ජලාශ කලමණාකරණයට පලපුරුදු අය නැති වීමෙන් කුණාටුවේ විනාශය වැඩි වුනා..

ජලාශ කලමණාකරණයට පලපුරුදු අය නැති වීමෙන් කුණාටුවේ විනාශය වැඩි වුනා..


ජලාශ කලමණාකරණයට පලපුරුදු අය නැති වීමෙන් කුණාටුවේ විනාශය වැඩි වුනා..

(29.01.2026 – lankacnews.com)

මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල සේවය කළ පළපුරුදු මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විදේශගත වීම සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශයට ප්‍රධාන හේතුවක් වී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

‘දිනන දකුණ’ සංසදය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙරට ජලාශ කළමනාකරණය සම්බන්ධයෙන් පවතින විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ හිඟය වර්තමානයේ බරපතළ අර්බුදයක් වී ඇති බවයි.

“ජලාශ කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් අද වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි අධිකාරිය තුළ නැහැ. මෙම නිපුණතා හිඟය පෞද්ගලික අංශයට පවා තදින්ම බලපා තිබෙනවා. ඩිට්වා සුළි කුණාටුව හමුවේ සිදු වූ දැඩි හානියට, ජලාශ නිසි ලෙස කළමනාකරණය කිරීමට දක්ෂ නිලධාරීන් නොමැති වීම සෘජුවම බලපා ඇති බව පෙනී යනවා. මේ තත්ත්වයට මූලික හේතුව වී ඇත්තේ මෙරට සිටි දක්ෂ කළමනාකරුවන් විශාල වශයෙන් විදේශගත වීම හෙවත් බුද්ධි ගලනයයි.”

ශ්‍රී ලංකාව අතීතයේ ගනු ලැබූ වැරදි ආර්ථික තීන්දු පිළිබඳවද මෙහිදී රණවක මහතා සිය විවේචනය එල්ල කළේය. විශේෂයෙන්ම ප්‍රකට ඉන්දියානු ආර්ථික විද්‍යාඥ බී. ආර්. ෂෙනෝයි මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ වාර්තාව ක්‍රියාත්මක නොකිරීම ලංකාව කළ “බරපතළම වැරැද්ද” ලෙස ඔහු හැඳින්වීය. එවකට අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත එම වාර්තාව ඉදිරිපත් කළද, ඩඩ්ලි සේනානායක රජය එය ක්‍රියාත්මක කිරීමට මැලි වීම හේතුවෙන් රටට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ගිලිහී ගිය බව ඔහු සිහිපත් කළේය.

රටක් ලෙස තවමත් නිර්භීත තීන්දු ගැනීමට කාලය ඉක්ම ගොස් නොමැති බව පැවසූ රණවක මහතා, ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කළේය.

“ශ්‍රී ලංකාව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථික කොරිඩෝවක් ස්ථාපිත කළ යුතුයි. එය කාම්බෝජය, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි රටවල් සඳහා විවෘත කළ යුතුයි. මෙවැනි ක්‍රමවේදයක් ඔස්සේ ලෝකය සමඟ සම්බන්ධ වීමෙන් පමණක් රටට පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙනවා.”


අම්බලන්ගොඩ සුනාමිවත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි

(28.01.2026 – hirunews.lk)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර ගැටුමක් හේතුවෙන් සිදුකර ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අම්බලන්ගොඩ – සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුරයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

අදාල පුද්ගලයා නිවසේ මිතුරන් කිහිපදෙනෙකු සමග කතා බහ කරමින් සිටින අවස්ථාවේදී නිවස ඉදිරිපිට කැලෑබද ප්‍රදේශයක සැඟව සිට පැමිණි වෙඩික්කරුවන් ඔහු ඉලක්ක කර වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

තුවාලකරු ප්‍රතිකාර සඳහා කඩිනමින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ගලබොඩ ප්‍රදේශයේ පදිංචි ‘හෙට්ටිආරච්චිගේ දිමුතු සම්පත්’ හෙවත් ‘ගලබොඩ පොඩි දිමුතු’ නමැත්තෙක්.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී රටින් පළාගොස් පසුව මෙරටට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි අයෙකු බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම මියගිය පුද්ගලයා පසුගිය වසරේ (2025) තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මාස කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි.

පසුගිය දිනක ගාල්ල බන්ධනාගාරය තුළදී පාතාල කල්ලි දෙකක (2) පිරිසක් අතර ගැටුමක් සිදුව ඇති අතර එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.

අදාල ගැටුම හේතුවෙන් ‘කරන්දෙණිය සුද්දා’ගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම වෙඩි තැබිමත් සමග (2026) වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම් ගණන 6 දක්වා ඉහළ යන අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් පස්දෙනෙකු (5) මියගොස් තවත් සිව්දෙනෙකු (4) තුවාල ලබා තිබෙනවා ෴


+++

රටේ පැවති අපදා තත්වය නිසා කල් දැමීමට සිදු වූ 110 වන සුනිල් සාන්ත සැමරුම් සම්මන්ත්‍රණය සමඟින් ගී රස වින්දන වැඩසටහන 2026 පෙබරවාරි මස 07 දින, උදෑසන 09:00 සිට 03:00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පදනම් ආයතන ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. මෙය පවත්වන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ යි. සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති බැවින් ඔබේ පැමිණීම අපට තහවුරු කරන්න : 076 582 9381 / 077 078 7664

+


ලෝක පොලිස් කාරයා ඉදිරියේ ඉරානයේ ඉරණම – Mohan Samaranayaka (27.01.2026)

+


ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ගීවල රහස් (23.01.2026)

+


වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරය රොහාන් ඕලුගලට

(29.01.2026 – hirunews.lk)

වලාන දූෂණ මර්දන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පත් කර තිබෙනවා.

ඒ අනුව, ඔහු අද (29) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නිර්දේශ මත මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මීට පෙර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා ෴


වාහන සොරුන් 5 ක් පොලීසියට කොටුවෙයි

(29.01.2026 – 07:42 +0530 – sinhala.adaderana.lk)

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සොරකම සිදුකර තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 21 වනදාය.

ඒ අනුව, ඊයේ (28) අළුයම කැස්බෑව ප්‍රදේශයේදී ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 235 ක් සහ එම කාර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 44 ක් වන යටගල, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇල්පිටිය හා බද්දේගම යන පොලිස් වසම්වලදී ත්‍රීරෝද රථ 02 ක් සොරකම් කිරීම සහ හෝමාගම පොලිස් වසමේදී යතුරු පැදි 02 ක් සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

සැකකරු ඊයේ (28) ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග මත ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ත්‍රීරෝද රථ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු (4) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 2025.12.12 වන දින පිළියන්දල වසමේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයට සම්බන්ධයේ මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (28) පෙරවරුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුවන් අවුරුදු 23 ත් 28 ත් අතර වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


ඉන්දියාවෙනුත් ඉල්ලපු අපේ සංගීතඥයා – ටියුලින් ජයරත්න (23.01.2026)

+


ආණ්ඩුව හෙල්ලෙයි – ඒකාබද්ධය රැස්වෙයි ආණ්ඩුව පෙරළන සටන දියත් කරයි (29.01.2026)

+


එජාප නීතිඥවරුන් වහාම මාධ්‍ය කැඳවයි – රනිල්ගේ නඩුවේ B රිපෝට් එක අරන් එයි (29.01.2026)

+++

පොලිස් මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක් රනිල් ගැන හොයන්න එංගලන්තේ ගියේ කවුද ? (29.01.2026)

+


ගම්පොළ දැන් හොල්මන්ලු…. Chandana Kariyawasam (22.01.2026)

+


වැඩ තහනම් කරපු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ගැන රනිල් කිව්වේ මොනවාද?

(29.01.2026 – hirunews.lk)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම පිළිබඳව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද සිය මතය ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේ දී රැස්වූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී.

මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම රනිල් වික්‍රමසිංහගෙන් මේ ගැන විමසා ඇති අතර ඉන් අනතුරුවයි ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ තහනම් කිරීම ගැන රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

“එහෙම ඉවත් කරනවා නම් ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. එයා කලින් ආණ්ඩුවල පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ, විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කරන කෙනෙකුටත් ඒ වගේ තනතුරකට සළකා බලන්න පුළුවන්.

මොකද එයා දෙපැත්තෙම උදවිය දන්නවනේ. පෞද්ගලික සම්බන්ධකම් වෙනයි. හැම වෙලේම විපක්ෂයේ ලේකම් සහ ආණ්ඩු පක්ෂයේ ලේකම් ආදී හැම දෙනෙක් එක්කම සම්බන්ධතා තියාගන්න ඕන. අපි ආණ්ඩු කරන කොට විපක්ෂ ලේකම්ලා මම හම්බවෙන්නත් එනවා. පාර්ලිමේන්තුවේ හැම එක්කෙනාටම මේ අයිතිය තියෙනවා රනිල් පැවසුවා.

මන්ත්‍රී කණ්ඩායමේ අදහස වූයේ ද බොහෝ තැන්වල රාජකාරී කර ඇසූ පිරූ තැන් තිබෙන මෙවැනි රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම ආණ්ඩුව වළ පල්ලට යන ගමන තවත් වේගවත් කරන ක්‍රියාවලියක් බවයි.

“මේ වැඩේ වෙන කිසිම ආණ්ඩුවක් නොකරපු වැඩක්. ඊළඟට පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් වැඩේ දෙන්න යනවා කියලා ආරංචියි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයට පැලවත්තෙ උදවිය වාඩි කරන්න යන්නේ” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එසේ ප්‍රකාශ කළා.

කොහොම වුණත් ලබන පාර්ලිමේන්තු සතියේදී මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් පළ කරමින් කතා කරන්නට යන බව ආරංචියි.Z යනුවෙන්ද මන්ත්‍රීවරයෙක් සඳහන් කළා.

“ලෝකෙ හැම පාර්ලිමේන්තුවකම මේ වගේ වැඩවලට කතානායක ඇඟිලි ගහන්නෙ නෑ. ඒ වගේ කාර්යයන් කෙරෙන්නේ ‘සෙකට්‍රි ජනරාල්’ මාර්ගයෙන්” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Champika, the man who pretends that he is the expert of everything: who is repsonsible for the exodus of those specialists who knew how to manage reservoirs? It is the corrupt politicians like yourselves that managed the country under Hotu Pohottu and Ranil the fake president’s governments. They were the ones that bankrupted the country, destroyed the hopes for the future of Sri Lankan citizens. Those experts that had a skill beneficial to western countries left Sri Lanka with their families. So, now, point the finger at yourself man, and stop trying to load your guilt on to the shoulders of NPP government. Duh!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *