සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි
සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි
(23.05.2026 – 21:51 +0530 – sinhala.adaderana.lk)
සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700 කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
අද (23) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොවුන් අතරින් බොහෝමයක් චීනය, වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය වැනි රටවල්වලින් පැමිණ ඇති බවය.
ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන් අතරින් ඇතැම් පාර්ශ්වයන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම යමකිසි පාර්ශ්වයක් හෝ පිරිසක් තමන්ගේ ස්ථානයක කුලී පදනම මත පැමිණෙන්නේ නම් එම සියලු පාර්ශ්වයන්ගේ තොරතුරු ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධයෙන් රහසිගත විමර්ශන ආරම්භ කරනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ විදෙස් රටවල්වලින් පැමිණ මෙරට තුළ සයිබර් අපරාධ සම්බන්ධ වංචනික කටයුතු සිදු කිරීම මේ වන විට අභියෝගයක් බවටද පත්ව ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා :
“මේ වන විට විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් 700 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා. මොවුන් ඉන්දියාව, චීනය, වියට්නාමය, කාම්බෝජය වැනි මේ සියලු රටවල්වල සිට පැමිණි අය. ඔවුන්ගෙන් සැකකරුවන් බොහොමයක් නැවත එම රටවල්වලට පිටුවහල් කිරීමට කටයුතු කරලා තියෙනවා. මින් කිහිප දෙනෙක් පරිගණක අපරාධ සම්බන්ධයෙන් වැරදිවලට සම්බන්ධ වූ අය. ඔවුන් සම්බන්ධව මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා.
ඔබගේ වසමේ, ඔබගේ නිවසක්, හෝටලයක්, හෝ ඕනැම ස්ථානයක් යම් කිසි පාර්ශ්වයකට කුලියට දෙනවානම් ඒ කුලියට දිම පිළිබඳව ඒ සියලු අයගේ අනන්‍යතාව පිළිබඳව ළඟම තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ තිබෙනවා. පොලීසිය විසින් ඒ සෑම තොරතුරක් සඳහාම රහසිගත විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. අපිට ඇත්තටම මේක අභියෝගයක් විශේෂයෙන්ම විදෙස් රටවලින් ඇවිල්ලා මෙවැනි අපරාධයන් සඳහා පෙළඹවීම” ෴
ප්‍රින්සිපල් ෆින්ලන්තයේ සිට ! (23.05.2026)
+
අනුර තවම යැයි යැයි ගෑවට, රටම බංකොලොත් වෙලා ඉවරයි… එදා එපා කියලා දැන් විපක්ෂෙ උදව් ඉල්ලනවා (23.05.2026)
+
ගල් අඟුරු හොරෙක් මට එන්තරවාසියක් එවලා… නඩු දැම්මොත්, හොරා බව ඔප්පු කරන්න ලෑස්තියි (23.05.2026)
+
ඩොලර් එවන්ඩ එපා කියපු අයම දැන් අඬනවා ඩොලර් එවන්ඩ කියලා (23.05.2026)
+
කොණ්ඩ රංජි ලංකාවට ගේන්න යයි! අනුරපුර දරුවාගේ සිදුවීම හෝදන්න ආ පොලීසිය අසරණ වෙයි! (23.05.2026)
+
ඉල්ලා අස්වෙන දොලහ ඇතුලට එන දොලහ සහ අනේ pls (23.05.2026)
+
යුද ජයග්‍රහණය දෙමළ සංහාරයක් ද? ජීවන්ත පියතුමාට එරෙහිව CID ගිය හැටි | ප්‍රියන්කර මහගම්මුල්ල සමග (23.05.2026)
+
ජනරජ දිනය සැමරුවට සුද්දෝ හිටියා නම් හොඳයිලු (23.05.2026)
+
පිල්ලයාන් බලන්න මහින්ද විතරක් නෙවෙයි මමත් මඩකලපුව බන්ධනාගාරයට ගියා (23.05.2026)
+
අනුරගේ ලේකම් ඉල්ලා අස් වෙන්න හදන්නේ – ගෝඨාභයගේ හිටපු ලේකම් සියල්ල හෙළි කරයි (23.05.2026)
+
රු. කෝටි 92 ක මුදලක් වංචාකල අයෙක් සොයාදෙන්නැයි පොලිසිය ඉල්ලයි
(24.05.2026 – lankacnews.com)
රුමේනියා රටෙහි විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින්ගේ මුදල් ලබා ගෙන එකී මුදල් වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා සාවද්‍ය පරිහරණය කල Rainbow Garments Technologies (pvt) Ltd නමින් පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විර්මශන අංශය මඟින් විර්මශන සිදු කරමින් පවතී.
සිදු කරන ලද විර්මශනයේදී පුද්ගලයින් 750 ක පමණ පිරිසකගෙන් රුපියල් කෝටි 92 කට අධික මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම වංචාවට අදාලව එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කල සැකකාරියකට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින එම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
සැකකාරියගේ විස්තර :
නම:- ෂර්ලි ජයර්වධන අමදෝරු
වයස:- අවුරුදු 54
ලිපිනය :- 118/3, සමඟි මාවත, මාගම්මන, හෝමාගම
ජාතික හැදුනුම්පත් අංකය :- 716032531V
සැකකාරියගේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක :-
ස්ථානාධිපති / මූල්‍ය අපරාධ විර්මශන ඒකක 01 : 071 859 4910
අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව : 011 244 4172
රු. ලක්ෂ 80 ක රන් මාල කොල්ලකෑ තරුණයෙක් මාට්ටු
(24.05.2026 – hirunews.lk)
සොරා ගත් යතුරුපැදිවලින් ගොස් රු. ලක්ෂ 80 ක් පමණ වටිනා රන් මාල 18 ක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය පවසනවා.
කොල්ලකෑමට යොදාගත් යතුරුපැදි 2 ක හා කොල්ල කන ලද රන්මාල 18 ද සැකකරු සන්තකයේ තිබී සොයා ගත්තා.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 800 ක්ද ඔහු සන්තකයේ තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.
සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බවත් ඔහු තදින් අයිස් මත්ද්‍රවලට ඇබ්බැහි වූවකු බවද පොලිසිය සඳහන් කළා.
ඉකුත් මාස තුනකදී පමණ මහරගම, හෝමාගම , මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ ප්‍රදේශවලදී ස්කුටර් වර්ගයේ යතුරුපැදිවලින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයකු කොල්ලකන බවට වාර්තා වුණා.
එම කොල්ලකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් ක්‍රිෂාන්ත නිලධාරියාට ලද තොරතුරකට අනුවවයි වැටලීම සිදුකර ඇත්තේ.
හෝමාගම රෝහල ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ රාජකාරීවල යෙදී සිටියදී සැකකරු ජීප් රථයකින් මඟ හරස්කර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසන්නේ.
මූලික ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය ඉකුත් මාර්තු මස 10 වැනිදා මහරගම පිළිකා රෝහල අසලින් සොරා ගත් බවයි ඔහු පවසා ඇත්තේ.
සැකකරු ගෑන්ඩ්පාස් ප්‍රදේශයේදී තවත් යතුරුපැදියක් සොරා ගෙන තිබූ බවත් එම යතුරුපැදිය ද සොයාගත් බව පොලිසිය පැවසුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴