ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර

*********************************************

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතිනනවා – දයාසිරි ජයසේකර

(25.03.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ අද (25) පස්වරුවේ පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

******************************************

(25.03.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

වී තොග ඇතැයි රජය පවසන්නේ අසත්‍යක් – ඩඩ්ලි සිරිසේන

අද ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ගෙන් :

******************************************

(26.03.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම සහ අන්තර්ජාලය හරහා මෙම ක්‍රියාකාරකම් සඳහා මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය ඊයේ (25) සමත් වුණා.

අදාල පුද්ගලයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවලදීයි.

46 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයෙන් පිටුවහල් කළ අයෙක්.

අන්තවාදී ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙකු වන මොහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටියදී අන්තර්ජාලය හරහා අන්තවාදී දේශන පවත්වා ඇති අතර රට තුළ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම පිනිස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී මුදල් එකතු කිරීමක් ද සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊට අමතරව මඩකලපුව කාත්තන්කුඩි කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය සමත්වුණා.

මෙම පුද්ගලයා සිය මුහුණු පොත හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට සහ එවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කර ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මේ.

අදාළ සැකකරවන් දෙදෙනා මේ වන විට කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය වෙත රැගෙන රැගෙනවිත් ඇති අතර ඔවුන් දෙදෙනා රඳවා තබාගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

******************************************

(26.03.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මගීන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරෙන් පසුව ඌව පළාතේ මාර්ගවල අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන හඳුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව වේග සීමා සහ ආරක්ෂිත වැටවල් අවදානම් ස්ථානවලට යෙදවීමට පියවර ගන්නා බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

බස් අනතුර සිදුවූ ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් ආරක්ෂක වැටක් ඉදිකිරීමටද පසුගියදා පියවර ගත් අතර, මාර්ගය අනතුරුදායක බව දැක්වෙන මාර්ග පුවරුද සවි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තේ අනතුරෙන් පසුවයි ෴

******************************************

(26.03.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී විසින් සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා කිරීමේදී එම සිද්ධිය සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.

පැමිනිල්ල සිදුකළ විධායක නිලධාරියා විසින් එම ආයතනයේ මුදල් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියදම් කර එය පියවා ගැනීම සඳහා මෙලෙස ව්‍යාජ කොල්ලකෑමෙන් සිද්ධියක් රඟ දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් මෙම මුදල බැංකුවේ තැම්පත් කිරීමට පැමිණෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු (2) විසින් එම මුදල කොල්ල කොල්ලකෑ බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් සැලසුම් කරන ලද්දක් බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ ජවනිකාවට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනාට (2) ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කර ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම මුදල් බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50,000 ක පමණ මුදලක් බවත්ටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට යොදා ගත් යතුරුපැදිය මේ වන විටත් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(26.03.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මස පළමුවනදා (01) සිට නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්, සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95 කටත් අලෙවි කිරීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සුපිරි වෙළදසැල්, සතොස සහ සමූපකාර හරහා එම මිලට සහල් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

සතොස සභාපති, සමූපකාර කොමසාරිස් හා සියළු සුපිරි වෙළදසැල් වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (25) පැවැත්වුණා.

අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමටයි එහිදී ඔවුන් එකඟ වී ඇත්තේ.

ඒ අනුව මාස 03 කට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශීය වෙළඳසැල් ජාලය හරහා දිවයින පුරා මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වනවා.

එසේම පුරන් කුඹුරු ඉවත් කරමින් එම පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඊයේ (25) ආරම්භ කළා.

ඒ අනුව දැනට පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ මෙරට තුළ පවතින අතර, ඉන් කුඹුරු අක්කර 28,000 ක් දිවයිනේ ගොවිජන සේවා බල ප්‍රදේශ 320 කදී අස්වැද්දීම මේ හරහා සිදු කිරීමට නියමිතයි ෴

******************************************

(26.03.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටට දොඹකර ගෙන්වීමේදී වරාය අධිකාරිය විසින් රේගුව වෙත ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමට අදාළව ගොනු කොට ඇති නඩුව පිළිබඳව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඊට අදාළව රේගුව වෙත ගෙවනු ලබන දඩ මුදලින් සියයට 50 ක් නිලධාරීන් වෙත ගෙවනු ලබන දීමනාවක් ලෙස ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන්.

එම මුදල රජය වෙත ගෙවනු ලබන මුදලක් ලෙස අය කර ගැනීමට අදාළව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු වගකිව යුතු පාර්ශව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමටද උපදේශන කාරක සභාවේ අවධානය යොමු වුණා.

එහිදී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ඊට අදාළව තීරණයක් ගැනීමේදී ගිණුම් කාරක සභාව සමගද ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කල යුතු බවයි ෴

******************************************

(26.03.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ඊජිප්තුවේ සුවස් ඇල හරස් කරමින් සිරවී ඇති විශාල කන්ටේනර් නැව තවමත් ඉවත් කිරීමට හැකිවී නැහැ.

මෙ වන විට දින 5 ක් එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිටීම නිසා ලෝක ඉන්ධන මිල හා අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාමේ තත්වයක් ඇතිවී තිබෙනවා.

ඊයේ (25) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 0.7 කින් ඉහළ ගිය අතර, එය සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 62.38 ක් ලෙසයි.

සිර වී ඇති නෞකාව ඉවත් කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බව මේ වන විට වාර්තා වන අතර, එම නිසා තෙල් වෙළදපොළ සැපයුම් මන්දගාමී වනු ඇති බව ආර්ථික පර්යේෂකයන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, යුරෝපා රටවල කොරෝනා සීමා යළි වර්ධනය වීමත් සමඟ ගෝලීය ඉන්ධන ඉල්ලුම යථා තත්ත්වයට පත්වීමට කල් ගත වනු ඇති බවට ද අපේක්ෂා පළ වනවා.

එම නිසා ඇතැම් විට ඉන්ධන වෙළදපොළ මත පවතින ඉල්ලුම පාලනය විය හැකි බව ද විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

අදාළ නෞකාව සිරවීමත් සමග යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග සහමුලින්ම ඇනහිට ඇති අතර මේ වන විට මෙම නැව් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා 300 ට අදික සංඛ්‍යාවක් සිරවී තිබෙනවා .

මෙම නැව සිරවීමට හේතුවූ දරුණු සුළං තත්වය මෙ වන විට පහව ගොස් තිබුණද තවමත් මෙම නැව ඉවත් කර ගැනීමට හැකිවී නැහැ.

එවර්ග්‍රීන් නැව් සමාගමට අයත් මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර එය චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටියදී මෙම අනතුරට ලක් වුණා.

ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 ක්.

මේ වන විට ටග් යාත්‍රා අටක් (8) එම නෞකාව කෙලින් කිරිමේ මෙහෙයුමට එක්ව සිටියද තවමත් එය සාර්ථක වී නැහැ.

කෙසේ වෙතත් ලෝක ආර්ථික විශේෂඥයින් අනතුරු හඟවන්නේ මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරනු ඇති බවටයි.

වර්ශ 1859 ඉදිකිරීම් ආරම්භ කල කිලෝමීටර් 193 ක දිගින් යුත් සූවස් ඇල 1869 දී වැඩ අවසන් කල අතර එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මුහුදු මාර්ගයයි ෴

******************************************

(26.03.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය මගින් දියත් වන විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙත පෞද්ගලික අංශයේ ව්‍යාපෘති යෝජනා කැදවීම ආරම්භ කර තිබෙනවා.

ඉදිරි වසර 20 සඳහා මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ අරමුණ ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ.

කිලෝවොට් 75 ක ධාරිතාවෙන් යුත් මෙම බලාගාරය ඉදිකිරීමේ කටයුත්ත මගින් මේ වන විට සියයට 11 ක පමණ ප්‍රමාණයක් සාර්ථක වී ඇති අතර, 2030 වන විට දී සියයට 40 ක ඉලක්ක සපුරා ගැනීමට සූදානම් බවයි ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ ෴

******************************************

(26.03.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

තැපැල් මගින් විවිධාකාර මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

2020 දෙසැම්බර් මස 27 වන දින ඩුබායි සිට මෙලෙස ගුවන් මගින් පැමිණි සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එතුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ක් කුෂ් තෙල් ග්‍රෑම් 38 ක් සොයාගැනුනා.

ඊට අමතරව ප්‍රංශයේ සිට ඩුබායි හරහා මෙරටට ආ තවත් සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එතුළ විවිධ මත්පෙති 4360 ක් සොයාගත්තා.

මෙම සැකකටයුතු පාර්සල් දෙකම මෙරටට එවා ඇත්තේ ව්‍යාජ නම් වලටයි.

මෙලෙස ව්‍යාජ නම්වලට එවනුලබන මත්ද්‍රව්‍ය සහ විවිධ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර නිෂ්කාශනය කරගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරුද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිකරගෙන තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ භාණ්ඩ නිශ්කාෂණ සමාගම් සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

******************************************

(26.03.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

මගීන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර 13 කණුව ප්‍රදේශයේ රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ කොටසක් අවහිර කරමින් වැටී තිබූ ගල මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා.

ඊයේ (25) දිනයේ එය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, බෝර යොදා එය කොටස් වලට කැඩීමෙන් අනතුරුවයි ගල ඉවත් කර ඇත්තේ.

අදාළ ස්ථානයේ ප්‍රපාතය දෙසට වන්නට ඉදිරියේදී ආරක්ෂිත වැට ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරන බවයි බදුල්ල – චෙන්කලඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ඒ.පී.කේ. අබේධීර මහතා සඳහන් කළේ.

පසුගිය 13 වනදා උදෑසන ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, තවත් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

ඉන් 16 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාතිලක මහතා සඳහන් කළේ.

4 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන බදුල්ල – දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය මගින් බස් රථ පරීක්ෂාවක් අද සිදුකළා.

ඒ, පස්සර – නමුණුකුල මාර්ගයේ සහ පස්සර – බිබිලේගම මාර්ගවලයි.

එහිදී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දෙකක් (2) සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ 4 කට තාවකාලික ධාවන තහනම් නියෝග නිකුත් කර තිබෙනවා ෴

******************************************

(26.03.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

සමාගම් කිහිපයක් විසින් මෙරටට ආනයනය කල පිලිකා කාරක අඩංගු බවට පැවසෙන පොල්තෙල් තොගය කොළඹ වරායේ මුදා හැරීමට ප්‍රමිති ආයතනය අවසර ලබාදුන් බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පළ කර ඇති පුවත් අසත්‍ය බව ප්‍රමිති ආයතනය නිවේදනය කරනවා.

කෙසේ වෙතත්, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ අදාළ පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී නොමැති බැවින් ඒවා කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස දැනුම් දුන් බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන අද (26) පොලිස් මූලස්ථානයට ඊට අදාල පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් මෙරටට ගෙන්වූ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට මුදා හැර ඇති බවට මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණ කළේ පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය විසින්.

පසුගිය 4 වනදා එලෙස ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොප්සීන්ස් නමැති පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකය, රේගුවට දැනුම් දී තිබුණේ මේ මස 4 වනදායි.

කෙසේ වෙතත්, ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම ආනයනික පොල්තෙල් පාරිභෝගිකයින්ට විකිණීම අනුමත කර නොමැති බවයි.

තවත් ආයතන 4 ක් විසින් මෙරටට ආනයන කළ පොල්තෙල් සාම්පල ද පරීක්ෂාවට ලක් කරමින් සිටින බව එහි සඳහන් වුණා.

එහි ප්‍රතිඵල මත පදනම්ව ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂක ඒකකය රේගුවට අනුමැතිය ලබාදීමට නියමිත බව ද ප්‍රමිති ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර, මතුව ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් අද (26) පාර්ලිමේන්තුවේදී ද සංවාදයට ලක්වුණා.

එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ පොල්තෙල් සාම්පල වැඩිදුර විමර්ශනය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කර ඇති බවයි.

@@@@@@@@@@@@@@

(25.03.2021 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 88 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 91,377 ක් ෴

+++++++++++++++++

(26.03.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙකු හදුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 91,289 දෙනෙකු දක්වා ඉහළ ගියා.

ඒ අනුව පෑළියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා පොකුර 86,679 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදේශයන්හි සිට පැමිණි කොරොනා ආසාදිතයින් 20 දෙනෙකු ද ඊයේ (25) හදුනා ගත්තා.

මේ අනුව මෙරට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 2851 ක් වනවා.

වෛරසය ආසාදනය වී සුවය ලැබු සංඛ්‍යාව 87,881 වන අතර ඊයේ (25) දිනයේදීත් මෙරටින් කොරෝනා මරණ 3 ක් වාර්තා වීමත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පස්සර, නිරිඇල්ල සහ මහනුවර යන ප්‍රදේශ වලින් මෙම කොරෝනා මරණ වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත බෙදා හැරිමේ කටයුතු අත්හිටුවා නොමැති බව ඉන්දීය රජය පවසනවා.

රටේ ජනතාවගේ ඉල්ලුමට අනුව තමන් සමඟ සමීප සබඳතා ඇති රටවල් සඳහා එන්නත බෙදාහරින බව ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

එසේම, අප්‍රේල් මස පළමු සති දෙක (2) ඇතුළතදී රුසියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතේ පළමු තොගය දිවයිනට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ලබන සතියේදී චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නතේ පළමු තොගයද දිවයිනට ලැබෙනු ඇති බවයි ෴

+++++++++++++++++++

(26.03.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 271 දෙනා අතරින් වැඩිම පිරිස වන 77 දෙනෙකු වාර්තා යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 64 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ (25) දිනයේදී පුද්ගලයින් 13,382 නෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එන්නත්කරණය සිදුකර ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 869,709 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *