*********************************************
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට, නව පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ Online ක්‍රමයට
(10.12.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලබනවා.
අද (10) දිනයේ සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි අධ්‍යාපන අමත්‍යංශය නිවේදනය කරන්නේ.
රට තුළ මතු වූ කොවිඩ් අභියෝග හමුවේ වුව ද මෙවර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වූ අතර, විභාගයට පෙනී සිටි සිසුන් 326,264 ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවමින් නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලබා තිබෙනවා ෴
***************************************
(10.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)
අවසානයක් නොපෙනෙන පසුබිමක කොවිඩ් සමග ජීවත්වීම සඳහා බොහෝදෙනා දිනෙන් දින නව සොයාගැනීම් සහ අත්හදාබැලීම්වලට යොමුවන කාලසීමාවක් මේ.
එලෙස නව නිපැයුම් කළ අපේ රටේ නිර්මාණශීලී දරුවන් දෙදෙනෙකු (2) සහ වැඩිහිටියෙකු (1) පිළිබඳවයි මේ තොරතුරු.
***************************************
(10.12.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)
2021 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පස්වරුවේ පැවැත්වෙනවා.
අයවැය තෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (10) විවාදයට ගැණෙන්නේ මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳවයි.
මේ අතර පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කර අතරමග නවතාදැමුණු ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගියදා පැවති කෝප් කමිටු විමර්ශනය මාධ්‍ය වාර්තා කිරීම පිළිබඳ අද (10) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා.
***************************************
(10.12.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළා.
තමන් බලයට පත්වූ සෑම අවස්ථාවකම මානව හිමිකම් ආරක්ෂා කරමින් විනයානුකූලව ජනතාවගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටි බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ද සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස කැපවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම ඒ හා බැඳුණු යුතුකම් ඉටුකිරීමටද අප වග බලාගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.
***************************************
(10.12.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)
මින්නේරියේ සිට හබරණ දක්වා ප්‍රධාන මාර්ගය දෙපස පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවෙන දිනපතා පැමිණෙන පුද්ගලයෙකු අපට හමුවුනා.
හබරණ – මොරගස්වැව ප්‍රදේශයේ පදිංචි ඔහු ලක්ෂ්මන් සිල්වා මහතායි.
සිව් දරු පියෙකු වන ඔහු කලක පටන් මින්නේරියේ සිට හබරණ දක්වා මින්නේරිය ජාතක වනෝද්‍යානය දෙපස මාර්ගයට ජනතාව දමා යන කැළිකසල එකතුකිරීමේ කාර්යයේ නිරතව සිටියා.
කාලයක් පුරා සිදුකරන මෙම සමාජ සත්කාරය සඳහා මාසිකව දීමනාවක් ලක්ෂමන් මහතාට ලබාදීමට පෞද්ගලික ආයතනයක් ඉදිරිපත්ව තිබුනා.
ඒ අනුව තමන් සිදුකරන කැලි කසල එකතු කිරිමේ රාජකාරිය දේවකාරියක් බවට පත් කරගත් ලක්ෂ්මන් මහතා මෙලෙස මාර්ගය දෙපස දිනපතා පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්වනවා.
මෙලෙස මාර්ගයට කැලි කසල බැහැර කිරීම වන සතුන්ගේ සෞඛ්‍යට ද තර්ජනයක්. ඒ හේතුවෙන් ලක්ෂ්මන් මහතාගේ මෙම ක්‍රියාකලාපය වන ජීවී නිලධාරීන්ට ද මහත් අස්වැසිල්ක් වී තිබෙනවා.
***************************************
(10.12.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම සළකා බැලීමෙන් අභියචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර අද (10) ඉවත්වී තිබෙනවා.
හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතීඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා ඇතුලු විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අතර, පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සඳහන් කළේ.
ඒ අනුව පෙත්සම සළකා බැලීම ලබන 14 වනදා දක්වා කල් දැමුණා.
පෙත්සමේ දක්වා ඇත්තේ දැනට රැඳවුම් භාරයේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ඔහුගේ නීතීඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාවක් ලබාදී නොමැති බවයි ෴
***************************************
(10.12.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)
සිරකරුවන් ඇතුලු සියලු ජනතාවගේ ජීවත්වීමේ හා මානව අයිතිය සුරකින ලෙසට ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (10) පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවක නිරතවුණා.
මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 228 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 70 ක් සිටින අතර, රැඳවියන් 128 දෙනෙකුගෙන්ද මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය රැඳවියන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ මියගිය අයගේ සිරුරු අවසන් කටයුතු සිදුකිරීම සඳහා ලබාදෙන ලෙසටයි ෴
***************************************
(10.12.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)
වික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදුවන සුළු භූකම්පන පිළිබඳ කරුණු සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඉදිරියේදී සිදුවිය හැකි භූකම්පන මගින් ඇතිවන බලපෑමෙන් සිදුවන හානි අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබාදුන් උපදෙස් මත එම කමිටුව පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
11 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ඉංජිනේරු අනුර වල්පොල මහතායි ෴
***************************************
(10.12.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)
අමාත්‍යාංශ ලේකම්වරුන් තුන්දෙනෙකුට (3) පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ටයි ෴
***************************************
(10.12.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala)
ඉඩම් අයිතිය නොමැති ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සියලු සේවකයින්ට මාස තුනක් (3) ඇතුළත නීත්‍යානුකූලව ඉඩම් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පර්චර්ස් 7 ක ඉඩමක් සෑම සේවකයෙකුටම නිවාස සකස් කර ගැනීම සඳහා එලෙස ලබාදීමටයි තීරණය වී ඇත්තේ ෴
***************************************
(10.12.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)
සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකරමින් පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැළසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ගැටළු නිරාකරණය පියවර ගන්නා ලෙසයි ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටළු විමර්ශනය කර විසඳුම් නිර්දේශ කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000 කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කර පුනරුත්ථාපන වැඩසහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන්, ඉතිරිව තිබූ රැඳවියන් සිව්දෙනාගේ (4) සිරුරු ද හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴
***************************************
(10.12.2020 – divaina.com)
කැලණිය ගෝනවල රතු පල්ලිය ආසන්නයේ පිහිටි විශාල තීන්ත අලෙවිසැලක් අද (10) දහවල් සම්පූර්ණයෙන්ම ගිණිගෙන දැවීගොස් තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ කිහිපයක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වන විටත් එම ගොඩනැගිල්ල තුල තිබූ සියලු දේ සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශවී තිබින. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කරන අතර කැලණිය පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරනු ලබයි ෴
***************************************
(10.12.2020 – 18:18 +0530 – hirunews.lk/sinhala)
ලබන වසර සඳහා වන අය වැය තුන්වන වර කියවීම අද (10) තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 54 ක් පමණයි.
ඒ අනුව වැඩි ඡන්ද 97 කින් අයවැය 3 වන වර කියවීම සම්මත වුණා.
කෙසේ වෙතත්, විද්‍යුත් ක්‍රමයට ඡන්දය ගණනය කිරීමට නොහැකි වූයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.
අනතුරුව පෙළින් පෙළ ඡන්දය ගණනය කිරීමටයි කථානායකවරයා පියවර ගනු ලැබුවේ.
2021 අයවැය යෝජනා රැසක් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ අද (10) දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති යෝජනා පහතින් :
=====================================
(10.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)
රටපුරා ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් විශාල පිරිසකට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව තිබෙනවා.
එවැනි දුෂ්කරතා රැසක් පවතින සාමණේර භික්ෂු පුහුණු ආයතනයක් සහ ළමා නිවාසයක් පිළිබඳ පුවතක් අපට දඹුල්ලෙන් වාර්තා වුණා.
මෙලෙස දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත්තේ දඹුල්ල – උයන්වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු ආයතනය සහ ළමා නිවාසයයි.
මෙහි සාමණේර හිමිවරුන් 11 නමක් වැඩ වසන අතර ළමා නිවාසයේ මව පියා අහිමි දරුවන් 20 දෙනෙකු සිටිනවා.
පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම ළමා නිවාසයට සහ භික්ෂූන් වහන්සේට ආහාරපාන ඇතුළු අවශ්‍යතාවයන් සපුරාදීමට බොහෝ දායකයන් සිටි නමුත් මේ දිනවල රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ එම දායකත්වයන් අහිමි වී ඇති බවයි පාලනාධිකාරි නාහිමියන් පවසන්නේ.
+++++++++++++++++++++++
(10.12.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ මාතර දිස්ත්‍රික්කයෙන් දිනක් තුළ හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දින වාර්තා වීමත් සමඟ වැලිගම – ගල්බොක්ක ප්‍රදේශයට තාවකාලික සංචරණ සීමා පනවනු ලැබුවා.
සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇති අතර, ඒ අනුවයි එලෙස සංචරණ සීමා පැනවීමට කටයුතු කළේ.
ගල්බොක්ක – නැගෙනහිර, ගල්බොක්ක – බටහිර, කොට්ටගොඩ, කොහුණුගමුව, අලුත්වීදිය හා හෙට්ටිවීදිය යන ග්‍රාම නිළධාරී වසම් 6 ට මෙලෙස සංචරණ සීමා පනවා තිබෙනවා.
වැලිගම – සිද්ධාර්ථ විද්‍යාලය, සුමංගල විද්‍යාලය සහ අරෆා ජාතික පාසල වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේ. එමෙන්ම, හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ද අද (10) උදෑසන නගරාශ්‍රිතව තෝරා ගත් පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේදී ඒ සඳහා ජනතාව සහය දැක්වීම නිබඳව ලබාදිය යුතු බවයි ෴
+++++++++++++++++++++
(10.12.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)
හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස හුදකලා බවින් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ මහල් නිවාසවල ජීවත්වන පුද්ගලයින් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමේ කටයුතු පෙරේදා සිට ආරම්භ කළ බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
මේ අතර, ඊයේ (09) වාර්තා වූ ආසාදිතයින් 697 අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වන 357 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.
ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 128 ක්, බොරැල්ලෙන් ආසාදිතයින් 110 ක් හමුවී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) වාර්තාවී ආසාදිතයන් සංඛ්‍යාව 219 ක්.
වත්තල – මාබෝල ප්‍රදේශයෙන් ආසාදිතයන් 47 දෙනෙකු සහ මහරින් ආසාදිතයන් 55 දෙනෙකු සොයාගැනුනා.
මේ අතර මැදපෙරදිග රටවල් තුනක සිට ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු අද (10) අලුයම දිවයිනට පැමිණියා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ සිදුකරන දින 14 ක නිරෝධායන කාලය මින් ඉදිරියට සිදුකිරීම අවශ්‍ය නොවනු ඇති බවයි.
+++++++++++++++++++++
(10.12.2020 – 14:56 +0530 – hirunews.lk/sinhala)
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්රිත කොරෝනා දෙවන රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පස්වරුවේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට එක්වෙමින්.
ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 82,000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර, ඉන් 5,589 ක් ආසාදිතයින් ලෙස වාර්තාවී තිබෙනවා.
තිහාරිය, කැළණිය සහ වත්තල ප්‍රදේශවල නව කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලෙස රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා ෴
+++++++++++++++++++++
(10.12.2020 – 15:29 +0530 – hirunews.lk/sinhala)
තවත් කොරෝනා ආසාදිතයින් 461 ක් සුවය ලබා අද (10) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 22,261 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවදුරටත් ආසාදිතයින් 7670 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,075 ක් ෴
+++++++++++++++++++++
(10.12.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)
වැලිගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කළ පිරිසක්ද වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව තිබෙනවා.
ඒ, මෙම ආසාදිතයන්ගේ ආරම්භක ආශ්‍රිතයා එම දුම්රියේ ගමන් කිරීම හේතුවෙන්.
වැලිගම ප්‍රදේශයේ අදත් (10) තවත් ආසාදිතයන් හයදෙනෙකු (6) වාර්තාවූ අතර, ඒ අනුව වැලිගම නගර සභා බල ප්‍රදේශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 24 ක්.
මෙම ප්‍රදේශයෙන් පළමුව වාර්තාවූ ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වූ කළුතර කම්කරු කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් ආසාදිතයන් 18 දෙනෙකු මීට පෙර හඳුනාගෙන තිබුණා.
එම තත්වය හමුවේ වැලිගම – ගල්බොක්ක – නැගෙනහිර, ගල්බොක්ක – බටහිර, කොට්ටගොඩ, කොහුණුගමුව, අලුත්වීදිය හා හෙට්ටිවීදිය යන ග්‍රාම නිළධාරී වසම් 6 ට සංචරණ සීමා පනවනු ලැබුවා.
වැලිගමින් හඳුනාගත් කළුතර කම්කරු කාර්යාලයේ සේවය කරන කොරෝනා ආසාදිත පුද්ගලයා රුහුණු කුමාරි දුම්රියෙන් දිනපතා රාජකාරි සඳහා වැලිගම සිට කළුතර බලා ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
පසුගිය 27 වනදා සිට 4 වනදා දක්වා කාලය තුළ එම දුම්රියේ පළමු සහ අවසන් මැදිරියට පෙර මැදිරියේ ගමන් කළ මගීන් සිටීනම් ඒ පිළිබඳව තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසයි වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුමාර ඉල්ලා සිටින්නේ ෴
++++++++++++++++++++++
(10.12.2020 – 17:56 +0530 – hirunews.lk/sinhala)
තවත් කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මොවුන්ගෙන් 21 දෙනෙක් බන්ධනාගාර වලින් වාර්තා වී ඇති බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
අනෙකුත් ආසාදිතයින් 279 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴