නිරන්තරයෙන් අකුණු සැර වදින රත්නපුරේ ගමක්
(25.04.2026 – 14:07 +0530 – sinhala.adaderana.lk)
තම උත්සාහයෙන් උපයාගත් ධනයෙන් ජීවිකාව ගෙනයන, ඒත් වෙනස්ම අයුරක ජීවිත අවදානමක් සමග ජීවත්වන ගම්වාසීන් පිරිසක් පිටකන්ද ගම්මානයෙන් වාර්තාවේ.
ඔවුන්ට ඇති එකම ගැටලුව සිය ගම්මානය නිරන්තරයෙන් අකුණු ප්‍රහාරවලට ලක්වීමය.
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 300 ක් පමණ ජීවත් වේ.
ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ තේ, කුරුඳු හා කෝපි වගාවන්ය. මේ හේතුවෙන් ගම්වැසියන් ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක පසුවේ.
නමුත් කඳු සහිත ප්‍රදේශයක පිහිටි පිටකන්ද ගම්මානයේ ජනතාව පෙළන ගැටලුවක් වන්නේ නිරන්තරයෙන් අකුණු ප්‍රහාරවලට ලක්වීමයි.
මේ සම්බන්ධයෙන් ගම්වැසියන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුම්වත් කරමින් අකුණු සන්නායක සවිකරදෙන ලෙසට ඉල්ලීමක්ද කර තිබුණද, මේ දක්වා එම ඉල්ලීම ඉටුවී නොමැත.
ප්‍රදේශයේ පාසල, පන්සල, නිවාස ආදී සියලු ස්ථානවලට මෙලෙස අකුණු සැර නිරන්තරයෙන් එල්ලවන අතර, ගම්වාසීන් පවසන ලෙසට අකුණු ප්‍රහාරයට ලක් නොවූ නිවසක් මෙහි නොමැති තරම්ය.
එමෙන්ම අකුණු සැර වැදීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් සඳහන්ය.
ඉකුත් අප්‍රේල් 13 වැනිදා රාත්‍රී සිංහල අවුරුදු උදාවීමට පැය කිහිපයක් තිබියදී ද අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවද පසුගිය 23 වැනිදාද ගමේ විහාරස්ථානය වෙත අකුණු සැර වැදීමෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අයගම රෝහල වෙතද ඇතුළත් කර ඇත.
ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අකුණු සන්නායක සවිකර සිය ජීවිත හා දේපොළ ආරක්ෂා කරදෙන ලෙසය.
+
මේ වැඩබැරි ආණ්ඩුව එළවන්න කියලා මහා නායක හාමුදුරුවරු අපිට උපදෙස් දුන්නා (25.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴