හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩිට රතු කොඩි.. අල්ලසෙන් තවත් දුෂණ පරීක්‍ෂණයකට කැඳවයි..

හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩිට රතු කොඩි.. අල්ලසෙන් තවත් දුෂණ පරීක්‍ෂණයකට කැඳවයි..


හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩිට රතු කොඩි.. අල්ලසෙන් තවත් දුෂණ පරීක්‍ෂණයකට කැඳවයි..

(19.05.2026 – lankacnews.com)

මූල්‍ය වංචාවක් සිදුවූ බවට සැකකෙරෙන ගල්අඟුරු ආනයන සිදුවීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

රුපියල් බිලියන දහයකට (කෝටි 1000) ආසන්න මහජන මුදලක් අවභාවිත වී ඇතැයි පැවසෙන මෙම සිදුවීමේ ප්‍රධාන චුදිතයන් ලෙස හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩි සහ එකල සේවය කළ උසස් නිලධාරීන් කණ්ඩායමක් නම් කර තිබේ.

මෙම විශේෂ විමර්ශනය ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් 2026 ජනවාරි 09 වැනිදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි.

ඉන් දින දෙකකට පෙර, එනම් 2026 ජනවාරි 07 වැනිදා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් සභාගර්භය තුළදී මේ පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණය ද මෙම විමර්ශනයට ප්‍රධාන පදනමක් වී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉහත කී සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි පත්‍රිකා දෙකක් සැලකිල්ලට ගනිමින් මෙම සුවිශේෂී විමර්ශන කටයුතු නිල වශයෙන් අරඹා ඇති බව අල්ලස් කොමිසම තහවුරු කරයි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අඩංගු නිවේදනයක් ද කොමිෂන් සභාව විසින් පැමිණිලිකාර සභාපතිවරයා වෙත මේ වන විටත් යොමු කර තිබේ ෴

+++

ගල් අඟුරු ළඟ උණුසුම් තත්ත්වයක් ඇති වෙයි – වහාම ටිල්වින් සිල්වා අත්අඩංගුවට ගන්න (19.05.2026)

+


කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙයි පිපිරීමක් – වහාම STF නිලධාරීන් අවට ආරක්ෂාව තර කරයි (19.05.2026)

+


අනුර කුමාර ජනාධිපති එක පෑන් පාරින් ගහපු 50% බද්ද නිසා වාහන මිල හිතා ගන්න බැරි විදිහට ඉහල යයි (19.05.2026)

+


රක්ෂණ සංස්ථාවේ මගඩියක් ගැන හේෂා සභාවේදී පත්තු කරයි | ආයතනයේ සභාපති මාළිමාවේ අපේක්ෂකයෙක්? (19.05.2026)

+


දයාසිරි හිටි හැටියේම අල්ලස් කොමිසමෙන් මතු වෙයි, ජනපතිගේ නියෝගයක් හින්දා වෙච්චි අලකලංචියක් එළියට දායි (19.05.2026)

+


දන්ත වෛද්‍යවරියකට, දස වද දුන් පේරා කැම්පස් එකේ, මහාචාර්යතුමාගේ ඇත්තම පැටිකිරිය (19.05.2026)

+


කොන්සියුලර් සේවා සීමිත මට්ටමකින් යළි ඇරඹේ

(19.05.2026 – hirunews.lk)

විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ලේඛන සහතික කිරීමේ සේවාවන්, දැනට සීමිත මට්ටමකින් යළි ආරම්භ කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

පද්ධතිය හැකි ඉක්මනින් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් සමඟ කටයුතු කරමින් සිටින බව පවසන අමාත්‍යාංශය, පද්ධතියේ පවතින සීමිත ස්වභාවය නිසා සේවාවන් සැපයීමේදී සුපුරුදු කාලයට වඩා වැඩි වේලාවක් ගතවිය හැකි බවයි සඳහන් කරන්නේ ෴


බදු අධිභාරයට පෙර සමාගම් 2 ක් වාහන 4,000 කට LC විවෘත කළැයි මහ බැංකුවට ලිපියක්

(19.05.2026 – hirunews.lk)

ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්දට, සියයට 50 ක අධිභාරයක් පැනවීමට පෙර මෝටර රථ 4,000 ක් සඳහා සමාගම් දෙකක් (2) ණයවර ලිපි විවෘත කර ඇතැයි සමගි ජනබලවේගයේ දූෂණ විරෝධි බලවේගයේ ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පවසනවා.

ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහා බැංකුවට ලිපියක් භාර දීමට කටයුතු කළා.

ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මගහරවා ගැනීමේ අරමුණින් වාහන ආනයනයේදී රේගු බදු සඳහා 50% අධිභාරයක් පැනවූයේ පසුගිය 15 වැනිදායි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

+


පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනට හිමිවරු වඩිති – ප්‍රබලයෝ රැසක් රණවිරුවන්ට පින් දෙන්න එයි (19.05.2026)

+++

+++

+


වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

(19.05.2026 – 20:47 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ළඟම තිබෙන සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් මෙම දන්සැල් ලියාපදිංචිය සිදුකළ හැකි බවය.

ඒ අනුව සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් ලබා දෙන උපදෙස් අනුව ඉතා සුරක්ෂිත ආහාර වේලක් පිළියෙළ කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

වෙසක් පොහොස සඳහා දන්සැල් ලියාපදිංචිය පසුගිය 04 වැනි දින සිට ආරම්භ කෙරිණි.


අවසරය නොදුන් ජගතා කවුද? විමල් ඉස්සරහා පොලීසිය ගත්ත කෝල් එක පත්තු වෙයි. දිලුම්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක් (19.05.2026)

+++

“එතුමා වැටුණේ රණවිරුවන්ගේ පාමුලනේ… ඒක අපිට අභිමානයක් !” විමල්ගේ ජානිපෙ මානව හිමිකම් එකට දුවගෙන යයි (19.05.2026)

+


මාලදිවයින් ජාතිකයෙක් කළුබෝවිල ගෙදරක කරගෙන ගිය හොර රූපවාහිනි සංප්‍රේශන මධ්‍යස්ථානයක් පොලීසියෙන් වැටලේ (19.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *