ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

(05.08.2020 – 06:37 +0530 – hirunews.lk/sinhala) ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 4000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර හයක (6) පමණ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. පිපිරීමෙන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, …

නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති ඡන්ද දායකයන් කළ යුතු දේ

(04.08.2020 – 12:49 +0530 – lankaleadnews.com) නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි …

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 06 වනදා මැදියම් රැයට පෙර – මනාප ප්‍රතිඵලත් හත්වනදා (07) මධ්‍යම රාත්‍රිය වනවිට

(04.08.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala) හෙට (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව බොහෝ දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවටයි වාර්තාවන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණේ …

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට – ඇප ඉල්ලීමටත් විරෝධය

(03.08.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතාගේ නියෝගයකට අනුවයි. වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ ඊයේ (02) කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, …

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති

(03.08.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala) ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ප්‍රතිපත්තියක් මත පදනම්ව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රටේ සම්පත් සහ ආර්ථික මධ්‍යස්ථාන විදේශයන් සතු කිරීම වෙනුවට දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන ජාතික ආර්ථිකයක් අනාගතයට උරුම කරදීම රජයේ ප්‍රතිපත්ති බව ජනාධිපතිවරයා කියා සිටියා. ජීවන වියදම පිළිබඳ බොරු පොරොන්දු දීමට වඩා …

පාර්ලිමේන්තු මැතිවරණය 2020 – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ අනුක්‍රමික අංක සමග ඔවුන්ගේ නාම ලැයිස්තු

ගැසට් නිවේදන 2020.06.09 – පාර්ලිමේන්තු මැතිවරණය 2020 – එක් එක් අපේක්ෂකයාට පවරන ලද අනුක්‍රමික අංකය සහ නාමයෝජනා පත්‍රයෙහි දැක්වෙන පරිදි අපේක්ෂකයන්ගේ නම් : https://elections.gov.lk/web/wp-content/uploads/publication/ext-gz/PG_2020PE_S.pdf ++++++ Gazette Notice 2020.06.09 – Parliamentary Election 2020 – The Serial No. assigned to each Candidate and distinguishing number of each Recognized Political Party/ Names of Candidates as set out in …

විමල් නොසිටියානම් රටට වෙන්නේ කුමක්ද? ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය’ අවසාන මොහොතේ කියයි

(02.08.2020 – 22:58 +0530 – lankaleadnews.com) 69 ලක්‍ෂයක ජනතාවගේ සිහින සැබෑ කරන ප‍්‍රතිඵලය එනම් ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය සහතික කෙරෙන උපාය මාර්ගික තේරීම සාර්ථක කර ගැනීම සඳහා විමල් වීරවංශ මහතා සිංහල බෞද්ධ ජනයා අවදි කරමින් පුරෝගාමී භූමිකාවක් ඉටුකළ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි. ‘විමල් නොසිටියානම්… ඉතිහාසය වෙනස් කළ හැරවුම් 19’ යනුවෙන් බෙදා හරින ලද අත්පත්‍රිකාවක් අප …

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

(02.08.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala) දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11 කට පසු කුරුණෑගල නගරයේදී මීගමුවේ පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි. ඔහු ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය …

අතහැර දමා යන දරුවන් භාරදෙන්න ළමාරක්ෂක අධිකාරියෙන් වෙනම ආයතනයක්

(02.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala) දෙමාපියන් විසින් අතහැර දමා යා හැකි හෝ ඝාතනයට ලක්වීමේ අවදානමක් සහිත දරුවන් භාර ගැනීම සඳහා සියලුම පළාත් ආවරණය වන අයුරින් විශේෂ ආයතනයක් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එක් පළාතකට එක් ආයතනය බැගින් විවෘත කෙරෙන අතර, දෙමාපියන් සහ භාරකරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳව එහිදී කිසිවිටෙකත් අවධානය යොමු නොකරන …

වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාලවෙයි

(01.08.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව ඊයේ (31) ඇරඹූ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කළ යුතු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු …