රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා

රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා


රජයේ රෝහල්වල PET Scan පරීක්ෂණවලට බාධා

(27.04.2026 – 22:26 +0530 – sinhala.adaderana.lk)

පිළිකා රෝගීන්ගේ සිදුකරන පෙට් ස්කෑන් පරීක්ෂණ මාර්තු 27 වෙනිදා සිට මහරගම අපේක්ෂා රෝහලේ සහ කොළඹ ජාතික රෝහල යන රජයේ රෝහල් තුළ නවතා දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පෙට් ස්කෑන් පරීක්‍ෂණ සිදු කිරීමට භාවිතා කරන FDG – Fluoro deoxy glucose නැමැති විකිරණශීලී රසායනිකය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මෙය සිදුව ඇති බවය.

එම විකිරණශීලී රසායනිකය ඉන්දියාවෙන් ගෙන ඒම සිදුකළ අතර, එම සැපයුම සිදුකරන සැපයුම්කරුට මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය යාවත්කාලීන නොකිරීම හේතු වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙතෙක් කාලයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සැපයුම ලියාපදිංචි කරන කාණ්ඩය වෙනස්කොට ඖෂධ කාණ්ඩය යටතේ ලියාපදිංචි කරන ලෙස අදාළ සමාගමට ඖෂධ නියාමන අධිකාරිය මගින් දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ සමාගම ඔවුන්ගේ කලින් ලියාපදිංචිය අවසන් වන මාර්තු 27 දාම අධිකාරියේ අදාළ කොන්දේසි වලට අනුව ඉල්ලුම් කර ඇතත් මේ වනතෙක් එම ලියාපදිංචිය ලබාදීම සිදු කොට නොමැති බව සඳමන් වේ.

මෙම හේතුවෙන් කිසිදු සමාගමකට ලංකාවට FDG නැමැති පෙට්පෙට් ස්කෑන් සිදුකරන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය රැගෙන ඒමට හැකියාවක් ලැබී නොමැති බව සඳහන් වේ.

දැනට ලංකාවේ මහරගම අපේක්‍ෂා රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ යන රජයේ රෝහල් දෙකෙහි පමණක් පෙට් ස්කෑන් (PET scan) පරීක්ෂණය සිදුකරන අතර මේ වන විට මාස 04 කට වැඩි පොරොත්තු ලේඛනයක් මෙම පරීක්‍ෂණය සිදු කර ගැනීම සඳහා පවතී.

පුද්ගලික රෝහල්වලින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3කට වැඩි මුදලක් වැය කළ යුතු වී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති වීම හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය ලංකාවට සැපයීම සිදුනොවන අතර ඒ නිසා පුද්ගලික අංශයෙන්ද මේ වන විට පරීක්‍ෂණය සිදු කර ගැනීමේ හැකියාවක් නොමැත.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින්,

  1. පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීම සහ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම
  2. පිළිකා සෛල පැතිරී ඇති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගැනීම
  3. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පිලිකා සෛල සාර්ථකව විනාශවීද යන්න තහවුරු කර ගැනීම

නිවැරදිව සිදු කළ හැකිවේ. ඒ අනුව විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට මෙම පරීක්ෂණය ඉතා වැදගත් අත්‍යවශ්‍ය පරීක්ෂණයක් වී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී ෴


ලංකා බැංකුව කොන්ත‍්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවයි.. ආපසු මුදල් ඉල්ලා පස්සෙන් යයි..

(27.04.2026 – lankacnews.com)

ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් කෝටි 26 කට අධික මුදලක් අදාළ නොවන පාර්ශවයන් වෙත වැරදීමකින් ප්‍රේරණය වී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

පසුගිය 2024 දෙසැම්බර් 30 වන දින සිදු කරන ලද ‘ස්ලිප්ස්’ අරමුදල් හුවමාරු ගොනුවක සිදුවූ අනුපිටපත් දෝෂයක් හේතුවෙන්, 2026 ජනවාරි 23 වන දින රුපියල් 263,529,072.11 ක මුදලක් බැංකුවේ අභ්‍යන්තර ගිණුමකින් මෙලෙස බැහැර වී තිබේ.

බැංකුව විසින් අදාළ දෝෂය හඳුනා ගැනීමෙන් පසු එම අරමුදල් යළි කැඳවීමට කටයුතු කර ඇතත්, තවමත් රුපියල් 51,053,326.59 ක මුදලක් අයකර ගැනීමට නොහැකි වී ඇත.

මෙම මුදල් පහත සඳහන් වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන විවිධ ඉදිකිරීම් ආයතනවල ගිණුම් වෙත බැර වී ඇති බව බැංකුව පවසයි.

  • එන්.ඩී.බී. බැංකුව : සින්තා කන්ස්ට්‍රක්ෂන්
  • සම්පත් බැංකුව: හිම්මා කන්ස්ට්‍රක්ෂන්, ආර්.එස්. ලංකා ඉංජිනියරින් සහ එම්.එම්.ආර්. කන්ස්ට්‍රක්ෂන්
  • කොමර්ෂල් බැංකුව: රක්ෂි කන්ස්ට්‍රක්ෂන්, කාර්ෂිකා කන්ස්ට්‍රක්ෂන් සහ ඒ.ඩී. හේරත් ඉංජිනියරින්
  • මහජන බැංකුව: ඒ.අයි. රමේෂ් සහ කාමරසිංහම් යන අයගේ ගිණුම්
  • අමානා බැංකුව: ගාමා කන්ස්ට්‍රක්ෂන්

මෙම අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා අදාළ ආයතන හා සම්බන්ධ වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර දෙන ලෙස ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා (මධ්‍යම මෙහෙයුම්) මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියි.

බැංකු පද්ධතියක මෙවැනි බරපතල දෝෂයක් සිදුවීම සහ වසරකටත් වඩා පැරණි ගනුදෙනු දත්ත පදනම් කරගනිමින් මෙලෙස මුදල් බැහැර වීම මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ ෴


විපක්ෂය ඉල්ලූ පාර්ලිමේන්තු විවාදයට ආණ්ඩුව බෑ කියයි

(27.04.2026 – hirunews.lk)

මහා භාණ්ඩාගාරය ගෙවූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවන පාර්ශවයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලු පාර්ලිමේන්තු විවාදය ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති පක්ෂනායක රැස්වීමේදී විපක්ෂය මේ සම්බන්ධයෙන් එක්දින විවාදයක් ඉල්ලා සිටියා.

නමුත් ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ ෴

+

මෙන්න භාණ්ඩාගාරෙට ගහපු විදිහ | නීතීඥ චූලා අධිකාරි (28.04.2026)

+


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි

(27.04.2026 – 22:03 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ‘ඇදවැටීමකින්’ සැකකරුවෙක් මියගොස් තිබේ.

කෙසේවෙතත්, මියගිය සැකකරුවාගේ ඥාතීන් ප්‍රකාශ කළේ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පහරදීමකින් මරණය සිදුවූ බවට සැකයක් පවතින බවය.

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු අද (27) පෙරවරු 11 ට පමණ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇති බව සඳහන්ය.

එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරයෙකු ඔවුන් සමඟ පොරබැදීමේදී සිදුවූ ‘ඇදවැටීමෙන්’ එක් (1) සැකකරුවෙක් මියගොස් අනෙක් සැකකරු හා අදාළ නිලධාරීයා තුවාල ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකරන බවය.

+++

බන්ධනාගාර රැඳවික්ට මාංචු දාලා බන්ධනාගාර නිලධාරීන් එල්ලලා ගහලා – මරලා !

+


මම දෙවියන්ගෙන් ඉල්ලපු හැමදේම මට ලැබිලයි තියෙන්නේ | Annesley Malewana | Haritv (27.04.2026)

+


නොමග ගිය සාගරිකා රටම පත්තු කරයි | කොච්චි ගණන් උස්සද්දී දුම්රිය මගීන් බෙල්ල මුලටම හිර වෙයි (28.04.2026)

+


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට මැයි 19 දක්වා

(28.04.2026 – hirunews.lk)

2025 අ.පො.ස (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළ ප්‍රතිඵල පසුගිය මාර්තු 31 වැනිදා අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.

2025 වසරේ උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වුණා.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 281,810 ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 221,413 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397 ක් ඇතුළත්ය.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527 ක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා ෴


වට්ස්ඇප් ගෲප් එක හැදුවෙත් අමිතානන්ද සාදුවාමයි, අමිතානන්ද සාදුවා මුකුත් කියන්නෑ, අනන්නයි ලෑස්ති (28.04.2026)

+


තවත් ඩොලර් සිද්ධියක් නලින්දම එළියට දායි | ‘යුඑස් පොස්ට්’ එකට දෙන්න තිබ්බ ඩොලර් ලක්ෂ 06 ක් ගැනත් විමර්ශයක් (28.04.2026)

+


ගොම ගහලා අපේ කටවල් වහන්න බෑ මාලිමා මැරයන්ට – සූගීෂ්වර සහ ප්‍රබලයෝ අවසන් නිවේදනය දෙයි (28.04.2026)

+


මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන්වීමේ සිද්ධිය : නිලධාරීන් පස් දෙනෙකුට (5) විදේශ ගමන් තහනමක්

(28.04.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් (E-mail) පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ, ලද පැමිණිල්ලකට අනුව පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් කටයුතු කළ මූල්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකුගේ (5) විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

එසේම, අදාළ නිලධාරීන් පස් දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද අධිකරණයෙන් විමර්ශන නිලධාරීන්ට අවසර ලබා දුන්නා.

මෙම සූක්ෂම වංචාව සම්බන්ධයෙන් තාක්ෂණික විමර්ශන සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා, පරිගණක හදිසි ප්‍රතිචාර ආයතනයේ (CERT) ප්‍රධානියා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අධිකරණය අවසර ලබා දුන්නා.

විමර්ශනවල සංවේදී හා සූක්ෂමභාවය සැලකිල්ලට ගනිමින්, නඩු ගොනුව අධිකරණයේ සේප්පුවක බහා තබන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙවැනි අපරාධයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තන් කවුරුන්ද යන්න කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම් සලකා බැලූ අධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත් අපරාධයක් වී ඇත්නම් එය සිදු කර ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට මෙවැනි වැරදි සිදුවීම වළක්වා ලීමට වහාම කෙටි පියවර ගන්නා ලෙස මහ බැංකුවට නියෝග කළා ෴


සත්සංගය අවසානයේ දෙවියන් සජීවීව ක්‍රියාත්මක වෙයි.. | Deegoda Kumara Spiritual Power (28.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *