විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් මසකට රු. 10,000/- ක දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් මසකට රු. 10,000/- ක දීමනාවක්


විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් මසකට රු. 10,000/- ක දීමනාවක්

(19.05.2026 – parliament.lk)

= විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් මසකට රු. 10,000/- ක දීමනාවක් – කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මැදිහත්වීමට අනුව ගත් තීරණය විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි =

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ.

එම කාරක සභාව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ.

කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියහ. මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ.ඩො. 400 ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත්, ඒ සඳහා මූලිකව රු. මිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බවත් එම නිලධාරීහු පැවසූහ.

එසේම, මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, ඉන්පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ. වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිනි ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

පෙර පැවති කාරක සභාවේදී උපදෙස් ලබා දුන් පරිදි පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මේ වන විට උපපොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු බඳවා ගැනීමට සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අනාවරණය විය. එසේම දමිල භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරිනියක් කාරක සභාවට පැවසුවාය.

දමිළ භාෂාව කතා කළ හැකි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුරප්පාඩු පවතින බැවින් ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය. දමිළ මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය අවසන් කළ සිසු සිසුවියන්ව මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද කාරක සභා සභාපතිනිය මෙහිදී උපදෙස් ලබා දුන්නාය.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් ආයතන සතු මෙරට ළමුන්ට අදාළ සියලු දත්ත ඒකරාශී කොට ජාතික දත්ත පද්ධතියක් සැකසීමට අදාළ ප්‍රගතිය පිළිබඳව ද කාරක සභා සභාපතිවරිය කරුණු විමසීම් කළාය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දත්ත පද්ධතියක් සැකසීමේ එම කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ළමා අපයෝජන සිද්ධීන්ට අදාළව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහය වීම සහ ඉන්පසු ඇති වන තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන කඩිනමින් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක විමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආයතන නියෝජනය කරන නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙන්වා දුන්නාය.

කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අපයෝජන හෝ වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම හෝ වෙන යම් අඩුපාඩු පිළිබඳව ඕනෑම මොහොතක තමාට පෞද්ගලිකව දුරකථනයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දිය හැකි හැකි බවත්, හැකි ඉක්මණින් ඒ සඳහා මැදිහත් වීමට පියවර ගන්නා බවත් කාරක සභා සභාපතිනිය පැවසුවාය.

පෙර පාසැල් ගුරු දීමනාව වැඩි කිරීම, සෑම පෙර පාසැල් දරුවෙකුටම උදෑසන ආහාරය නොමිලේ ලබා දීම සහ පෙර පාසැල් ගුරුවන්ට දායක විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

රජයේ රැකියාවන්හි නියුතු කාන්තාවන් ස්ථාන මාරු කිරීමේදී ඇති වන ප්‍රායෝගික ගැටලු, පෙර පාසැල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය ආදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එසේම කාන්තා හා ළමා කටයුතුවලට අදාළව පවතින ගැටලු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට ඉදිරිපත් කළ අතර කාරක සභාව විසින් ඒවා පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ ෴


රණවිරුවන්ට ලැජ්ජ නොකර ජනපතිතුමනි ගෙදර ඉන්න ! (19.05.2026)

+


කොහෙන් ගියත් හැම එකක්ම අන්තිමට පැලවත්තේ වහළේ උඩ (19.05.2026)

+

ප්‍රභාකරන් සමරන සිංහල කොටින්ට ෆන්ඩ් කරන්නේ කවුද? (19.05.2026)

+

සිංහල කොටියා දිවයින පත්තරේට ලියන්නේ කොහොමද ? ඒකට පත්තරේට ගෙවන්නේ කවුද ? (19.05.2026)

+


ජනාධිපති සහ ඇමැති බිමල්ගේ උපදෙස් පරිදි කන්ටේනර් 323 නිදහස් කළ හැටි – ආණ්ඩුව සැඟවූ විමර්ශන වාර්තාව (19.05.2026)

+


වරාය ගුවන්තොටුපල හදිසි පරීක්ෂාවට අමුතු කණ්ඩායමක්! ඒ අයට විශේෂ බලයක්! විශේෂ මෙහෙයුමක් ළඟදීම! (19.05.2026)

+


අනුර අලුත් ගමනක් අපේ සුබ පැතුම් (19.05.2026)

+

අනුරගෙ රණවිරු කතාව අවංකත්වයේ අභියෝගය (19.05.2026)

+


රාජ්‍ය බැංකුවල ඇති ඔබේ මුදල් අනාරක්ෂිතද? දැඩි අනතුරු ඇඟවීමක්! (19.05.2026)

+

LTTE සහ JVP භීෂණය මැද හමුදාවේ මානුෂීය මෙහෙයුම – මාධ්‍යවේදී අතුල සමරවීර මතකය අවදි කරයි (19.05.2026)

+


අතිරේක ලේකම්වරයා එළවා දැමූ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය

(20.05.2026 – hirunews.lk)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්දගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට හ මානසික කනස්සල්ලට ලක් කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19) තීන්දු කළා.

තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම අතිරේක ලේකම්වරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ආචාර්ය සෝභිත රාජකරුණා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පෙත්සම්කරු සඳහන් කළේ තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරියකු වන අතර වසර 30 ක් පමණ රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා තිබෙන බවයි.

2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ ලිපියක් මගින් තමන්ව ප්‍රවාහන මාහමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම් තනතුරට පත් කෙරුණු බව ඔහු පෙත්සමේ සඳහන් කර තිබුණා.

ඉන් අනතුරුව 2024 වසරේ දෙසැම්බර් මස 18 වනදා තමන් සේවයට වාර්තා කළ බවත් ඔහු කියා සිටියා.

එදින දහවල් 12:30 පමණ තම කාමරයට පැමිණි වග උත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා තම සේවය අවශ්‍ය නොවන බවත් කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් චෝදනා කර තිබුණා.

එහිදී වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා උසස් නිලධාරියකුට සුදුසු නොවන ආකාරයෙන් කටයුතු කළ බවත් මේ තුළින් තමා අවමානයට මෙන්ම දැඩි මානසික කනස්සල්ලට පත් වූ බවත් සිය පෙත්සම තුළින් පෙන්වා දී තිබුණා.

වග උත්තරකාර අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළා.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු අර්ජුන ඔබේසේකර 2022 වසරේ දෙසැම්බර් 14 වන දා නිකුත් කළ අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රජ්‍ය සේවා කොමිෂන් සභාවේ ක්‍රියා පටිපාටික රීතිවල 107 වන රීතියට අනුව අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බව පෙන්වා දුන්නා.

එම රීතිවල අන්තර්ගත 61 වගන්තියට අනුව පුද්ගලයෙකු නීත්‍යානුකූල රාජකාරියක් ඉටු කිරීමේදී හැර සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ එහි කමිටුවක් යටතේ බලය පවරා තිබෙන රාජ්‍ය නිලධාරියෙකුගේ තීරණයකට බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට උත්සාහ කරන හෝ බාධා කරන ඕනෑම පුද්ගලයෙකු වරදකට වරදකරු වන බවත් එසේ වරදකරු වූ විට රුපියල් ලක්ෂයක් (100,000) නොඉක්මවන දඩයකට හෝ වසර හතක් (7) නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම වුවද යටත්වීමට සිදුවන බවත් තීන්දුවේ සඳහන් කර තිබුණා.

ඒ අනුව අදාල තනතුර සඳහා පෙත්සන්කරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පත්කර තිබියදී වග උත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා එම තීරණයට මැදිහත් වීම තුළින් රාජ්‍ය සේවා කොමිසමේ බලතලවලට ඇඟිලි ගසා තිබෙන බවත් එය නීතියේ ආධිපත්‍යය අඩපණ කිරීමක් බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා ජනතාව ඔහු කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වුණා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා :
“රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ භාරකරුවකු බවත් ඔහුට පැවරී ඇති බලතල විශ්වාසය මත ක්‍රියාත්මක කළ යුතු බව මතක තබා ගත යුතුයි.

සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම එවැනි හැසිරීමක් අපේක්ෂා කිරීමට මෙරට ජනතාවට අයිතියක් ඇත. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල පැවරී තිබුණද රාජ්‍ය නිලධාරීන් පත් කිරීම සහ මාරු කිරීම සම්බන්ධයෙන් වූ රාජ්‍ය සේවා කොමිසමේ බලතල වලට මැදිහත් වීම හෝ ඒවා තමා යටතට පවරා ගැනීමට උත්සාහ කිරීම බරපතල කරුණක්. එය රාජ්‍ය සේවා කොමිසමට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල උල්ලංඝනය කිරීමක්.” යනුවෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව වගඋත්තරකාර අමාත්‍යංශය ලේකම්වරයා පෙත්සංකරුට මිනිසෙකු වශයෙන් මෙන්ම රාජ්‍ය නිලධාරියකු වශයෙන් භුක්ති විඳීමට ඇති ගෞරවනීය අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ෴


රත්මලාන අධිආරක්ෂිත කලාපයේ නීතිවිරෝධී සන්නිවේදන මධ්‍යස්ථානයක් (20.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *