*********************************************
ඊළඟ බෝම්බයට පාර කපන අසාද් සාලිගේ නීති කතාව… මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්රස්තයන්ගේ ගැලවුම්කරුවා… ඉන්දියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදය සමගත් සබඳතා…
(21.03.2021 – divaina.com)
= පසුබිම =
ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය 16 වැනිදා සවස 06:30 ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තම පෞද්ගලික මෝටර්රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුමේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා සිටියේය.
ප්‍රසිද්ධ මාධ්‍යයක් හමුවේ අසාද් සාලි සිදුකළ ජාතිවාදී හැඟීම් අවුස්සනසුලු ප්‍රකාශ මගින්, නීතිය අභියෝගයට ලක්කර ඇති බවට පාර්ශ්ව කීපයක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබීම මෙම අත්අඩංගුවට ගැනීම සඳහා හේතු පාදක වී තිබුණි.
අසාද් සාලි සිදුකරන ලද ප්‍රකාශයන් හරහා අපරාධ නීති සංග්‍රහය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබිණි. මෙම පැමිණිලි අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා එකී ප්‍රකාශය, ජාතීන් හා ආගමික සමගියට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් බවත් එමගින් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන, වැරදි සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුවන බැවින් අසාද් සාලි මහතාට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබිණි.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ලබාදුන් එකී උපදෙස් අනුව වහාම කි‍්‍රයාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) යන වගන්ති යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සැකකාර අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබීය.
= කුරාණයයි, හදීෂයයි, ශර්යායි තමයි අපේ නීති =
අසාද් සාලිගේ කෙරුවාව යළිත් වතාවක් එළියට පැමිණ තිබේ. මෙවැනි ආකාරයට රටේ නීතියට අභියෝග කිරීම ත්රස්තවාදයක් මිස අන් කවරක් නොවන බව පැහැදිලිය. “ඔළුවට ජාතිවාදය ගැහැව්වාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෙ නැහැ. අපේ නීතිය අපිට… ඔයගොල්ලන්ගෙ නීතිය ඔයගොල්ලන්ට… ඒවා හරි වැරදි බලන්නෙ අපි. අපිට කුරාණයයි, හදීෂයයි, ශර්යායි තමයි අපේ නීති රීති නම්, අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නෙ නෑ. රජයේ නීතිය රජයට, රටට… ඒ හැරෙන්න අපිට වෙන නීතියක් නැහැ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නෙ. මෙච්චරකල් අවුරුදු 73 ක් නිදහස හම්බවෙලා තීච්ච නීතිය, ගෝඨාභය රාජපක්ෂ මහතා ආවා කියලා වෙනස් කළා කියලා අපිව වෙනස් කරන්න බැහැ. අපේ නීතිය අපිට… කැන්ඩි නීතිය නුවර කට්ටියට… කේසලහම් නීතිය යාපනේ අයට… ඒ නීති රීති එහෙම්මම තියෙනවා. ඒවා වෙනස් කරන්න බැහැ. වෙනස් කෙරුවා කියලා, අපිව වෙනස් කරන්න පුළුවන්ද බෑ. අර සල්ලි තියෙන මිනිහා හතරක් බැන්දහම තියෙන ප්‍රශ්නෙ මොකද්ද?. හතරක් බඳින්නෙ හතරම එක විදිහට තියාගන්න පුළුවන් මිනිහා… ඒකට පිටින් නීති ගෙනල්ලා, අලි සබ්රි බිලිබෝයි කරන්න එපා” අසාද් සාලි මෙසේ ප්‍රකාශ කරන ලද්දේ, පසුගියදාය. මාර්තු දහවෙනිදා කොළඹ පැවති සිය පක්ෂයේ, මාධ්‍ය හමුවකදීය. රටේ නීතියට මෙසේ එළිපිට සාලි, අභියෝග කරන ලද්දේ මේ වතාවේ පමණක් නොවේ.
= පළමු වතාව නොවේ =
යහපාලන ආණ්ඩුවේ සුරතල් පැට්ටෙකු ලෙස ආණ්ඩුකාර ධුරය දරමින් සිටියදීද ඔහු මෙසේ රටේ නීතියට අභියෝග කළේය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදී, 2019 වසරේ ජුලි 11 වෙනිදාය. ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට මඟ පෙන්වන නිසා එම නීතිය අවශ්‍ය බව එහිදී පැවසූ අසාද්, එම නීතිය මගින් ඉස්ලාම් පල්ලි පාලනය වන බවත් මුස්ලිම් විවාහ ක්රමයද පාලනය වන බවත් කියා සිටියේය. “ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි..!” යනුවෙන් ඔහු හඬ නගා සිදු කරන ලද ප්‍රකාශය, පසුව ඔහුට බස්නාහිර පළාතේ ආණ්ඩුකාරකමක් අහිමිවීම දක්වා දුර දිග ගියේය. ආණ්ඩුකාරකම අහිමිවීමෙන් පසුවද ඔහු විසින් ජුලි 25 වෙනිදා මාධ්‍ය හමුවක් අමතමින්, ෂරියා නීතිය ඉවත් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, කිසිවෙකුට ඊට අත තැබීමට ඉඩ නොදෙන බවත්, එම නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට මිස ආණ්ඩුවටවත් එහි ඇමැතිවරුන්ටවත් නොවන බවද පවසා සිටියේය. අසාද් සාලි යනු පාතාල මට්ටමේ ත්‍රස්තවාදියෙකු නොවේ. ඔහුගේ ත්‍රස්ත විලාසය සුමන්තිරන් වැනි දෙමළ දේශපාලනඥයන්ගේ පන්නයට අයත් වන්නකි. එදා අමිර්තලිංගම් වැනි දෙමළ වර්ගවාදී ‘දේශපාලන නායකයන්’ එල්ටීටීඊය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් දිරිගන්වන ලද්දේ, ‘අපේ කොල්ලන්’ ලෙස හඳුන්වමිනි. දෙමළ ‘දේශපාලන නායකයන්’ සිදු කරන ලද්දේ සහ සිදුකරමින් සිටින්නේ එයය. ත්‍රස්තවාදය අනියම් ආකාරයෙන් නොව, පාර්ලිමේන්තුවේ සිට සහ ජාත්‍යන්තරය දක්වා යමින් ආරක්ෂා කරන මෙම කණ්ඩායම, නොදරන්නේ ගිනි අවි පමණය. ඔවුන් සහ ත්‍රස්තවාදය අතර ඇති අනම්‍ය සම්බන්ධය, මේ වන විට බෙදුම්වාදයේ නූතන මොඩලය බවට පත්ව තිබේ. දඟයෝ දඟ වැඩ කරන විට, මේ ගණයේ පිරිස ඒ දඟයන් වෙනුවෙන් නීතිය සහ ජාත්‍යන්තරය පෙළ ගැස්සවීම, සිය රාජකාරිය බවට පත් කරගෙන තිබේ. ඒ නිසා මින් මතුවට හෝ එකම බළකායක් ලෙස, මේ ‘එකගොල්ලටම’ සලකනවා මිස දෙවිදිහකට වර්ග නොකළ යුතුමය.
ආසාද් සාලි වෙත විලංගු වැටිය යුත්තේ මේ අර්ථයද පෙරදැරි කරගෙනය.
= මුස්ලිම් ජනතාව ආයුධ අතට ගත යුතුය =
මීට පෙර වතාවක්ද අසාද් සාලි අත්අඩංගුවට පත් විය. ඒ 2013 වසරේ මැයි දෙවැනිදාය. එවර අසාද්ට තිබූ චෝදනාව වූයේ ඉන්දියාවේ ප්‍රකාශයට පත් කරන ‘ජුනියර් විකටන්’ නම් දෙමළ මාධ්‍ය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමය. අපේ‍්‍රල් විසිහතර වැනි දින පළවූ එම සඟරාවට සාකච්ඡාවක් ලබා දුන් අසාද් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතියට එරෙහිව සිදුවන අසාධාරණකම්, මුස්ලිම් ජනතාවට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමක් බවත්, මෙසේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදු කරන ප්රහාරයන් සහ අසාධාරණකම් ඉදිරියේ ‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම’ හැර වෙනත් මාර්ගයක් නොමැත යනුවෙනි. අසාද් සාලි මෙම ප්‍රකාශ සිදු කරන්නේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් මත සම්මන්ත්‍රණයක් සඳහා සහභාගි වීමට ගිය අවස්ථාවේදීය. අප්‍රියෙල් මස දහසය වැනිදා, චෙන්නායි හි සිංගප්පූර් පැලස් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයේ සැසියකටය. ‘ශ්‍රී ලාංකික දෙමළ ජාතීන්ගේ නිදහස් අයිතීන් දිනා ගැනීම’ යන්න එම සැසියේ මාතෘකාව වී තිබිණි. ඉහත සැසිය සඳහා අසාද් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන කන්දයියා සර්වේෂ්වරන් ද සහභාගි වී තිබුණි. සර්වේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ, සුරේෂ් පේ්රමචද්රන්ගේ සහෝදරයකු වන අතරම ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයකු ද වෙයි. සැසියෙන් පසු ‘ජූනියර් විකටන්’ සඟරාව සමඟ මතභේදයට තුඩු දුන් සාකච්ඡාවකට අසාද් සහභාගි වී තිබේ. එදා අසාද් විසින් සිදු කරන ලද, බෙදුම්වාදය අවුලූ හා වර්ගවාදය අවුස්සන ප්‍රකාශ සඳහා පදනම් සකස් කරන ලද්දේ ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ආරාධනයක් අනුවය.
= ඉන්දියාවේ ඉස්ලාම් අන්තවාදය සමග =
‘පොපියුලර් ෆරන්ට් ඔෆ් ඉන්දියා’ හෙවත් ‘ඉන්දීය ජනතාවාදී පෙරමුණ’ සාමාජිකයන් අනූදාහකින් පමණ යුත් සංවිධානයකි. මෙය මුස්ලිම් අයිතීන් උදෙසා ක්‍රියාත්මක සංවිධානයක් ලෙස තිබුණත් එය තහනම් ඉස්ලාමීය සංවිධාන සමඟ ද පැහැදිලි සම්බන්ධතා තිබෙන බව අනාවරණය වී තිබේ. ඉන්දියානු මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාර එවැනි එක් සංවිධානයකි. ඉන්දීය ජනතාවාදී පෙරමුණේ සභාපති අබ්දුල් රෙහෙමාන්, මෙම මුස්ලිම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ජාතික ලේකම්වරයාය. එසේම ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ලේකම් අබ්දුල් හමීඩ් ද ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරයාය. මෙලෙස තහනම් වූ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෝ බොහෝ දෙනෙක් ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ප්‍රධාන නිලතල රාශියක් හොබවනු ලබති.
2013 අප්‍රියෙල් මාසයේ අසාද් සහභාගි වූ සැසිය පැවැත්වෙන්න ආසන්න කාලයේ කේරළ පොලිසිය විසින් නාරාත් හා කන්නූර් හි පිහිටි පුහුණු කඳවුරක් වැටලීමට කටයුතු කළේය. එහිදී ඉන්දීය ජනතාවාදී පෙරමුණේ ක්‍රියාකාරීන් විසිඑකක් (21) අත්අඩංගුවට ගනු ලැබීය. එසේම රටවල් දෙකක (2) නිපදවන ලද බෝම්බ, කඩුවක්, බෝම්බ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධ තවත් තොරතුරු හා උපකරණද මෙහිදී සොයා ගැනීමට කේරළ පොලිසිය සමත් විය. මෙවැනි පසුබිමක තිබෙන ඉන්දීය ජනතාවාදී පෙරමුණ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟද සම්බන්ධකම් පවත්වාගෙන යන බව සාධක ඇතිව පැහැදිලි වී තිබේ.
පසුගිය කාලය පුරාවට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට හිතවාදී සංවිධානයක් ලෙස ක්‍රියා කළ ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හෙවත් ‘ලෝක දෙමළ සංසදය’, තමිල්නාඩුව පුරා එල්.ටී.ටී.ඊ. හිතවාදී ව්‍යාපාර පිටුපස සිටින බව රහසක් නොවේ. ඉන්දීය ජනතාවාදී පෙරමුණ හා සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ එක්ව 2012 මාර්තු හත්වැනිදා නවදිල්ලියේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකාවේ සිදුවන ‘දෙමළ සංහාරයට‘ එරෙහිවය. මෙවැනි පසුබිමක් ඇති සංවිධානයක ඇරයුම මත ඉන්දියාවට ගොස් ද්‍රෝහී ජවනිකාවකට පණ පොවනවා මදිවාට ජාතික ආරක්ෂාවට එරෙහිව සෘජු ලෙස ප්‍රකාශ නිකුත් කරන තැනටම අසාද් සාලි එදා ද පත්විය. මෙසේ අසාද් සාලි ඉන්දියාව සමග ඇති කර ගන්නා ලද බෙදුම්වාදී මිතුරු දම, සහරාන් දක්වා දුර දිග ගියාද යන්න, අනිවාර්ය විමර්ශනයකට භාජන කළ යුතුය. පාස්කු කොමිසම හමුවේ, සහරාන් සහ ඔහුගේ කණ්ඩායම විසින් පමණක් මෙම ප්‍රහාරය සිදුකර නොමැති බවට අසාද් සාලි සාක්ෂි ලබා දුන්නේය. ඒ සඳහා විදේශ මැදිහත්වීමක් ඇතැයි ඔහු සඳහන් කරන ලද්දේ, තමන්ගේ මෙවැනි ක්‍රියාකාරම් නිසාද යන්න හෙළිකර ගත යුතුය.
= බුදු පිළිම කැඩූ ත්රස්තයන් සමග =
ඉන්දියාවේ ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධය පමණක් නොව මෙරට තුළ ත්රස්තවාදයේ බිජුවට වැපිරීම දක්වා, අසාද්ගේ වපසරිය පුළුල්ය. 2018 දෙසැම්බර් 22 සහ 26 යන දෙදින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ, මාවනැල්ල පොලිස් වසමේ, බුදු පිළිම හතර (4) නමකට, ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදී කල්ලිය විසින් පහරදුන් අවස්ථාවේදී, සාලි කරන ලද මැදිහත්වීම ඒ සඳහා ඇති හොඳම උදාහරණයකි.
බුදුපිළිම සඳහා පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සඳහා අසාද් සාලිගේ මැදිහත්වීම පිළිබඳව එවකට කෑගල්ල දිසාව භාර නියෝජය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ලද පාලිත සිරිවර්ධන මහතා විසින්ම සිය අත්දැකීම ප්‍රකාශ කරන ලද්දේ මෙසේය.
“බුදු පිළිම කැඞීම පිළිබඳව අප විමර්ශන පවත්වන අතරේ, 2018 දෙසැම්බර් මස අවසන් සතියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර, මෙම විමර්ශන භාරව කටයුතු කළ කෑගල්ල කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන ලද සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට දුරකථනයෙන් කතා කළා. විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා, අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් සොයමින් සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු (2) වන මොහොමඕ ඊබ්‍රාහීම් සහීඩ්, මොහොමඕ ඊබ්‍රාහීම් සාදික් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා විසින් තොරතුරක් ලබාදෙන බව පොලිස්පතිවරයා සඳහන් කළා. ආසාද් සාලි වෙත දුරකථනයෙන් අමතන ලෙස, පොලිස්පතිවරයා අදාළ නිලධාරියාට දැනුම් දී තිබුණා.
= සාලිගේ උපදෙස් අනුව පූජිත වැඩ =
අසාද් සාලිගේ ජංගම දුරකථන අංකයද හිටපු පොලිස්පතිතුමා විසින් සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ලබා දී තිබුණා. එම අංකයෙන් අසාද් සාලි ඇමතූ පසු, ඔහු විසින් සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබුණේ, මොහොමඞ් ඊබ්‍රාහීම් සහීඩ්, මොහොමඞ් ඊබ්‍රාහීම් සාදික් යන දෙදෙනා පසුදින තමිසීන් මවුලවි නමැති අයෙකු ලවා කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයට භාරදෙන බවයි. ඒ අවස්ථාවේ අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් එවකට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් මෙම විමර්ශන අධීක්ෂණය කළ මට දැනුම් දුන්නා.
පසුදින අප විසින් අසාද් සාලි විසින් සිය පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටියත් එය සිදුවුණේ නැහැ. අසාද් සාලි විසින් භාරදෙන බවට පොරොන්දු වූ මොහොමඞ් ඊබ්‍රාහීම් සහීඩ්, මොහොමඞ් ඊබ්‍රාහීම් සාදික් යන සැකකරුවන් දෙදෙනා 2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු නාවලපිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වුවා. ඔවුන් දෙදෙනා සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනකු බවත්, මුල සිටම මෙම කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ සියලුම ක්‍රියාකාරකම් සම්බන්ධවත්, අපේ‍්‍රල් 21 වන පාස්කු දින සිදුකරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැලසුම් කිරීමට සහාය වූ බවත්, සියලු සැලසුම් දැන සිටිය බවත් එතැනදී අනාවරණය වුණා.”
මෙම කාරණය සුළුපටු වූවක් නොවේ. පාස්කු ප්‍රහාරය පිටුපස පමණක් නොව සිංහල මව්වරුන්ගේ ගර්භාෂ සඳහා හානි කරන ලද සාෆි අන්තවාදියා වෙනුවෙන්ද අසාද් සාලි පෙනී සිටියේ මාධ්‍ය හමු පවත්වමිනි.
= සතොසෙනුත් හොරකම් කරලා =
මේ ත්‍රස්ත ක්‍රියාවන්ට අමතරව දූෂණ චෝදනාද අසාද් සාලිට එරෙහිව ගොනුවී තිබේ. අසාද් සාලි පදනමට බව පෙන්වා කොළඹ වොක්ස්ෂෝල් වීදියේ පිහිටි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබා ගැනීම සහ අදාළ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා තිබේ. 2018 වසර වන විට හිඟ බදු මුදල් හා විදුලි බිල් ලෙස 34,44,257 ක මුදලක් හිඟ ලෙස ගෙවීමට ඇති බවත් සතොස සභාපතිවරයාගේ උපදෙස් මත හිටපු මානව සම්පත් කළමනාකාර අච්චි මොහොමඩ් මොහොමඩ් ඉබ්රාහිම් නමැත්තා විසින් එකී ගබඩාව අසාද් සාලි පදනමට ලබාදී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට, ඒ පිළිබඳව දැනුම් දී තිබුණි.
වසර දොළහක (12) දැරියක් කර කාරයට තබා ගෙන සිටිනා තක්කඩියෙකුට, ත්‍රස්තවාදියෙකු වීම සුළු දෙයකි. අසාද් සාලිගේ මානසික මට්ටම මේ සියල්ලෙන්ම සිතා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ඒ සඳහා ගෞරව දක්වන ලද්දේ රටේ මර්මස්ථානය බඳු බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය ඔහුට ලබා දෙමිනි. හිච්චි නගාලා කරළියට නංවා, වන සංහාරය බඳු මාතෘකා බරට කතා කරන විපක්ෂය එදා රටම නන්නත්තාර කිරීම සඳහා කටයුතු කළේ එසේය. ඒ පිහිටෙන් වන සංහාරයක් නොව පාස්කු ඉරිදා වැනි රටම වණයක් වන තත්ත්වයන් නිර්මාණය විය. අසාද්ට දැන් නිදහස් වීමට ඉඩ නොදිය යුතුය. කසාද හතරට අමතරව තවත් කසාදයක් ලෙස ඔහුට ජීවිතාන්තය දක්වා සිපිරි ගෙය, කරකාර බන්දා දිය යුතු කාලය දැන් පැමිණ තිබේ.
මනෝජ් අබයදීර
******************************************
සීනි, පොල්තෙල් ජාවාරම වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද?
(26.03.2021 – 05:32 +0530 – lankaleadnews.com)
- මොහොමඩ් සජාඩ් මව්ශූන්(Mohamed Sajad Mawzoon);
- නුෂාඩ් මොහොමඩ් පෙරේරා (Nushad Mohammed Perera).
- පිරමීඩ් ලංකා පුද්ගලික සමාගම ( PYRAMID LANKA PVT LTD);
- පිරමීඩ් විල්මා ඉන්ටර්නැෂනල් සමාගම(Pyramid Wilmar International Limited);
- පිරමීඩ් ඔයිල් සමාගම(Pyramid Oil Mills);
- විල්මා ප්ල්න්ටේශන්(wilmar Plantation (Pvt) Ltd.
ඉහත නම් සහ සමාගම් වල ඇති අතිජාත බැඳීම ගැන කියතොත් ඉහත සියලුම සමාගම් වල 100% අයිතිය මුස්ලිම් ජාතිකයන් සතුය.
ඉහත නම් සඳහන් දෙදෙනාම (2) මැලේ මුස්ලිම් ජාතිකයන් වේ. දෙදෙනාම (2) ඉතාම සමීප මිතුරන්ය.
මේ දෙදෙනාටම (2) දුරකථන සංනිවේදන ජාලා සම්බන්ධ පසුබිමක් ඇත. දෙදෙනාම (2) මලයාසියාවට සම්බන්ධ කමක් ඇත. එක් අයෙක් ආහාර විශාල තොග වශයෙන් ආනයනය කරන අතර අනෙකා ඒවා පාලනය කරන රජයේ ප්‍රධාන නිලධාරියා වේ.
ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් The proprietor of Shangri-La Hotels. (ෂැන්ග්‍රි-ලා හෝටලයේ ශ්‍රී ලංකාවේ අයිතිකරුය).
ඒ වගේම (India’s Adani Group, now embroiled in the Colombo port terminal deals is also in partnership with Pyramid Wilmar in Sri Lanka.) ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයාය.
මොවුන් දෙදෙනාම රාජපක්ෂ පවුලේ ඉතා සමීප මිතුරන්ය. ඒ වගේම මොහොමඩ් සජාඩ් මව්ශූන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ලඟින් කටයුතු කරන කෙනෙකු වෙයි.
මොහොමඩ් සජාඩ් මව්ශූන්ට අයිති විල්මා ආයතනය ලංකාවට ගෙනෙන පොල්තෙල් සහ සීනී වල ඒකාධිකාරයක් පවත්වාගෙන යන සමාගමකි.
එවන් පසුබිමක මෑතක ගෙන්වූ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඒ පොල්තෙල් වල පිළිකා කාරක ඉහළ ප්‍රතිශතයකින් තිබෙන බවත්, ඒවා නැවත ප්‍රතිඅපනයනය කළයුතු බවත් දැනුම්දී තිබේ. ඒත් රේගුව ඒවා නිදහස් කර ඇත.
හේතුව විදියට කියන්නෙ, නුෂාඩ් මොහොමඩ් පෙරේරා සභාපති විදියට ඉන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කරපු සාම්පල් පරීක්ෂාවේදී එහෙම පිළිකා කාරක හමු උනේ නැති බවත් නිසා ඒවා නිදහස් කළ බවත් ය.
එක කට්ටියක් කලාම ඉහළ ප්‍රතිශතයකින් පිළිකා කාරක තියෙනවාය කියල රිපෝට් එකක් එන්නයි, ජාවාරම්කාරයා සභාපති වෙලා ඉන්න අනෙක් කට්ටිය කලාම එහෙම පිළිකා කාරක නෑ ය කියල රිපෝට් එන්නයි හේතුව මොකක්ද?
මේ පොල්තෙල් ගෙනාවෙත්, සීනි ජාවාරම කරපු ජාවාරම් කාරයෝමනේද? කොහොම හරි දැන් වෙළදපොලට පොල්තෙල් නිකුත්වෙලා ඉවරයි.
සමාගම් හතරක් (4) විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13 ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ (23) දිනයේදීය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් මොහොමඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය. එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.
ඇත්තටම මොකක්ද මේ රටට වෙන්නේ?. ඉස්සරත් මෙහෙම වෙන්න ඇති. ඒත් ජනතාවට මෙවැනි දේවල් දැන ගැනීමේ මාර්ග අවම වී තිබීම නිසා මේවා කවදාවත් ජනතාව අතරට මෙච්චර ඉක්මනින් ගියේ නැත. නමුත් දැන් තත්වය හුඟාක් වෙනස්ය. මිනිස්සු දැනුවත්ය.
නෞෂාඩ් මොහොමඩ් පෙරේරා මීට පෙර සිටියේ සතොස ආයතනයේ සභාපති හැටියට. ප්‍රසිද්ධ සීනි වංචාවේ කොටස්කාරයෙක් හැටියට ඔහු එතැනින් ඉවත් කරලා ප්‍රමිතිය ආයතනයට පත් කළා.
අදාළ පොල්තෙල් තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක කමිටුව කියනවා ඒ පොල්තෙල්වල විස කාරක ඇෆ්ලටොක්සින් අඩංගුයි කියලා. එය පිළිකා කාරකයක්. ඒත් නෞෂාඩ් මොහොමඩ් පෙරේරාගෙ ප්‍රමිති ආයතනය කියනවා පිළිකා කාරක අඩංගු නෑ කියලා.
දැන් කාරණය හරි පැහැදිලියි. සීනි ජාවාරම වෙනුවෙනුත් මැදිහත් වුණ නෞෂාඩ් මොහොමඩ් පෙරේරා වස විස අඩංගු පොල්තෙල් වෙනුවෙනුත් මැදිහත් වෙච්ච බව මේකෙන් පැහැදිලි වෙනවා.
ඒ වගේම මේවා බෙදන්න ගෙනාවේ ලංකාවේ උත්සව සමයට මේ උත්සව සමයේ මේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් පාවිච්චි කරන්නේ සිංහල සහ හින්දු අයවලුන්. එතකොට මේ පිළිකාකාරක තෙල් පරිභෝජනය කරන්නේ සිංහල සහ දෙමළ ජනතාව පමණයි. පිලිකා හැදෙන්නේ සිංහල හා දෙමළ අයට. මේක වර්ගවාදී සංහාරයකට කරන ලද උපක්රමයක්ද කියලා බරපතළ සැකයක් පවතිනවා.
මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පවා නඩුවක් ගොනු කරන්න ඕනේ කවුද ඇත්ත කියන්න කියලා සොයන්නට. එම සමාගමට, එයට අනුබල දීපු සැවොටම දඬුවම් කරන්න ඕනේ.
ඉතා සූක්ෂම ලෙස සිංහල සහ දෙමළ මිනිසුන් වඳ කිරීමේ තවත් උපක්‍රමයක් ද?
Aflatoxin ආහාරයේ අඩංගු වීම නිසා ඇති විය හැකි සෞඛ්‍යය උවදුරු :
- අක්මාවේ සෛල විනාශවීම නිසා අක්මාව අකර්මණ්‍ය වීම Liver failure. අක්මාව අකර්මණ්‍ය වීම මරණීය තත්ත්වයකි.
- විශාල ප්‍රමාණයක් ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැක Aflatoxicosis.
- අක්මාවේ පිළිකා ඇති වීම Hepato cellular Cancer මෙය බටහිර රටවල අක්මාවේ පිළිකා හැදෙන්න ප්‍රධානම හේතුවකි. මෙම පිලිකා සෑදුන හොත් මාස හයක් වැනි කෙටි කාලයක් තුළ මරණයට පත් වෙයි.
- Aflatoxin ශරීරගත වීමෙන් වලිප්පුව ඇතිවිය හැකි ය (Convulsions)
- Aflatoxin ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට බරපතළ හානි සිදු කරයි. මේ නිසා ආසාදන පහසුවෙන්ම වැළඳීමේ හැකියාව ඇත (Immunotoxicity)
රට පුරා කොරෝනා ආසාදන තත්ත්වයක් පැතිර යන මෙවන් මොහොතක මේ බරපතළ සෞඛ්‍ය උවදුරකි .
පොල් තෙල් වැනි එදිනෙදා ආහාරයට බහුලවම භාවිතා වන ආහාර සංඝටකයක, Aflatoxin අඩංගු වීම බරපතළ සෞඛ්‍ය උවදුරක් ඇති වීමට හේතු විය හැකි ය ෴
******************************************
මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි
(26.03.2021 – colombotoday.com)
ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත මාදු ගැටේ ප්‍රදේශයේ වැවක් ඉදිකළහොත් සිංහරාජ වනයේ හෙක්ටෙයාර් පහකට (5) බලපෑම් එල්ල වන බවත්, මේ නිසා මෙම වැව වෙනත් ස්ථානයක ඉදිකරන ලෙස වාරිමාර්ග ඇමැතිවරයාට දැනුම් දුන් බවත් යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනයේ ලේකම් මහාචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත මහතා පවසයි.
ලෝක උරුමයක් වූ සිංහරාජය ආශ්‍රිතව වැවක් ඉදිකිරීම පිළිබඳව යුනෙස්කෝ කණ්ඩායම වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ සමග ඉකුත් 23 වැනිදා සාකච්ඡා කළ බවද මහාචාර්යවරයා කීවේය.
ගිං ගඟේ මාදු ගැටේ ආශ්‍රිතව වේල්ලක් ඉදිකෙරෙන අතර, ජලය පිරුණු පසුව වේල්ලේ පිටත සිංහරාජ වනාන්තරයේ අක්කර පහක් (5) ජලයෙන් යටවේ.
ලංකාගම මාදු ගැට ප්‍රදේශය ආශ්‍රිතව මෙම වැව ඉදිකිරීමට නොහැකි බවත්, එය ලෝක උරුම මාර්ගෝපදේශවලට විරුද්ධ බවත්, එය සිංහරාජ ලෝක උරුම තත්ත්වයට ගැටලුවක් ඇති වන බවද යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය ඇමැතිවරයා පිළිගත් බවත්, වැව ඉදිකිරීම සඳහා වෙනත් විකල්ප ස්ථානයක් සෙවීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට දැනුම් දුන් බවද මහාචාර්යවරයා කීවේය.
සිංහරාජය ආශ්‍රිතව වැව ඉදිකිරීම සඳහා අවසරය ලබාදිය හැකිදැයි විමසා යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලයේ ලෝක උරුම කමිටුවට ලිපියක් යවා තිබෙන බවත්, නමුත් ඊට අවසරය ලබා නොදෙනු ඇතැයි තමා සිතන බව ඇමැතිවරයාට දැනුම්දුන් බවද ඔහු සඳහන් කළේය ෴
+++++++++++++
******************************************
‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’ යනුවෙන් කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි
(26.03.2021 – colombotoday.com)
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.” යැයි හෙතෙම සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයා මේ බව සඳහන් කරන ලද්දේ පෙරේදා (24) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04 ක් තිස්සේ ආධාර ලැබී ඇතැයි ද එම ආධාර තවත් වසරක දුම්කොළ පාලන වැඩපිළිවෙළ වෙනුවෙන් දීර්ඝ කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර කුරුඳු දුම්වැටි අලෙවි කිරීමේ යෝජනාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ කැබිනට් ඇමැතිවරයකු ද මැදිහත්ව ‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’ යනුවෙන් කෙරෙන ප්‍රචාරය සාවද්‍ය එකක් බවයි.
මෑතකදී සිදුකළ පර්යේෂණයකදී හෙළිවී ඇති ආකාරයට කුරුඳු දහනයෙන් පෙනහළුවල පටකවලට සැලකියයුතු හානියක් සිදුවන බවද එම සංගමය පෙන්වා දෙයි. එමනිසා මෙම ප්‍රවර්ධනය තුළින් තරුණ ප්‍රජාව අතර දුම්පානයට උනන්දුවක් ඇතිකරවන බවද වෛද්‍ය සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි ෴
******************************************
පස්සර අනතුරින් දෙමාපියන් අහිමිවූ දරු තුන්දෙනා (3) භාරගන්න වෛද්‍යවරයා ඉදිරිපත්වේ
(26.03.2021 – gossiplankanews.com)
බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදු වූ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවළගේ දරුවන් තිදෙනා (3) භාර ගැනීමට අම්පාර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා ඉදිරිපත් වී ඇත.
දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මේ වන විට වෛද්‍යවරයා එක් (1) දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.
ඔවුනගේ දැනට සිටින දරුවා වයස තුනහමාරක් (3½) වන පිරිමි දරුවෙකු වන අතර අනතුරින් දෙමාපියන් අහිමිවූ වයස 3 ගැහැණු දරුවෙකු, වයස 7 පිරිමි දරුවෙකු හා වයස 8 ගැහැණු දරුවෙකු මෙසේ දරුකමට හදාගන්නට වෛද්‍යවරයා ඉදිරිපත්ව ඇත.
ලුණුගල අඩාවත්තේ 46 හැවිරිදි ඇන්තනි නෝවා හා 31 හැවිරිදි බෙනඩික්ට් වෙරෝනා යුවළ මෙම අනතුරින් මියයාමෙන් පසු අයි සෙල්වනායගම් නමැති මිත්තණිය භාරේ මෙම දරුවන් අසරණ විය.
වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කළේ තමාට මෙම දරුවන් තිදෙනාගේම (3) වගකීම බාරගත හැකි බවයි. දරුවන් තිදෙනාම (3) වෙන්නොකර එකම නිවහනක ජීවත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් කියන ඔහු තමා නීත්‍යානුකූල භාරකාරත්වය ලබාගැනීමෙන් පසු තම නිවසට මොවුන් කැඳවාගෙනවිත් තමන්ගේ දරුවන් මෙන් හදාවඩාගන්නට කැමති බව දන්වා සිටියි.
ඒ පිළිබඳ අදහස් දැක් වූ වෛද්‍ය වජිර මහතා මෙසේද සඳහන් කළේය :
“මේ දරුවන් තුන්දෙනා (3) හදාගන්න කෙනෙක් අවශ්‍යයි කියලා නිවුස් එකක් ගියා. පස්සේ මම තීරණය කළා මේ දරුවෝ තුන්දෙනාම අපි හදා ගන්න ඕනේ කියලා. මම රෑ මේ ගැන කල්පනා කරලා තීරණය කර ගත්තා. නමුත් ඒ මොහොතේ බිරිඳට කිව්වේ නැහැ. බිරිඳ පහුවැනිදා උදේ නැගිටලා මට කිව්වා බස් අනතුරෙන් අම්මයි තාත්තයි නැති වුණු බබාලා තුන්දෙනෙක් ඉන්නවා අපි හදාගන්න ගමුද කියලා. ඒ ගමන මගේ තීරණෙත් බිරිඳට කිව්වා. අපි දෙන්නාගේම කැමැත්තෙන් තමයි මේ දරුවෝ තුන්දෙනා දරුකමට හදාගන්න හදන්නේ.”
දරුවන්ට උදව් කිරීමට මේ වන විට විශාල පිරිසක් ඉදිරිපත් වෙමින් සිටින නමුත් දරුවන් තුන්දෙනා හදා ගැනීමට තමාට ආර්ථික ශක්තියක් තිබෙන බව වෛද්‍යවරයා කියයි. කිසියම් කෙනකු දරුවන්ට උදව් උපකාර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් ඉදිරිපත් විය හැකි බවද කියා සිටී.
වෛද්‍ය රාජපක්ෂ මහතා මේ වන විට අම්පාර රෝහලේ කොරෝනා මර්දනය සඳහා කටයුතු කරමින් සිටියි ෴
******************************************
පේරාදෙණිය සරසවියේ කරවිල ඇට පර්යේෂණය සාර්ථකයි – පිළිකා රෝග සමනයට කැප්සියුලයක්
(25.03.2021 – gossiplankanews.com)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර හතරකට (4) වැඩි කාලයක් තිස්සේ සිදු කළ සායනික පර්යේෂණ තුලින් කරවිල මගින් පිළිකා සෛල නසන බවට සායනිකව තහවුරු කරගෙන ඇත. ඒ ඔස්සේ නිපදවූ දේශීය ඖෂධ කැප්සියුලයක් දැන් වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති අතර පිළිකා රෝගය වැළඳූණ අයට මෙන්ම රෝගය වැළඳෙන්නට පෙර ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන පාවිච්චියට ගත හැකිය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව කරවිල ඇට වල පවතින බව සොයාගැනීමෙන් පසු රොගීන් පිරිසකට මෙම ඖෂධය වසර 4 ක් තිස්සේ ලබාදීමෙන් පසු ප්‍රතිඵල සාර්ථක බව අත්හදා බලා තිබේ.එමෙන්ම දිවයින පුරා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 3000 ක පමණ පිරිසක්ද ඖෂධය අත්හදා බැලීම සඳහා එක්ව තිබුණි.
පිළිකා වර්ධනය නවත්වන්නට හා පිළිකා රෝගයට සහනයක් ලබාදීමට මෙයින් හැකිය. මෙම ඖෂධය මගින් දේශීය මෙන්ම විදේශීය රටවල රෝගීන් පවා සුවවූ බවට වාර්තා ලැබී තිබේ.
පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල වලින් පසු මෙම ඖෂධය වාණිජකරණයට ලක්කර තිබෙන අතර කැප්සියුලයක් ලෙස ලබාදීමට නිෂ්පාදනය අරඹන ලදි.
ඒ අනුව මේ ඖෂධය සඳහා ආයුර්වේද බලපත්‍රය ලැබී ඇති අතර රජයේ බලපත්‍රලාභී ‘සිලෝන්ග්රීන් ආයුර්වේද නිෂ්පාදන ආයතනය’ හරහා මෙම ඖෂධය නිෂ්පාදනය කෙරේ.
මෙය රෝගීන්ට හා රෝගය සෑදිමට පෙර ආරක්ෂාව පිණිස භාවිතයට ගත හැකිය.
පිළිකා රෝගය වැළඳී තිබෙන රෝගීන්ගේ කීමෝ ප්‍රතිකාර ක්‍රමය රේඩියෝ ප්‍රතිකාර ක්‍රමය ලබා දෙන විට මතුවන සෘණාත්මක අතුරු ආබාධ නිසා පවතින අපහසුතා සමනයටද මෙම ඖෂධය සමත් බව පර්යේෂණ මගින් සනාථවී තිබේ.
මිනිසුන් බොහොමයකට මරු කැඳවමින් ලොව පුරා ව්‍යාප්තව පවතින පිළිකා රෝගී තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලෙස පවතින විරල ඖෂධ ගොන්නට මෙය එක්වේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පසුගිය දා එම ඖෂධය ප්‍රථම වරට දළඳා ස්වාමින්වහන්සේට පූජා කර අශිර්වාද ලබා ගැනීමෙන් පසු මහජනතාව වෙත නිකුත් කිරීම ආරම්භ කරන ලදි.
මේ ගැන වැඩි විස්තර ලබාගැනීමට අමතන්න :
Colombo 077 732 2580 / Kandy 076 686 7845
******************************************
රට විරුවන්ගේ රක්ෂණාවරණය කෝ ? හොටෙල් වලින් ගසා ගෙන කනවා. – අනුර මැදගෙදර – Talk with Sudaththa (24.03.2021)
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴