බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ පොලිසියෙන් දැනුම්දීමක්
(26.04.2026 – hirunews.lk)
බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
යම් අයෙකු එවැනි වංචාවකට හසු වූයේ නම් වහාම බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
මෙහිදී සිදුවන්නේ නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු ‘.apk’ නමැති ගොනුවක් ඔබ ඩවුන්ලෝඩ් හා විවෘත කළහොත් සිය ජංගම දුරකථනයේ පාලනය හැකර්වරුන් අතට පත්වීමයි.
ඒ ඔස්සේ SMS පණිවිඩ, OTP කේත වැනි සංවේදී තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වීමෙන් බැංකු ගිණුම්වල ඇති මුදල් පවා කොල්ලකෑමට අවස්ථාව පවතිනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම් වලින් එවන මෙම apk ගොනු, රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා Click කළ සැණින් ස්මාර්ට් දුරකථනයට Mobile App එකක් ලෙස Install වීම සිදුවනවා.
තමන්ට ලැබෙන SMS පණිවිඩ කියවීමට මේ හරහා ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර, සිය බැංකු ගිණුම් වලට අදාළ රහසිංගත OTP කේතයන් පවා නොදැනුවත්වම හැකර්වරුන්ගේ අතට පත්විය හැකියි.
මේ හේතුවෙන් නාඳුනන අංකයකින් හෝ සිය මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු ‘.apk’ ගොනු කිසිවිටෙකත් Download කිරීම හෝ විවෘත කිරීම නොකළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.
තම දුරකථනයට අවශ්‍ය Mobile Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කළ යුතු බවත්, ජංගම දුරකථන Settings තුළ ඇති Install Unknown Apps යන්න අක්‍රිය කර තැබීමත් අවශ්‍ය බවත් උපදෙස්වල වැඩිදුරටත් සඳහන් ෴
කොල්ලය ගැන හෙලිකළ ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය තවත් තොරතුරු රැසක් එළියට දායි. මුදල් ඩුබායි හරහා ගිය තැන? (26.04.2026)
+
මුදල් වංචාකළ අයෙක් බැළුම්මහරදී කොටුවෙයි
(26.04.2026 – 07:14 +0530 – sinhala.adaderana.lk)
ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25) රාත්‍රී, යක්කල පොලිස් වසමේ බැළුම්මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස ගම්පහ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවයි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් සිදු කරනු ලබයි ෴
හොර නෝට්ටු අච්චු ගසමින් ‘අයිස්’ ජාවාරම් කළ හය දෙනෙක් (6) පොලිස් දැලේ පැටලෙයි (26.04.2026)
+
ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිළි සලකුණු, බැංකු විස්තර, ලිපින ඔක්කොම ඉන්දියාවට දෙන්න යන්නේ (26.04.2026)
+
මහින්ද රාජපක්ෂ හැකර් කෙනෙක් හයර් එකට අරගෙන මේ ගේම ගැහුවා කියලා මතයක් හදපල්ලා (26.04.2026)
+
චන්දිමාල් මේ හොදින් කියන්නේ බුරි නැටවිල්ල කාමරේ කරපන් ! (26.04.2026)
+
හොරා වහලෙන් බැස්සට මකුළු දැල එහෙම්ම මයි… – ආණ්ඩුවට කට උත්තර නැතිවුණු ඩිජිටල් මංකොල්ලය (26.04.2026)
+
පාරවල් හදපුවට ගෙවපු සල්ලි ආයෙත් ගෙවලා… බිමල්, ඒගොල්ලො ඔයාගෙ යාලුවො ද ? (26.04.2026)
+
ජනයාගේ රුපියල් ලක්ෂ 8000 කට ඇරිය ආණ්ඩුව ගෙදර පල (26.04.2026)
+
භාණ්ඩාගාරේ කොල්ලය ඇතුලෙන්ම ගහපු ගේමක් – මෙන්න සාක්ෂි.. – Account එක චෙක් කරන්න හොරාටම කෝල් කරලා (26.04.2026)
+
අයන් ඩෝම් එක ඉවරයි ආණ්ඩුව ගෙදර වරුණ ඇඹිලිපිටියේදී (26.04.2026)
+
ආණ්ඩුව ගල් අගුරු අතහරී (26.04.2026)
+
මියුසික් එපා කිව්වොත් පූර්ණිකාටත් යන්න වෙනවා…” පේෂල මනෝජ්ගේ නොකී කතාව (26.04.2026)
+
ධනේශ්වර රාජ්‍ය බිඳ වට්ටවා පැලවත්තේ ක්‍රමයටද මේ යන්නේ? (25.04.2026)
+
පැලවත්තේ තොත්ත බබාලාගේ ලර්නස් එකට බිලියන ගණනක් ජනතා මුදල්! (26.04.2026)
+
ඩොලර් ලක්ෂ 25 අතුරුදන් වීම – පරිගණක හැකරුන්ගේ ප්‍රහාරයක්ද? භාණ්ඩාගාර හැකරුන්ගේ ප්‍රහාරයක්ද? (27.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴