ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළට

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළට


ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළට

(09.05.2026 – 12:53 +0530 – sinhala.adaderana.lk)

2026 වසරේ දෙවන (2) හා තෙවන (3) කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඒකක 180 ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38 ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3 ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18% කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත් රු. බිලියන 15 ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5% කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව 95% ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන බව සඳහන් වෙයි.

18% ක විදුලි ගාස්තු වැඩිවීම සිදුවන අයුරු :

  • ගෘහස්ථ පාරිභෝගික ඒකක 0 – 180 අතර, විදුලි ගාස්තු වැඩිවීමක් නොමැති අතර, 180 ට වැඩි නම් 18% ක්
  • පොදු කාර්යය (GP1) ඒකක 180 ට අඩු කාණ්ඩ සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, GP2 / GP3 කාණ්ඩ සඳහා 18% ක්
  • සියලුම රාජ්‍ය ආයතන සඳහා 18% ක්
  • හෝටල් ක්ෂේත්‍රයේ H1 සහ H2 සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, පරිභෝජනය වැඩිනම් 18% ක්
  • සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා ගාස්තු වැඩිවීමක් නොමැති අතර, විශාල ප්‍රමාණයේ කර්මාන්ත සඳහා18% ක්
  • විදුලි පරිභෝජනය ඒකක 180 ට අඩු පූජනීය ස්ථාන සඳහා ගාස්තු ඉහළ යෑමක් නොමැති අතර, ඒකක 180 ට වැඩි නම් 18% ක්

+++

+


කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

(09.05.2026 – 12:06 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකු (5) ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මේ වන විට මරණ පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඊයේ (08) උදෑසනය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්නගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (08) ලබාදුන් නියෝගයට අනුවයි.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ආරම්භ කෙරුණි.

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස ඊයේ (08) මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02 ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54 ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ (3) රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමින්ය.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් 02 නෙකු ඉදිරිපත් කර ඇති බවය.

අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව ඊයේ (08) ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණු පසුබිමකයි ෴


සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න පාසල් සිසුන් කළ ජාවාරම

(09.05.2026 – 10:47 +0530 – sinhala.adaderana.lk)

සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම හිතවතෙකුට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මී ගව පැටවුන් සොරකම් කර, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙකු අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳ අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර, ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී සැකකාර පාසල් ශිෂ්‍යයා තල්ගස්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම ශිෂ්‍යයා අම්බලංගොඩ ප්‍රධානපෙළේ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ හා වතුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන‍ ඔවුන්ද පාසල් සිසුන් බව පොලීසිය පවසයි.

මෙහිදී පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, සැකකාර පාසල් සිසුන් තිලකපුර ප්‍රදේශයේ මාස 3 ක් සහ මාස 8 ක් වයසැති මී ගව පැටවුන් දෙදෙනෙකු (2) මෝටර් රථ දෙකක (2) දමාගෙන ගොස්, කරන්දෙනිය පනාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවිකර ඇති බවය.

ඒ අනුව ඔහුද මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ගව පැටවුන් දෙදෙනා (2) කැලෑවක ගැටගසා තිබියදී සොයාගෙන ඇත.

මේ වන විට ගවයන් ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථ දෙකද (2) අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෝටර් රථ බටපොල ප්‍රදේශයේ කුලියට මෝටර් රථ ලබාදෙන ස්ථානයකින් ලබාගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් කාලයක් තිස්සේ එළුවන්ද මෙලෙස සොරාගෙන ගොස් ඇති බව ප්‍රශ්න කිරීමේදී පොලීසිය අනාවරණය කරගෙන ඇත.

එළු මස් මිල අධික නිසා ගව පැටවුන් මරා, එළු මස් ලෙස අලෙවි කිරීමේ ජාවාරම මෙලෙස සිදුකර ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු (4) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත ෴


මේ ආණ්ඩුව රු. කෝටි 5000 කට වඩා හොරා කාලා – පොහොට්ටුවේ ඉන්දික රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි (09.05.2026)

+


කපිල චන්ද්‍රසේනගේ මරණයට වග කියන්න ඕන රාජපක්ෂවරු කියලා අසත්‍ය ප්‍රචාර යනවා (09.05.2026)

+


මහින්ද රාජපක්ෂට අත තියපු දාට තමයි මේ ආණ්ඩුව හොඳම එකෙන් කෙලවගන්නේ (09.05.2026)

+


එකම ඉඩමට අයිතිකරුවන් දෙන්නෙක් දාලා හිමි නමක් ගහපු රට හෙල්ලෙන ගේම් එක (09.05.2026)

+


රාජ්‍ය නිලධාරීන් හොර බලපත්‍ර හදාගෙන රු. කෝටි 5000 ක මැණික් රත්නපුරෙන් ගොඩ අරං (09.05.2026)

+


ටිල්වින් සිල්වා සහෝදරයට පක්ෂ කාර්යාලය ඇතුළේ ගුටි බැට ප්‍රහාරයක් එල්ල වෙලා එතුමා රෝහලේ (09.05.2026)

+


මම රාජපක්ෂ නිකායේ හාමුදුරුනමක් තමයි – ඒ වුණාට දැන් මේ රට භාරදෙන්න ඕන දිලිත්ට (09.05.2026)

+


හිටපු ජනාධිපති මහින්ද 12 වැනිදා අල්ලස් කොමිසමට කැඳවයි

(09.05.2026 – hirunews.lk)

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත මැයි 12 වැනිදා පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දන්වා තිබෙනවා.

මෙම ලිපිය අද (09) කාල්ටන් නිවසට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාරදී නොතිබූ බවයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24 ක් යන්නට මත්තෙන් මෙම ලිපිය ලැබී ඇති අතර, කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඔහුට තර්ජනය කර කට උත්තරය ලියාගත් බවට දිවුරුම් ප්‍රකාශයක්ද මින්පෙර තම නීතීඥයින් හරහා අධිකරණයට ලබාදී තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *