ශ්‍රී ලංකාවත් මියන්මාරය මෙන් සයිබර් අපරාධවල තෝතැන්නක් වෙයිද?
ශ්‍රී ලංකාවත් මියන්මාරය මෙන් සයිබර් අපරාධවල තෝතැන්නක් වෙයිද?
(07.05.2026 – 21:21 +0530 – sinhala.adaderana.lk)
මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන් වීසා ලබාගැනීමට හැකිවීම, ඊට නිසි තක්සේරුවක් කිරීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ආගමන විගමන නීති ලිහිල්වීම, වේගවත් අන්තර්ජාල සබඳතා පැවැතීම හා යටිතල පහසුකම් පහසුමිලට සපයාගත හැකිවීම ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට තෝතැන්නක් වීමට ඉවහල් වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
සයිබර් අපරාධකරුවන් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගාගෙන, ඒ හරහා මුදල් ඩැහැගැනීම මෙන්ම ආයෝජන අවස්ථා පිළබඳ සාවද්‍ය තොරතුරු පෙන්වා මුදල් ලබාගෙන මඟහැරයාම් සිදු කරන බව පරිගණන අපරාධ විමර්ශන අංශය පෙන්වා දී සිටී.
මේ අතර මෙලෙස මෙරට තුළ සිට සයිබර් අපරාධකරුවන් ක්‍රියාත්මකවීම, ලෝකයේ සෙසු රටවල් ලංකාව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතුවක් වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි.
ඒ අනුව පොලීසිය මහජනතාවට දැනුම්දී සිටින්නේ චීන, තායිවාන, වියට්නාමය වැනි රටවල පිරිස් විශාල වශයෙන් එක් ස්ථානයක සැකකටයුතු ලෙස රැඳී සිටින්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම්දෙන ලෙසය.
මෙරට තුළ සයිබර් අපරාධවල නිරතවූ විදෙස් ජාතිකයන් රැසක් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.
+
වෙසක් උත්සවයට ආණ්ඩුව අඩු සැලකිලි දක්වන බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගෙන් චෝදනා (07.05.2026)
+
කඩවත දැවැන්ත මාලිගාවක් හදලා තියෙන මේ ආණ්ඩුවේ ප්‍රබලයා කවුද? (07.05.2026)
+
රංගගේ බිරිඳ ගම්මන්පිල ඇතුළු පිරිසට විරුද්ධව පැමිණිලි!අනුරාධපුර දැරියගේ එක් සැකකරුවෙක් අතුරුදන්! (07.05.2026)
+
අරගලයේ යටි අරමුණ තාමත් සක්‍රීයයි | Mohan Samaranayaka (07.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴