හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ සොරකම් කරලා
(23.05.2026 – hirunews.lk)
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයට පිවිසෙන දොරටු ද්විත්වය බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල සහ මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද (23) අලුයම් කාලයේදී මෙම සොරකම සිදුව ඇති බව සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විහාරාධිපති හිමියන් :
“විහාරයේ සේවය කරන පිරිස අද උදෑසනම මට දැනුම් දුන්නා චෛත්‍යය ගර්භයට පිවිසෙන යකඩ දොරටු දෙකම කඩා දමා ඇති බව. ඒ මොහොතේ සිට කිසිම කෙනෙකුට චෛත්‍යය ගර්භය තුළට ඇතුළු වීමට ඉඩ නොතබා, මම මේ සම්බන්ධයෙන් වහාම පොලිස්පතිතුමා දැනුවත් කළා. ඉතා සුළු මොහොතක් තුළ මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළා.
එහිදී හෙළි වුණේ චෛත්‍ය ගර්භයේ තැන්පත් කොට ඇති රන් කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල ඇතුළු පූජා භාණ්ඩ ප්‍රමාණයක් අතුරුදහන්ව ඇති බවයි. නමුත් වාසනාවකට මෙන් රන් කරඬුවට, අනෙකුත් වටිනා පූජා භාණ්ඩවලට හෝ එහි වැඩසිටින ධාතූන් වහන්සේලාට කිසිදු හානියක් සිදුව නැහැ. චෛත්‍යයට හෝ වෙනත් කිසිවකට හානි කරලත් නැහැ. පොලිසිය ක්ෂණිකවම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ නිසා මේ වන විටත් තොරතුරු රැසක් හෙළි කරගෙන තිබෙනවා.” යනුවෙන්.
+++

+++
+
මම විජිත හේරත්, ලාල් කාන්ත රංවල වගේ කෙනෙක් නෙමෙයි – විමල් වීරවංශ (23.05.2026)
+
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
(23.05.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)
වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වීම සඳහා මේවනවිට දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මැයි 29 වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි.
කෙසේවෙතත් දන්සලක් ලබාදීමට අදහස් කරන්නේ නම් එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිදු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර ඇත.
එහිදී අදහස් දැක්වූ මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා :
“වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස මුල සිට අපි ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඊයේ (22) දිනය අවසන් වන විට දිවයින පුරා දන්සල් 2388 ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරියටත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වෙසක් පෝයට පෙර දිනය දක්වා මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිද්ධ කරනවා. නමුත් ඔබ දන්සලක් ලබා දීමට අදහස් කරන්නේ නම්, එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කටයුතු සිද්ධ කරගන්න. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු වගේම, එම දන්සල් කෙසේද සෞඛ්‍ය ක්‍රමානුකූලව ලබා දෙන්නේ කියන එක පිළිබඳව ඔබට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබනවා. එම කටයුතු සඳහා පහසුවීම සඳහාත්, ඔබ දන්සලක් ලබා දෙනවා නම් එය හැකි ඉක්මනින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී ලියාපදිංචි කරගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා” ෴
වහාම ජීවන්ත පීරිස්ව අත්අඩංගුවට ගන්න මේ රටේ ආයේ තවත් ලේ හැලෙන්න බෑ (23.05.2026)
+
කපිල චන්ද්‍රසේනගේ අභිරහස් මරණය ගැන තවත් තොරතුරු එළියට ආපු හැටි (23.05.2026)
+
සියලු රජයේ ආයතනවලට මැයි 31 න් පසු තහනම් වෙන තනි ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය
(23.05.2026 – 16:11 +0530 – sinhala.adaderana.lk)
සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.
අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව දැනුවත් කරමින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත.
ඒ අනුව එළැඹෙන මැයි 31 වැනි දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය.
එමෙන්ම 2023.07.19 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයද අනුවද තහනම් කර ඇති ප්ලාස්ටික් භාවිතය රාජ්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් අවශ්‍ය කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය මගින් දන්වා තිබේ.
පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත මෙම චක්‍රෙල්ඛය නිකුත් කර ඇති අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙහි මූලික අරමුණ වේ.
අංක 2341/30 අති විශේෂ ගැසට් පත්‍රය අනුව පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත බීම බට සහ කලතන, ගුවන් ගමන්වලදී හැර තනි භාවිත ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි භාවිතය තහනම් කෙරිණි.
එමෙන්ම අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව සියලුම ආකාරයේ පොලිතින්, පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතයද තහනම් කෙරුණි.
පරිසර දූෂණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා මින් පෙර පැවැති රජයන් ද විවිධ පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2023 වසරේ එවකට පැවැති රජය විසින් ඉහත සම්බන්ධ කරුණු කෙරෙහි අවධානය යොමු කර 2023 වසරේ ඔක්තෝම්බර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එක්වරක් පමණක් භාවිත කෙරෙන ප්ලාස්ටික් අයිතම 09 ක් රට තුළ නිෂ්පාදනය කිරීම හෝ අලෙවිය තහනම් කිරීමටද පියවර ගැනුණි.
අවිධිමත් ලෙස ප්ලාස්ටික් සහිත නිෂ්පාදන බැහැර කිරීම මේ වන විට දැඩි පාරිසරික බලපෑමක්ද එල්ල වී ඇති අතර සෞඛ්‍ය ගැටලු බොහොමයක් ඇතිවීමටද අවිධිමත් ප්ලාස්ටික් භාවිතය හේතු වී තිබේ.
මේ අතර එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සැරසිළි සඳහා සහ දන්සැල් සම්බන්ධයෙන්ද ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
එම අධිකාරිය පැවසුවේ මිනිසා සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී බහුලව භාවිත වන ප්ලාස්ටික් ද්‍රව්‍ය විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය රජය විසින් නීතියෙන් තහනම් කර තිබේ.
පොලිතීන් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකිය.
විශේෂයෙන් මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන අතර එම විෂ වායු මිනිසාට සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වීමේ අවදානමක්ද පවතී ෴
ඩුබායිවලින් ඇල්ලූ භයානක පාතාලයෝ 21 දෙනා ගැන පොලීසියෙන් ඇඟ හිරි වැටෙන හෙලිදරව්වක් (23.05.2026)
+
අපේ ආණ්ඩුවක් ආවම අපි මේවා ගැන බලාගන්නම් – විමල් මාලිමා ආණ්ඩුවට රතු එළි දල්වයි (23.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴