ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(23.06.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අද (23) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. දරුවන් 3 දෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට පසු වූයේ 83 වන වියේයි. හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට දින දෙකකට පෙර ඇය කොළඹ …

සහරාන් වැඩ කළේ එජාපයට බව ඔප්පු වෙයි.. – විමල් වීරවංශ

(23.06.2019 – 10:00 +0530 – lankacnews.com) පාස්කු ඉරිදා වින්දිතයන්, වහාබ්වාදී ත්‍රස්තවාදයේ අවසන් වින්දිතයන් පිරිස ලෙස මෙරට ඉතිහාස කතාව තුළ ලියා තැබිය යුතු බවත් එය එකී මිනිසුන්ට අපට කළ හැකි එකම සාධාරණය බවත් ඒ ඉතිහාස කතාව ලිවිය හැකි දේශපාලන නායකත්වයක් වහාම මේ රට ගෙන ආ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. කොළඹ විහාරමහාදේවී …

රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

(22.06.2019 – divaina.com) කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‘දිවයිනට’ පැවැසීය. මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව …

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව පොලිසියේ 9කට එරෙහිව අපරාධ සහ විනය පියවර

(20.06.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයාබැලීමට පත් කල පරීක්ෂණ මණ්ඩලය නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනෙකු ඇතුලු ඉහල පොලිස් නිලධාරින් 09 දෙනෙකුට සුදුසු අපරාධමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා. එම මණ්ඩලයේ අවසන් වාර්තාව පිළිබඳව අවධානය යොමුකරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා, ඒ බව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත …

කොළඹ තැන් කීපයකට සෙනසුරාදා (22) වතුර නෑ

(20.06.2019 – 12:26 +0530 – sinhala.adaderana.lk) 2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ …

කිසිදා පාසලක් නොදුටු වේල් ගණනක් කුසගින්නේ සිටි තවත් දරුවන් තුන්දෙනෙකු මහියංගණයේ

(19.06.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala) මන්ද පෝෂණයෙන් කුඩා දරුවෙකු මියගිය පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වෙද්දී කිසිදාක පාසල් නුදුටු, වේල් ගණන් කුසගින්නේ සිටින දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳව තොරතුරු මහියංගණය – දඹාන – තිහ කොටස ප්‍රදේශයෙන් අද වාර්තාවුණා. වයස අවුරුදු 12 ක්, 8 ක් සහ එකහමාරක් වන මෙම දරුවන්ගේ පියා ගසකින් වැටී එක්තැන්වී සිටින අතර, මව …

සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

(19.06.2019 – divaina.com) වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත. ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට …

මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතුයැයි සහරාන් ප්‍රසිද්ධ දේශන තුනකදී පැවසුවා – සයිලාන් මවුලවි

(19.06.2019 – 11:55 +0530 – lankadeepa.lk) ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් 2016 වර්ෂයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධ දේශනා තුනකදී ප්‍රකාශ කළත්, කිසිදු බලධාරියකු ඔහුට විරුද්ධව කටයුතු නොකළ බව සුෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් …

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින 2 ක දුම්රිය වර්ජනයක්

(19.06.2019 – 07:31 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) සංකේත වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ …

කුසට අහරක් නොමැතිව මියගිය බිළිඳාගේ සංවේදී කතාව

(18.06.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala) කුසට නිසි අහරක් නොමැතිවීම හේතුවෙන් මාස 11 ක දරුවෙකු මියගොස් ඇති පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ලක්වුණා. තිස්සමහාරාම විජයපුර පදිංචි මව්පිය යුවළකට දාව සිව්වැනි දරුවා ලෙස උපන් මලිත් වීරසිංහ මියගොස් තිබුණේ පසුගිය මැයි මස 15 වැනිදායි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මන්දපෝෂණය හේතුවෙන් දරුවා …