‘ID ඔෆිස්’ එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි

‘ID ඔෆිස්’ එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි


‘ID ඔෆිස්’ එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි

(24.04.2026 – 16:54 +0530 – sinhala.adaderana.lk)

සිය 011 522 6126 ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් කිසියම් පාර්ශ්වයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්න බවට හා මූල්‍යමය වංචා සිදුකරන බවට තොරතුරු වාර්තාවී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, +94 11 522 6126, +011 522 6126 යන දුරකථන අංක මඟින් හා 077 116 7739, 074 275 6098 යන ජංගම දුරකථන අංකය මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවය.

මෙම පිරිස විසින් රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ‘ඩිජිටල් හැඳුනුම්පතක්’ හෝ ‘ඊ ජාතික හැඳුනුම්පතක්’ සඳහා තොරතුරු ලියාපදිංචි කරන ගන්නා බව පවසමින්, දෙපාර්තමේන්තු නාමය අවභාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, එවැනි ලියාපදිංචියක් තමන් විසින් සිදු නොකරන බවය.

මෙලෙස ජංගම දුරකථන මගින් ලැබෙන ඇමතුම් සඳහා තොරතුරු ලබා නොදෙන ලෙසට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ක්ෂණික දුරකථන අංකය හා සමාන අංකයකින් ඇමතුම් ලබාගෙන https://drpgov-lk.com යනුවෙන් දෙපාර්තමේන්තු වෙබ් අඩවියක් හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම තොතරතුරු ලබාදීමෙන් වළකින ලෙසට ඉල්ලීමක් සිදු කරයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ‘ඊ ජාතික හැඳුනුම්පතක්’ හෝ ‘ඩිජිටල් හැඳුනුම්පතක්’ සඳහා මේ වන තෙක් කිසිදු ලියාපදිංචියක් සිදු නොකරන බව දන්වන අතර වංචනික පුද්ගලයින්ගේ ආරක්ෂා වන ලෙස මහජනතාව වෙත කාරුණිකව දන්වනු ලැබේ ෴


මේ ආණ්ඩුව අපි කොහොමහරි පෙරළනවා – ඒ වෙනුවෙන් කරන්න ඕන හැමදේම අපි කරනවා (24.04.2026)

+


දුවව ක්ලාස් යවන්න සල්ලි නෑ කියලා නාහෙන් අඬපු කෝටිපති ව්‍යාපාරික ලාල් කාන්තට අපි බය නෑ (24.04.2026)

+

මාලිමා ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් – හැකර්ලා උස්සපු සල්ලි ගැන කෙලින් කතාවක් නෑ (24.04.2026)

+

පම්පෝරි ගහලා ඕපන් කරපු සයිබර් ආ‍රක්ෂණ මධ්‍යස්ථානය කෝ අනුර කුමාර මහත්තයෝ (24.04.2026)

+

හැකර්ලට අපහාස කරන්නේ නැතුව ඉන්නවද ? දිලිත් ආණ්ඩුවට හැකර්ලා ගැන කියා දෙයි (24.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *