චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
(27.04.2026 – 18:22 +0530 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනාව (22) මෙහෙය වූ ප්‍රධාන චීවරධාරී සැකකරු මැයි 02 වනදා දක්වා, දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
සැකකරු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.
කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ, ‘අගුණුකොලේ අමිතානන්ද’ නැමති මෙම සැකකරු තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාරගැනීමට සුදානම්ව සිට ඇති බවද සඳහන් වේ.
මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් විසිදෙදෙනා (22) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ප්‍රධාන චීවරධාරියා එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇත.
එහිදී ඊයේ (26) පෙලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අමිතානන්ද නම් මෙම චීවරධාරියාගේ වෛද්‍ය වාර්තා අනුව ද ඔහු එම අවස්ථාවේදී ද මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව හෙළි වී තිබේ.
එමෙන්ම අනෙකුත් චීවරධාරීන් පිරිස තායිලන්තයට යැවීම ද මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවත් ඔවුන් සම්බන්ධකරගත් Whatsapp ගිණුම ද මොහු විසින් ම මෙහෙයවා ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇත.
රුපියල් කෝටි 110 කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ සහ ‘හෑෂ්’ නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 112 ක් ඉතාම කූඨ ලෙස ගමන් මළුවල සඟවමින් මෙම චීවරධාරීන් විසිදෙදෙනා (22) විසින් මෙරටට ගෙනවීත් තිබුණි.
+++
+++
“බයවෙන්න එපා චෙක් කරන් නෑ, බලන්නෙවත් නෑ” තායි සාදුලාගේ ගේම් එක පිටුපස සිටින වට්ස්ඇප් ගෲප්ස් එළියට (27.04.2026)
+++
“ඒ ගෑනූ කන්‍යභාවය විකුණනවා” තායි සිද්ධියේ නම් ගම් එළියට? “නිකීගේ වයිෆ් තමයි මේක පිටිපස්සෙ ඉන්න කෙනා” (27.04.2026)
+
මිහින්තලා හිමි දැම්ම අපහාස නඩුව අනුරාධපුර අධිකරණයේදී විභාගයට අර ගනියි (27.04.2026)
+
මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස දැම්මා මාලිමාවේ ඇමතියෙකුව – මාලිමාවේ නායකයන්ගේ සුරසැප අලුතෙන් හදන මඟක් (27.04.2026)
+
ජේවීපී එක එදා ඉඳන් දේශපාලනේ කරේ හොරකම් කරලා – බැංකු, තැපැල් කන්තෝරු කඩලා, සිඟරට් වෑන්වල සල්ලි උස්සලා (27.04.2026)
+
අල්ලස් කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් – අජිත් – දොලවත්ත – සුගීෂ්වර ප්‍රබලයෝ කොමිසමට (27.04.2026)
+
Hiru TV Salakuna Live | Harsha de Silva | Episode 523 | 2026-04-27
+
Derana 360 | නීතිඥ අජිත් පී පෙරේරා | 27.04.2026
+
“ඔයත් දැන් මොනවාහරි කරන්ඩ…” ජේවීපීයට මග පෙන්වූ, ලාල්කාන්තගේ බිරිඳගේ උපදෙස (27.04.2026)
+
මේක ඉරිසියාව නිසා විනාස වුණු ආණ්ඩුවක් (27.04.2026)
+
අරචුනා පිස්තෝලයක් අරගෙන නටපු නාඩගම මොකක්ද? (27.04.2026)
+
හිටපු ත්‍රස්තවාදියකුගේ ප්‍රජාතන්ත්‍රවාදී තර්ජනය (27.04.2026)
+
හිරේ යනවද ? ආණ්ඩුව දෙනවද ? අනුර මොනව කරයිද ? (27.04.2026)
+
අරමුණක් වෙනුවෙන් හොරකමක් මහ මොලකරු කවුද? (27.04.2026)
+
බෞද්ධ දර්ශනයට ගරහන මාලිමාවේ නීලකාස හොරකම් (27.04.2026)
+
මාලිමා ආධාරකරුවන්ගේ දරුවනුත් අනාරක්ෂිතයි (27.04.2026)
+
මහ මොළකරු අමිතානන්ද හිමි සියල්ල වමාරයි!මීට කලිනුත් කුෂ් ගෙන්නලා! (27.04.2026)
+++
මත්ද්‍රව්‍ය මාට්ටු වෙච්ච චීවරධාරී සෙට් එකේ මහමොලකාරයා ඉන්නේ ලංකාවේ හිර ගෙදර (27.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴