සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! – පුබුදු ජයගොඩ
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! – පුබුදු ජයගොඩ
(28.04.2026 – hirunews.lk)
මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතු බව පෙරෙටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.
දැන් ආරංචියක් තියෙනවා මහ බැංකුව මුදල් යවනකොට HSBC බැකුව දෙවතාවක්ම මේ ගිණුම සම්බන්ධයෙන් සැක පලකළා කියලා යැයිද ඔහු පැවසුවා.
පුබුදු ජයගොඩ :
“ජනවාරි පළමු වැනිදා ඉඳන් තමයි මහ බැංකුව සතු වගකීම මුදල් අමාත්‍යංශයට පවරලා තියෙන්නේ. නමුත් මේ මුදල් අස්ථාන ගත වීම සිද්ධවෙලා තියෙන්නේ 2025 දෙසැම්බර් ඉඳලා. දෙසැම්බර් මේක සිද්ධ වෙද්දි මහ බැංකුව යටතේ තමයි තිබිලා තියෙන්නේ. මේකට මහ බැංකුව වග කියන්න ඕනෑ.”
වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ : “අපි බලකරනවා ආණ්ඩුවට මේ ගැන ජාත්‍යන්තර සයිබර් පරීක්ෂණයක් කරන්න කියලා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිහ එහෙම මේ දවස්වල පේන්න නෑ. මේවා නන්දලාල් ඇවිත් අපට කියන්න ඕන.”
+++
භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපති මුදල් කාරක සභාව හමුවට කැඳවයි
(28.04.2026 – hirunews.lk)
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් වෙනත් පාර්ශවයකට බැර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවට කැඳවා තිබෙනවා.
එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට ලබන බ්‍රහස්පතින්දා (30) පස්වරු 02:00 ට කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි.
මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාටද එදිනම එම වේලාවට කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා ෴
කැලණි ගඟ අසල පුද්ගල ඝාතනයට යොදාගත් රථය සමඟ සැකකරුවෙක් සහ සැකකාරියක් දැලේ
(28.04.2026 – hirunews.lk)
මට්ටක්කුලිය, දෙල්ගහවත්ත හන්දිය අසල කැලණි ගඟ ඉවුරේදී පුද්ගලයෙකු ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම පුද්ගලයා පැහැරගෙන යාමට යොදාගත් මෝටර් රථය සමඟ ඝාතනයට සම්බන්ධ වූ සැකකරුවෙකු සහ සැකකාරියක පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධන විශේෂ මෙහෙයුම් කණ්ඩායම් II හි නිලධාරීන් විසින් පිළියන්දල, පන්නිපිටිය, පැලැන්වත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථය සොයාගෙන තිබුණා.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පලනි රිමෝෂන්’ සහ ‘කොටහේන අරවින්’ යන අයගේ මෙහෙයවීම මත පසුගිය (22) වන දින ‘ශ්‍රී කන්දන් නාන්තික් කුමාර්’ නමැති අය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට මෙම රථය යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් මෙම මෝටර් රථය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව, අදාල රථය කුලී පදනම මත ලබාගත් කොළඹ 13, ජම්පටා වීදියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 680 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව, මෙම අපරාධය සඳහා සහය දැක්වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෝටර් රථය පිළියන්දල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලිසිය පවසනවා ෴
කලින් වල්පැල ඩෝසර් කරලා ගෙනාපු, ජේවීපියේ මල්පැල (28.04.2026)
+
මේක කාගේවත් කුමන්ත්‍රණයක් නෙවෙයි… ඔබවහන්සේලාම ආපසු හැරී බලන්න (28.04.2026)
+
දිලිත්ගේ උද්ඝෝෂණය ආණ්ඩුව හයිජැක් කළා ද? – දැන් කියන දේවල්වල හැටියට නං, ලාල්කාන්තත් පනී වගේ (28.04.2026)
+
කුඩුසාදුලා 22 ගේ සිදුවීමේ, මහ මොළකරුවෙක් අතුරුගිරියෙන් අල්ලයි! මීට පෙර ගමන් මලු බාරගත් අයෙක්! (28.04.2026)
+
නලීන් බොරු කිව්වද? බිමල් බොරු කිව්වද? මම නෙමේ අනුර (28.04.2026)
+
විපක්ෂය එක් කල ආදරණීය රාත්‍රිය (28.04.2026)
+
තුයියකොන්ත, ලාබම්බා සහ සුගීෂ්වර (28.04.2026)
+
මෙහෙම හොරකම් නම් සම්මජ්ජාතියකට වෙලා නෑ! අනුර – බිමල් දෙවෙනි ගේමත් ගහලා? (28.04.2026)
+
ගෝඨාභයට තිබ්බ විදේශ බලපෑම් තමයි මගේ ජීවිතේ ලොකුම රහස | සුගීෂ්වර බණ්ඩාර (28.04.2026)
+
මහා නායක අවසරය ඉවත් කර ආණ්ඩුව ගහපු කුඩු ගේම මෙන්න (28.04.2026)
+
දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි
(29.04.2026 – 06:02 +0530 – sinhala.adaderana.lk)
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 90 වන වියේ පසුවුණි.
1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ මහතා, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් (9) යුත් පවුලක හයවැනියා (6) යි.
ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ ඒ මහතා, වයස අවුරුදු 15 දී පමණ කළුතර ප්‍රදේශයට පැමිණියේ පවුලේ පැවති ආර්ථික ප්‍රශ්න හමුවේය.
කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළ ඔහුට රැකියාව හදිසියේ අහිමි විය.
ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරඹූ අතර, කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියේය.
ව්‍යාපාරය අසල පිහිටි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමට පටන් ගත්තා. ටිකෙන් ටික එම ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ මාළිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ආශ්‍රය නිසා ගොඩගේ තරුණයා බුදුදහම වෙත සමීප විය.
ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟ තවත් තිදෙනෙක් (3) සේවයට බඳවා ගත් ඔහු ඒ වන විට පොත් බැඳීමටත්, පොත් විකිණීමටත්, පුස්තකාලවලට පොත් සැපයීමත් සිදුකළ අතර, 1970 වර්ෂයේ දී ගොඩගේ මහතා මරදානට පැමිණියේය.
එදාමෙදා තුර ගොඩගේ පොත් මැඳුර එම ස්ථානයේ පවතින අතර, පොත් ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ගොඩගේ මහතා පොත් ප්‍රකාශනය ආරම්භ කළේය.
ඔහු මුලින්ම මුද්‍රණය කර ඇත්තේ ළමා පොතකි. පසුව ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර , මේ වන විට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.
ලංකාවේ ප්‍රසිද්ධ පොත් මුද්‍රණකරුවන් අතර සිරිසුමන ගොඩගේ මහතා ඉදිරියෙන් සිටී.
රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනයට මේ වන විට හැකි වී ඇති අතර, ප්‍රකාශන ආයතනයක් ලෙස අවුරුදු 38 තිස්සේ අඛණ්ඩව ම ඔවුන් මෙම සම්මාන දිනාගෙන තිබේ.
2022 වර්ෂයේ පැවති රාජ්‍ය සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී ගොඩගේ ආයතනය සම්මාන පහකින් (5) පිදුම් ලැබූ අතර, ලංකාව තුළ භාෂා තුනෙන් ම කෘති ප්‍රකාශයට පත්කරන ආයතනයක් ලෙස ගොඩගේ පොත් මැදුර ඉදිරියෙන් සිටී.
එමෙන් ම දෙමළ සහ ඉංග්‍රීසි බසින් මුද්‍රිත කෘති සඳහා ද එම ආයතනය රාජ්‍ය සම්මාන ලබා තිබේ ෴
+++

+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴