ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්..

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්..

*********************************************

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්..

(12.02.2021 – 06:28 +0530 – lankacnews.com)

අපි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළේ ජපානය හා අපේ රජය අතර තිබෙන ප්‍රශ්නයකට නෙවෙයි. එම ව්‍යාපෘතියෙන් කෝටි ප්‍රකෝටි ගණනක කොමිස් මුදලක් ලබා ගැනීමට එදා යහපාලන රජය සැලැස්මක් සකස් කරගෙන තිබුණ නිසයි. මේක අපි වගේම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවත් දන්නවා. එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු හතරක් සහිත කුලුණු මත දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අපගේ රජය කටයුතු කරනවා. මෙම මාර්ගය ඉදිකිරීම තුළින් ජනතාවට ප්‍රමාදයකින් තොරව කඩිනමින් පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා ගමන් කිරීමට අවකාශ ලැබෙනවා. මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සැලසුම් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරය දරණ කාලයේ දී. නමුත් යහපාලන ආණ්ඩු සමයේ එම ව්‍යාපෘතිය භාරව සිටි අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය වෙනස් කරලා අධික වියදමකින් එය ආරම්භ කිරීමට සැලසුම් සකස් කළා. එම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛව අපේ ආණ්ඩුව එම ව්‍යාපෘතිය අවලංගු කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. යැයි මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදියෙකු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. මේ රටේ ජනතාවට නිදහසක් නොතිබූ කාලවකවානුව තමයි 88-89 කාලය. මිනිසුන්ට පාරට එන්න දුන්නේ නැහැ. වෙඩි තියලා මරලා ටයර්වල දමලා පිච්චුවා. කෘෂිකර්ම මධ්‍යස්ථාන ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවා හැරියා. බස් ඩිපෝ ගිනි තිබ්බා. උසාවි ගිනි තිබ්බා. පාසැල් ගිනි තිබ්බා. මිනිය දනිස්සෙන් උඩට වඩා උස්සගෙන ගෙනියන්න එපා කිව්වා. මේවා තමයි සැබෑ නිදහසක් නැති දේවල්. මේවා මේ අනුර දිසානායක ඇතුළු කල්ලියේ වැඩ. මේවා තමයි ඔවුන් නියෝජනය කරන පක්ෂයේ ක්‍රියාකාරී දේවල්. දැන් වර්තමානයේ දී මේ දේවල් සිද්ද වෙනවාද? දැන් මේ රටේ සැබෑ නිදහසක් තිබෙනවා. දැන් රටේ ජනතාව අපට චෝදනා කරන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්නේ නෑ කියලා. අපි රටේ සියලුම දෙනාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා නියෝග කර තිබෙනවා. මිනීමරුවා, මිනිස්සු මරලා කිඹුලන්ට කන්න දානවා කියලානේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පසුගිය යහපාලන රජය චෝදනා කළේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අතිදක්ෂ නායකයෙක්. දූෂණයට ඉඩදෙන්නේ නැති නිසා බංකොලොත් විපක්ෂය එතුමාට මඩ ප්‍රහාර දියත් කරනවා. එතුමා දූෂණයෙන්, නාස්තියෙන් තොරව මේ රට පාලනය කරනවා. යහපාලන නඩය විනාඩියක් ඇතුළත අහිංසක මිනිස් ජීවිත 300 කට වැඩි ප්‍රමාණයක් බිලිගන්නකම් හිනාවෙවී බලන් හිටියා. අනුර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ යහපාලනයට කඩේ ගිය නඩයක්. ඒ පවෙන් යහපාලනයටයි, ජනතා විමුක්ති පෙරමුණටයි බේරෙන්න බැහැ. ඒ නිසා ජවිපයේ සියට හය (6%) සීයට තුනට (3%) බැස්සුවා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න යන පුහු මතවාදයට මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව අසුවන්නේ නැහැ.

අපගේ රජය විදේශ රටවල් සමග තිබුණ සම්මුතීන් අවලංගු කරනවා කියලා ජවිපය සමග විපක්ෂය අපිට චෝදනා කරනවා. හම්බන්තොට වරාය අවුරුදු 99 ඒවා දෙකකට (2) බදු දුන්නා පසුගිය යහපාලන ආණ්ඩුව. අද කොළඹ වරාය වෙනුවෙන් පෙනී සිටින බහුතරය එදා හම්බන්තොට වරාය වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ වෙනුවෙන් පෙනී හිටපු සුළුතරය හිරේ දාලා යහපාලනය හම්බන්තොට වරාය වික්කා. අපි ලෝකයේ රටවල් සමග ගැටුම් ඇතිකරගෙන සම්මුතීන් කඩ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විදේශ රටවල් සමග මිත්‍රශීලී පිලිවෙතත් අනුගමනය කරන ආණ්ඩුවක්. 69 ලක්ෂයක් ජනතාව අපිට ඡන්දය දීලා තිබෙනවා. අපි ඒ හැමෝගේම හඩට ඇහුම්කම් දෙන්න ඕනා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

***************************************

‘කෲඩියා සිලනිකා’ ගස ගැන උසස් පෙළ ජීව විද්‍යා පොතේ ඇති සටහන

(11.02.2021 – 22:29 +0530 – sinhala.adaderana.lk)

‘කෲඩියා සිලනිකා’ හෙවත් ‘පඬු කරඳ’ ශාකය ආරක්ෂා වන අයුරින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ හැකියාවක් පවතින්නේදැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් සිදුකර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.

රතු දත්ත පොතට පවා ඇතුළත්ව පවතින මෙරටට ආවේණික ශාකයක් වන ‘පඬු කරඳ’ හෙවත් ‘Crudia zeylanica’ වර්ගයේ ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ මේ වන විට ඒ පිළිබඳ දැඩි සමාජ කතාබහක් නිර්මාණය වී තිබේ.

ශාකය පිහිටි ස්ථානයට අද (11) පෙරවරුවේ පැමිණි ‘සුරකිමු ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපාරයේ හිමිවරු පිරිසක් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ශාකය ත්‍රිවිධ රත්නයට භාරකෙරුණි.

එහිද අදහස් දැක්වු උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ තියනවා ජීව විශේෂ නෂ්ට වීම කියලා. ජීව විශේෂයක් නෂ්ට වෙනවා කියලා අදහස් කරන්නේ, ජීව විශේෂයක හිටපු අන්තිම සාමාජිකයත් මේ ලෝකයෙන් තුරන් වෙලා යෑම යි. ඒ ගොල්ලො ආය දකින්න ලැබෙන්නේ නෑ. එතකොට රනිල ශාකයක් තියෙනවා කෲඩියා සිලනිකා, ශ්‍රී ලංකාවේ. ඒක ලෝක උරුමයක්. ඒක ආරක්ෂා කිරීම යම් කිසි රජයක ප්‍රධානතම කර්යභාර්යක්” යනුවෙනි.

මේ අතර, විෂයභාර අමාත්‍යවරයා පවසන්නේ ශාකය ආරක්ෂා කරගැනීම සඳහා වූ යෝජනා මාර්ග සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇති බවය.

++++++++++++++

උසස් පෙළ ජීව විද්‍යා දේශක තිස්ස ජනනායක මහතා

++++++++++++++++

කෲඩියා; වැරදුණේ කොතැනද ?

(11.02.2021 – divaina.com – කතුවැකිය)

‘මහනුවර අධිවේගයට බිලිවීමට යන කෲඩියා ශාකය රැකගනිමු’ යන්නෙන් දිවයින පුවත්පත මීට වසරකට පෙර එනම්, 2020 පෙබරවාරි මස 25 වැනිදා සුවිශේෂ අනාවරණයක් සිදු කළේය. දිවයින පමණක් නොව මේ කාලයේදී පුවත්පත් කිහිපයක්ම මෙම කෲඩියා ශාකය පිළිබඳව කතා කළා අපට මතක තිබේ. ඒ අනිකක් නිසා නොව, මධ්‍යම අධිවේගී මාර්ගයට යටවීමට නියමිතව, හරියටම එම මාර්ගයේ මධ්‍ය රේඛාවට සලකුණු වී තිබූ වටිනා, දුලභ, මුළු ලොවෙන්ම ශ‍්‍රී ලංකාවට පමණක් සීමාවී තිබූ මෙම ශාකය ආරක්ෂා කරගනු පිණිසය.

එහෙත්, වසරක් ගෙවී යන අද දිනයේත් අප කෲඩියා ගැන කතා කරන අතර, දැන් එහි තත්ත්වය නම්, ගස වටා තිබුණු අතිශය පොහොසත් ශාක වැස්ම බුල්ඩෝසර යොදා ඉවත් කර ඇති අතර, කපා දමන්නට නොදී යන්තම් බේරුණු කෲඩියා ගස ළඟටම අධිවේගී මාර්ගය පැමිණ ඇත.

අපගේ අදහස නම්, මේ ගස මේ තරම් රටට හා ලෝකයට වටින්නේ නම්, අප කරුණු හෙළිදරව් කළ දිනයේ පටන් අද දක්වාම ගස බේරාගන්නට ඕනෑතරම් කාලය තිබුණු බවයි. ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය චීන බුල්ඩෝසරය ඉදිරියට නොඑන්නට කෲඩියා දැනටමත් මිය පරලොව ගොස් සිටින්නට ඉඩ තිබිණි.

වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු ජීවී විශේෂයන්ගේ තොරතුරු ඇතුළත් අන්තර්ජාතික රතු දත්ත වාර්තාව මගින් හා ජාතික රතු දත්ත වාර්තාව (1999 සහ 2012) යන දෙකෙන්ම මෙම ශාකය වඳවී ගිය ශාකයක් (Highly Threatend and Possible Extinct-HTPE) බවට නම් කර තිබෙන්නකි. එසේ නම් මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව (Environment Impact Assesment Report-EIA) ලබාදුන් ආයතනයට මෙම ගස මිස් වුණේ ඇයිද යන්න දැන් අපට තිබෙන ප‍්‍රශ්නයයි. නියත වශයෙන්ම මේ වැදගත්, එමෙන්ම සුවිසල් ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති එම වාර්තාව අසත්‍ය හා ව්‍යාජ වාර්තාවක් බව අපගේ අදහසයි. නොහොත්, එය ක්ෂේත‍්‍රයට නොගොසින් ගෙදර සිට ලබා දුන් වාර්තාවක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව පරිසරවේදීන්ගේ මතයයි.

මෙම වාර්තාව පිළියෙල කිරීම සඳහා මිලියන ගණනක මුදලක් ගෙවා ඇති අතර, ආයතන කිහිපයකින් වාර්තා ලබාගෙන ඇත. කඩවත සිට දඹුල්ල දක්වා අධියර කිහිපයකින් පරිසර තක්සේරු වාර්තාව සකසා දී ඇත්තේ Skills International Skills International නම් සංවිධානයක් මගිනි. අනතුරුව එම වාර්තා සියල්ල එක වාර්තාවක් බවට පත්කර ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Centre for Sustainability ආයතනය මගිනි. ඉන් අනතුරුවත් මධ්‍යම පරිසර අධිකාරියේ දැනුම් දීම මත මෙහි වෙනම ජෛව විවිධත්ව සමීක්ෂණයක් ද සිදුකර ඇත. එහි ශාක අංශය සඳහා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා එහි ජාතික ශාකාගාරය ද සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවකු විසින් හෝ මෙම ගස කුමක්ද යන්න හඳුනාගෙන නොමැතිවීම පුදුමයකි.

2018 වසරේදී මේ සියලු අංශවල සහභාගිත්වයෙන් ගම්පහ දාරළුව නම් මෙම පරිසර පද්ධතිය පිහිටි ස්ථානයේ සිදුකරන ලද ස්ථානීය පරීක්ෂණයේදීද මගහැරුණු මෙම දුලභ ගස යළිත් විදුලොවට එන්නේ ඊටත් වසරකුත් මාස 7 කට පසු යළිත් එම ස්ථානය ගවේෂණය කරනු ලබන පරිසරවේදියකු අතිනි.

ඉන් පසු ලැව්ගින්නක් සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප‍්‍රවෘත්තිය මතු වූ දා සිටම හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීම පිළිබඳව ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටීම අද ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවයි.

මේ පිළිබඳව අපට (චීන) මාර්ග කොන්ත‍්‍රාත්කරුවන්ට චෝදනා කරන්නට නොහැකිය. මෙහි වගකීම පරිසර බලධාරීන් ගත යුතුය. තත්ත්වය මෙසේ තිබියදී තවත් මෙවැනි විශේෂයේ ගස් කිහිපයක් සොයා ගත් බවත්, මෙයින් පැළ රැසක් බෝකරගත් බවත් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් පවසයි. ඔක්කොම කට හරින්නේ ප‍්‍රශ්නය නහය ළඟට පැමිණි පසුවය. එතෙක් වගකිවයුත්තන් සිටියේ මර නින්දකය. තත්ත්වය දැන් ඔඩු දුවා ඇති බව පෙනේ. පරිසරවේදීන්ට අලුත් මාතෘකාවක් ලබා දී තිබේ. කපන්නට නොදී කෲඩියා සසුන් ගතකර තිබේ. අධිවේගය උතුරට යන්නට බලා සිටී.

සැලසුම් කර ඇති පරිදි අධිවේගී මාර්ගය ද යා යුතුව තිබේ. එසේ නම් විසඳුමක් දීමද, වැරදුණේ කොතැනද හා වරද සිදුකළේ කවුරුන්ද යන්න විමසීම දැන් ඉතින් රජයට පැවරී ඇති කටයුත්තකි. මන්ද මේ වෙනුවෙන් අතිවිශාල ජනතා මුදල් කන්දරාවක් යටකර ඇති බැවිනි ෴

++++++++++++++++++

කෲඩියා සිලනිකා ශාකය වෙනත් තැනකට ගෙනයෑමට ඉඩදෙන්න එපා

(12.02.2021 – mawbima.lk)

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරුව වන ලැහැබක පිහිටි ලෝකයෙන් වඳවී ඇති බවට රතු දත්ත පොතේ සටහන් වී ඇති කෲඩියා සිලනිකා (Crudia zeylanica) ශාකය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් අභයභූමියකට ගුවනින් ගෙනගොස් ස්ථාපිත කිරීමට කර ඇති ඉල්ලීමට රජය කිසිසේත් ඉඩ නොදිය යුතු බව මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළ පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාවට මෙම වටිනා ශාකය හසුනොවීම මවිතයට කරුණක් බවත් ඒ අනුව, මෙම පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාවේ නිවැරැදිතාව පිළිබඳ බලවත් සැකයක් ඇතිවන බව ද ඔවුහු සඳහන් කරති.

මේ වනවිට සඟසතු කොට පූජා කර ඇති කෲඩියා සිලනිකා ශාකය මධ්‍යම අධිවේගී මාර්ගයේ සරල වෙනස්කමකින් ආරක්ෂා කරගෙන එම ස්ථානයේ ම සුරක්ෂිත කිරීමට බලධාරීන්ට මොළයක් නොමැති වීම කනගාටුවට කරුණක් යැයි ද පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්ගේ උපදෙස් මත එසේ කිරීම එක ම විකල්පය බව ද ඔවුහු පවසති ෴

***************************************

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වේ

(12.02.2021 – 05:25 +0530 – lankaleadnews.com)

ප්‍රවීන රංගන ශිල්පි මහ එගොඩගෙ ජයලාල් රෝහණ හෙවත් ජයලාල් රෝහණ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මිය යන විට ඒ මහතා 56 හැවිරිදි වියේ පසු විය. 1964 වර්ෂයේ නොවැම්බර් පළමුවන දින මෙලොව එලිය දුටු ජයලාල් රෝහණ මහතාගේ පියා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කෝට්ටේ ආසන බල මණ්ඩලයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් කටයුතු කළේය.

ජයලාල් රෝහණ මහතා වේදිකාව රූපාවාහිනිය සහ සිනමාව යන ක්ෂේත්‍රයන් තුනෙහිම දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර ගුවන් විදුලි හඬ නළුවෙකු මෙන්ම ගුවන් විදුලි නාට්‍යය පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත්තෙකි.තවද ඔහු දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා ගත්තෙකි. 1976 වර්ෂයේදී වයස අවුරුදු 13 ක් පමණ වන ශිෂ්‍යයෙකුව සිටියදී ‘මුහුදු ගියා’ නම් පාසල් වේදිකා නාට්‍යයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකි.

2007 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය මූලික උපාධිය දිනාගත් ජයලාල් රෝහණ මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය වේදිකා නාට්‍යය සහ සිනමාව වෙනුවෙන් දිනා ගත්තේය. සිය රංගන ජීවිතය තුළ ‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණ ගේ චරිතයට පණ පෙවීමෙන් ජයලාල් රෝහණ මහතා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනා ගත්තේය.

අවමංගල්‍යය කටයුතු පසුව දැනුම් දෙනු ලබන බව පවුලේ ඥාතීන් පවසයි ෴

++++++++++++++++++++

+++++++++++++++++++

ජයලාල් රෝහණ දිවි රඟ මඬලෙන් සමුගනී

(11.02.2021 – 09:03 +0530 – lankadeepa.lk)

ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ මහතා අද (11) රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 56 වැනි වියේ පසුවිය.

ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින් ද ලාංකේය කලා ක්ෂේත්‍රයට සිය දායකත්වය සැපයීය.

ජයවර්ධන පුර කෝට්ටේ ඉපදී හැදී වැඩුණු ඒ මහතා මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙනි. 1980 වසරේදී උසස් පෙළින් සමත් වූ ඔහු අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී ආචාර්ය ගාමිණී හත්තෙට්ටුගම, මහාචාර්ය ඈෂ්ලි හල්පෙ යන වියතුන් සමග කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දැක්වීමට ඔහුට අවස්ථාව හිමිවිය.

ඔහු ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විශයන් සම්බන්ධයෙනි. පසු කලෙක ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ආරාධිත කථාකාචාර්යවරයකු ලෙසද, පාසල් විෂය ධාරාව සඳහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයකු ලෙස ද ‍සේවය කළේය. ඔහු දෙස් විදෙස් ආයතනවල ආරාධිත දේශකයකුද වූයේය.

වේදිකා නාට්‍යවල අංග රචනය පිළිබඳ ‘සැබෑ මුහුණේ වෙස් මුහුණු’ යන කෘතිය ද, වේදිකා රංගාලෝකය පිළිබද ‘සබේ විදුලි විලක්කුව’ යන කෘතිය ද ඔහු රචනා කළ අතර, එම ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් ම කෘතියක් රචනා කළ පළමු වැන්නා ඔහු බවද සැලකේ.

ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය වූයේ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘අයෝමා’ චිත්‍රපටයයි. මෑත කාල‍යේදී චේදිකාගත වූ ‘ගොන්ඩෝලා’ වේදිකා නාට්‍යය නිර්මාණය කරනු ලැබුවේද ඔහු විසිනි.

‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණ නම් චරිතය වෙනුවන් දැක්වූ රංගන දායකත්වය සඳහා 2006 වසරේදී සුමති ටෙලි සම්මාන උළෙලේ, රාජ්‍ය සම්මාන උළෙලේ සහ සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන්ද ජයලාල් රෝහණ පිදුම් ලැබීය.

ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත ෴

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගණේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද (12) පස්වරුවේ රැගෙන ඒමට නියමිතයි. හෘදයාබාධයක් හේතුවෙන් ජයලාල් රෝහණ මහතා මිය යනවිට 56 වැනි වියේ පසුවුණා ෴ (hirunews.lk/sinhala)

+++++++++++++++

(12.02.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය ගණේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද (12) පස්වරුවේ රැගෙන ඒමට නියමිතයි. හෘදයාබාධයක් හේතුවෙන් ජයලාල් රෝහණ මහතා මිය යනවිට 56 වැනි වියේ පසුවුණා.

1964 වසරේ නොවැම්බර් මස 01 වනදා උපත ලැබූ ජයලාල් රෝහණ මහතා කලා කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1976 වසරේ දී.

රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ජයලාල් රෝහණයන් දක්ෂතා ප්‍රකට කළා.

වේදිකාවේ ප්‍රහසනය උපදවූ ජයලාල් රෝහණයන් සුභ සහ යස, වර්ණ, සෙනෙහෙබර ඩොලී, සොක්‍රටීස්, කැලණි පාලම, හංකිති 13, ගරු කටානායකතුමනි ආදි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා.

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂයකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ ‘ඉසුරු යෝගය’ ටෙලි නාට්‍යයේ මුතුමිණගේ චරිතයට පණ පොවමින් ඔහු සිදු කල රංගනය අදටත් අමතක නොවන මතකයන් රැසක් ඉතිරි කර තිබෙනවා.

එකට ගැටුම, මිරිගු තෙර, නැටුට්ක්කාරයෝ ආදි ටෙලි නාට්‍යවලටද රංගනයෙන් දායක වූ ඔහු අයෝමා, ටිකිරි සුවද ආදි චිත්‍රපට කිහිපයකට ද රංගනයෙක් එක් වුණා.

සබේ විදුලි විලක්කුව, සැබෑ මූණේ වෙස් මුණ, හඩ විදුම, වෙස් මූණද සැබැ මූණද ඔහු විරින් රචිත ග්‍රන්ථ කිහිපයක්.

වේදිකා නාට්‍යවල රංගාලෝකය සහ අංග රචනය පිලිබඳ විධිමත් කෘතියක් රචනා කල පළමු වැන්නා ලෙසින් සැලකෙන්නේ ද ජයලාල් රෝහණයන්.

නාට්‍ය හා රංග කලාව පිලිබඳ විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කල ඒ මහතා ශ්‍රී ලාංකේය රංගන කලා කේෂ්ත්‍රය දියුණු කිරීමෙහිලා සුවිශේෂ මෙහෙවරක් සිදු කළා.

කේට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ ආදි විද්‍යාර්ථියෙකුවූ ජයලාල් රෝහණයන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.

ඊයේ (11) පස්වරුවේ සිය දිවි ගමනට සමුදුන් ජයලාල් රොහණයන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අංක 50/3,ශ්‍රී සීලානන්ද මාවත, කොස්සින්න, ගණේමුල්ලේ පිහිටි නිවසේ අද (12) පස්වරුවේ සිට තැන්පත් කර තැබීමට නියමිතයි.

++++++++++++++++

(12.02.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගනවේදී ජයලාල් රෝහණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (14) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

අද (12) පස්වරුවේ දේහය ගණේමුල්ල – කොස්සින්න – ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, හෙට (13) පස්වරුවේ නිවසේදී සිදුකරන ආගමික වතාවත් අවසන් කර දේහය කොළඹ-07 සුදර්ශී ශාලාව වෙත රැගෙන එන බව ඔහුගේ පුත් තිසල් ආදිත්‍ය ප්‍රකාශ කළා.

ජයලාල් රෝහණයන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (11) මියයනවිට 56 වැනි වියේ පසුවුණා.

1964 වසරේ නොවැම්බර් මස 01 වනදා උපත ලැබූ ඔහු කලා කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1976 වසරේදීයි.

රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ඔහු දක්ෂතා ප්‍රකට කළා.

++++++++++++++++++++

(13.02.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලාල් රෝහණයන්ගේ දේහය, මහජන ගෞරවය සඳහා අද (13) පස්වරුවේ කොළඹ 07 සුදර්ශී ශාලාව වෙත රැගෙන ඒමට නියමිතයි.

දේහය හෙට (14) පස්වරුව දක්වා එහි තැන්පත් කර තැබෙන අතර, හෙට (14) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

දේහය ඊයේ (12) පස්වරුවේ ගණේමුල්ල – කොස්සින්න – ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

ජයලාල් රෝහණයන් හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (11) මියයන විට 56 වැනි වියේ පසුවුණා.

1964 වසරේ නොවැම්බර් මස 01 වනදා උපත ලැබූ ඔහු කලා කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1976 වසරේ දීයි. රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ඔහු දක්ෂතා ප්‍රකට කළා ෴

+++++++++++++++++++++

රංගන ශිල්පී ජයලාල් රෝහණ දැයෙන් සමුගනී

(14.02.2021 – 22:52 +0530 – sinhala.adaderana.lk)

ජීවිත රඟමඩලෙන් බැසගිය ප්‍රවීණ රංගධර අචාර්යය ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේ දි සිදුකෙරුණී.

කොළඹ සුදර්ශි ශාලාවේ තැන්පත්කර තිබු දේහය පිළිබඳ ආගමිකවතාවත් අද (14) පස්වරුවේ ආරම්භ කෙරුණු අතර ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණි සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජයලාල් රෝහණ මහතා පසුගිය බ්‍රහස්පතින්දා අභවප්‍රාප්ත විය.

ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 56 කි.

සිනමාව, වේදිකාව සහ රූපවාහිනි යන මාධ්‍යයන්වල කලාකරුවෙකු ලෙස ගතවු කාලය තුළ ඔහු කළ සේවය මෙරට කලා ක්ෂේත්‍රය පෝෂණයට ඉමහත් දායකත්වයක් සැපයු බව සහෘද කලාකරුවන් පවසයි.

රංගන ශිල්පියෙකුට අමතරව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම වේශ නිරූපන ශිල්පියෙකු ලෙසද ජයලාල් රෝහණ මහතා කටයුතු කර තිබේ.

ගුරුවරයෙකු ලෙසද තම දැනුම් සුවහසක් දරුවන් වෙනුවෙන් නොමසුරුව ලබාදීමට සැමවිටම ක්‍රියාකළ ජයලාල් රෝහණ මහතා සියලු පාර්ශවවල ආදරයට පාත්‍ර වු සරල මිනිසෙකු ලෙස පිළිගැනේ.

***************************************

දැන් නරඹන්න | ආණ්ඩුවේ ගොන් තකතීරු වැඩ නිසා ජනතාව කලකිරීමෙන් | වෛද්‍ය වසන්ත බණ්ඩාර (08.02.2021)

***************************************

මී මුරේ විනාශ කිරීමට අවශ්‍යය යෝජනාව ජනපතිට ඉදිරිපත් කිරීමට පුද්ගලයන් දෙදෙනෙකු (2) පෙරහුරු කරති

(12.02.2021 – 11:58 +0530 – lankaleadnews.com)

මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවලට මායිම්ව පිහිටි මීමුරේ ගම්මානයේදී හෙට (13 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මී ළඟ ‘ගම සමග පිළිසඳරක් ’ වැඩසටහන පැවැත්වීමට නියමිතය.

එම හමුවේදී මීමුරේ ගම්මානයේ සිට ලෝක උරුම නකල්ස් (දුම්බර) වනාන්තරය මැදින් මාතලේ, ලග්ගල, පල්ලේගම දක්වා කිලෝමීටර් 8 ක මහා මාර්ගයක් තැනීමටද අක්කර 90 ක වාරිමාර්ග රක්ෂිත වනාන්තරයක් කපා කුඹුරු බවට පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිත බව පරිසරවේදීහු චෝදනා කරති.

මෙම විනාශකාරි යෝජනා දෙක මීමුරේ ගම්මානය නියෝජනය කරන ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හා හිටපු පරිපාලන නිලධාරියකුගේ උපක්‍රමයකට අනුව ඉදිරිපත් කිරීමට නියමිත බව පරිසරවේදීහු තවදුරටත් චෝදනා කරති. මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් දෙදෙනකු (2) නම් කර ඇතැයිද පරිසරවේදීහු අනාවරණය කරති. මෙහිදී පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම තීන්දු දෙක ඉතා පැහැදිලිවම නකල්ස් රක්ෂිතයේ දැව හෙළීම අරමුණු කරගනිමින් ඉදිරිපත් වන යෝජනා දෙකක් බවයි ෴

***************************************

රුපියල් කෝටි 143 ක වංචාවකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් රිමාන්ඩ්

(12.02.2021 – mawbima.lk)

රුපියල් කෝටි එකසිය හතළිස්තුනක (143,00,00,000) මුදල් වංචාවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඊයේ (11 දා) නියෝග කළේ ය.

ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් සාෆ්ටරි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය 2019 මාර්තු මස 20 වන දින කරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.

ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු වශයෙන් සිටිමින් පැමිණිලිකරුගෙන් රුපියල් කෝටි එකසිය හතළිස් තුනක (143) මුදලක් වංචා කළ බව එම පැමිණිල්ලේ සටහන් වී ඇති අතර සිදුකරන ලද විමර්ශනවලදී එම නිමි ඇඳුම් සමාගම කිසිදු අයුරකින් දැනුවත් වීමක් නොවී ඇති බවට අනාවරණය වූ බවත් සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (11) දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අසෝක වීරසූරිය මහතාද පෙනී සිටි අතර පැමිණිලිකාර ආයතනය යම් යම් ව්‍යාපෘතීන්හි ආයෝජකයන් බවත් ඒ අනුව මේ සැකකරු දැන හඳුනාගෙන සැකකරු ප්‍රසිද්ධ රෙදිපිළි ආයතනයක නිමි ඇඳුම් ගෙන්වන අතරමැදියෙකු ලෙස කටයුතු කරන බව දැනුම්දීමෙන් පැමිණිලිකරුද ඊට සම්බන්ධ වී ඇති බව අධිකරණය හමුවේ පැවැසීය.

ඒ අනුව, කෝටි සියයකට අධික මුදලක් මෙම සැකකරු විසින් පැමිණිලිකරුට වංචා කර ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

මෙම සැකකරු 1996 දී ද ක්‍රීඩකයන් පිරිසකගෙන් විවිධ හේතු මත මුදල් අය කරගෙන වංචා කර ඇති බවත්, කූට ලේඛන පෙන්වා පුද්ගලයන් 15 දෙනෙකුට පමණ තවත් අවස්ථාවලදී මුදල් වංචා කර ඇති බවත් මෙම සැකකරු පිළිබඳව වෙනත් අධිකරණයකද නඩුවක් පවතින අතර මොහුට හැඳුනුම්පත් දෙකක් (2) ද ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේ ය.

එසේ ම, සැකකරු පිළිබඳව තවදුරටත් විමර්ශනයන් කරන අතර සැකකරුව ඇප පනතේ 14 වගන්ති ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සැකකරු මේ වන තෙක් විමර්ශන සඳහා සහාය ලබාදී ඇති බැවින් ඔහු කිසිවිටෙකත් අධිකරණය මග නොහරින බවත් ඔහුගේ වයස හා සමාජයේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන සුදුසු ඇපයක් නියම කරන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කළේ ය ෴

ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්

***************************************

පාස්කු කොමිසමෙන් ඥානසාර හිමිට අපරාධ චෝදනා

(12.02.2021 – aruna.lk)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇත.

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්තාන කීපයක් හා තරු පන්තියේ හෝටල් කීපයක් කේන්ද්‍ර කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂමේ අවසාන වාර්ථාවේ ඥානසාර හිමියන් පිළිබඳ මේ යෝජනාව අන්තර්ගත කර ඇත.

අරුණ සහෝදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන මෝර්නිං පුවත්පතටම සුවිශේෂී පුවතක් ලෙස අද (12) මෙම පුවත් වාර්තා කර ඇති අතර මොර්නිං පුවත්පතට විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැන ගන්නට ලැබී ඇත්තේ ඥානසාර හිමියන්ට සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් සිදු කර ඇත්තේ 2014 වසරේදී අලුත්ගම හා බේරුවල ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම යන චෝදනාව යටතේයි. 2014 ජූනි 15ත් 17ත් අතර කාලයේදී කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරය යන ස්තානවලදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරවලින් ආසන්න වශයෙන් සිව් දෙනකු මිය ගොස් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල විනාශයන්ද සිදු වී ඇති බව මෙහි සඳහාන් වේ.

ආගමික හා ජාතිවාදී මත පතුරවමින් රට තුළ අසහනාකාරී තත්ත්වයන් ඇති කළ පුද්ගලයින් ගැන විමර්ෂණය කිරීමට පත් කළ කොමිසමට ලැබුණු නිල නියෝගවලට අනුව සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිපළ ලෙස ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා නැගීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමට අප ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇමැතූ අවසථාවේදී උන් වහන්සේ සදහන් කර සිටියේ මේ පිළිබඳ උන්වහන්සේ දැන ගත්තේද අද උදෑසන මෝර්නිං පුවත්පතෙන් බවයි. මෙම වාර්ථාව උන්වහන්සේ නොදුටු බවත් වාර්තාව ගෙන්වා ගෙන එහි සඳහන් වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමර්ශනය කර වහාම පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බවද උන්වහන්සේ සඳහාන් කළේය. අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් උන්වහන්සේ සිර දඩුවම් වින්ද බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහාන් කළේය ෴

***************************************

ලාදුරු හැදුණු තවත් රිළව් ඇතිමලේ

(12.01.2021 – epaper.aruna.lk)

ඇතිමලේ ප්‍රදේශයෙන් සොයාගත් ලාදුරු රෝග ලක්ෂණ සහිතව මියගිය රිළවාගේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති තවත් රිළවුන් කිහිප දෙනකුම එම ප්‍රදේශයෙන් හමු වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන පැවසීය. මෙම රිළවුන්ගේ අත්, පාවල ඇඟිලි පුරුක් ගැලවී ගොස් ඇති බවද මේ නිසා එම සතුන්ට ගස් මතින් ගමන් කිරීමට නොහැකි වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

අසනීපව සිටියදී පසුගිය දිනක සොයා ගත් රිළවාගේ සමෙහි කොටස් පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහි දී හෙළි වූ කරුණු අනුව එම රිළවාට ලාදුරු රෝගය වැලඳී ඇතැයි අනුමාන කළ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මේ වන විට වනජීවී නිලධාරීහු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු මෙම රිළවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the Urban light railways. When it comes to demanding commissions (buckshee demanded by corrupt ministers), and writing the value of the commission into the contracted price is common to all parties that get the power of the government. UNP or Podujana or SLFP or JVP, they are all the same: all rogues PD. The proposed light railway that was to be supplied by Japan would have been a greater benefit to all the people than the current construction of a highway. An electric train would have been more readily available to all people regardless of their status, cleaner and cheaper. Just imagine the greater pollution created by millions of cars transiting through populated areas, and the amount of traffic jams and parking problems created by millions of extra vehicles at either end of this highway. It is all madness of the government. Specially if the light railway was Mahinda’s thinking originally, the current government should have reviewed and revised the cost and awarded a new contract to the japanese company. Johnston as usual bellyaching and lying to save his commission. He has never been a friend of the country or the people, only interested in drowning the nation with his legal and illegal arrack business, and making as much money as possible.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *