මෙරට සිටින වෛද්‍යවරු නොවන 40,000 ක පමණ පිරිසක් ඖෂධ නිකුත් කරනවා : විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු
බදු ක්‍රමයෙන් සිනමාශාලා අර්බුදයක
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවා සැපයීම නොවැම්බර් 23 සිට වෙන්කරගත් වේලාවන් අනුව
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ; එය මහජනතාව සතුයි – ශ්‍රී පාදස්ථානාධිපති හිමි
අයවැයට විරෝධය පා රජයේ විධායක නිලධාරීන් හෙට (20) වැඩවර්ජනයක
කොළඹ IRD ගොඩනැගිල්ලේ ගින්නට හේතුව හෙළිවෙයි – ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ
මහින්ද මහත්තයෝ අපි හැමෝටම සමාවෙන්න – මෙල්බන් ඉඳන් මිලින්ද කරපු සංවේදී කතාව (19.11.2026)
රාජාංගනේ සද්ධාරතන කුලප්පු කළේ අජිත් එදිරිසිංහ – එයා දැන් වසන්ත සමරසිංහ ළඟ හැංගිලා (19.11.2026)
සුගීශ්වර බණ්ඩාරට ඇප ලැබුණු CCIBය අනාගත්ත තැන, ‘මාස 5 ක් තිස්සෙ මොනාද කළේ..?’ (19.11.2026)
මෙරට සිටින වෛද්‍යවරු නොවන 40,000 ක පමණ පිරිසක් ඖෂධ නිකුත් කරනවා : විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු
(19.11.2026 – hirunews.lk)
මෙරට සිටින වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000 ක පමණ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු පවසනවා.
ඔවුන් අතර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව ඖෂධ අලෙවිසල්වල සේවය කිරීමෙන් ලබාගත් දැනුම මත රෝගීන්ට ඖෂධ ලබාදෙන පුද්ගලයින් ද සිටින බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.
එවැනි පුද්ගලයින් විසින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම බරපතළ ගැටලුවක් බවත්, ඒ පිළිබඳ සමාජය තුළ පුළුල් සංවාදයක් ඇතිවිය යුතු බවත්, ඔහු අවධාරණය කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.
එසේම මෙරට ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස භාවිත කිරීම හේතුවෙන් විෂබීජවල ඖෂධ ප්‍රතිරෝධීතාව ඉහළ යමින් පවතින බව ඔහු පවසනවා.
ඇතැම් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අවස්ථාවලදී පවා ඒවා භාවිත කිරීමට පෙළඹී සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් රෝගීන් වෛද්‍ය උපදෙස් ලබා නොගෙන නිවෙස්වලදීම ප්‍රතිජීවක භාවිත කිරීම, වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඉල්ලා සිටීම සහ ඇතැම් වෛද්‍යවරුන් අනවශ්‍ය අවස්ථාවලදී පවා ඒවා නිර්දේශ කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔහු සඳහන් කරනවා.
එහිදී විශේෂඥ වෛද්‍යවරයා මෙසේද සඳහන් කළා :
“ඖෂධ සඳහා ප්‍රතිරෝධයක් නැගෙමින් පවතිනවා විෂබීජවල. විශේෂයෙන් ප්‍රතිජීවක සම්බන්ධ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ දැනට ප්‍රතිජීවක භාවිතය ඉතාමත්ම ඉහළයි. සමහරවිට ප්‍රතිජීවක අවශ්‍ය වෙන්නේ නැති අවස්ථාවලදී පවා රෝගීන් ප්‍රතිජීවක පාවිච්චි කරනවා. පළවෙනි කාරණය රෝගීන් ගෙවල්වලදීම ලෙඩ සඳහා ප්‍රතිජීවක ලබා ගන්නවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා ඉල්ලනවා අපිට ප්‍රතිජීවක ලබා දෙන්න. තුන්වෙනි එක වෛද්‍යවරුනුත් මේ වගේ දේවල් ජනතාව ඉල්ලයි කියලා හිතලා මේක දුන්නොත් ඉක්මනට අඩු වෙයි කියලා හිතලා වෛද්‍යවරුනුත් නිතරම ප්‍රතිජීවක පාවිච්චි කරනවා.
විශේෂයෙන් හොස්පිටල්වල ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ 40,000 ක් විතර වෛද්‍යවරු නොවන අය බෙහෙත් නිකුත් කරනවා. මේ අයගෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ලැබෙනවා. මේ ප්‍රතිජීවක අනවශ්‍ය ලෙස ලබා ගැනීම නවත්වා ගැනීමට සාර්ථක වැඩපිළිවෙලක් දන්න තරමට නැහැ. එතකොට දැන් මෙහෙම ගියොත් එහෙම වෙන්නේ ඉදිරියේදී සිංහලෙන් කියනවා නම් ‘බෙහෙත් අහන්න නැති’ වෙනවා. දැනටත් ඒක වෙනවා.
එමෙන්ම නිල නොවන වෛද්‍යවරුන් අතරට කාණ්ඩ කිහිපයක්ම අයිති වෙනවා. පළවෙනිම කාණ්ඩය තමයි කිසිම සුදුසුකම නැතුව, ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලයක පැත්ත පළාතෙ යන්නේ නැතුව ෆාමසිවල එහෙම වැඩ කරලා අර බෙහෙත් අඳුනාගෙන බෙහෙත් දෙන කට්ටිය. එහෙම කට්ටියකුත් ඉන්නවා. අපි දන්නවා නීතිය අනුව බටහිර වෛද්‍ය ඖෂධ භාවිත කරන්න පුළුවන් ‘ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල්’ එකේ ලියාපදිංචි වූ වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අමතරව යම්කිසි වෛද්‍යවරයෙක් ලියනවා නම් ප්‍රතිජීවක මම කියන්නේ ඒක සැලකිය යුතුයි; අපි ඒක සමාජයේ සාකච්ඡා කරන්න ඕන” ෴
බදු ක්‍රමයෙන් සිනමාශාලා අර්බුදයක
(19.11.2026 – hirunews.lk)
අයවැය මගින් සිනමාශාලා සඳහා අයකරන වැට් බද්ද ගණනය කරන ආකාරය සංශෝධනය කිරීමට අදාළ යෝජනාව මගින් ඇතැම් සිනමාශාලා වැසී යාමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බව ‘චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය’ පවසනවා.
මීට පෙර සම්පූර්ණ සිනමා ප්‍රවේශපත්‍රයේ මිල මත වැට් බද්ද ගණනය කළ නමුත්, නව යෝජනාව අනුව සිනමාශාලා හිමියන්, චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ ජාතික චිත්‍රපට සංස්ථාව යන එක් එක් පාර්ශ්වයට තමන්ට හිමිවන ආදායම් කොටස මත පමණක් වෙන් වෙන්ව වැට් බද්ද ගණනය කිරීම සිදුවනවා.
ඒ අනුව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ බි. රැකව ‘හිරු ප්රවෘත්ති’ වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම සංශෝධනයට අදාළ අයවැය යෝජනාව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරන බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් ලංකා ධර්මවික්‍රම කියා සිටියේ මෙවර අයවැය යෝජනාව අනුව සියලු සිනමාශාලා හිමියන්ට, චිත්‍රපට නිෂ්පාදකයින්ට හා බෙදාහරින පාර්ශවලට සාධාරණ ලෙස ප්‍රේක්ෂක ආදායම බෙදී යන බවයි.
සිනමා කර්මාන්තයේ යෙදෙන සිනමාශාලා හිමියන්, චිත්‍රපට නිෂ්පාදකයින් හා ආනයනකරුවන්ගේ ඉල්ලීමක් මත මෙම යෝජනාව 2027අයවැය ලේඛනයට ඇතුළත් කළ බව ද ඔහු ප්‍රකාශ කළා.
දේශීය ආදායම් නීතීය අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 60 ට වැඩි සිනමාහල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැට් බද්ද ගෙවිය යුතු නමුත්, එම සීමාවට අඩුවෙන් ආදායම උපයන සිනමාහල් වැට් බද්ද ගෙවීමට නීත්‍යානුකූල බැඳීමක් නොතිබූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය සේවයේ සංවිධාන 20 ක් නියෝජනය කරන විධායක නිලධාරීන් හෙට (20) ලෙඩ නිවාඩු වාර්තාකර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතයි. ඒ, 2027 අයවැය මගින් දීමනා සහ වැටුප් විෂමතා, ප්‍රවාහන වියදම සහ සියලු රජයේ නිලධාරීන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ දැමීම යන කරුණුවලට විසඳුම් ලැබී නොමැතිවීම හේතුවෙන්.
එමෙන්ම අයවැය තුළින් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් එළඹෙන 23 වනදා ගුරු විදුහල්පතිවරුන් විරෝධතා දිනයක් ක්‍රියාත්මක කරන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව කොළඹදී කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එදිනට කළු ඇඳුමින් සහ කළු පටි පැළඳ මෙම විරෝධතාවය නිරත වීමට කටයුතු කරන බවයි ෴
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවා සැපයීම නොවැම්බර් 23 සිට වෙන්කරගත් වේලාවන් අනුව
(19.11.2026 – hirunews.lk)
නොවැම්බර් මස 23 වැනිදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එදින සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීමට පැමිණෙන සියලුම සේවාලාභීන් කල්තියා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වනවා.
මහජනතාවගේ පහසුව වෙනුවෙන් මීට පෙර දෛනිකව ලබාදුන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ හරහා පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
සේවාවන් සඳහා පූර්ව වේලාවන් වෙන්කර ගැනීමට ක්‍රමවේද දෙකක් (2) හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 011 211 7116 දුරකථන අංකය ඇමතීමෙන් හෝ එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට පහසු දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකියි.
මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමග නොවැම්බර් 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ; එය මහජනතාව සතුයි – ශ්‍රී පාදස්ථානාධිපති හිමි
(19.11.2026 – hirunews.lk)
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයත් නොවන අතර, එය මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් මාර්ගයේ පරිසරයට සහ පොදු දේපළවලට දැඩි හානි සිදුකරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එම සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බැවින්, එම හානි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේදී ගැටලු මතුව ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.
2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දල ශ්‍රී පාද තොරණ දක්වා දිවෙන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් එහිදී අවධාරණය කළා.
ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර, එම මාර්ගයේ දෙපසින් අඩි 20 බැගින් ඇතුළත් වන පරිදි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, මෙතෙක් එය ඉටු වී නොමැති බවද උන්වහන්සේ සඳහන් කළා.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමට පෙර එම කටයුතු සිදුකරන ලෙස නුවරඑළිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිංජුල සුරවීර ආරච්චිගෙන් ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදුවූ බවද උන්වහන්සේ සිහිපත් කළා.
එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කර ආරක්ෂක අංශ යෙදවීමට පියවර ගත් බවයි උන්වහන්සේ පැවසුවේ.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඉදිකටු පහණ ප්‍රදේශයේද එවැනිම නායයෑමක් සිදුව ඇති අතර, එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහාද ජනාධිපතිවරයා මැදිහත් වූ බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා ෴
අයවැයට විරෝධය පා රජයේ විධායක නිලධාරීන් හෙට (20) වැඩවර්ජනයක
(19.11.2026 – sinhala.adaderana.lk)
අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට (20) ‘එක්දින සංකේත වැඩ වර්ජනයක’ නිරත වන බව අද නිවේදනය කළේය.
“හෙට (20) දින රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20 ක් එක්ක දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒකට ඇත්තටම හේතුවුණේ රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන විධායක ශ්‍රේණි 20 ක් නොසලකා හරිමින් 2027 අයවැය යෝජනා මගින් මේ රටේ විධායක සේවාවන්හි තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් අරගෙන රජය විසින් දීමනා ඉහළ නැංවීමක් සිදුකර තිබෙනවා”
මේ අතර මෙවර අයවැයෙන් රුපියල් 25,000 ක අතුරු දීමනාවක් ලබානොදීමට විරෝධය පළකරමින් නොවැම්බර් 23 වැනිදා ගුරු විදුහල්පති සංගම් විරෝධතාවයක නිරත වන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසීය.
“ඔබ දන්නවා මේවන විට පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනයට අදාළ සියලුම ආයතනවල සේවකයෝ තමන්ගේ විරෝධතා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනාටම රුපියල් 25,000 ක අතුරු දීමනාවක් ලබා දිය යුතුයි කියන ඉල්ලීම වෘත්තීය සමිති විසින් ඉල්ලීම් සිදුකරමින් ඉන්නවා. ප්‍රධාන විදුහල්පති සංගම් 7 ක් සහ ගුරු සංගම් 20 කට ආසන්න සංඛ්‍යාවක් එකට එක්ව පෙළගැහිලා ඉන්නවා ලබන 23 වෙනිදා විරෝධතාවය දියත් කරන්න”
කොළඹ IRD ගොඩනැගිල්ලේ ගින්නට හේතුව හෙළිවෙයි – ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ
(19.11.2026 – sinhala.adaderana.lk)
කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සඳහන් වෙයි.
ගින්නෙන් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතු සඳහා කිසිදු බාධාවක් නොමැති අතර දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි.

ගොඩනැගිල්ලේ බිම්මහලේ මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇතිවූ හදිසි සුළු ගිනිගැනීම් තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ දෙකක් (2) යොදවා තිබූ අතර මේවන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
+++
+
මහින්ද මහත්තයෝ අපි හැමෝටම සමාවෙන්න – මෙල්බන් ඉඳන් මිලින්ද කරපු සංවේදී කතාව (19.11.2026)
+
රාජාංගනේ සද්ධාරතන කුලප්පු කළේ අජිත් එදිරිසිංහ – එයා දැන් වසන්ත සමරසිංහ ළඟ හැංගිලා (19.11.2026)
+
සුගීශ්වර බණ්ඩාරට ඇප ලැබුණු CCIBය අනාගත්ත තැන, ‘මාස 5 ක් තිස්සෙ මොනාද කළේ..?’ (19.11.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴