විජයග්‍රහණයේ සැමරුමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු ආරාධනයක් ලැබී නැහැ – මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ

විජයග්‍රහණයේ සැමරුමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු ආරාධනයක් ලැබී නැහැ – මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ


විජයග්‍රහණයේ සැමරුමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු ආරාධනයක් ලැබී නැහැ – මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ

(18.05.2026 – hirunews.lk)

ජාතික රණවිරු සැමරුම් දින උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නිළ ආරාධනයක් කර ඇති බවට අමාත්‍ය උපාලි පන්නලගේ විසින් ජනමාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ පවසනවා.

හෙට (19) දිනට යෙදී ඇති විජයග්‍රහණයේ සැමරුම සඳහා පස්වැනි (5) විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවැනි කිසිදු ආකාරයක ආරාධනයක් ලැබී නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිතීඥ ගමගේ මහතා සඳහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආරාධනයක් කළ බවට සඳහන් කරමින් මේ රටේ ජනතාව නොමග යැවීමට අදාල අමාත්‍යවරයා සැරසෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය :

“අපි දැක්කා අමාත්‍ය උපාලි පන්නලගේ විසින් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරනු ලැබුවා හෙට (19) දින පැවැත්වෙන විජයග්‍රහණයේ සමරුව සඳහා පස්වැනි (5) විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනයක් කර ඇති බවට. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. මේ මොහොත වන තුරුම එවැනි කිසිදු ආකාරයක ආරාධනයක් මේ සන්ධ්‍යා යාමය වනතෙක් අප වෙත ලැබිලා නැහැ. ඉතිං ඒක නිසා ඒ කතාව සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ ජනතාව නොමග යවන්න එපා.

අන් කාලවලදී අපි දැකලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා වෙත එවැනි නිල ආරාධනා ලැබෙනවා. නමුත් මාලිමා ආණ්ඩුව යටතේ එවැනි දැනුම්දීමක් ලැබිලා නැහැ කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම උපාලි පන්නිලගේ අමාත්‍යවරයා යම් උපහාසයකින් වගේ කිව්වා අනිත් ජනාධිපතිවරුන්ට වගේම අපි ආරාධනා කළා. මහින්ද ජනාධිපතිතුමාගේ විශේෂයක් නැහැ කියලා. මං හිතන්නේ අද (18) දවස තමයි හරියටම විජයග්‍රහණයේ දවස. ඒ විජයග්‍රහණයේ ද‍වසේ ප්‍රභාකරන් මියගිය එකට හිත රිදෙන අයට එක වළක්වන්න ද කොහෙද හෙට (19) දවසේ විජයග්‍රහණය දාගෙන.

මං හිතන්නේ එතුමාලට මහින්ද ජනාධිපතිතුමා විශේෂයක් නොවුණාට මේ රටේ ජනතාව දන්නවා තිස් අවුරුදු යුද්ධය ඉවර කරලා ඒකට නායකත්වය දුන්නේ, සේනාධිනායකයා ලෙස කටයතු කළේ, මහින්ද ජනාධිපතිතුමා. මං හිතන්නේ මාලිමා ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ඕන වුණා එතුමාව ඉතිහාසයෙන් මකා දමන්න. එතුමාගේ නම යුද ජයග්‍රහණයත් එක්ක රන් අකුරෙන් ලියැවෙන එක කාටවත් මකා දාන්න ලැබෙන්නේ නැහැ.

ඉතිං ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව නොමග යවන්න එපා. ඔබතුමාලට මහින්ද ජනාධිපතිතුමා විශේෂයක් නොවෙන්න පුළුවන්. හැබැයි විජයග්‍රහණය සැමරිය යුතු අද දවසේ ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊ ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරන්න නායකත්වය දුන්න මහින්ද ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට විශේෂයි.”


+


Derana 360 | එස්.එම් මරික්කාර් – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ජන බලවේගය

+


දන්සල්වල බෞද්ධ කොඩි භාවිතය තහනම් : ඒ සඳහා කහ පැහැති කොඩි පමණයි

(18.05.2026 – hirunews.lk)

දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ පවසනවා.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව දැනුම්වත් කිරීමට අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඊට අදාල චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල මධුසංඛ,

“දන්සල් පැවැත්වීම සම්බන්ධයෙන් අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තිබෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තිබෙනවා. ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා සහ පොලිස්පති දැනුම්වත් කරලා තිබෙනවා. විශේෂයෙන් දන්සල් පමණක් නොවේ සමහර නොගැලපෙන පූජාවන්වලට නොගැලපෙන කරුණු නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී තිබෙනවා.”


ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්

(18.05.2026 – 22:32 +0530 – sinhala.adaderana.lk)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව අද (18) නිල වශයෙන් දියත් කෙරුණි.

අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන මගින් මහජනතාව වෙත සපයන සේවාවන්හි කාර්‌යක්ෂමතාවය, ප්‍රවේශ්‍යතාවය, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම බවය.

මෙම නව ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව හරහා මෙරට පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයින්, විදේශීය ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් මෙම ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කර ඇත.
ඒවා නම්,

  • නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
  • මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‌යාලය
  • වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
  • බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
  • බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
  • හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
  • කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මෙම ඒකාබද්ධ සහ ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාව යටතට ගැනීමට නියමිතය.

අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මෙහි තාක්ෂණික සහයෝගීතාවය Frontwalker පුද්ගලික සමාගම විසින් සපයා තිබේ.

නවීන සයිබර් ආරක්ෂණ ක්‍රමවේද, විශ්වසනීයත්වය සහ පරිශීලක-හිතකාමී (User-friendly) බහුකාර්ය ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම වෙබ් අඩවි පද්ධතිය නිර්මාණය කර ඇති අතර, මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් උදෙසා තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ ෴


කිලෝමීටර් දහස් ගනනක් ඈත සිටින රෝගීන් සමග සූම් තාක්ෂණයෙන් සම්බන්ධවී, තම අධිමානසික ශක්තියෙන් දීගොඩ කුමාර මහතා එම රෝගීන්ව ක්ෂණිකව සුවපත් කරන හැටි (18.05.2026)

+


කොටියා දැන් නිදහසේ අද ඇවිදිනවා ආණ්ඩුව ජනතාවට රණවිරුවන් සමරන්න දෙන්නේ නෑ (18.05.2026)

+++

කැබිතිගොල්ලෑවේ බිහිසුණු සිදුවීමෙන් පස්සේ මහින්ද රාජපක්ෂ තීරණය කරනවා යුද්ධ අවසන් කරන්න (18.05.2026)

+++

ලෝකේ කොහෙවත් පරාජිතයෝ සමරන්නේ නෑ | කොටි පැරදුනා අපි දිනුවා එච්චරයි කතාව | ඇඬෙන්න කිව්ව වචන ටිකක් (18.05.2026)

+++

ආණ්ඩුවට රණවිරුවෝ අමතක වුණාට | ජනතාවට රණවිරුවන්ව හොඳට මතකයි | මහරගම සැමරුමට දුමින්දත් ඇවිත් (18.05.2026)

+++

සාමය උදා වෙලා තියෙනවා සංවර්ධනයක් පේන්න නෑ | රණවිරුවෝ සිහිකළ මහින්ද විමල්ට වෙච්ච සිද්ධිය ගැනත් අදියි (18.05.2026)

+++

මහින්ද ඉදිරියේ නාලක හිමි කළ දෑස් තෙත් කරවන ප්‍රකාශය එදා ඔබතුමා නොසිටින්නට අද අපිට රටක් නෑ (18.05.2026)

+


කපිලගේ සිද්ධි ජී.එල් යළි අදී. ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදීආණ්ඩුවට සැර ටොක්කක් වදින්නේ (18.05.2026)

+


නිදහස් නීතීඥවරු ආණ්ඩුවට දෙහි කපයි | ඊයේ පෙරේදා වෙච්ච ඔක්කොම අදියි | දැන්වත් දක්ෂයන්ගෙන් සහය ගන්න (18.05.2026)

+


නව මෙට්‍රෝ බස් රථ 104 ක් අගෝස්තු මාසයේදී මෙරටට

(18.05.2026 – 18:14 +0530 – sinhala.adaderana.lk)

මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104 ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ ගිවිසුම අද (18) අත්සන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය.

ගිවිසුම් ප්‍රකාරව මෙම නවීන බස් රථ 104 ක ප්‍රමාණය එළඹෙන අගෝස්තු මාස 15 වන විට මෙරටට ආනයනය කර අවසන් කිරීමට නියමිතය.

මේ වනවිට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කඩවත සහ රත්මලාන වැනි ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා අංගන ඉදිවෙමින් පවති.

ඒ සමඟින් අගෝස්තු මාසයේදී මෙම බස් රථ ධාවනයට එක් කිරීම හරහා මෙරට පොදු ප්‍රවාහනයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *