දැරියකට අතවර කලාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි…

දැරියකට අතවර කලාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි…


දැරියකට අතවර කලාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි…

(08.05.2026 – lankacnews.com)

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව, අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න අද (08) නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.

සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පල්ලේගම හේමරතනට විදෙස්ගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරන ලදී.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නියෝග ලබා ගැනීමට කටයුතු කළාය.

මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අවස්ථා කිහිපයකදී ලිඛිතව හා වාචිකව විමසුවද පොලිසිය ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැත.

පොලිස් පරීක්ෂණවල මන්දගාමී ස්වභාවය හේතුවෙන් අගතියට පත් දැරියට යුක්තිය ඉටුකිරීම සඳහා මෝසමක් මගින් මෙම නඩුව කැඳවීමට අධිකාරිය තීරණය කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කිරීමට නිට්ටඹුව පොලිසියට අවසර ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් දෙදෙනා (2) වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම විය.

මෙම සිද්ධියට අදාළව මීට පෙර තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වූ අතර, ‘22424/2026 බී’ අංකය යටතේ නඩුව විභාගයට ගැනේ.

+++

= අටමස්ථානාධිපති පල්ලේගම වල් සාදු =

+++

“සාදු මට රුපියල් 2000 ක් දුන්නා” – අටමස්ථාන හිමි ගැන15 සිසුවියගේ කටඋත්තරය එළියට (08.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *