මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට

*********************************************

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට

(10.02.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුමන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.

කාති උසාවි ක්‍රමය සහ මුස්ලිම් නීති සංශෝධනය විය යුතුය යන්න පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා.

ඒ එම නීති හේතුවෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවන් ඒ පිළිබඳ හෙළි කිරීමට පෙළඹීමත් සමඟයි.

අදාළ නීති සංශෝධනය සඳහා වන යෝජනාව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඊයේ (09) ඉදිරිපත් කරනු ලැබුවේ මෙම තත්ත්වය පදනම් කර ගනිමින්.

***************************************

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රංජන් රාමනායක පාර්ලිමේන්තුවට කැඳවීම සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා ෴

(10.02.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

පාම් ඔයිල් ආනයනය හේතුවෙන් මෙරට පොල් තෙල් කර්මාන්ත ශාලා වැසි යාමේ අවදානමකට ලක්ව ඇති බව පොල්තෙල් කර්මාන්තකරුවන් පවසනවා.

කෙසේ වෙතත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පාම් ඔයිල් ජාවාරම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට උපදෙස් ලබා දී ඇති බවයි.

ගලේවෙල, මාතලේ, මැල්සිරිපුර සහ කුරුණෑගල ආදී ප්‍රදේශ ගණනාවක පොල්තෙල් මෝල් හිමියන් කියා සිටියේ මේ වන විට පවතින කෝප්පරා හිඟය සහ විදේශ රටවලින් පාම් ඔයිල් ගෙන්වීම ආදී කරුණු හේතුවෙන් ඇතැම් පොල්තෙල් මෝල් වසා දමා ඇති බවයි.

ඒ අනුව විශාල පිරිවැයක් දරා සවිකෙරුණු යන්ත්‍රසූත්‍ර දීරා යන්නට ඉඩදී තෙල් මෝල් වසා දමා ඇති ආකාරයයි මේ.

මේ හේතුවෙන් පොල්තෙල් මෝල් වල සේවය කළ විශාල පිරිසකට රැකියා ද අහිමි වී තිබෙනවා.

පවතින ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදන සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතාද අදහස් පළ කළා.

මේ අතර පාම් ඔයිල් ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදීද කතා බහක් ඇති වුණා.

***************************************

(10.02.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් නොලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ‘ෆො සේල්’ සම්මන්ත්‍රණමාලාවේ මහනුවර පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින්.

***************************************

(10.02.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

නියමිත කාලයට පෙර ණය වාරික සහ රථ වාහන ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් මහබැංකුවට උපදෙස් ලබාදී තිබෙනවා.

නියමිත දිනයට පෙර වාරික ගෙවා අවසන් කිරීමේදී මූල්‍ය ආයතන විසින් අදාළ ගනුදෙනුකරු ඒ වන විට ගෙවීමට ඇති මුදලින් සියයට 3 ක පමණ වන අධිභාරයක් අය කරනු ලබනවා.

පසුගියදා මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳ අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එහිදී අනාවරණ වූයේ ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවාගේ ඉල්ලීම මත පමණක් මෙම මුදල අය කිරීමෙන් තොරව අදාළ ගිවිසුම අවසන් කරන බවයි.

මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදුකරන මෙම අය කිරීම අහෝසි තිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

සෑම මූල්‍ය ආයතනයක්ම කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වන බැවින් එම මුදල අය කිරීම අත්හිටුවීමේ හැකියාව සොයා බලන ලෙසට එම නිලධාරීන්ට ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී කියාසිටියේ අදාළ අය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණ නොවන බවයි.

එම අය කිරීම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව ද ඔහු අවධාරණය කළා ෴

***************************************

(10.02.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය තුලට විසිකරන ලද විවිධ ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම පාර්සලයේ තිබී ජංගම දුරකථනයක්, සිම්කාඩ් පතක්, ගංජා යැයි සැක කළ හැකි කුඩා පාර්සලයක්, ලයිටර් දෙකක්, ඉදිකටු 12 ක් හා ගම්බෝතලයක් සොයා ගත් බවයි ෴

***************************************

(10.02.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

මැදඔය අලිකඳුර ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (10) උදෑසන ගවයන් බැඳීම සඳහා යමින් සිටියදී ඔහු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මැදඔය මැදයාය අලිකඳුර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි දෙදරු පියෙක්.

බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ අලිකඳුර හංදිය අසලදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මැදයාය පරගම්මන ඇතුලු ගම්මාන වෙත මේ දිනවල නිරන්තරයෙන් කඩාවදින වන අලි රංචුවක සිටි අලියෙකු මෙම පුද්ගලයාට පහරදී ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයාගේ එක් දරුවෙකුගේ උපන්දිනය ද අද (10) දිනට යෙදී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා ෴

***************************************

(10.02.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දාරලුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක පිහිටි ආන්දෝලනයට තුඩු දී ඇති ‘කෲඩියා සෙලනිකා’ ශාකය හේතුවෙන් ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ වනවිට ඊට අදාල ඉඩම් පවරා ගෙන ප්‍රධාන කටයුතු ආරම්භ කර තිබීම ඊට මූලික හේතුව බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.කොඩිතුවක්කු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම, අදාළ ශාකය දැනට පවතින ස්ථානයේම තබා අධිවේගී මාර්ගයට මැදිකර ඉදිකිරීම් සිදුකළ යුතු බවට මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන යෝජනා පිළිබඳව ද අප ඔහුගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසුවේ දුම්රිය මාර්ගය හේතුවෙන් එම යෝජනාව ද ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමක පවතින බවයි.

අදාළ ශාකය මුල පිටින් උදුරා වෙනත් ස්ථානයක සිටුවීමට අවධානය යොමුවී ඇති අතර, එසේවුව හොත් අදාළ ශාකය සිටුවීම සිදුවන්නේ එම මාර්ග සීමාවට ආසන්නම ප්‍රදේශයක බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසුවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අදාළ සියලු පාර්ශව නියෝජනය කරන බලධාරින් ඉදිරියේදී රැස්වීමට නියමිතයි.

මේ අතර, ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස තුල පිහිටි කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය අද නිවේදනයක් නිකුත් කර තිබුණා.

මේ අතර, තිරසාර සංවර්ධනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ඉන්දික අනුරුද්ධ ගමගේ මහතා සඳහන් කළේ මෙම ශාකය වෙනත් ස්ථානයක රෝපණය සඳහා කටයුතු කළ යුතු බවයි.

මෙම ශාකය එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට තමන් හැකියාව පවතින බව සූරියවැව – වැලිවැව ප්‍රදේශයේදී පදිංචි උද්‍යාන අලංකරණ හා රූට් බෝල් කලා ශිල්පියෙකු වන ජනක ජයලාල් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර, අදාළ ශාකය සාංඝික කර චීවරයක් පළදවා ආරක්ෂා කිරීම ද අද සිදුකෙරුණේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්.

***************************************

(10.02.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමඟයි.

ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ද මැදිහත් වුණා.

මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක සිරදඩුවම් නියම වූ රංජන් රාමනායක සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා මෙන්ම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අදහස් පළ කළ අතර ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද මැදිහත් වුණා ෴

***************************************

(10.02.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂයේ උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවට මුහුණදී අසාධාරණයට ලක් වූ සිසුන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (10) තුන්වන (3) දිනටත් සත්‍යග්‍රහයක නිරත වනවා.

අදත් එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටින පිරිසට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබුවා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත සිසුන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

පසුව අද (10) පස්වරුවේ සත්‍යග්‍රහයේ නිරත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජිතයින් තුන් දෙනෙකුට (3) පොලීසිය සිතාසි භාර දුන්නේ හෙට (11) අධිකරණයේ පෙනි සිටින ලෙසට දන්වමින්.

ඉන් අනතුරුව ඔවුන්ට එම භුමයෙන් ඉවත්ව වන ලෙසට ද අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ද ඔවුන්ට භාර දෙනු ලැබුවා.

මේ වනවිට සත්‍යග්‍රහය අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ සිට සිදු කරන බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයෙකු සඳහන් කළේ.

මේ අතර සේවා ස්ථිර කරන ලෙස ඉල්ලමින් වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වාරියපොල රජයේ ගොවිපොලේ සේවිකාවන් අද (10) විරෝධතාවක් ආරම්භ කළා.

සේවිකාවන් 6 දෙනෙකු එහි ගොඩනැගිල්ලක වහලය මත නැගී විරෝධතාවයේ නිරත වුණා.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඔවුන්ට සාකච්ඡාවක් ලබාදෙන බවට එකග වීමෙන් පසු මෙම සේවිකාවන් විරෝධතාව අවසන් කළා.

එසේම, සේවා සුරක්ෂිතභාවය තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ සුළු පන්න ධීවරයින් අද (10) විරෝධතාවක නිරත වුණේ ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව අභියසදීයි ෴

***************************************

(10.02.2021 – 22:26 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ සිට මෙරටට එවා තිබූ කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාස 2 කට පමණ පෙර පාර්සල් 5 ක් කුරියර් සේවාව ඔස්සේ මෙරටට එවා ඇති අතර ඒවා අයිතිකරුවන් සඳහා මුදාහැරීම සඳහා සීදුව ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකයි ගබඩා කර තිබී ඇත්තේ.

එහෙත් මෙම පාර්සල් භාරගැනීම සඳහා කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ ඇතිවූ සැකයක් මත අදාළ ලිපිනයන් සොයා විමර්ශණ ආරම්භ කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ ඒවා ව්‍යාජ ලිපිනයන් බවයි.

ඒ අනුව අද මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කරන ලෙසට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබුණා.

එහිදී පාර්සල් තුල තිබූ සිසිල් බීම සකසන යන්ත්‍රයක සූක්ෂමව මෙම කුෂ් නැමති මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබියදී සොයා ගැණුනා.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකා රේගුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා ෴

@@@@@@@@@@@@@@

(10.02.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල් වල සියලු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ මාර්තු 15 වනදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මාර්තු මස පළමුවනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම පළමු ශ්‍රේණිය ඇතුලු සියලුම පන්ති 15 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව දැනට පැවැත්වෙන 11 වන ශ්‍රේණියේ පන්ති අඛණ්ඩව පැවැත්වෙන බව ද ඔහු පෙන්වා දුන්නා.

පාසල් ආරම්භ කිරීමේ මෙම තීරණය බස්නාහිර පළාතේ සියලුම ජාත්‍යන්තර පාසල්වලට සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ද බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේවන විට සිසුන් පාස්වලට පැමිණීමේ දීප ව්‍යාප්ත ප්‍රතිශතය සිසයට 72 දක්වා ඉහළ ගොස් ඇති අතර ගුරුවරුන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 88 ක් බවයි ඔහු කියාසිටියේ.

+++++++++++++++++++

(10.02.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග ප්‍රමුඛතම ගුවන් සේවා කිහිපයක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ, විදේශීය සංචාරකයින් සඳහා රට නැවත විවෘත කිරීමට ගෙන ඇති තීරණයත් සමඟයි.

ලොව විශාලතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සේවා සමාගම ඊයේ (09) නිවේදනය කළේ මෙරටට දැනට සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 4, 6 ක් දක්වා ඉහළ නංවන බවයි.

ඒ අනුව, පෙබරවාරි 18 වැනිදා සිට ගුවන් ගමන් වාර 5 ක්ද, පෙබරවාරි 27 වැනිදා සිට ගුවන් ගමන් වාර 6 ක් ද ක්‍රියාත්මක කරනු ඇති.

පෙබරවාරි 15 වැනිදා සිට ගල්ෆ් එයාර් ගුවන් සේවාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 2 බැගින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවය ලබන 17 වැනිදා සිට සතියකට ගුවන් වාර 2 බැගින් යළි ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ඇරඹීමට සැලසුම් කර ඇති බව එම සමාගම නිවේදනය කළා.

එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගෙන මාස 10 කට ආසන්න කාලයක් වසා තැබුණු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගියදා විවෘත කෙරුණා.

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු ජනවාරි මාසයේ දින 11 ක කාලය තුළ මෙරටට පැමිණි විදේශ සංචාරකයින් ගණන 1682 ක්.

ඒ අතරින් 1468 දෙනෙකුම නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් වනවා.

ඊට අමතරව, බෙලරූස්, චීනය, රුසියාව, ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව, ඉන්දියාව, මාලදිවයින සහ අමෙරිකාවෙන් සෙසු සංචාරකයින්පැමිණ තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශ්‍රී ලංකා හොලිඩේ අංශය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව දිවයිනේ MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා ගිවිසුමකට එළඹ තිබෙනවා.

++++++++++++++++++++++

(10.02.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 591 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 65,644 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 71,211 ක් හමුවී ඇති අතර ඉන් 5197 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 370 ක් ෴

+++++++++++++++++++

(10.02.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂණ මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක කරමින් විභාග කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බව කැළණිය විශ්වවිද්‍යාලය පවසනවා.

එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මස 31 වනදා බාහිර ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා විශ්වවිද්‍යාලයට පැමිණි විද්‍යාර්ථයින් පිරිසක් අතුරින් පස් දෙනෙකුට (5) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගත් බවයි.

ඒ වනවිටත් විශ්වවිද්‍යාල මට්ටමින් කොරෝනා වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරමින් තිබූ බව ද කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් ෴

++++++++++++++++++++

(10.02.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් කිහිපයකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන්ම ලිඛිත විභාගය පැවැත්වීමෙන් පසුව සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දින ඇතුලත් විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් පසුව නිකුත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කළේ.

ඒ අනුව 40 – සංගීතය (පෙරදිග) / 41 – සංගීතය (අපරදිග) / 42 – සංගීතය (කර්ණාටක) / 44 – නැටුම් (දේශීය) / 45 – නැටුම් (භරත) / 50 – නාට්‍ය හා රංගකලාව (සිංහල) / 51 – නාට්‍ය හා රංගකලාව (දෙමළ) සහ 52 – නාට්‍ය හා රංගකලාව (ඉංග්‍රීසි) යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මෙලෙස පෙර පැවැති ආකාරයෙන්ම පැවැත්වෙනු ඇති.

ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රමවේදවල සිදුකරනු ලබන වෙනස්කම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කිරීමට අපේක්ෂිත බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියාසිටියා ෴

++++++++++++++++++

(10.02.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ අද (10) යුද හමුදා රෝහලේදී අමාත්‍යවරයා එන්නත ලබාගත් බවයි.

කොවිඩ්-19 ආසාදිතයන් දෙදෙනෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතවෙන් අවස්ථා දෙකකදී (2) ඔහු ස්වයං නිරෝධායනයට ද යොමුවුනා.

කෙසේවෙතත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අමාත්‍ය සී.බී. රත්නායක මහතාට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වුනා ෴

+++++++++++++++++++

(10.02.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 539 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 71,750 ක්.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමෙන් පසු නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය ස්ථාන කඩිනමින් සූදානම් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) උපදෙස් ලබා දුන්නා.

මේ අතර බස්නාහිර පළාත ඇතුළු දැනට ආරම්භ කර නොමැති පාසල් සහ දිවයින පුරා පාසල්වල සියලු ශ්‍රේණි ආරම්භ කෙරෙන්නේ මාර්තු 15 වනදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

දැනට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 72% ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 88% ක් දක්වා වර්ධනය වී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන්ම මෙවරත් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 591 දෙනෙකු අද (10) දිනයේ සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 65,644 ක් ලෙස දැක්වෙනවා ෴

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම මේ මොහාතේ සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 416 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 72,166 ක් ෴

+++++++++++++++++++

(10.02.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 375 ක්. මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3) සහ කාන්තාවන් දෙදෙනෙක් (2).

කාන්තාවන් දෙදෙනා අවුරුදු 73 සහ 51 වයස්වල පසුවන කොළඹ සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්.

පිරිමි පුද්ගලයන් අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 61, 67 සහ 75 වයස්වල පසුවන පුද්ගලයන්.

මේ අතර අද (10) දිනයේ කොවිඩ් ආසාදිතයින් 955 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව අඛණ්ඩව ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා වූ දෙවැනි දිනට අදයි.

+++++++++++++++++++

දෛනික ආසාදිතයින් ගණන ඉහළ ගියේ ඇයි ?

(11.02.2021 – 06:45 +0530 – sinhala.adaderana.lk)

වසංගත රෝග විද්‍යානූකූලව නිර්වචනය කිරීමේ දී කොවිඩ්-19 වෛරසය මෙරට තුළ මෙතෙක් සමාජගතව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක් වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය : ඊයේ (10) ‘අද දෙරණ’ ප්‍රවෘත්ති විකාශයේ වාර්තා වුණා සෞඛ්‍ය අංශ කරපු ප්‍රකාශයක්. එකක් තමයි රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා කියලා. ඇත්ත තත්ත්වය රෝගීන් වැඩිපුර වාර්තා වෙනවාද ? මේ රෝගීන් සංඛ්‍යාත්මකව මේ ප්‍රමාණය කොච්චරක්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් : පසුගිය දවස් 4 ක – 5 ක රසායනාගාර වාර්තා ලබාදීමේදී ප්‍රමාදයක් සිදුවුණා. අපේ PCR කට්ටල සහ අපේ ලැබ්වල තිබුණ ප්‍රශ්න වගයක් නිසා. මේ ‘බැක්ලොග්’ එක තමයි ඊයේ (10) ඉඳලා ‘ක්ලියර්’ කරන්න පටන් අරගෙන ගත්තේ එතකොට ඒ අනුව මේ වැඩිපුර ගණනක් ‘පොසිටිව්’ වෙලා ආවේ ඊයේ (10). ඊයේ (10) නවසිය ගණනක් පොසිටිව් වුණා. අදත් ඒ විදියෙම ගාණක් එන්න පුළුවන්. අපිට තව දවසක් දෙක්ක යයි මේ ‘බැක්ලොග්’ එක ‘ක්ලියර්’ කරන්න.

ප්‍රශ්නය : සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනාවක් එල්ලවෙනවා. දකුණු අප්‍රිකාවේ තියෙනවා කියන කාණ්ඩය අපිට හදිසියේවත් ආවොත් අපි කොහොමද මුහුණදෙන්නේ? පරීක්ෂණ කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනව ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් : රජයේ රෝහල්වල නැතිවුණාට විශ්වවිද්‍යාලවල තියෙනවා.

වෛද්‍ය අන්වර් හමිදානි මහතා : සුමාන තුනකට (3) කලින් වෛද්‍යවරියක් ලංකාවට එනවා. අපි සැකකරනවා ඒ වෛද්‍යවරිය ඒ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු විය හැකි කියලා. ඒක අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ පරීක්ෂණයෙදී හොයාගන්නවා එහෙම නෙමෙයි කියලා. අපේම රජයේ තියෙන යාන්ත්‍රණය තුළින් තමයි සොයාගත්තේ. ඒ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ක්ෂණික කටයුතු ලංකාවේ තවමත් සිදුකෙරෙනවා. ඒ හරහා හඳුනාගැනීම් සිදුවෙනවා.

ප්‍රශ්නය : හැමදාම අහන ප්‍රශ්නය; මේක තාම සමාජගත වෙලා වැද්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් : PCR කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරලා තියෙනවා. නමුත් අපේ ‘පොසිටිව් රේට්’ එක තවමත් ඒ ගාණෙම තමයි තියෙන්නේ. සමාජ ගතවීමක් වෙලා තියෙනවානම් PCR කරන ප්‍රමාණයත් එක්ක එන්න එන්න ‘පොසිටිව් රේට්’ එක වැඩිවෙන්නට ඕනේ. වැඩිවීමක් තියෙනවා. නමුත් වසංගත රෝග විද්‍යානුකූලව තවම සමාජ ගතවීමක් කියන තත්ත්වයකට අපිට නිර්වචනය කරන්න බැහැ කියලා තමයි ඒ අය කින්නේ.

++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *