සිංහලෙන් ‘ආයුබෝවන්’ රැගත් ‘වොයේජර් 1’ යානය අන්තර්තාරකා අවකාශයේ ඉතිහාසය අලුත් කරයි
ආණ්ඩුවේ මැරයන් රකින මාලිමා හෙල්මට් බලකාය ? (20.11.2026)
චන්ඩි ටෝක්ස්වලින් ශේප් ටෝක්ස්වලට මාරුවීම… දෙගොල්ලොම එක්කහු වෙලා නාමල්ට කෙළින්ඩ යන්නෙ (20.11.2026)
ඉල් මහ විරු සැමරුම සහ මහවිරු සැමරුම : ‘ඉල්’ කෑල්ල විතරයි වැඩිපුර තියෙන්නෙ (20.11.2026)
‘කඩුවෙල හැම්පර් ජයලාල්’ ගින්න ගැන මොකද කියන්නේ ? (20.11.2026)
රොටුඹ අමිලගේ පරීක්ෂණ CID බාරගත්තේ ඇයි? ඉරාන ලංකා මත් ජාවාරම නැවත දකුණු ඉන්දියාවට යයි! (20.11.2026)
පුණරුදේ උතුරල මැණික් වලින්හදන පාරවල් (20.11.2026)
බේකරියට පැන්න ජෙපි පොලීසිය (20.11.2026)
Developing story වටගලට රහසක් (20.11.2026)
සල්ලි තිබුණත් වැඩ නෑ! අමාත්‍යාංශ ප්‍රගතිය 6% ද? ආර්ථිකය වැටෙන හේතුව මෙන්න (20.11.2026)
සිංහලෙන් ‘ආයුබෝවන්’ රැගත් ‘වොයේජර් 1’ යානය අන්තර්තාරකා අවකාශයේ ඉතිහාසය අලුත් කරයි
(20.11.2026 – hirunews.lk)
‘වොයේජර් 1’ අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට සැතපුම් බිලියන 16 ක සීමාව පසුකළ බව තහවුරු කරමින් පාලන මධ්‍යස්ථානය වෙත රේඩියෝ සංඥාවක් එවා ඇතැයි නාසා අභ්‍යවකාශ ඒජන්සිය තහවුරු කරනවා.
මෙම යානයේ න්‍යෂ්ටික බැටරියේ බලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බැවින්, ලබන වසරේ යෙදෙන එහි 50 වැනි සංවත්සරයෙන් පසුව එහි විද්‍යාත්මක උපකරණ ක්‍රියා විරහිත වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.
නාසා ආයතනයේ ‘වොයේජර් 1’ (Voyager 1) අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට ‘ආලෝක-දිනයක්’ පසු කළ පළමු අභ්‍යවකාශ යානය බවට පත්වෙමින් ඉතිහාසගත වී තිබෙනවා.
1977 වසරේදී අභ්‍යවකාශගත කළ මෙම යානය මේ වන විට කිලෝමීටර් බිලියන 26 ක් පමණ ඈතින් පිහිටි අන්තර්තාරකා අවකාශයේ ගමන් කරමින් තිබෙනවා.
ඒ අනුව පෘථිවියේ සිට යවන සංඥාවක් යානය වෙත ළඟා වීමට පැය 24 ක් ගත වන බව නාසා ආයතනය පවසනවා.
යානයට පණිවුඩයක් යවා එහි ප්‍රතිචාරය නැවත පෘථිවියට ලැබීමට ද පැය 48 ක්, එනම් දින දෙකක (2) කාලයක් ගතවනවා.
මෙම යානය පැයට කිලෝමීටර් 58,000 ක පමණ වේගයකින් මේ වන විට ගමන් කරමින් පවතින අතර, මෙම යානය අපට සුවිශේෂී වන්නේ ඒ තුළ සිංහල භාෂාවෙන් ‘ආයුබෝවන්’ යන වචනයේ හඬ ඇමිණුමක් ඇතුළත් කර තිබිම හේතුවෙන්.
පෘථිවිය, සූර්යයා සහ ක්ෂීරපථය පිළිබඳ තොරතුරු සහ විවිධ ශබ්ද සහ භාෂා 55 කින් සමන්විත සුබ පැතුම් ඇතුළත් රන් තැටියක් ‘වොයේජර් 1’ යානයේ අන්තර්ගත කර තිබෙනවා.
මෙම රන් තැටියට විවිධ භාෂාවන්හි සුබ පැතුම් ඇතුළත් හඬ පටිගත කිරීම සඳහා තාරකා විද්‍යාඥ කාර්ල් සේගන් ඇතුළු කණ්ඩායම කෝර්නෙල් විශ්ව විද්‍යාලයේ සිටි විවිධ රටවල සිසුන් සහ ආචාර්යවරුන් යොදාගෙන තිබුණා.
එහිදී සිංහල භාෂාව නියෝජනය කරමින් ආයුබෝවන් යනුවෙන් සුබ පැතීම සඳහා එම සරසවියේ එකල සිසුවෙක් වූ ශ්‍රී ලාංකිකයෙක් වන ‘ආචාර්ය කමල් ද ආබෘ’ යොදාගෙන තිබුණා.
ආචාර්ය කමල් ද ආබෘ ශ්‍රී ලංකාවේ උපත ලබා මෙරට අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා අමෙරිකාවට ගොස් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ විද්වතෙක්.
එමෙන්ම Voyager 1 රන් තැටියේ පෘථිවියේ ජීවය සහ සංස්කෘතිය නිරූපණය කරන ඡායාරූප 115 ක්, ස්වභාවික හඬ, ලොව පුරා සංගීත නිර්මාණ සහ ලිඛිත පණිවිඩද ඇතුළත් වනවා.
මෙම තොරතුරු අනාගතයේදී බුද්ධිමත් පිටසක්වල ජීවීන්ට පෘථිවිය හඳුනා ගැනීමට හැකි වන පරිදි සකස් කර තිබෙන බවයි NASA ආයතනය පවසන්නේ.
මෙම තැටිය වාදනය කරන ආකාරය දැක්වෙන ගණිතමය රූප සටහන්ද එම තැටියේ ඇලුමිනියම් ආවරණයේ දක්වා ඇති අතර එය වාදනය කිරීමට අවශ්‍ය ඉදිකටුවක්ද ඒ සමග තබා තිබෙනවා.
එමෙන්ම මෙම යානය සොයා ගන්නා අයෙකුට අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා පිහිටි ස්ථානය සොයා ගැනීමට හැකි වන පරිදි ප්‍රධාන තරු 14 සාපේක්ෂව සකස් කළ සිතියමක් සහ තැටියේ වයස ගණනය කිරීමට යුරේනියම් 238 සාම්පලයක් ද එම ආවරණයේ අඩංගු වෙනවා.
කෙසේ වෙතත්, මෙම යානයේ න්‍යෂ්ටික බැටරියේ බලය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බැවින්, ලබන වසරේ යෙදෙන එහි 50 වැනි සංවත්සරයෙන් පසුව යානයේ විද්‍යාත්මක උපකරණ ක්‍රියා විරහිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වොයේජර් 1 යානය බලශක්තිය අවසන් වී නුදුරු අනාගතයේදී යානය අක්‍රිය වුවද, එය තාරකා අතරින් අඛණ්ඩව ගමන් කරනු ඇති.
+
ආණ්ඩුවේ මැරයන් රකින මාලිමා හෙල්මට් බලකාය ? (20.11.2026)
+
චන්ඩි ටෝක්ස්වලින් ශේප් ටෝක්ස්වලට මාරුවීම… දෙගොල්ලොම එක්කහු වෙලා නාමල්ට කෙළින්ඩ යන්නෙ (20.11.2026)
+
ඉල් මහ විරු සැමරුම සහ මහවිරු සැමරුම : ‘ඉල්’ කෑල්ල විතරයි වැඩිපුර තියෙන්නෙ (20.11.2026)
+
‘කඩුවෙල හැම්පර් ජයලාල්’ ගින්න ගැන මොකද කියන්නේ ? (20.11.2026)
+
ජනාධිපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද? (20.11.2026)
+
රොටුඹ අමිලගේ පරීක්ෂණ CID බාරගත්තේ ඇයි? ඉරාන ලංකා මත් ජාවාරම නැවත දකුණු ඉන්දියාවට යයි! (20.11.2026)
+
පුණරුදේ උතුරල මැණික් වලින්හදන පාරවල් (20.11.2026)
+
බේකරියට පැන්න ජෙපි පොලීසිය (20.11.2026)
+
Developing story වටගලට රහසක් (20.11.2026)
+
සල්ලි තිබුණත් වැඩ නෑ! අමාත්‍යාංශ ප්‍රගතිය 6% ද? ආර්ථිකය වැටෙන හේතුව මෙන්න (20.11.2026)
+
මිලින්ද මෙල්බන් වලදී මහින්ද ගැන කරපු කතාව (20.11.2026)
+
ජවිපෙ සංඝ සමාජය නිෂ්ක්‍රීය කරන්නේ මෙහෙමයි (20.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴