ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්
(24.05.2026 – 20:31 +0530 – sinhala.adaderana.lk)
නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.
කෙසේවෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව ‘A4’ ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව හෙතෙම පවසයි.
සැපයුම්කරුවෙකු නොමැතිවීමෙන් මාස 10 ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතරවූ අතර, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4 ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතිබව සඳහන්ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම ආරම්භවීමට නියමිත බවය.
මෙවන් පසුබිමක අලුතින් ලියාපදිංචිවන වාහන, පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණයන්, ප්‍රමාණයන් සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය කරන ආකාරය මේ වනවිට සුලබවී තිබේ.
බොහෝදෙනා මැසිවිලි නගන්නේ එවන් අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දඩ නියම කරන බවය.
+
සමාජ ප්‍රාග්ධනයෙන් කෝටිපතියෝ වුණු ජේවීපීකාරයෝ (24.05.2026)
+
ඩොලර් එක රු. 400 ට ගිහින් රටේ කළු ඉකොනොමියක් හැදෙයිද ? (24.05.2026)
+
දරුණු පාතාල ගැටුමක් අතළඟ! අනුරපුර දැරියගේ අපයෝජන පරීක්ෂණයට බලපෑම්ද? (24.05.2026)
+
චරිත් , වරුණ සජබෙන් එලියට අලුත් පක්ෂය මෙන්න (24.05.2026)
+
රටත් පසුම්බියත් බේරගන්න තියෙන අවසන් අවස්ථාව ගොඩයයිද? කෙලවෙයිද? (24.05.2026)
+
නූල කැඩුණු සරුංගලේ වගේ අයාලේ යන ලංකාවේ ආර්ථිකය (24.05.2026)
+
පල්ලෙගම හේමරතන පාරාජිකාවීම : අභ්‍යන්තරය ලිපි මගින් හෙළි වූ සිද්ධියේ නොකී කතාව | පොලිසිය අසරණ වෙයි (23.05.2026)
+
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් 70% ක උපරිම සීමාවක්
(24.05.2026 – hirunews.lk)
මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීම සහ අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින්, රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම් සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතය’ (Maximum Loan-to-Value / LTV Ratio) සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 2026 අංක 02 දරන මෙම නව මහ බැංකු නියෝග මාලාව 2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇති.
මෙම නව නියෝගයන්ට අදාළව,
- පනවා ඇති උපරිම ණය සීමාව:
2026 මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70% ක උපරිම සීමාවකට යටත් විය යුතුය.
මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම, පවතින ණයක් නැවත අලුත් කිරීමේදී ද (Renewals) එකසේ අදාළ වේ.
- අදාළ වන ණය වර්ග:
මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම් (Pawning Facilities), රන් ණය (Gold Loans) සහ රන් භාණ්ඩ ඇපයට තබා ගනිමින් ලබාදෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වලංගු වේ.
- රන් භාණ්ඩවල වටිනාකම තීරණය කිරීම:
ණය පහසුකම් ලබාදීමේදී ඇපයට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි ‘වෙළඳපොළ වටිනාකම’ (Market Value) සැලකිය යුතුය. ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරුකරණ ක්‍රමවේදයන් (Prudential Practices) තවදුරටත් අනුගමනය කළ හැක.
කෙසේ වෙතත්, ණය ලබාදෙන අවස්ථාවේදී සිදුකරන මෙම තක්සේරු කිරීම් මඟින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් (True and Fair Value) ලැබෙන බවට එම ආයතන වගබලා ගත යුතුය.
ගම්පොළ සහිරා විද්‍යාලයේ පන්ති කාමර මතට විශාල ගහක් කඩාගෙන වැටී තිබෙන හැටි (25.05.2026)
+
ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැඳගෙන කන ජාතියක් වෙලා අපි (25.05.2026)
+
“බබා බඩු කෑලි එකක්වත් නැති වෙන්න බෑ” – ලයිව් ලෝකේෂන් දාලා රට වටේ කරපු හෙරොයින් ජාවාරම – 24 ක් පොලීසියට (24.05.2026)
+
මින් මතුවට ඔබට ලැබෙන ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගැන දැනුවත්ද?
(25.05.2026 – 13:54 +0530 – sinhala.adaderana.lk)
රක්ෂණ කාඩ්පත ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරියේදී රක්ෂණය සම්බන්ධ සියලුම ලියකියවිලි ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනූෂ තිලංක මහතා පවසයි.
අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඩිජිටල් රක්ෂණ කාඩ්පත සම්බන්ධව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දැනට ලැබී ඇති තමන්ගේ වාහනයට අදාළ රක්ෂණ කාඩ්පත මින් ඉදිරියට නොලැබෙන බවත් රක්ෂණ ආයතන වෙතින් මින් ඉදිරියට ලැබෙන්නේ ඊට අදාළ ඩිජිටල් කාඩ්පතක් බවය.
එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත තමන්ගේ ජංගම දුරකථන මගින්, වෙබ්, හෝ QR කේතයන් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ලබා ගත් එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඕනෑම අවස්ථාවක සත්‍යාපනය කිරීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා 1338 යන ක්ෂණික ඇමතුම් අංකය මගින් එම කාර්ය සිදුකරගත හැකි බවත් මේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
“මේ 1338 කියන නම්බර් එකේදී ක්‍රම 3 ක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමා USSD කියන සොලූෂන් එක. මේක බොහෝදුරට ඔබ දැක ඇති ටෙලිකොමිනිකේෂන් ආයතනවල තියෙනවා. තරුව සමග ඉලක්කම එකතු කරලා හෑෂ් නම්බර් එක සඳහන් කිරීමෙන් ඔබට මෙනුවකට යන්න පුළුවන්. ඒ සොලූෂන් එකම තමයි USSD කියන එකේදීත් වෙන්නේ *1338# කියන නම්බර් එක සිස්ටම් එකට එන්ටර් කළාට පස්සේ ඔබට මෙනු එකක් එනවා ඒකෙදි ඔබෙන් අහනවා වෙහිකල් එකෙන් සර්ච් කරන්නද පොලිසි නම්බර් එකෙන් සර්ච් කරන්නද කියලා. මේකෙන් කැමති එක සිලෙක්ට් කරලා ඊළඟට එන මෙනු එකෙන් ඔබෙන් අහනවා ඔබේ වෙහිකල් නම්බර් එක ඇතුළත් කරන්න කියලා. ඒ දිස්වෙන විදිහට වෙහිකල් නම්බර් එක ඇතුළත් කිරීමෙන් ඔබට තත්ත්පර 5 ක් 10 ක් ඇතුළත ඔබේ ජංගම දුරකථනයට එනවා මේක වැලීඩ් ඉන්ෂූරන්ස් එකක්ද කියන එක.
දෙවැනි එක තමයි SMS මාර්ගයෙන් වෙරිෆයි කරගන්නේ කියන එක. එකේදිත් වෙන්නේ 1338 අංකයට ඔබ සාමාන්‍ය SMS එකක් දාන විදිහටම SMS එකක් දාන්න ඔබේ වෙහිකල් නම්බර් එක. එහෙම නැත්නම් ඔප්පු අංකය කියන පොලිසි නම්බර් එක. මේ දෙකම එක පාර සඳහන් කරන්න අවශ්‍ය නෑ. ඒ කියන්නේ වෙහිකල් අංකයෙන් සහ පොලිසි අංකයෙන් මෙය සොයාගත හැකියි.
ඊළඟ එක තමා IBR එක. මේක සාමාන්‍යයෙන් ඔබ දැක ඇති ඕනෑම පාස්කෝඩ් ආයතනයක් තමන්ගේ දුරකථන නාමාවලිය ක්‍රියාත්මක කරන විදිහ. ඒ නම්බර් එක 1338 නම්බර් එකට ඔබට වොයිස් කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඒ වොයිස් කෝල් එක ගත්තාමත් ඊළට එන මෙනු එකෙන් ඔබට සිලෙක්ට් කරන්න පුළුවන් ඔබට අදාළ රක්ෂණ ආයතනය. සියලුම රක්ෂණ ආයතන මීට ඇතුළත් කරලා තියෙන්නේ. එතනින් රක්ෂණ ආයතනය සිලෙක්ට් කළාම ඩිරෙක්ට්ලි අපේ රක්ෂණ ආයතන කෝල් සෙන්ටර් තමා සම්බන්ධ වෙන්නේ. එතැනින් පුළුවන් ඔබට රක්ෂණ ආයතන සමග සම්බන්ධ වෙලා ඔබගේ වාහන අංකය නැත්නම් පොලිසි නම්බර් එක ලබා දීමෙන් ඒ වෙලාවේම වෙරිෆයි කර ගැනීමේ හැකියාව තිබෙනවා.
පළවෙනි අවස්ථා දෙක (2) අපි ලබා දීලා තියෙන්නේ ඒ වෙලාවේම ක්ෂණිකව ගන්න පුළුවන්. හැබැයි යම් කිසි අවස්ථාවක පළවෙනි අවස්ථා 2 දි සම්බන්ධ කරගන්න ආවේ නැත්නම් 1338 කියන නම්බර් එකට (1338 කෝල් ෆී නම්බර් එකක්; එක පැය 24 පුරාම 365 දවසෙම වැඩ කරනවා) ඔබට කෝල් කරන්න පුළුවන්. ඒ නිසා මේ සේවාව පාවිච්චි කරන්න.”
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මැද
(25.05.2026 – 12:06 +0530 – sinhala.adaderana.lk)
2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග ප්‍රතිඵල නුදුරු දිනක දී නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාර පිළිබඳව “අද දෙරණ” කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවය.
කෙසේවෙතත් ජුනි මස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අපේක්ෂකයින් 4 51,463 දෙනෙකු පෙනී සිටියේය.
ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 69,214 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴