ප්‍රකාශයක් ලබාදීම සඳහා උදය ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට
(09.05.2026 – 10:52 +0530 – sinhala.adaderana.lk)
මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියේය.
අදාළ මරණ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගම්මන්පිල මහතා පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර තිබුණි. ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන්ය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, එම නිලධාරියා සියදිවි හානි කරගත්තාද ? නැතහොත් සියදිවි හානිකරගත්තා සේ පෙනෙන අයුරුන් පිහියකින් කැපුවාද? යන්නය.
එමෙන්ම තවත් කරුණු කිහිපයක්ම එහිදී අනාවරණය කළ ඔහු, තොරතුරු ලැබීමටත් පෙර එම මරණය සියදිවි හානිකරගැනීමක් විය හැකි බවට පරීක්ෂණ මණ්ඩලය නිගමනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
කෙසේ නමුත් එම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, එය අසත්‍ය ප්‍රකාශ බවය.
එමෙන්ම අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් තිබුණි.
+++
ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට කැඳවයි – ගම්මන්පිළ ෆයිල් පිටින් ගෙනත් ඔක්කොම පෙන්නයි (09.05.2026)
+++
කපිල චන්ද්‍රසේන මරණයේ රහස් රැසක් එළියට (09.05.2026)
+
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අවසන් – දේහය ජයරත්න මල් ශාලාවට රැගෙන යයි (09.05.2026)
+++
+
පල්ලේගම හේමරතන ට වැඩ වරදියි | රෝහලටම ගිය මහේස්ත්‍රාත්වරයා විසින් පල්ලේගම හේමරතනයා 12 දක්වා රිමාන්ඩ් වෙයි (09.05.2026)
+
මහින්ද මහත්තයා ඉදිරියේ හිරුණිකා හඬා වැටුනු රහස ? (09.05.2026)
+
රු. ලක්ෂ 30 ක් අල්ලස් ගත්තෙ, මාලිමාකාරයින්ටත් බෙදන්න ද ? (09.05.2026)
+
මේ සියදිවි නසා ගැනීම්වලට හේතුව, සමහරු ලියන සිංදු බව සොයා ගනී (09.05.2026)
+
මේක මහ තිරිසන් දේසපාලනයක්… මිනිස් ජීවිතවලට කිසිම වටිනාකමක් නෑ (09.05.2026)
+
චෝදනා දෙකක් මත පල්ලේගම හේමරතන හිමි අත් අඩංගුවට! (09.05.2026)
+
කපිලගේ මරණය ගැන වෛද්‍ය මණ්ඩලය ගත් තීන්දුව! පල්ලේගම හේමරතන හිමින්ට මහේස්ත්‍රාත් දුන් නියෝගය! (09.05.2026)
+
අරගලේට අවුරුදු 4 යි; වගකීමෙන් පැනල යන්න බෑ; අලුත් වේදිකාවක් (09.05.2026)
+
තමිල්නාඩුව ආණ්ඩුව සහ ලංකාවේ විපක්ෂය (09.05.2026)
+
ඔබ එවන ඩොලර් ගිලින හැකර් මෙන්න.. කබලෙන් ලිපට වැටුන මීමුරේ ගැමියෝ.. (09.05.2026)
+
මම වැඩියෙන්ම ආඩම්බර වෙන්නෙ මගෙ පුතා ගැන | කුමුදිනී බණ්ඩාර (09.05.2026)
+
ලංකාවේ නැවත කෙදිනකවත් ඡන්ද පවත්වන්නේ නැති බව විපක්ෂය දන්නේ නැත! (09.05.2026)
+
කඩුවෙල සහ අවට ප්‍රදේශ රැසකට පැය 17 ක හදිසි ජල කප්පාදුවක්
(09.05.2026 – hirunews.lk)
අඹතලේ සිට කඩුවෙල ප්‍රදේශය දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගත් බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
මෙම හදිසි නඩත්තු කටයුත්ත හේතුවෙන් අද (09) පස්වරු 07:30 සිට හෙට (10) පස්වරු 01:00 දක්වා පැය 17 ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල, කහන්තොට යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටවෙනු ඇති.
එමෙන්ම, බිඳවැටුණු ජල නළය අලුත්වැඩියා කර ජල සැපයුම හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය සඳහන් කරනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴