ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි


ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි

(24.05.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් වාහන මිලදී ගැනීම හෝ භාවිතය වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් (Credit Facilities) සඳහා වන උපරිම ‘ණය-වටිනාකම් අනුපාතයන්’ (Maximum Loan-to-Value / LTV Ratios) සංශෝධනය කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබෙනවා.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නව නියෝග 2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇති අතර, ඒ අනුව, මෙයට පෙර ක්‍රියාත්මක වූ 2025 අංක 03 දරන මහ බැංකු නියෝගය මින් අවලංගු වනු ඇති.

මෙම නව සීමාවන් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) සහ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන (RFLEs) සඳහා අදාළ වනු ඇති එම නිවේදනයේ සඳහන්.

මීට මූල්‍ය ලීසිං (Finance Leases), කුලී මිලදී ගැනීමේ පහසුකම් (Hire Purchase) සහ වාහන ණය ඇතුළත්.

නව සංශෝධනයට අනුව වාහන ණය සහ ලීසිං ලබා දීමේදී සැලකිය යුතු උපරිම සීමාවන් (LTV) පහත පරිදි වනු ඇති;

  1. ශ්‍රී ලංකාවේ වසරකට වඩා භාවිත කළ ලියාපදිංචි වාහන:
    ලියාපදිංචි කර වසරකට වඩා ශ්‍රී ලංකාව තුළ භාවිත කර ඇති සියලුම වාහන සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල වාහනයේ වෙළඳපොළ වටිනාකමෙන් 60% කි.
  2. මෙරට ලියාපදිංචි නොකළ (Unregistered) හෝ ලියාපදිංචි කර වසරකට අඩු වාහන:
    වාණිජ වාහන (Commercial Vehicles): (C1, C, CE, D1, D, DE, G1, G, J කාණ්ඩ සහ සැහැල්ලු ට්‍රක් රථ සහ සිංගල් කැබ් රථ) සඳහා උපරිම ණය සීමාව 60% කි.

මෝටර් රථ, SUV, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන: (B, B1, A1, A කාණ්ඩ) සඳහා උපරිම ණය සීමාව 40% කි.

වාහනවල වටිනාකම තීරණය කිරීම:

ණය පහසුකම් ලබා දීමේදී වාහනයේ නිවැරදි සහ සාධාරණ වෙළඳපොළ වටිනාකම (Market Value) සලකා බැලිය යුතු අතර, ඒ සඳහා පහත ක්‍රමවේද භාවිත කළ හැකියි.

• තත්ත්වයෙන් නවතම (Brand New) වාහන: බලයලත් නියෝජිතයන් විසින් තහවුරු කරන වටිනාකම.

• ප්‍රතිසංස්කරණය කරන ලද (Reconditioned) වාහන: රේගු නිෂ්කාශන අවස්ථාවේ වටිනාකම හෝ අදාළ අලෙවිකරු ලබාදෙන ඉන්වොයිස් වටිනාකම.

• ලියාපදිංචි කළ / භාවිත කළ වාහන: වෘත්තීය ඇගයීම්කරුවෙකු (Professional Valuer) විසින් ලබාදෙන තක්සේරු වටිනාකම.

මීට අමතරව, මෙම නියෝගය ක්‍රියාත්මක වන දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (Letters of Credit – LCs) වෙනුවෙන් ණය පහසුකම් සැපයීමේදී අදාළ කරගත යුතු විශේෂ සංක්‍රාන්ති කාලීන ප්‍රතිපාදන (Transitional Provisions) ද මහ බැංකුව විසින් මෙම නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.


“ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් නියම කරලා” : රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්! (24.05.2026)

+


ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්

(24.05.2026 – 20:31 +0530 – sinhala.adaderana.lk)

නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.

කෙසේවෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව ‘A4’ ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව හෙතෙම පවසයි.

සැපයුම්කරුවෙකු නොමැතිවීමෙන් මාස 10 ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතරවූ අතර, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4 ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතිබව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම ආරම්භවීමට නියමිත බවය.

මෙවන් පසුබිමක අලුතින් ලියාපදිංචිවන වාහන, පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණයන්, ප්‍රමාණයන් සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය කරන ආකාරය මේ වනවිට සුලබවී තිබේ.

බොහෝදෙනා මැසිවිලි නගන්නේ එවන් අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දඩ නියම කරන බවය.

+


මහනුවර පස් මහල් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටුණු තවත් දර්ශන මාධ්‍යට නිකුත් වෙයි (24.05.2026)

+


අටමස්ථානාධිපතිට පළවෙනි පැමිණිල්ල දැම්මේ මම – මාධ්‍යවේදියා මුල ඉඳලා අගට සියල්ල හෙළි කරයි (24.05.2026)

+


මේ නඩේ රට භාරගෙන අවුරුද්දයි මාස 08 ක් වෙනවා. දැන් රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ (24.05.2026)

+

මහින්දව පන්නලා කාලකණ්නි පාලකයෝ අරන් ඇවිල්ලා මේ රට විනාශ කරා – ඒකට බොලාලා වගකියන්න ඕනේ (24.05.2026)

+

2015 දී අනුර කුමාර දැනගෙන හිටියා නාමල් ඊළඟ ජනාධිපති වෙනවා කියලා සහෝදරවරුනි (24.05.2026)

+

බලාගෙන ඉන්න අපි බලය අල්ලන විදිහ ගැන – නාමල් පානදුරට ඇවිත් පපුවට ගහලා ආණ්ඩුවට දාපු සද්දේ (24.05.2026)

+


චාමර සම්පත් ජාඇල ගිහිං ආණ්ඩුව ෆ්ලැට් කරයි (24.05.2026)

+

ජේවීපී ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයකට යන්න. මුන් හොරකම් කරනවා දොඹෙන් යන්නම (24.05.2026)

+

මම කළුතර පයියාගල ඉපදිච්ච මනුස්සයෙක් – ජෙප්පන්ට දීලා දැන් සැපද ඔයාලට (24.05.2026)

+

පොලිස් ඇමතියි අනුර කුමාරයි මතක තියාගන්න – අපේ ආණ්ඩුවක් ආවම අපි බලාගන්නම් (24.05.2026)

+

චාමර – දයාසිරි – දොලවත්ත – පාඨලීආණ්ඩුව පන්නන සටනට සැරසෙයි (24.05.2026)

+


අනුරගේ ලේකම් ඉල්ලා අස් වෙන්න හදන්නේ – ගෝඨාභයගේ හිටපු ලේකම් සියල්ල හෙළි කරයි (24.05.2026)

+

පිල්ලයාන් බලන්න මහින්ද විතරක් නෙවෙයි. මමත් මඩකලපුව බන්ධනාගාරයට ගියා (24.05.2026)

+


නීතිය සමානයි නම් පොලිසියයි – ළමා ආරක්ෂණ අධිකාරියයි ගැටෙනවද? | ජනාධිපතිගේ කතාව එකක් ක්‍රියාව එකක් (24.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *