රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම්දෙයි

රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම්දෙයි


රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම්දෙයි

(11.03.2026 – 08:19 +0530 – sinhala.adaderana.lk)

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් (2) විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ.

ඒ ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ්’ සහ ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ්’ යන සමාගම් විසින් නිවේදනයක් නිකුත් කරමිනි.

විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක එම සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි ඔවුන් විදුලි සේවකයින්ට දැනුම්දෙයි.

එසේ සිය රාජකාරී ඉටු කිරීම පැහැර හැරීම අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම විදුලිබල සැපයුම් සේවාව තුළ පැවරී ඇති රාජකාරී ඉටු කරන ලෙස එම සමාගම් සිය නිවේදන මගින් වැඩිදුරටත් පෙන්වාදෙයි.

සේවකයින් සියලු දෙනා වෙත පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදී එය ලබාදීමට පියවර ගන්නා බවද අදාළ නිවේදනයන් හි සඳහන් ය.

+++

විදුලි සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් විදුලි බිඳවැටීම් 12,000කට අධික සංඛ්‍යාවක්

(11.03.2026 – 07:01 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි ෴

+++

ලංවිම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම – අනුප්‍රාප්තික සමාගම්වල ලිපිය නීත්‍යනුකූල නැතැයි ඉංජිනේරු සංගමය කියයි

(11.03.2026 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය හමුවේ සේවක අයිතිවාසිකම් සහ වරප්‍රසාද සුරක්ෂිත කරගැනීම උදෙසා වෘත්තීය සමිති 25 ක එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ‘ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය’ පවසනවා.

සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකෙරෙන මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සාකච්ඡා කළ ද, විසඳුම් නොලැබීම හේතුවෙන් පසුගිය සඳුදා (09) පස්වරු 03:00 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සිදුවූ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස අනුප්‍රාප්තික නව සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ 2026 මාර්තු 10 වන දින පැවති සාකච්ඡාවකින් පසු, නව සමාගම් 6 න් 4 ක සභාපතිවරුන්ගේ එකඟතාව සහ අත්සන් සහිත ලිපියක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම ලිපියේ අන්තර්ගතය කෙරෙහි එකඟ විය හැකි වුව ද, එහි නීත්‍යනුකූල වලංගුභාවය පිළිබඳ බරපතළ ගැටලු පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ වන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට නොහැකි බවත් සංගමය අවධාරණය කරනවා.

එම ලිපියේ පවතින ප්‍රධාන අඩුපාඩු ලෙස වෘත්තීය සමිති පහත කරුණු පෙන්වා දෙනවා :

අත්සන්වල නීත්‍යනුකූලභාවය : අදාළ සමාගම් හතරක් (4) වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ හුදෙක් ‘සභාපතිවරුන්’ ලෙස පමණක් වන අතර, එම පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව පැහැදිලිව තහවුරු කර නොතිබීම.

අත්‍යවශ්‍ය පාර්ශවයක අත්සන මගහැරීම : ‘ලංවිම සේවක අර්ථසාධක අරමුදල’ සහ ‘විශ්‍රාම වැටුප් අරමුදල’ වෙනුවෙන් පිහිටුවූ සමාගමේ සභාපතිවරයාගේ අත්සන එම ලිපියේ නොමැති වීම.

ව්‍යවස්ථාපිත අනුමැතිය නොමැති වීම : විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා වැනි ව්‍යවස්ථාපිත බලතල සහිත නිලධාරියෙකු විසින් මෙම ලිපියේ අන්තර්ගතය සහතික කර අනුමත (Endorse) කර නොතිබීම.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් සිදුවන මෙම ප්‍රමාදය සහ ඔහු විසින් මීට පෙර ලබාදුන් වාචික පොරොන්දු ඉටු නොකිරීමේ පුර්වාදර්ශයන් හේතුවෙන්, බලධාරීන් කෙරෙහි පවතින විශ්වාසය පළුදු වී ඇති බවයි ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ ෴

+++

රටේ මුළු විදුලි පද්ධතියම බිඳ වැටෙයි ?? තැන තැන බිඳ වැටීම් පද්ධතියට දරා ගන්න බෑ (11.03.2026)

+++

විදුලි සේවකයින්ගේ ඉල්ලීම් සමාගමේ සභාපති හෙළිකරයි

(11.03.2026 – 11:09 +0530 – sinhala.adaderana.lk)

වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිත විසින් 40% ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100% කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසයි.

ලංවිම අනුප්‍රාප්තික සමාගම් කළමනාකාරීත්වය අද (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64 ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62 ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් එහිදී ඔහු පැවසීය.

අදාළ කාරණා 64 න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් 59 ක්ම මුල් සාකච්ඡාවෙදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දීමට එකඟ වූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව සෙසු කාරණා 5 ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම්දුන් බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වෘත්තීය සම්ගම්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලූ අතර කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු ඒ සඳහා එකඟ වූ බවද මෙහිදී අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එමෙන්ම වැටුපට දීමනා වශයෙන් රුපියල් 11,000 ක් සහ ඊට අමතරව ජීවන වියදම් දීමනාව එකතු කර සාමන්‍යයෙන් රුපියල් 17,000 ක මුදලක් ලබා දීම සඳහා ද එකඟ වූ බව ඒ මහතා සඳහන් කර සිටියේය.

ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟ වූ බවද නුසිත් කුමාරතුංග මහතා සදහන් කළේය.

මොවුන් ඉල්ල්න 40% ක වැටුප් වැඩි කිරීම අනෙක් රජයේ සේවයින්ට සිදු කරන අසාධාරණයක් වන බවද මෙහිදී ඔහු සඳහන් කර සිටියේය.

එනම් 40% ක් යනු මාසකට ගතහොත් රු. බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට රු. බිලියන 22 ක් වන අතර 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් රු. බිලියන 35 ක් වන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා :

“ඇත්තටම අපි කම්පැනිය පටන් ගත්තේ ඊයේ (10). ඊයේ (10) ඉඳලා අද (11) වෙනකල් අපේ රාජකාරි කටයුත්තක් කරේ නැහැ. ඒක තමයි අපේ පටන් ගැන්ම… වෘත්තීය සමිතිවල ඉල්ලීම් කොටස් තුනක් (3) තිබුණා. ඒක සාරාංශගත කරොත් එකක් තමයි විදුලිබල මණ්ඩලය වශයෙන් තිබියදී ලැබිච්ච වරප්‍රසාද අඩු වෙන්න බෑ කියන එක.. ඔවුන් කාරණා හැට හතරක් (64) ඉල්ලුවා.ඒ හැට හතරෙන් (64) බහුතරයක් තිබුණේ විදුලිබල මණ්ඩලය සතුව තිබුණු වරප්‍රසාද ඕන කියලා. ඒ හැට හතරෙන් (64) මුල් සාකච්ඡාවේදී, අධ්‍යක්ෂ මණ්ඩලවලට දෙන්න පුළුවන් 59 ක් අපි ලබාදුන්නා. පහක් (5) ඉතුරුයි. ඒ පහෙන් (5) තුනක් (3) අපි කිව්වා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන්නම් කියලා…

ඉතින් අපි කිව්වේ ඒකට විසඳුම් ලබාදෙන්න පොඩි කාලයක් දෙන්න කියලා. ඒකත් අපි ප්‍රකාශ කරා. ඊට පස්සේ දැන් තව දෙකයි (2) ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙක (2) මොකක්ද? සීයට හතලිහක (40%) පඩි වැඩි කිරීමක් ඉල්ලනවා. සියයට හතළිහක් (40%) කියන්නේ මාසෙකට ගත්තොත් රු. බිලියන 1.8 වැඩිවීමක්.. එය අවුරුද්දකට රු. බිලියන 22 ක් විතර.. එතකොට 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් රු. බිලියන 35 ක්.. එතකොට අපි විදුලිබල මණ්ඩලය, නැත්නම් කම්පැනි වගේ හිතනවා වගේම රටේ ජනතාව ගැන, මහජනතාව ගැන, ඉන්ඩස්ට්රීස් ගැනත් හිතන්න ඕන. මේ ටික එකතු කරොත් විදුලි බිල සීයට සීයකින් (100%) විතර වැඩි කරන්න වෙයි.

එතකොට අපි කිව්වා පොඩි සහන කාලයක් දෙන්න. මේවා කරගෙන යන්න එක සැරේට කරන්න බෑ කියලා.. මැදපෙරදිග යුද්ධ තියෙනවා… එනිත් එක වැටුප් විෂමතාවයක් තිබුණා සියයට විසිපහක (25%). ඒ කියන්නේ 2024 අගෝස්තු ඉඳලා සීයට විසිපහක (25%) වැටුප් විෂමතාවයක් තිබුණා. ඒක විධායක ඉහළ නිලතලවල සියලු දෙනාම ලබාගත්තා. ඒක කරේ මෙහෙමයි. තීරණ ගන්න හැකියාවක් තියෙන ටික ඔක්කොම සීයට විසිපහ (25%) ගත්තා. පොඩි සේවකයෙක් – තීරණවලට සම්බන්ධ වෙන්න බැරි සේවකයෙක් නම් වැඩි වුණේ සීයට හතයි, අටයි, දහයයි (7, 8, 10) එහෙම. ඒ වරදත් හැදුවා. ඒක හැදුවේ 2025 ජනවාරි පළවෙනිදා (01) ඉඳලා. එතකොට ඉහළ නිලධාරීන්ට ලැබෙන්න දෙයක් නෑ. ඒ විසිපහ (25) අරගෙන ඉවරයි. දැන් ඒගොල්ලන් කියනවා කැබිනට් තීරණය වෙනස් කරලා සීයට විසි පහක් (25%) සියලු දෙනාටම ලබාදෙන 2024 ජනවාරි පළවෙනිදා (01) ඉඳන් කියලා.. එතකොට මම කිව්වා කැබිනට් තීරණයක් මට, අපිට අධ්‍යක්ෂවරුන්ට වෙනස් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමා හම්බවෙලා කියන්න කියලා.. ඒකටත් අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට ඉල්ලීම් සියල්ල සම්පූර්ණයි. දැන් වෙලා තියෙන දේ අපිට හිතාගන්න බෑ.. මොන අරමුණකින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවද කියලා.

+


IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානයෙන් චෝදනාවක්

(11.03.2026 – 06:29 +0530 – sinhala.adaderana.lk)

මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, එම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ වරාය සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අවස්ථාවකදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසළ මුහුදු සීමාවලදී ප්‍රහාරයකට ලක් වූ බවය.

ඔහු X-ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය ‘යුද අපරාධයකට සමාන කෲර ක්‍රියාවක්’ ලෙස ය.

එම සිද්ධියෙන් පසු නාවිකයන් බේරාගැනීම සඳහා පැවති මෙහෙයුම්වලට එක්සත් ජනපදය ‘බාධා කළ’ බවටද චෝදනා කර තිබේ ෴


ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් මහලොකුවට පාරම්බෑවා තෙල් තියෙනවා කියලා. කෝ තෙල් ? (11.03.2026)

+++

මේ ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න ඕනේ… කැතයි ලැජ්ජයි හිරිකිතයි මිනිස්සු නන්නත්තාරයි (11.03.2026)

+++

ලාබෙට ගත්ත තෙල්වලින් ආණ්ඩුව දැන් කළු කඩේට සල්ලි එකතු කරනවා (10.03.2026)

+


තෙලුත් ගණන් ගියා, ගෑසුත් ගණන් ගියා |බේකරි හිමියන්ගේ සංගමය හිතාගන්න බැරි තීන්දුවක් අරන් (11.03.2026)

+


+


මඩ බලකාය දාලා අපිට මඩ ගහනවා – ඒ සෙල්ලම් දාන්න එන්න එපා අපිත් එක්ක (11.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *