන විදිය (21.11.2026)

ඔයාට පුලුවන් ඔයාට පුලුවන් කිව්වට පුලුවන්ද? (21.11.2026)

චරිත් ගැන වරුණගෙ පොරොන්දුව (21.11.2026)

පඩි නැතුව කරන්න ආපු උන් තඩි පඩි ගන්න හැටි (21.11.2026)

ජනාධිපතිටත් වසන් කළ ආණ්ඩුවේ ලොකුම වංචාව මෙන්න (21.11.2026)

ජවිපෙ ස්වෙච්චා සේවයට මාසෙකට ලක්ෂ 6 ක් (21.11.2026)

හෝමාගම වික්‍රමාරච්චි වෙදමහතාගේ 2026 නොවැ. 30 න් පසු සිදුවීම් ගැන අනාවැකි (20.11.2026)

රාජාංගණයේ චීවරධාරියාට දැවැන්ත විපතක් ! නොවැම්බර් 26 න් පසු සද්ධාරතනට වෙන්න යන දේ මෙන්න. (21.11.2026)


යාපනය සරසවියේ දරුණු ගැටුමක්.. පිහි අණුම්වලින් පහක් රෝහලේ.. සිසුන් 21 ක් අත්අඩංගුවට..

(21.11.2026 – lankacnews.com)

යාපනය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ දරුණු ගැටුමකට අදාළව එම පීඨයේ සිසුන් 21 දෙනෙකු කෝපායි පොලීසිය මගින් හදිසියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගැටුමේදී ‘පේපර් කටර්’ ආධාරයෙන් සිදුකළ පහරදීම් හේතුවෙන් කැපුම් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකු (5) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් දෙදෙනෙකු (2) ප්‍රතිකාර ලබමින් සිටියදීම රෝහල් බලධාරීන්ට කිසිදු දැනුම්දීමකින් තොරව රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පීඨයේ දෙවන (2) සහ තෙවන (3) වසරවල ශිෂ්‍ය පාර්ශ්වයන් දෙක (2) අතර කලක පටන් පැවති පෞද්ගලික සහ කණ්ඩායම් ආරවුලක් මෙම ප්‍රචණ්ඩ ගැටුම දක්වා දුරදිග ගොස් ඇති බවයි.

බහින්බස්වීමකින් ආරම්භ වූ මෙම ගැටුමේදී එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වය ඉලක්ක කර තියුණු ‘පේපර් කටර්’ උපයෝගී කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද වෙනම අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත ෴


අයවැයට විරෝධය පළ කරමින් අනිද්දා (23) ජාතික විරෝධතා දිනයක්

(21.11.2026 – hirunews.lk)

මෙවර අයවැයෙන් තම ක්ෂේත්‍ර පිළිබඳ නිසි අවධානයක් යොමු කර නොමැති බවට වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් තවදුරටත් චෝදනා කරනවා.

අයවැයට විරෝධය පළ කරමින් අනිද්දා (23) ‘ජාතික විරෝධතා දිනයක්’ ප්‍රකාශයට පත් කිරීමටද වෘත්තීය සමිති සැරසෙන්නේ එවන් පසුබිමකයි.

සංවර්ධන නිලධාරීන්, කලමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල සහ හෙද, තාක්ෂණික නිලධාරීන්, කාර්යාල සහයක කාර්යමණ්ඩල, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන්, ගුරු විදුහල්පති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඒ සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ අනිද්දා (23) දහවල් 12:00 සිට පස්වරු 02:00 දක්වා පැය දෙකක (2) කාලයක් දීපව්‍යාප්තව තම සංගමයේ සියළු ශාඛා සමිතිවල හදිසි රැස්වීම් කැඳවා ඇති බවයි.

අද (21) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි ලේකම් වෛද්‍ය උභයබණ්ඩාර වරකාගොඩ කියා සිටියේ, එම කාලය තුළ හදිසි ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම, අනිද්දා (23) සිට ප්‍රජා ශක්ති වැඩසටහනට අමතරව පවරන සියලුම වැඩ රාජකාරිවලින් ඉවත් වීමට ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ 2027 අයවැයෙන් තම ගමන් වියදම් සහ කාර්යාල දිමනා ප්‍රමාණවත් ලෙස වැඩි නොකිරීමට එරෙහිවයි.

ඒ අනුව ඔවුන් අත්තම වැඩසටහන, දොරින් දොරට වැඩසටහන, කෘෂිකර්ම කර්ම සංගණන කටයුතු, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගි වීම සහ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු වලට සහභාගී වීම යන සියලුම රාජකාරි කටයුතු වලින් ඉවත් වනු ඇති ෴


නාමල් හිරේ – බයියො සැලේ පොහොට්ටුවේ ඊලග ගේම මෙන්න ! (21.11.2026)

+


ඥානසාර හාමුදුරුවො ඇතුළේ, මුං එළියේ… වෙච්චදේට එන්නා සෙයියරදු ? (21.11.2026)

+


ජේවීපීකාරයො වැඩ නොකර සල්ලි ඉතුරු කරන්නේ ඇයි ? (21.11.2026)

+


කරුණාකරලා අපේ මතකය විනාස කරන්න එපා.. මිල්ටන්ටත් ලජ්ජාවක් පවුලේ අය ප්‍රසිද්ධියේ හැසිරෙන විදිය (21.11.2026)

+


ඔයාට පුලුවන් ඔයාට පුලුවන් කිව්වට පුලුවන්ද? (21.11.2026)

+


චරිත් ගැන වරුණගෙ පොරොන්දුව (21.11.2026)

+


පඩි නැතුව කරන්න ආපු උන් තඩි පඩි ගන්න හැටි (21.11.2026)

+


ජනාධිපතිටත් වසන් කළ ආණ්ඩුවේ ලොකුම වංචාව මෙන්න (21.11.2026)

+


ජවිපෙ ස්වෙච්චා සේවයට මාසෙකට ලක්ෂ 6 ක් (21.11.2026)

+


හෝමාගම වික්‍රමාරච්චි වෙදමහතාගේ 2026 නොවැ. 30 න් පසු සිදුවීම් ගැන අනාවැකි (20.11.2026)

+


රාජාංගණයේ චීවරධාරියාට දැවැන්ත විපතක් ! නොවැම්බර් 26 න් පසු සද්ධාරතනට වෙන්න යන දේ මෙන්න. (21.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤