රාජිතගේ සමීපතමයෙකු සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්

(12.12.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala) හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම විකුණමින් රුපියල් කෝටි 100 ක මුදලක් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. එම ජාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු …

අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ගැසට් කරයි

(11.12.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk) අමාත්‍ය විෂයපථයන් සහ කාර්යයන් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව ද එකී අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ගැසට් කර තිබේ. අමාත්‍ය …

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය ගැන විශේෂ හෙළිදරව්වක් – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

(10.12.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala) මතභේදයට තුඩුදී ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (10) විශේෂ හෙළිදරව්වක් කළා. ඒ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අදත් (10) දෙවරක් CIDයට පැමිණි ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පිටව යයි – සබඳකම් ගැනත් හෙළිදරව්වක් (10.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala) …

‘ස්විස් එම්බසි’ සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

(10.12.2019 – 13:20 +0530 – lankacnews.com) තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත. කැලණියේ උපන් ඇය දැන් ‘ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්’ නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ‘ශ‍්‍රියාලතා පෙරේරා’ යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි. …

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල් ගෙන් පොරොන්දුවක්

(09.12.2019 – 14:19 +0530 – lankaleadnews.com) එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) …

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

(09.12.2019 – 12:11 +0530 – hirunews.lk/sinhala) පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කරුණු …

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය – හේමන්ත රන්දුණු

(08.12.2019 – divaina.com) නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ පවුලේ සාමාජිකයකු ඝාතනය කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු කටුනායක ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් මුළු රටම උණුසුම් වුණේය. මෙවන් කුමන්ත‍්‍රණ පිළිබඳව අතීතයේදී ද නිතර අසන්නට ලැබිණි. එවැනි කුමන්ත‍්‍රණ පිළිබඳ ලැබුණු තොරතුරු සැලකිල්ලට නොගැනීම නිසා අපට අත්විඳින්නට සිදුවූ අමිහිරි සිදුවීම්ද අමතක කළ නොහැක. ඒ නිසා කටුනායකදී අත්අඩංගුවට …

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම – සමන් ගමගේ

(08.12.2019 – divaina.com) ඇමරිකාව ප‍්‍රධාන බොහෝ බටහිර රාජ්‍යයන්ට මානව හිමිකම් යනු අදාළ නොවන්නකි. එහෙත් ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මානව හිමිකම් හා මූලික අයිතීන් පිළිබඳ උපදෙස් දෙන්නේ ඔවුහුය. ස්විට්සර්ලන්තය යනු අද එකී රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැනක ඇති රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය. වසරකට දෙවතාවක් පමණ එහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ …

නේපාලයේ 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳේ

(07.12.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk) නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැලඳීම හේතුවෙන්ය. ඩෙංගු උණ රෝගය වැලඳුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා අතුරින් 7 දෙනෙකුට ශ්‍රී ලංකාවේදී මෙම රෝගී තත්වය …

කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකා භූමිය හා එක්කිරීමේ උත්සවය ඇරඹෙයි

(07.12.2019 – 17:58 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්වු කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක් හෙවත් වර්ග කිලෝමීටර් 02 යි දශම 06 කොටසක් මෙරටට ලබාදීමේ නිළ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. එම විශේෂ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය නගර භුමියේ පැවැත්වෙයි. මෙරටට මෙලෙස අළුතින් එක්වු බිම් කොටස වෙනුවෙන් …