වාහන 1782 සිද්ධිය : 15 න් වෙනසක් නෑ. තොග වශයෙන් වාහන ගෙන්වන අය බද්දට යටත් වෙනවා – ජනපති නිකුත් කළ නියෝගය මෙන්න !
(22.05.2026 – sinhala.lankanewsweb.net)
වාහන සඳහා රේගු ආනයන බද්ද මැයි 16 වනදා සිට 50% කින් ඉහළ නැංවූ අතර, ඊට පෙර දිනයේ (මැයි 15 වනදා) වාහන 1782 ක් ආනයන කිරීමට ණයවර ලිපි විවෘත කර තිබීම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්ෂයේ දේශපාලනඥයින් විසින් ප්‍රශ්න කර තිබිණි.
එහිදී ඔවුන් චෝදනා කළේ අභ්‍යන්තර තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් මෙසේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් වාහන විශාල ප්‍රමාණයක් සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවටත් ඔවුන් ඒ හරහා අයුතු ලාබයක් ලබාගැනීමට නියමිත බවටත් ය.
කෙසේවෙතත් මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ බදු සංශෝධනය සිදුකළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අතිරේක ඡේදයක් එකතු කර ඇති අතර එයින් නියම කර ඇත්තේ මැයි 15 වන දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළත් ඒවායේ වාහන සංඛ්‍යාව, වාහන හඳුනාගැනීමේ අංකය, වාහනයේ විස්තරය සහ වාහනයේ තාක්ෂණික පිරිවිතරයන් යන කරුණුවලින් එකක් හෝ සංශෝධනය කරන්නේ නම් එම වාහන සඳහා ඉහත කී ගැසට් නිව්දනයේ සඳහන් 50% ක අධිභාරය අයකළ යුතු බවයි.
තොග වශයෙන් වාහන ආනයනය කරන සමාගම් ණයවර ලිපි විවෘත කරන්නේ වාහනවල එංජින් අංක, චැසි අංක සඳහන් කරමින් නොවේ. ඔවුන්ට වාහන නිෂ්පාදකයින්ගෙන් ඒ තොරතුරු ලැබෙන්නේ යම් කාලයකට පසුව ය. එහෙත් අදාළ ණයවර ලිපි බලාත්මක වන්නේ එකී අංක ඇතුළත් කිරීමෙන් පසුව ය. ඒ අනුව තොග වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කළ සමාගම් සියල්ලම ඉහත බද්දට යටත් වනු ඇති බවයි රේගු ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂය මහ රෑ රැස්වෙයි – තව ටික දවසකින් රට වැටෙන්න යන්නේ (22.05.2026)
+
පල්ලේගම හේමරතන ශුක්‍ර තරලය පිසදැමූ පාපිප්ස ගැනත්, දීපු කොල් 84 ගැනත් සාක්ෂි හෙළිවෙද්දී අධිකරණයේදී ඇප ලබා නිදහස් වුණ හැටි
(22.05.2026 – gossiplankanews.com ඇසුරෙන්)
නිර්මල කහ සිවුරේ මුවාවෙන් සිදුවූ අඳුරු අපරාධයක රහස් අධිකරණය හමුවේ දිගහැරෙද්දී, මුළු මහත් සමාජයකම හෘද ස්පන්දනය මොහොතකට නතර විය. අද (22) අධිකරණයේදී පල්ලේගම හේමරතන බේරාගන්නට සාක්ෂි අඩුවෙන් කියන පොලිසිය හා දැරිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්නට ළමාආරක්ෂක අධිකාරිය දැක්වූ සටන නිරූපණය විය.
ඇප ලබාගැනීමේ අදහසින් ඉතාම ලඝු කොට සාක්ෂි ඉදිරිපත් කරමින් පොලිසිය දැක්වූ පක්ෂපාතී හැසිරීම කාගේත් කථාබහට ලක්විය.
බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ අමානුෂික චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන සහ මුදලට ගිජුව තම ලෙයින් උපන් දියණියව එම අපරාධයට බිලිදීමට චේතනාන්විතවම ආධාර අනුබල දුන් බව කියන මව, දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිදු වික්‍රමරත්න අද (22) නියෝග කළේය. ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතනට රුපියල් ලක්ෂ පනහක් (50) වටිනා ශරීර ඇප දෙකක් (2) සහ රු. ලක්ෂයක (1) මුදල් ඇපයක් නියම වූ අතර, දැරියගේ මවට රු. ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) නියම කෙරිණි. විදේශගත වීම දෙපාර්ශ්වයටම තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට කුමන හෝ බලපෑමක් එල්ල කළ බවට වාර්තා වුවහොත් වහාම ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද දැඩිව අවවාද කළේය.
මෙම ඛේදවාචකයේ සැබෑ වින්දිතයා බවට පත්ව ඇත්තේ සිය ආරක්ෂකයා විය යුතු මවගෙන් සහ සමාජයේ මුදුන්මල්කඩ සේ සලකන ආගමික නායකයෙකුගෙන් අතිශය කෲර ලෙස පාවාදීමට ලක්වූ අවුරුදු දාහතරක් (14) පමණක් වයසැති මල් කැකුළකි. තමා අතවරයට ලක්වූ දින ඇඳ සිටි, රුධිරය තැවරුණු යට ඇඳුම්, බියට පත්ව පොළොවේ වළදමන්නට තරම් ඇය අසරණ වූවාය. සෑම දින තුනකට (3) වරක්ම ඇයව ගෙන්වාගෙන ඇති බවත්, ඇයට දීර්ඝකාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් මනාව තහවුරු වී ඇත. දැරියව අපයෝජනය කිරීමෙන් අනතුරුව හිමිනම විසින් මවගේ අතට රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ලබාදී ඇති අතර, නැතිබැරිකම නිසා එම මුදල ගත් බව මව විසින්ම පොලිසියට ප්‍රකාශ කර තිබීමෙන් මේ පාපතර ගනුදෙනුවේ ස්වභාවය මොනවට පැහැදිලි වේ. දැරිය සිය පෙම්වතා සමඟ නිවසින් පලාගොස් පොලිස් අත්අඩංගුවට පත් නොවන්නට, මේ මහා අපරාධය තවමත් සමාජයෙන් වසන් වූ රහසක් වන්නට ඉඩ තිබිණි. ඇයට අහිමි වූයේ ඇගේ ළමා කාලය පමණක් නොව, මුළුමහත් ජීවිතයේම අහිංසක බලාපොරොත්තුයි.
මෙම නඩුව හුදෙක් එක් අපරාධයක් පමණක් නොව, මෙරට නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයේ නිරුවත සමාජයට විවරණය කළ කැඩපතක් බඳුය. නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර උදෘත නීතිපතිවරයාට යවා ඇති බවයි. සැකකාර පල්ලේගම හේමරතන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රමුඛ නීතිඥවරු විස්සකට (20) අධික කණ්ඩායමද පොලිසියේ එම ප්‍රකාශයම පදනම් කරගනිමින්, තම සේවාදායකයා සියලු විමර්ශනවලට සහාය දී ඇති බැවින් ඇප ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව අවධාරණය කළහ. එහෙත්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ සහ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකා නීතිඥ සජීවනී අබේකෝන් අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ කරුණු මගින් පොලිසියේ විමර්ශන කෙතරම් දියාරු සහ පක්ෂපාතී දැයි මනාව ඔප්පු විය.
දැරිය විසින් පොලිසිය කැටුව ගොස් අපරාධය සිදුවූ ආවාස ගෙයි අදාළ කාමරය, එහි තිබූ භාණ්ඩ සහ සැකකාර පල්ලේගම හේමරතන අපයෝජනයෙන් පසු ශුක්‍ර තරලය පිසදැමූ පාපිස්ස පවා කිසිදු පැකිලීමකින් තොරව නිශ්චිතව පෙන්වා දී තිබිණි. එපමණක් නොව, දැරිය සහ සැකකාර පල්ලේගම හේමරතන අතර දුරකථන සංවාද අසූ හතරක් (84) සිදුව ඇති බව දත්ත විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇත. ආගමික හා ධන බලයෙන් සපිරි මෙවැනි ශ්‍රමණවේශධාරියෙකුට සාමාන්‍ය දැරියකට මෙතරම් ඇමතුම් ලබාගත හැකිදැයි ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය. මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදීත්, නිට්ටඹුව පොලිසිය සැකකාර පල්ලේගම හේමරතන අත්අඩංගුවට නොගෙන, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම පවා මඟහරිමින්, දින දහහතක් (17) තිස්සේ උන්වහන්සේට නිදැල්ලේ සිටීමට ඉඩප්‍රස්ථා සලසා දී තිබුණි.
ළමාරක්ෂක අධිකාරිය පෙන්වා දුන්නේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ‘කෙවිටක් අරගෙන පොලිසිය පසුපස පන්නන්නට’ ඔවුනට සිදුවූ බවයි. අවසානයේ අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ වහාම, මීට පෙර කිසිදු අසනීපයක් නොතිබූ සැකකාර පල්ලේගම හේමරතන නවලෝක රෝහලට ඇතුළත් වී රෝගියෙකු සේ පෙනී සිටීමට දැරූ උත්සාහය ද, පසුව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සය (6) දෙනෙකුගේ පරීක්ෂාවෙන් හෙළිදරව් විය. වයසට යෑම නිසා ඇතිවන සාමාන්‍ය නිදන්ගත රෝග හැරුණු විට පල්ලේගම හේමරතනට කිසිදු විශේෂිත බරපතළ රෝගාබාධයක් නොමැති බව එහිදී තහවුරු විණි. අද (22) දින අධිකරණ ශාලාව තුළ පවා පල්ලේගම හේමරතන කිසිදු අපහසුවකින් තොරව අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබිණි.
දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ ප්‍රබල කරුණු කිහිපයක්ම මතු කළේය. පොලිසිය විසින් රසපරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ප්‍රශ්නාවලිය පවා සැකකරුට ගැලවී යාමට හැකිවන පරිදි සකසා ඇති බවත්, මේ දක්වා වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂියක් හෝ නිසි පරිදි ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙවන් පසුබිමක නිට්ටඹුව පොලිසියේ විමර්ශන කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම සම්පූර්ණ විමර්ශනය ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරන ලෙස ඔහු අධිකරණයෙන් දැඩිව ඉල්ලා සිටියේය.
මෙහිදී මතුවන බරපතළම ගැටලුව වන්නේ මුදල්, ආගමික සහ සමාජ බලය හමුවේ නීතිය නැවෙන්නේද යන්නයි. අද දින අධිකරණ භූමිය තුළ සැකකාර පල්ලේගම හේමරතන වෙනුවෙන් පෙනී සිටි දැවැන්ත නීතිඥ බලඇණියට අමතරව, රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඇතුළු ප්‍රබල මහා සංඝරත්නය තිහකට (30) ආසන්න පිරිසක් වැඩම කර සිටීම මගින් නිහඬව ප්‍රදර්ශනය කළේ කුමන ආකාරයේ සමාජීය බලපෑමක්ද? විමර්ශන අවසන් යැයි කියමින් නීතිපතිවරයාට යැවූ බව කියන ගොනුව සම්පූර්ණයෙන්ම අසම්පූර්ණ එකක් බවට චෝදනා නැගෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙකුවත් අද (22) දිනයේ අධිකරණයට පැමිණ සිටියේ නැත. තමන්ගේ දියණියව මුදලට විකුණූ මවකට එරෙහිව ‘තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ’ බරපතළ චෝදනාව ගොනු කිරීමට පොලිසිය හිතාමතාම අපොහොසත් වී ඇත්තේ කාගේ වුවමනාවටද යන්න තවමත් අභිරහසකි.
අපරාධයක් සම්බන්ධයෙන් මේ තරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය නීතිය අපගමනය කරමින් කටයුතු කිරීමත්, ප්‍රධාන ප්‍රවාහයේ ඇතැම් මාධ්‍ය පවා මේ මහා අපරාධය ඉදිරියේ මුනිවත රැකීමත් පෙන්නුම් කරන්නේ බලය ඉදිරියේ සත්‍යය යටපත් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියකි. ළමා අපයෝජන නඩුවකදී වින්දිතයා වෙනුවෙන් පෙනී සිටිය යුතු රාජ්‍ය යාන්ත්‍රණය නිහඬ වෙද්දී, ආගමික හා ධන බලය හමුවේ නීතියේ දෙව්මිණියගේ දෑස් බැඳ දැමීමට දරන මේ සාහසික උත්සාහයට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය පමණක් හුදකලා සටනක් කිරීමම ජාතියේ අභාග්‍යයක් නොවේද?
නඩු කටයුතු අවසන් වී මහා සඟ පිරිවරක් සහ ප්‍රබල නීතිඥ බලඇණියක් පිරිවරාගෙන සැකකාර පල්ලේගම හේමරතන නිදහසේ පිටව යද්දී, සියල්ල අහිමි වූ ඒ අහිංසක මල් කැකුළ සතර බිත්තියකට කොටුවී මුළුමහත් සමාජයෙන්ම අසන්නේ, මේ රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මක වන්නේ බලවතාගේ හැඩයට සහ තරමට පමණක්ද කියාය ෴
+++
අනුරාධපුර නඩුවේදී සංවේදී කරුණු රැසක් හෙළිවෙයි | පොලිසියට එරෙහිව බරපතල චෝදනාවක් (22.05.2026)
+
හිටපු ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ්හිදී රියැදුරු රහිත මෝටර් රථයක ගමන්කල හැටි :
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴