මව්බිමේ නාමයෙන් දිවි පිදූ අභිමානවත් දේශයේ මුර දේවතාවුන් සිහිකරන ‘ජාතික රණවිරු සැමරුම් දිනය’ හෙට (19)

මව්බිමේ නාමයෙන් දිවි පිදූ අභිමානවත් දේශයේ මුර දේවතාවුන් සිහිකරන ‘ජාතික රණවිරු සැමරුම් දිනය’ හෙට (19)


මව්බිමේ නාමයෙන් දිවි පිදූ අභිමානවත් දේශයේ මුර දේවතාවුන් සිහිකරන ‘ජාතික රණවිරු සැමරුම් දිනය’ හෙට (19)

(18.05.2026 – hirunews.lk)

දශක තුනක (3) කාලයක් මෙරට වෙළාගෙන සිටි රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදමින් උතුම් මව් බිමේ නාමයෙන් දිවි හිමියෙන් සටන් කරමින් තම ජීවිතය පිදූ මෙන්ම අතුරුදන් වූ සහ ආබාධිත බවට පත් වූ රණවිරුවන් වෙනුවෙන් ජාතියේ ගෞරවය පුද කරන 17 වැනි ජාතික රණවිරු දින සැමරුම හෙටට (19) ට යෙදී තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අසළදී.

1975 වසරේ ජුලි 27 වැනිදා එවකට යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දො‍රේඅප්පා ඝාතනය කිරීමත් සමග LTTE සංවිධානය මෙරට බෙදුම්වාදී අරගල ඇති කරමින් යුද්ධයකට අවතීරණ වුණා.

එතැන් පටන් වසර 30 කට වැඩි කාලයක් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට වරම් ලැබුණේ නැහැ.

එම යුද ගිනිදැල් රට පුරා ඇවිලී ගියේ රාජ්‍ය නායකයින්, රණවිරුවන් සහ සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසකගේ දිවි අහිමි කරමින්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව, ජයශ්‍රී මහා බෝමළුව, කාන්තන්කුඩි පල්ලිය මෙන්ම මහ බැංකු ගොඩනැගිල්ල කොළඹ තෙල් ගබඩා සංකීර්ණය ඇතුළු මෙරට ආර්ථික මර්මස්ථාන රැසකටද යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවුණා.

නමුත්, LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය වෙනස් මාවතකට යොමුවන්නේ 2006 වසරේ ජුනි මස 21 වැනි දින මාවිල්ආරු සොරොව්ව වසා දමා දැමීමත් සමගයි.

ඊට එරෙහිව මෙරට යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක ඇතුළු ආරක්ෂක අංශ සිවිල් ජනතාව වෙනුවෙන් මානුෂීය මෙහෙයුමක් අරඹන්නේ නොපසුබස්නා උත්සාහයක් ඇතිවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී නැගෙනහිර පළාත මුළුමණින්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකිවුණා.

ඉන් නොනැවතුණු ආරක්ෂක අංශ ත්‍රස්වාදීන්ගේ පාලනයට නතුව තිබූ සියලු ප්‍රදේශ යළි අත්පත් කර ගැනීමේ අරමුණ ඇතිව එම මෙහෙයුම් දියත් කළේ පෙරමුණු කිහිපයක් ඔස්සේයි.

එහි කූඨප්‍රාප්තිය එළඹියේ 2009 වසරේ මැයි මස 18 වැනිදාඑනම් අද වැනි දිනක ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම්කඩ වූ වෙල්ලමුල්ලි වයික්කාල් මුදා ගනිමින්.

එහිදී රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මරා දමමින් වසර 30 ක් තිස්සේ කුරිරු ත්‍රස්තවාදයක නියැලි වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමට රණවරුවන්ට හැකියාව ලැබුණා.

මේ ගෙවෙන්නේ රණවිරුවන් රට වෙනුවෙන් ලේ, දහදිය, කදුළු මෙන්ම ජීවිත කැපකරමින් දිනාගත් සැබෑ නිදහසේ 17 වන වසරයි ෴

+++

රණවිරුවෝ රට බේරලා දුන්නා ඒක අමතක කරන්න හොඳ නෑ – මහින්ද රාජපක්ෂ සිංහයෙක් වගේ රණවිරු සැමරුමට එයි (18.05.2026)

+++

රණවිරු සැමරුම් දවසේ දිලිත් හදිසියේම මෙල්බන් යයි – අපි ගොඩක් ස්තූති වෙනවා ගෝඨාභය රාජපක්ෂට (18.05.2026)

+++

රජයේ මාධ්‍ය ආයතනවල රණවිරු ගීත තහනම් ? සංජීව එදිරිමාන්න වහාම මාධ්‍ය කැඳවා රටට අනාවරණය කරයි (18.05.2026)

+++

බෞද්ධ මහා සම්මේලනයේ රණවිරු උපහාර උළෙලට මහින්ද රාජපක්ෂ අභීත නායකයා පැමිණෙයි (18.05.2026)

+++

යුධ බිය අවසන් කරපු රණවිරුවන් සැමරුමට – රණවිරු ස්මාරකය ළඟ සියල්ල සූදානම් වෙයි (18.05.2026)

+++

යුද්දෙට නායකත්වය දුන්න සුරේෂ් සලේ – උළුගේතැන්න කොටියගේ උවමනාවට ආණ්ඩුව අද හිරේ දාලා (18.05.2026)

+++

නාමල් රණවිරුවන් ඉදිරියේ දණ ගහලා වැඳ වැටෙයි – ජය වේවා අපේ අනාගත ජනාධිපතිට ජය වේවා (18.05.2026)

+++

වෙන කවුද… මගේ පුතා තමයි | යුද්ධයෙන් මියගිය පුතාගේ පිංතූර තුරුළු කරන් අම්මා කිව්ව දුක්බර කතාව (18.05.2026)

+++

මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සංකල්පය ලෝකය පුරා ප්‍රචලිත කිරීමට වගකිව යුත්තේ LTTE එක- මහාචාර්ය රොහාන් (18.05.2026)

+++

මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් හමුදා නායකයකුගේ බරපතල හෙළිදරව්ව.. (18.05.2026)

+++

රණවිරුවන් සමරන්න ගිය විමල්ට පොලිසියෙන් පෙරළපු බාල්දිය (18.05.2026)

+++

+++

+++

+++

+++


ඒකාබද්ධ විපක්ෂය හදිසියේම රැස්වෙයි – කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන රහසක් එළියට දායී (18.05.2026)

+


දරුවා ළමා ආරක්ෂණ අධිකාරිය රඳවා ගෙන ඉන්නවා – අම්මා දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ (18.05.2026)

+++

ගොඩ දාපු ඇඳුම් අතුරුදන් වේවිද, DNA වාර්තාව හිස් කියාවිද, පල්ලේගම එළියට ගන්න සැළසුමක්? (18.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *