සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන අතර පිලී පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන අතර පිලී පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන අතර පිලී පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(24.04.2026 – hirunews.lk)

බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී ඇති බව සඳහන්.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ මරදාන සිට වාද්දුව දක්වා ධාවනය වන අතර බෙලිඅත්ත, මාතර සහ ගාල්ල සිට පැමිණෙන දුම්රිය පානදුර සහ දකුණු කළුතර දක්වා සීමා කොට තිබෙනවා.

මෙම පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන් වෙනවා.

අදාළ දුම්රිය කොටස් දෙකකට වෙන්ව ඇති අතර, මේ හේතුවෙන් එම දුම්රියේ රාජකාරි සඳහා පැමිණෙන බොහෝ දෙනෙකු දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

+++

සාගරිකා දුම්රිය පිලී කඩාගෙනම පෙරලී යයි (ඇල වෙයි) (24.04.2026)

+++

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි – පානදුර සහ කළුතර අතර මගීන් ප්‍රවාහනයට බස් රථ යොදවයි

(24.04.2026 – hirunews.lk)

අද (24) උදෑසන සාගරිකා දුම්රිය පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් මගී ජනතාව පත්ව ඇති අපහසුතාවය මගහරවා ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත එක් දුම්රිය මාර්ගයක් පමණක් භාවිත කරමින්, යම් ප්‍රමාදයන් සහිතව හෝ දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම පානදුර සහ කළුතර අතර මගී ප්‍රවාහනය වඩාත් විධිමත් කිරීම සඳහා අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++

+++

අද (24) පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය, එක් දුම්රිය මාර්ගයක් (පහළ මාර්ගය) භාවිත කරමින් යළි ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වූ “සාගරිකා” ශීඝ්‍රගාමී දුම්රිය අද (24) පීලි පැනීමකට ලක්වුණා ෴

+++

පිට ගිය සාගරිකා හරි පාරට ගන්න ගහන ගේම – කොල්ලෝ රැයක් දවාලක් නැතුව යක්කු වගේ වැඩ (25.04.2026)

+


දැන් ඉතිං, මුදල් ඇමති අනුර ඉල්ලා අස්වෙන්නේ කවදාද ? ඒකත් අනුර කරුනාතිලකටම දෙමු නේ (24.04.2026)

+

නලින්ද ජයතිස්ස ඊයේ වෙනකං දන්නෙ නෑලු… නල්ල මලේ මාධ්‍ය ප්‍රකාශක (23.04.2026)

+

භාණ්ඩාගාරේ ඩොලර් මිලියන ගානකට ගේම දුන්නේ හැකර්ලා නෙවෙයි. ගනුදෙනුවේ Emails නිකන් love letters වගේ (23.04.2026)

+

ආණ්ඩුවක් සහ පුංචි ආණ්ඩුවක්, භයානක යමක් සිදුවෙමින් ඇත (24.04.2026)

+


වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්

(24.04.2026 – 13:35 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා පැවසුවේ ඒ අනුව දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසත්ය.

එහිදී දන්සල පවත්වන ස්ථානය සහ කුමන ආකාරයේ දන්සලක්ද යන්න අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා මෙහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

අදාළ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සියලු දන්සල් සංවිධායකවරුන් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යෑම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවේ ලියාපදිංචි නොවී මෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමට දන්සල් පවත්වන්නන් සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිත බවද ඒ මහතා මෙහිදි අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.පී බොරලැස්ස මහතා :

“දන්සල පැවැත්වීමට පෙර දිනයේ ඔබ දන්සල පවත්වන ස්ථානය, දන්සල පවත්වන් සුදුසු ස්ථානයක්ද, එම ස්ථානයේ කසළ බැහැර කිරීමට, පානිය ජලය, ආහාර පිසීම සඳහා භාවිත කරන ජලය, සහ උපකරණවල තත්ත්වය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මෙම ස්ථානවල ආහාර පරිහරණය කරන පුද්ගලයින්, ආහාර පිසින පුද්ගලයින්, ආහාර පිළියෙල කරන පුද්ගලයින් ආදී මේ සියලු පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කරනවා. මේ සියලු දේවල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකරන්නේ අපේ ප්‍රජාවට ඔබ දන්සල මාර්ගයෙන් සිදුකරන ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබා දීම සඳහා. විශේෂයෙන්ම දන්සල්වල ආහාර පිසීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය පමණක් ඔබ භාවිතයට ගන්න” ෴


නපුරු චේතනාවකින් මේක බලන්න එපා | වෙසක් සතියේ සත්තු බිලිදෙන පූජාවක් ගැන ඥානසාර හිමිගෙන් අනාවරණයක් (24.04.2026)

+


වෛද්‍ය ලියකියවිලි ගින්නකින් වැනසිලා – කෙහෙළියගේ නඩුවේ සාක්ෂි ගිනිබත් කරන්න හිතලාම ගහපු ගේමක් දැයි සැක? (24.04.2026)

+


මිහින්තලේ පොලිසිය ඉදිරිපිටම සිවිල් සංවිධාන විරෝධතාවයක (24.04.2026)

+++

“ඔයාලා නිකන් බුරන්න යන්න එපා, කඳු පහත් වෙන්නේ නෑ… මිහින්තලේ හිමි රට වෙනුවෙන් ඇත්ත කියන්නේ” (24.04.2026)

+


අධි බර තියෙන සෙමින් මනස වැඩෙන දරුවෙකුගේ කන් බෙරය හිල් වෙන්න විදුහල්පති පහරදීලා (24.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *