සමාගම් වලට සහනාධාර දෙමින් වී ගොවියාට පණ දිය හැකිද? – භාණ්ඩාගාර ලේකම්තුමාට පිළිතුරක්
(28.12.2019 – 09:30 +0530 – lankaleadnews.com) පසුගිය ඉරිදා දිවයින පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා රජය විසින් පාන් පිටි සමාගම් වලට බදු සහන දීම පිලිබඳව ප්රධාන කරුනු දෙකක් සඳහන්කොට ඇත. පළමුවැන්න රජයේ ප්රමුඛතාවය ගොවි ප්රජාවගේ ජීවනෝපාය වැඩි දියුනු කිරීම බවය. දෙවැන්න තිරිඟු පිටි බදු අඩු කොට ඇත්තේ තාවකාලිකව සහල් වලට ආදේශකයක් ලෙස …