ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

*********************************************

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

(09.02.2021 – 16:48 +0530 – lankaleadnews.com)

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා :

“අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවා නම් ලෝකයේ වැඩිම වස කන්නේ ලංකාව. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු සිටින නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විෂ දාන්න එපා කියන එක. පාර්ලිමේන්තුව ඔබතුමාන්ලා අතේ තියෙන්නේ. ආහාර වලට වස විෂ දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7 යි. අපි ඒකක 280 ක් යොදමින් තමයි මේ ඉන්නේ. මේ විදිහට වස කාලා මෙහෙම ඉන්නේ පණ්ඩුකාභය රජතුමාගේ ඉඳලා අපේ තිබුණ ජාන ශක්තිය හින්දයි” ෴

***************************************

(09.02.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සති අන්ත ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අද (09) අදහස් පළ කළා.

++++++++++++++++++

(09.02.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

තමන් පුවත්පතකට කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පළකළ අදහස් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) දැඩි ප්‍රතිචාර දැක්වුවා.

ඒ, මීගමුව අධිකරණ සංකීර්ණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

***************************************

(09.02.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ ඊයේ (08) රාත්‍රියේ විකාශය වූ ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

***************************************

(09.02.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සිදුකළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූව සිරගතවූ පුද්ගලයින්ට සාධාරණයක් ඉටු විය යුතු බව පවසමින් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.

***************************************

(09.02.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

සීනි, ටින්මාළු, ලොකු, ලූණු සහ පරිප්පු සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කර ඇති බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ පැනයකට පිළිතුරු දෙමින්.

***************************************

(09.02.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ටයිල් ඇතුළු නානකාමර උපාංග ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් පත්‍රයේ නියමයන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ දේශීය ටයිල් ව්‍යවසායකයන්ගේ ඉල්ලීම සලකා බලමින් බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මේ අතර දේශීය ටයිල් නිෂ්පාදකයින් පෙන්වාදෙන්නේ, මෙරට වෙළද පෙළේ ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන සදහා පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලිය හැකි බවයි.

***************************************

(09.02.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

නිසි මිලක් නොමැතිකමින් අස්වනු නෙලීම අත්හැර දැමූ ගොවීන් පිරිසක් පිළිබදව ගලේවෙල – පට්ටිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ විමසා බැලීම ඉන්නල සහ ඉඟුරු ගොවීන් මුහුණදෙන එම ගැටලු පිළිබඳවයි.

***************************************

(09.02.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

නිසි අවධානයක් සහ නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශයට පත්වෙමින් පවතින පෞරාණික ශාකයක් පිලිබඳව අපට වනාතවිල්ලුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

***************************************

(09.02.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් ලෙස සිදු කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් අපේ රටේ ජනතාව නිරන්තරයෙන් විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා.

මේ එවැනි ගැටලු කිහිපයක් නිසා පීඩාවට පත්ව ඇති රාගල ප්‍රදේශයේ ජනතාව නගන චෝදනාවයි.

***************************************

(09.02.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පිටමාරුව පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුද හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් අද (09) පස්වරුවේ සොයා ගනු ලැබුවා.

ඒ අඩි 1300 ක පමණ ප්‍රපාතයක තිබියදීයි.

යුද හමුදාවේ විශේෂ බලකායේ සෙබලුන් රැෆ්ලින් කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයට බැස තිබුණා.

පසුගිය 6 වනදා රාත්‍රියේ සිට මෙම තරුණයා අතුරුදන්ව සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු තවත් පිරිසක් සමඟ පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා පැමිණ ඇති අතර, එහිදී මෙම පිරිස කූඩාරම් තුල නවාතැන් ගෙන ඇති බව සඳහන්.

රාත්‍රී කාලයේ අධික සීතල හේතුවෙන් මියගිය තරුණයා, පිරිස පැමිණි වෑන් රථයට යන බවට පවසා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසු අතුරුදන්වූ ඔහු සොයා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත විශේෂ බලකාය විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

අද (09) සිරුර හමුවූ මෙම තරුණයා කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.

***************************************

(09.02.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිටත් පැවැත්වෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ උසස් පෙළ කඩඉම් ලකුණු ගැටලු‍ව නිරාකරණය කරදෙන්නැයි ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය ඊයේ (08) සිට ආරම්භ කර ඇති බවයි.

***************************************

(09.02.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) ආරම්භ වුණා.

අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 4 ක වගකීමක් සහිතව මෙම ලැප්ටොප් පිරිනැමෙනවා.

රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 6 කින් ගෙවා නිම කිරීමට සිසුන්ට හැකියාව ලැබෙන අතර ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුත්තේ රුපියල් 500 ක් පමණයි ෴

@@@@@@@@@@@@@@

(09.02.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනිමත් සමඟයි.

අද (09) දිනයේදි මෙලෙස හඳුනා ගෙන ඇති නව ආසාදිතයන් අතරට පිරිම් රැඳවියන් තුන්දෙනෙකු (3) සහ බන්ධනාගාර නිළධාරින් දෙදෙනෙකු (2) ඇතුළත්.

මේ වනවිට බන්ධනාගාරයේ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4267 ක්.

ඒ අනුව, මේ වනවිට ප්‍රතිකාර ලබන බන්ධනාගාර ආසාදිතයින් සංඛ්‍යාව 238 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 912 දෙනෙකු අද (09) දිනයේ සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 65,000 සීමාව ඉක්මවූවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 65,053 ක් ලෙස දැක්වෙන බවයි ෴

++++++++++++++++++++

(09.02.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළා.

බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවරගත්තා.

මේ වන විට කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412 ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටළුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 76 න් 73 ක්, ශ්‍රී ජයවර්ධනපුර පාසල් 31 න් 29 ක්, කඩුවෙල පාසල් 49 න් 17 ක්, පාදුක්ක පාසල් 26 න් 11 ක්, මහරගම පාසල් 32 න් 7 ක්, රත්මලාන පාසල් 27 න් 24 ක්ද , කොලොන්නාව, හෝමාගම කැස්බෑව, දෙහිවල, මොරටුව, සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි (7) සියලුම පාසල් ද ඒ අනුව පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට කමිටු නිර්දේශ ලැබී තිබෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80 ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි දිස්ත්‍රික් කමිටුව සඳහන් කරන්නේ.

එළඹෙන මාර්තු 01 සිට 11 තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කොවිඩ් මර්දන කමිටුවල නිර්දේශ අනුව, බස්නාහිර පළාතේ දැඩි අවදානම් ප්‍රදේශ හැර එම පළාතේ සෙසු ප්‍රදේශවල පෙර පාසල් ලබන 15 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *