රුපියල් කෝටි 110 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22 ක් අත්අඩංගුවට


රුපියල් කෝටි 110 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22 ක් අත්අඩංගුවට

(26.04.2026 – 06:03 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර චීවරධාරින් අත්අඩංගුවට ගත් බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝ ග්‍රෑම් 110 කට අධික ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකාර චීවරධාරින් අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22 වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර චීවරධාරින් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය බව වාර්තා වෙයි.

මෙම සැකකාර චීවරධාරින් දිවයින් පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරින් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බව ද සඳහන්ය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකාර චීවරධාරින් අද (26) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+++

තායිලන්තේ ගිහිං සුර සැපත් අරගෙන රු. කෝටි 110 ක කුෂ් සහ හෑෂ් ගෙනාපු ශ්‍රමණවේශධාරී ‘වේසිපුත්‍රයන්’ (26.04.2026)

+++

+++

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ භික්ෂු ප්‍රතිරූපකයන් ගැන ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය : සසුනෙන් නෙරපීමටත් සූදානමක්

(26.04.2026 – hirunews.lk)

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භූමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරනු ලැබූ ශාසන හා සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේලා ප්‍රකාශ කරනවා.

ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමක් වෙත උරුමට ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදු කරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දිය යුතු බවද උන්වහන්සේලාගේ අවධාරණය කර තිබෙනවා.

මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන්වේ.

බුද්ධ චීවරයත් ශාසනික අනන්‍යතාවත් අවභාවිත කරමින් මෙවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව නැවත නැවතත් මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ අනුව අදාල නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද දැනුම් දෙනු කැමැත්තෙමු.

තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකව තරුණ භික්ෂුන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව මෙහිලා බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටු වීමට සෑම ආචාර්යන්වහන්සේ නමක්ම නිරන්තරයෙන් ව්‍යාවෘත විය යුතු බවට ද අවධාරණයෙන් යුතුව දැනුම් දෙනු කැමැත්තෙමු ෴

+++

කුෂ් එක්ක චීවරදාරියෝ ආපු ප්ලේන් එකේ හිටපු හිමි නමක් සියල්ල හෙළි කරයි – විශේෂ මාධ්‍ය හමුව මෙන්න (26.04.2026)

+++

(26.04.2026 – hirunews.lk)

“කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 ගේ විදේශ සංචාරය සංවිධානය කළ බව කියන ප්‍රධාන සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ ගම්පහ, මීහගවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.

අත්අඩංගුවට ගත් චීවරධාරියා, මත්ද්‍රව්‍ය සමඟ පැමිණි අනෙක් චීවරධාරීන් 22 ගේ තායිලන්ත සංචාරය සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ ෴

+++

‘තායිලන්තයේ ධම්ම’ තමයි ‘කුඩුසාදුලා’ ගෙන්න ගත්තේ – කුෂ් සිද්දියේ තවත් තොරතුරු එළියට එයි (26.04.2026)

+++

කුෂ් එක්ක මාට්ටු වුණු ‘කුඩුසාදුලා’ ගැන ඕමල්පේ හිමි රට කැළඹෙන හෙළිදරව්වක් කරයි (26.04.2026)

+++

+++

කුෂ් ගෙනාපු ‘කුඩුසාදුලා’ උසාවියට ඉදිරිපත් කරයි – උතුම් චීවරයෙන් මූණ වහගෙන සෙට් එකම උසාවියට (26.04.2026)

+++

රටම කැළඹූ තායි ගිය ‘කුඩුසාදුලා’ගේ ඇත්තම පැටිකිරිය එළියට එයි | ගිය මාසෙත් සාදුලා 12 ක් ගිහින් (26.04.2026)

+++

(26.04.2026 – hirunews.lk)

රුපියල් කෝටි 110 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් විසි දෙදෙනා (22) ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර අද (26) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.

විශේෂ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රී 10:30 ට පමණ සිදු කළ මෙම වැටලීමේදී, තායිලන්තයේ බැංකොක් නුවර සංචාරයක් නිම කර මෙරටට පැමිණි මෙම චීවරධාරීන් විසි දෙදෙනා (22) ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා ෴

+++

කිසිම ඔත්තුවක් නැතුව, සුවඳට ‘කුඩුසාදුලා’ 22 ක් අල්ලපු නාකොටික් කොස්තාපල්ගේ මෙහෙයුම! (26.04.2026)

+++

මත්ද්‍රව්‍ය සමග භික්ෂුන් හසුවිම | ඇත්ත සහ බොරුව (27.04.2026)

+


RDA එකෙත් රු. මිලියන 380 ක වන්චාවක් වෙලා – සජබේ නලීන් රට කැළඹෙන හෙළිදරව්වක් කරයි (26.04.2026)

+


මාලිමාවේ හොරු ආරක්ෂා කළොත් බලාගමු – පොලිසියට සහ CID එකට අනතුරු අඟවයි (26.04.2026)

+


තට්ටේ ගාලා සිවුරු පොරවලා කුෂ් එව්වේ ආණ්ඩුවේ කට්ටිය කියලා අපිට දැන් සැකයි (26.04.2026)

+


හොර නෝට්ටු අච්චු ගසමින් අයිස් ජාවාරම් කළ හය දෙනෙක් පොලිස් දැලේ පැටලෙයි | පොලිසියේ අගය කරන්න වටින වැඩක් (26.04.2026)

+


මාස 05 ක් මේක වහගෙන හිටියේ ඇයි – හැකර් කෙනෙක් මෙතන නෑ මල්ලි (26.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *