ගෝටාගේ වියත්මගට දැඩි බාධා..

(30.07.2019 – 16:40 +0530 – lankacnews.com) ‘රට සහ හෙට’ මැයෙන් වියත්මග සංවිධානය මගින් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ පැවති සම්මන්ත‍්‍රණයේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය : ගෝඨාභය රාජපක්‍ෂ මහතා සභාපතිත්වය දරන වියත්මග සම්මන්ත්‍රණ රටපුරා පවත්වන්නේ දැඩි බාධා මධ්‍යයේයි. නමුත් ඒ බාධා මධ්‍යයේ දැනුම පිපාසයෙන් සිටින ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේ රට අද …

වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk) අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. අණ නොතකා …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : නීතිඥ මනෝජ්ට එරෙහිව CID අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්

(29.07.2019 – 14:35 +0530 – sinhala.adaderana.lk) මාධ්‍ය හමුවකදී නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා පොලීසියට පැමිණිල්ලක් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අද පසුගිය 27 වන දින පැවති මාධ්‍ය හමු කිහිපයක දී දැඩි ලෙස විවේචනයට ලක් විය. එහිදී …

මුදලට යට නොවු ගුරු දෙවිවරු

(28.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) පාසලේ ඉගැන්වීමට වඩා ටියුෂන් ඉගැන්වීමට මුල් තැන දෙන ගුරුවරුන් පිළිබඳ අසන්නට ලැබෙන මේ කාලයේදීත්, මුදල් පසෙකලා සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන ගුරුවරුන් මෙරට තුළ හිඟ නැත. බලංගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වූ මේ පුවත ඒ බව කියාපාන කදිම නිදසුනක්. බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් …

හිරු CIA අනාවරණයෙන් පසු පොලිස් නිලධාරීන්ට නවාතැනක්

(27.07.2019 – 22:42 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත් දකුණ දිසා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට නිසි පහසුකම් නොමැති ස්ථානයක නවාතැන් ලබාදී ඇති අයුරු හිරු සී.අයි.ඒ. හරහා අප පසුගියදා හෙළිකළා. එම අනාවරණය අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම මත පහසුකම් සහිත නව නවාතැන්පළකට එම නිලධාරීන් යොමු කිරීමට පොලිසිය ක්‍රියාත්මක වි තිබෙනවා. හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 24 …

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …

ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්…

(28.07.2019 – divaina.com) ජාතියේ ජය භූමියේ පැත්තක් ඩෝසර්… ඩෝසර් කරපු භූමියේ අයිතිකරු මුස්ලිම් ගුරුවරයෙක්… විජිතපුර බලකොටුවේ රටම ගොඩගන්න තරම් වස්තුව… මුස්ලිම් දේශපාලනඥයකුගේ ඥාතියෙක් කරගෙන යන ගල්කොරිය පිහිටා ඇත්තේ බැලුම්ගල පාමුල… නෙත නොගැටිය යුතු මහා අපරාධයකි. ජාතියට පණ පෙවූ විජිතපුර බලකොටුවත් අන්තවාදී භූමි කොල්ලකරුවන් විසින් පහුරු ගා සමතලා කර තිබේ. රජ මාළිගාවලට සෙවණ දුන් පෙති උළුකැට, …

පිනා සහ ගුරා පාසල් සිසුවෙකුට පහර දෙයි කලිසම ඉරාදමයි

(27.07.2019 – 19:22 +0530 – sinhala.adaderana.lk) විදුහල්පති හා ගුරුවරු එක්ව පාසල් සිසුවෙකුට කලිසම ඉරා පහර දීලා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් තම කලිසම ඉරා පහරදුන් බව පවසමින් සිසුවෙකු ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත. සිසුවාගේ මව පවසන්නේ අලුතින් කලිසමක් මැසීමට වත්කමක් නොතිබුණු නිසා දරුවාට පරණ කලිසම ඇඳගෙන පාසලට යාමට සිදු වූ බවයි. හොරණ ප්‍රදේශයේ එක්තරා පාසලක 11 …

‘රියලිටි ෂෝ’වල සින්දු වෙනස් කිරීම තහනම් – කතෘ භාග ගෙවියයුතුයි

(26.07.2019 – 12:55 +0530 – lankadeepa.lk) කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ …

මරණ තර්ජනයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(26.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala) මහජන සේවා සංවිධානයේ සාමාජිකයෙකු බව කියන රිෂාම් මහරූෆ් නැමත්තෙකු විසින් තමන්ට එරෙහිව එල්ල කරන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එරාජ් ප්‍රනාන්දුගේ සොහොයුරෙකුගෙන් හෙළිදරව්වක් (26.07.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා …