සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට එළැඹෙන 30 දක්වා අවස්ථාව
පවුලේ හතරදෙනාම මරාදැමූ කඩුවෙල ගින්නේ තොරතුරු රැසක් – දුම ආඝ්‍රාණය වීමෙන් මරණ සිදුව ඇති බවට සැකයක්
ලැජ්ජා නැද්ද ලාල්කාන්ත තමුන්ට…? – නුවන් බෝපගේ, ලාල්කාන්තගේ පතුරු යවයි (19.11.2026)
දොස්තරලා ආණ්ඩුවට එරෙහිව ලොකු සටනක් අරඹයි | අපිට ආයේ කාර් පර්මිට් එක ඕනේ (19.11.2026)
මාලිමාව ජනතාව සූරගෙන කන හැටි ? පාඨලී අංක ඉලක්කම් එක්ක පෙන්වයි ! (19.11.2026)
මිනිස්සු මරික්කාර් ගෙන් දැන් අහනවලු… ‘සජබෙ හොරු නැද්ද මචං’ කියලා (19.11.2026)
උමා ඔයේ හිලෙන් දැන් තෙලුයි ගෑසුයි දෙකම එනවලු… (19.11.2026)
කාවන්තිස්ස මියගිය හේතුව හෙළිවෙයි! මරණයට හේතුව වෙඩි තැබීමක් නෙමෙයි! (19.11.2026)
නවීන් , රුවන් සහ අකිල එකතු කරන්නෝ සහ බෙදන්නෝ (19.11.2026)
නාමල් හිරේට, වෑල්ඩින් මල්ලිට ඇප! අනුරගේ ආණ්ඩුවේ මාර ස්වාධීන නීතිය (19.11.2026)
අනුරාධපුරයේ පොලීසිය නපුංසකයෝ වගේ ගහනකම් බලාගෙන හිටියා (19.11.2026)
රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්! නඩු පෝලිමක් මැද අලුත් චෝදනාවකුත්? (19.11.2026)
නාමල් හැමදාම ඇතුළේද? ඇප දෙනවා, අවලංගු කරනවා, නඩු ඉවර කරනවා – මොකක්ද මේ වෙන්නේ? (19.11.2026)
සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට එළැඹෙන 30 දක්වා අවස්ථාව
(19.11.2026 – sinhala.adaderana.lk)
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකර ගැනීම සඳහා අද (19) සිට අවස්ථාව ලබාදී තිබේ.
ඒ අනුව නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සංශෝධන සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන ඇත්නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තමන්ට ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර ඒවා සංශෝධනය කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම, ලිපිනය, විෂය, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල සංශෝධන සිදුකර ගැනීමට හැකියාව පවතී.
2026 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519 කදී පැවැත්වීමට නියමිතය.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ සංශෝධන සඳහා ලබාදී ඇති කාලසීමාව නැවත දීර්ඝ නොකරන බවයි.
ආවා කල්ලියට සමාන කල්ලියක් මඩකලපුවේ – ආයුධ අරන් හොරකමේ යන හැටි ටික්ටොක් දාලත් රඟනවා – පොලිසියට ගාණක් නෑ (19.11.2026)
+
පවුලේ හතරදෙනාම මරාදැමූ කඩුවෙල ගින්නේ තොරතුරු රැසක් – දුම ආඝ්‍රාණය වීමෙන් මරණ සිදුව ඇති බවට සැකයක්
(19.11.2026 – sinhala.adaderana.lk)
කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (19) අලුයම හටගත් ගින්නෙන් ඇති වූ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනා (4) මියයන්නට ඇති බවට සැක කරන බව පොලීසිය පවසයි.
එමෙන්ම, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට ද පොලිසිය සැක පළ කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ගොඩනැගිල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා (2) වන පස්හැවිරිදි දිලෙනි හසන්යා සහ දෙහැවිරිදි ඔනෙලි පහන්‍යා යන අයයි.

කඩුවෙල නගරයේ පිහිටි මහල් දෙකකින් සමන්විත විදුලි උපකරණ අලෙවිසැලේ මෙම ගින්න හටගෙන තිබුණේ අද (19) අලුයම 05:30 ට පමණය.
ගින්න මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබූ අතර, අනතුරුව ගිනි නිවන භටයන් විසින් වෙළෙඳසැලේ උඩුමහල පරීක්ෂා කිරීමේදී ඇඳක් මත තිබී යුවළගේ සහ දරුවන් දෙදෙනාගේ (2) මළ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය පවුලේ සාමාජිකයන් තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඇතැම් දිනවල එම ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි පසුපස කාමරයක ඔවුන් රැඳී සිට ඇති බවට අනාවරණ වී තිබේ.
එමෙන්ම, ඔවුන් නිදා සිටි උඩුමහලේ පිටවීමේ දොරටුව විවෘත කළ නොහැකි පරිදි සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.
මියගිය සිව්දෙනාගේ (4) සිරුරු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානය සොකෝ නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර, කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ද අද (19) දහවල් එහි ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
ලැජ්ජා නැද්ද ලාල්කාන්ත තමුන්ට…? – නුවන් බෝපගේ, ලාල්කාන්තගේ පතුරු යවයි (19.11.2026)
+
දොස්තරලා ආණ්ඩුවට එරෙහිව ලොකු සටනක් අරඹයි | අපිට ආයේ කාර් පර්මිට් එක ඕනේ (19.11.2026)
+
මාලිමාව ජනතාව සූරගෙන කන හැටි ? පාඨලී අංක ඉලක්කම් එක්ක පෙන්වයි ! (19.11.2026)
+
මිනිස්සු මරික්කාර් ගෙන් දැන් අහනවලු… ‘සජබෙ හොරු නැද්ද මචං’ කියලා (19.11.2026)
+
උමා ඔයේ හිලෙන් දැන් තෙලුයි ගෑසුයි දෙකම එනවලු… (19.11.2026)
+
කාවන්තිස්ස මියගිය හේතුව හෙළිවෙයි! මරණයට හේතුව වෙඩි තැබීමක් නෙමෙයි! (19.11.2026)
+
රුසියානු හමුදාවට බැඳෙන්න ගිය රොටුඹේ අමිල හෙට ලංකාවට! මාකඳුරේ මදුෂ්ගේ කල්ලියේ තවත් ඉතිරි එකයි! (19.11.2026)
+
නවීන් , රුවන් සහ අකිල එකතු කරන්නෝ සහ බෙදන්නෝ (19.11.2026)
+
නාමල් හිරේට, වෑල්ඩින් මල්ලිට ඇප! අනුරගේ ආණ්ඩුවේ මාර ස්වාධීන නීතිය (19.11.2026)
+
අනුරාධපුරයේ පොලීසිය නපුංසකයෝ වගේ ගහනකම් බලාගෙන හිටියා (19.11.2026)
+
රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්! නඩු පෝලිමක් මැද අලුත් චෝදනාවකුත්? (19.11.2026)
+
නාමල් හැමදාම ඇතුළේද? ඇප දෙනවා, අවලංගු කරනවා, නඩු ඉවර කරනවා – මොකක්ද මේ වෙන්නේ? (19.11.2026)
+
හිරු ටීවී බලය – 667 – 19.11.2026
+
විධායක නිලධාරී සේවා 20 ක් හෙට (20) සංකේත වැඩවර්ජනයක
(19.11.2026 – hirunews.lk)
2027 අයවැය යෝජනාවලියට විරෝධය දක්වමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් විධායක නිලධාරී සේවා 20 ක් හෙට (20) සංකේත වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි.
එම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ඉංජිනේරු, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, තොරතුරු තාක්ෂණ, දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ඇතුළු විධායක සේවාවන් 20 ක් මෙලෙස එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වනු ඇති ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴