ශ්රීලන්කන් හිටපු ප්රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්රසේන සියදිවි හානි කරගනී
ශ්රීලන්කන් හිටපු ප්රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්රසේන සියදිවි හානි කරගනී
(08.05.2026 – 09:01 +0530 – sinhala.adaderana.lk)
ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන සිය දිවි නසා ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ කොල්ලුපිටිය පේද්රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය.
කපිල චන්ද්රසේන ප්රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියේය.
කෙසේ නමුත් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (07) නියෝගයක් නිකුත් කර තිබුණි.
+++
Air Bus ගණුදෙනුවේදී මහින්ද රාජපක්ෂගේ නමත් එළියට දාපු කපිල චන්ද්රසේන අභිරහස් ලෙස මියයයි (08.05.2026)
+++
+++
කපිල චන්ද්රසේන නිවසේ දොරක එල්ලී ගෙල වැලලාගෙන.. ඔහු ඊයේ (07) රාත්රි සිට ඇත්තේ අරවින්ද සිල්වාගේ නිවසේ..
(08.05.2026 – lankacnews.com)
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන අද (08) උදෑසන කොල්ලුපිටිය ප්රදේශයේ පිහිටි සිය නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ, කොල්ලුපිටිය පේද්රිස් පෙදෙසේ පිහිටි අංක 37 දරන නිවසේ දොරක එල්ලී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවයි.
ඊයේ (07) රාත්රී කාලයේදී ඔහු සිය මස්සිනා වන හිටපු ප්රවීණ ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ ලැගුම් ගෙන සිට ඇති බවද අනාවරණය වී ඇත.
කපිල චන්ද්රසේනගේ මරණය සිදුව ඇත්තේ ඔහුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් වී තිබූ පසුබිමක ය.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතියි.
මෙම නඩුවට අදාළව ඇප මත මුදාහැර සිටි ඔහු, ඇපකරුවන් සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා එල්ල විය. ඒ අනුව, ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කර තිබුණි.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු පැවසුවේ, අධිකරණ නියෝගයට අනුව මෝසමක් මාර්ගයෙන් අද (08) දිනයේදී කපිල චන්ද්රසේන අධිකරණයට භාර වීමට නියමිතව සිටි බවයි ෴
+++
කපිල චන්ද්රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි
(08.05.2026 – 12:04 +0530 – sinhala.adaderana.lk)
ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කොල්ලුපිටිය, පේද්රිස් මාවත ප්රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්රසේනගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි.
අදාළ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය පැවසීය.
අදාළ ස්ථානයට අද (08) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්ය නිලධාරීවරයා ද පැමිණ තිබණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවය.
මේ අතර ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ද පැමිණියේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස්මත ක්රියාත්මකයි.
2013 වසරේදී ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06 ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්රීලන්කන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වූණි.
අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත ප්රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණි.
කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්රසේන යළි අත්අඩංගුවට ගැනුණි.
අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ ප්රශ්නගත ගනුදෙනුවේදී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලින් රුපියල් මිලියන 20 ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්ය ප්රියංකර ජයරත්නට ද, රුපියල් මිලියන 60 ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ද ලබාදුන් බව කපිල චන්ද්රසේන සිය කොමිසම හමුවේ ප්රකාශ ලබාදෙමින් පැවසූ බවයි.
කෙසේ වෙතත් ඊට විරෝධය දක්වමින් කපිල චන්ද්රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න චෝදනා කළේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සිය සේවාදායකයාගෙන් තර්ජනය කර ප්රකාශ ලබාගෙන ඇති බවය.
අදාළ විමර්ශනයට අදාළව ප්රකාශ ලබාගැනීමට එළඹෙන 12 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්ය පියංකර ජයරත්නට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද එම කොමිසම දැනුම් දී තිබුණි.
මෙවැනි පසුබිමක රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී කපිල චන්ද්රසේන දින 54 කට පසු ඇප මත මූදා හැරීමට පසුගිය 05 වනදා කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණේ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ (3) රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමින්ය.
කෙසේ වෙතත් කපිල චන්ද්රසේන ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමේදී ඥාතීන් බවට ව්යාජ ලෙස අඟවමින් පුද්ගලයින් 02 නෙකු ඉදිරිපත් කර තිබූ අතර පසුව අත්අඩංගුවට ගැණුනු එම පුද්ගලයින් දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
එහිදී ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්රසේන යළි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය ඊයේ (07) දිනයේ වරෙන්තුවක්ද නිකුත් කළේය.
+++
+++
+++
කපිල චන්ද්රසේනගේ මරණය සැකයි.. අල්ලස් කොමිසමේ ලොක්කා ගැන ප්රකාශ දුන් දෙදෙනෙකු (2) සැක කටයුතු ලෙස මැරුණා..
(08.05.2026 – lankacnews.com)
ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක ප්රධාන නිලධාරී කපිල චන්ද්රසේනගේ මරණය, හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක්ද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කරයි.
මාධ්ය හමුවකදී අදහස් දැක්වූ සාගර කාරියවසම් කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් කපිල චන්ද්රසේනට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවට මියගිය කපිල චන්ද්රසේන අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශයක සඳහන් වන බවයි.
සාගර කාරියවසම් පෙන්වා දෙන්නේ කපිල චන්ද්රසේන තම දිවුරුම් ප්රකාශය මගින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කර ඇති බවයි.
“කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙකුටත් මම කිව්වා මම කියන දේ කරන්න කියලා, ඔහු ඒක නොකළ නිසා ඔහුට සිද්ධ වුණේ එල්ලී මැරෙන්න. ඒ නිසා මහා එකාගේ සහ පොඩි එකාගේ (මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ) නම් දෙක දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ ඒකම තමයි” යනුවෙන් අධ්යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති බව එම දිවුරුම් ප්රකාශයේ සඳහන් වන බව සාගර කාරියවසම් අනාවරණය කළේය.
මෙහිදී සඳහන් කළ කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවට සම්බන්ධ සිසිර සිරිවර්ධන නැමැති පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඉතා දරුණු ලෙස තර්ජනයට ලක්වී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවද හෙතෙම සිහිපත් කළේය.
කපිල චන්ද්රසේනගේ මරණයට අමතරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක අභිරහස් ලෙස මියයාම, භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800 ක මුදලක් ඕස්ට්රේලියානු ගිණුමකට දැමීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පුද්ගලයා සැක සහිත ලෙස මියයාම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව ප්රථම පැමිණිල්ල කළ ඩෑන් ප්රියසාද් සැකකටයුතු ලෙස මියයාම අභිරහස් මරණ කිහිපයක් පිළිබඳව සාගර කාරියවසම් මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
කපිල චන්ද්රසේන බන්ධනාගාරගතව සිටියදී ඔහුට ව්යාජ ඇපකරුවන් දෙදෙනෙකු (2) ඉදිරිපත් කිරීම පිටුපසද යම් කුමන්ත්රණයක් පවතින බවට සාගර කාරියවසම් සැක පළ කරයි.
බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවිය නොහැකි බැවින්, එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද සහ ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව අධිකරණ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර වහාම විමර්ශනයක් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
මෙම ප්රකාශයන්හි වගකීම තමන් භාර ගන්නා බවත්, රටේ සිදුවන මෙම බරපතල තත්ත්වය පිළිබඳව ජනතාවට සත්යය හෙළි කළ යුතු බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්රකාශ කළේය.
+++
+++
+++
ව්යාජ ඩොලර් සමඟ විදේශිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(08.05.2026 – 08:39 +0530 – sinhala.adaderana.lk)
ව්යාජ අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු (2) හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයින් දෙදෙනා (2) විසින් ව්යාපාරික ස්ථානයකට ගනුදෙනුවක් සඳහා ව්යාජ අමෙරිකානු ඩොලර් 400 ක මුදලක් ලබාදුන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී, සංචාරක වීසා මත මෙරට රැඳී සිටි සැකකරුවන් සන්තකයේ තිබී තවත් ව්යාජ අමෙරිකානු ඩොලර් 5,200 ක් සොයාගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26 සහ 27 වන තජිකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ව්යාජ විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රඳවාගෙන ප්රශ්න කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
මහින්ද – ගෝඨා – නාමල් – චාමර – දයාසිරි – විමල් ප්රබයෝ එකම වේදිකාවක දී මුණට මුණ හමුවෙයි (08.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (සිංහල හෝ ඉංග්රීසි බසින්) ලබාදෙන්න ෴