මුළු රාජ්‍ය තන්ත්‍රයේම බලධාරීන් ‘බෝර්න් එගේන්’ කරණයට…

මුළු රාජ්‍ය තන්ත්‍රයේම බලධාරීන් ‘බෝර්න් එගේන්’ කරණයට…

*********************************************

මුළු රාජ්‍ය තන්ත්‍රයේම බලධාරීන් ‘බෝර්න් එගේන්’ කරණයට…

(07.03.2021 – 15:50 +0530 – lankacnews.com)

ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් 06 වන දින අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරිණි.

සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණයක් පවතින බව මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරන ලදි.

මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නයට දේශපාලන උත්තර නොමැති බව අවධාරණය කර සිටි උන්වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඔවුන්ට පවරපු වැඩේ හැර අනෙක් සියලුම දේ සිදුකර ඇති බවත් සඳහන් කරන ලදි.

1951 දී ආරම්භ කරන ලද ජමාතේ ඉස්ලාම් සංවිධානය ඔවුන්ගේ පොත්වල ‘සමස්ත මුස්ලිම් සමාජයම නොවුනත් සමස්ත මුස්ලිම් සමාජය වෙනුවෙන් එක්තරා මුස්ලිම් කණ්ඩායමක් වුවද ජිහාදයේ යෙදීම සෑහේ’ යනුවෙන් සඳහන් කර ඇති බවත් මුස්ලිම් අන්තවාදී සංවිධානවලට නායකයන් නොමැති බවත් ඔවුන්ගේ නායකයා ඔවුන් විශ්වාස කරන දෘෂ්ටිවාදය බවත් ඥානසාර හිමි මෙහිදී පැවසීය.

“සිංහල නායකයන්ගේ අසමගිය මේ රට විනාසයට කැඳවනවා නියතයි” යනුවෙන් සඳහන් කර සිටි උන්වහන්සේ දේශපාලන බෙදීම් පැත්තකින් තියලා ජාතියක් වශයෙන් ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයට මුහුණ නොදුන්නොත් ජාතියම විනාශ වන බව සඳහන් කරන ලදි.

ක්‍රිස්තියානි මූලධර්මවාදය මුළු රාජ්‍ය යාන්ත්‍රයේම සිටින වගකිව යුතු බලදරයෝ ‘බෝර්න් එගේන්’ ක්‍රිස්තියානියට ගොදුරු කරමින් සිටින බවත් අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදීන් පිළිකාවක් වගේ නලීමිලා වශයෙන් ස්ථානගතවී සිටින බවත් ඥානසාර හිමියෝ පෙන්වා දෙන ලදි.

සිංහල නායකයන්ට චෝදනා කරලා විනාශ නොකළ යුතු බවත් සිව්වනක් පිරිසම එකට එකතුවෙලා සියලුම නායකයෝ එකතු කරගෙන ඉස්ලාම් අන්තවාදයට මුහුණ දිය යුතු බවත් ඥානසාර හිමියෝ අවධාරණය කරන ලදි ෴

***************************************

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි – විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා – අජිත් ප්‍රසන්න

(07.03.2021 – colombotoday.com)

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානය බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

කුරානයේ විනාශකාරී ඉගැන්වීම් තිබෙන බවත් එහි ‘විරුද්ධවදියාව රැකසිට මරන්න’ යැයි තිබෙන බවත් ඊයේ (06) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

***************************************

(07.03.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පතක් මේ මස අවසානයේදී ඒ සඳහා අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටුව විසින් රජයට භාරදීමට නියමිතව තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙම විද්වත් කමිටුව පත් කරනු ලැබුවේ මීට මාස 6 කට ඉහතදියි.

ඒ, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන්.

ජනාධිපති නීතීඥවරුන් වන මනෝහර ද සිල්වා, ගාමිණී මාරපන, සංජීව ජයවර්ධන, සමන්තා රත්වත්තේ මෙන්ම මහාචාර්යවරුන් වන නසීමා කමුර්දීන්, ජී.එච්. පීරිස්, වසන්ත සෙනෙවිරත්න සහ ආචාර්ය ඒ.සර්වේෂ්වරන් එහි සෙසු සාමාජිකයන්.

ගතවූ කාලසීමාව තුළ මෙම විද්වත් කමිටුව මගින් සියලු පක්ෂ නායකයන්ගෙන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව රැසකගෙන් අදහස් හා යෝජනා ලබාගත්තා.

පසුව එම යෝජනා දීර්ඝ ලෙස විශ්ලේෂණය කරමින් මීට සති කිහිපයකට ඉහතදී කෙටුම්පත් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ මාසය අවසන් වනවිට අදාළ කමිටුවේ නිල කාලයද අවසන් වන අතර, ඊට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.

පසුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනු ඇති.

නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන්නේ ඉන් අනතුරුවයි ෴

***************************************

(07.03.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනයේ නාමයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන වන විනාශයන්ගේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් තවත් වන විනාශයක තොරතුරු අපට වාර්තා වූනා.

ඒ රත්නපුර කලවාන පිටිගලකන්ද ග්‍රාම නිලධාරී වසමේ අක්කර 100 රක්ෂිතයක කොටසක කිසියම් පිරිසක් විසින් ගස් කපා විනාශ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මාසයක පමණ සිට මෙම වන විනාශය සිදුකරමින් තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ නෙත යොමුවන්නේ කවදාද..?

***************************************

(07.03.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ආවේණික වූ කෙතල ශාඛ විශේෂයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

ඔහු කියා සිටියේ දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති ජලජ පැලෑටියක් මෙලෙස බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගත් බවයි ෴

***************************************

(07.03.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

සියදිවි නසා ගැනීමකදී ඒ සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මවක විසින් ඊයේ සිදු කරනු ලැබූ චෝදනාවකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පොලිස් නිලධාරියෙකු සමඟ ‘ෆේස් බුක්’ ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසු කාලීනව අදාළ පොලිස් නිලධාරියාගෙන් එල්ලවූ වදහිංසා හේතුවෙන් සිය දිවි නසා ගෙන ඇති බවට මවක් ඊයේ (06) චෝදනා කලා.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කලා.

***************************************

(07.03.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ යළ කන්නයේ වගා කටයුතු සඳහා වාරි ජලය නිකුත් කිරීම මාර්තු 10 වන දින සිට අප්‍රේල් විස්ස (20) දක්වා සිදුකරන බව මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලය නිවේදනය කළා.

පසුගිය වසරේ පැවති වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ධාරාවේ සියලු වාරි ජලාශ පද්ධති පිරී පවතිනවා.

ඒ හේතුවෙන් වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට උනන්දු වන ලෙසයි ජල කළමනාකරණ කමිටු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වගා ඉඩම් හෙක්ටයාර එක්ලක්ෂ 85,000 ක් සඳහා ජලය සැපයීමට අපේක්ෂා කරන අතර, එම වගා බිම් ප්‍රමාණයෙන් සියයට 87 ක් වී වගාවට යොදා ගැනෙනවා. ඉදිරි සියයට 13 අතිරේක භෝග වගා සඳහා යොදා ගැනෙනු ඇති ෴

***************************************

(07.03.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – දිඹුලාගල – මැදඇල්ලේ වැව ගම්මානයේ පිහිටි පුංචිබණ්ඩා වැව වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොවීම නිසා ගොවින් දැඩි දුෂ්කරතාවන්ට ලක්වන බව වාර්තාවනවා.

අක්කර 25 ක පමණ වපසරියකින් යුත් මෙම වැවේ මේ වනවිට ප්‍රයෝජනයට ගැනීමට හැකියාව පවතින්නේ අක්කර 5 ක් පමණයි.

මේ නිසා සිය වගාවන් සඳහා වැවෙන් ප්‍රමාණවත් පරිදි ජලය ලබාගැනීමට නොහැකිවී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ ෴

***************************************

(07.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොච්චිකඩේ දේවස්ථානයේ කළු ඉරිදාව සැමරීමේ අවස්ථාවට අද (07) උදෑසන එක්වෙමින්.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ඉස්ලාම් අන්තවාදීන් අටදෙනෙකු (8) දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී වසර දෙකකට (2) ආසන්න කාලයක් ගතවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය කොමිෂන් සභා වාර්තාව පසුගියදා භාරදුන් අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුලු තවත් නිර්දේශ රැසක් එම වාර්තාවේ සඳහන්.

මෙම වාර්තාව ප්‍රකාශයට පත් වීමෙන් පසුව ආගමික නායකයන්, දේශපාලන නායකයන් මෙන්ම සිවිල් සංවිධාන රැසක්ද අදහස් පළ කළා.

එම අදහස්වලට අනුව අවසන් වාර්තාව සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇත්තේ දැඩි කතාබහක්.

මෙවන් පසුබිමක් තුළ කොළඹ අගරදගුරු පදවිය, පසුගියදා ප්‍රකාශයට පත් කළේ පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටුනොවීමට එරෙහිව අද (07) දිනයේ ‘කළු ඉරිදාවක්’ නම් කරන බවයි.

එම විරෝධතාව සාධාරණයක් ඉටුවන තුරු අඛන්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය වී තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වුණේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම අන්‍යාගමික ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්.

කටුවපිටිය දේව මෙහෙයට සහභාගිවූ බැතිමතුන් නිහඬ විරෝධතාවක ද නිරතවුණා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියොන් දේවස්ථානයේද අද (07) සැමරුම් පැවැත්වුණා.

එමෙන්ම දිවයින පුරා කතෝලික දේවස්ථානවලදී අද (07) ‘කළු ඉරිදා’ සැමරුම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

++++++++++++++

***************************************

(07.03.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

සිය දේශපාලන ජීවිතයේදී විඳි අත්දැකිම් කිහිපයක් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා අදහස් හුවමාරු කරගත්තා.

ඒ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී.

***************************************

(07.03.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයෙන් හිස නැති කාන්තා මළ සිරුරක් හමුවී අදට (07) දින 7 ක් ගතවුවත් අදාළ කාන්තා හිස සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

මේ අතර කාන්තාව ඝාතනය කර ගෙල වැළලාගෙන සියදිවි හානිකරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ සිදු කෙරුණා.

කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක බහා තිබූ කාන්තා මළ සිරුරක් හමුවුණේ පසුගිය පළමු (01) වැනිදායි.

අදාළ මළ සිරුරේ හිස අතුරුදන්ව තිබූ අතර මෙම ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට පසුව අනාවරණ වුණා.

ඔහු ද ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන සිටියදී හමුවු‍ණේ නිවසට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි රබර් වත්තක දී.

මියයාමෙන් දින 3 කට පසු උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06) පස්වරුවේ ඔහුගේ නිවසට රැගෙන ආවා.

ඒ සිරුර සම්බන්ධයෙන් සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ මොණරාගල – සිරිගල රෝහලේදී සිදුකෙරුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ගෙල වැළලාගැනීමක් සිදුකරගෙන ඇති බව සහ සැකකරුගේ ආමාෂයේ සුදු පැහැති රසායන ද්‍රව්‍යයක් නිරීක්ෂණය වූ බවයි.

ඒ අනුව ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

නිවසට රැගෙන ආ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ ම බඩල්කුඹුර – පහේ කණුව පොදු සුසාන භුමියේදී සිදු කෙරුණා.

එම අවස්ථාවට උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ කිසිදු ඥතියෙකු එක්ව නොසිටීම විශේෂත්වයක්.

මේ අතර වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ හිස සොයා, බඩල්කුඹුර ප්‍රදේශයේ සිදු කෙරෙන විමර්ශන අදත් (07) ක්‍රියාත්මක වුණා.

ඝාතනය සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස අවට ඊයේ (06) සිදුකළ විමර්ශනවලදී ලේ පැල්ලම්වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර ඒ පිළිබඳ ද ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

හිස සොයා සිදු කෙරෙන විමර්ශන සඳහා පොලිස් නිල සුනඛයින්ගේ ද ආධාර ලබා ගත්තා.

***************************************

(07.03.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ ගන්දර විහාරස්ථානය අසළදී මෙලෙස කොන්දොස්තරවරයාට පහරදී ඇති අතර, ඔහු සතුව තිබූ මුදල් ප්‍රමාණයක්ද පැහැරගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

අදාළ කොන්දොස්තරවරයා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝහල් ගතවී තිබෙනවා.

සිද්ධියට මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ගන්දර පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

***************************************

(07.03.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමත් රියදුරෙකු විසින් සිදුකළ රිය අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 78 හැවිරිදි අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

පෙරේදා (05) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදි දෙකක (2) ගමන් කරමින් සිටි සිව් දෙනෙකු (4) තුවාල ලැබූ අතර, එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ 49 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, ඔහු වැල්ලවත්තේ ප්‍රසිද්ධ හෝටලයක කළමනාකරුවෙකු බව සඳහන් ෴

***************************************

(07.03.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වලව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (07) යළිත් මාරාන්තික උපවාසයක් බවට පත් කර තිබෙනවා.

ඒ, දින 50 කට පසුවයි.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස මාරාන්තික උපවාසය ආරම්භ කළ බවයි.

පසුගිය ජනවාරි මස 18 වන දා ප්‍රථමයෙන් අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

අනතුරුව ජනවාරි 20 වන දා එය මාරාන්ති උපවාසයක් බවට පත් කළ අතර පසුව බලධාරීන් විසදුම් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත එය අවසන් කොට සත්‍යග්‍රහය පමණක් සිදුකරගෙන ගොස් තිබුණා ෴

@@@@@@@@@@@@@@@@@

(07.03.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ, යුනිසෙෆ් ආයතනය මගින් ලබා දුන් පළමු එන්නත් තොගය වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබා දීම හෙට (08) සිට ආරම්භ වනවා.

ඊයේ (06) මධ්‍යම රාත්‍රී 12:15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ශීතාගාර පහසුකම් සහිත විශේෂ ප්‍රවාහන ගුවන් යානයකින් දිවයිනට රැගෙන ආ ලැබුවා.

කොවැක්ස් වැඩසටහන යටතේ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 1.44 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර ඊයේ (06) දිවයිනට ලැබුනු පළමු එන්නත් තොගය විශේෂ ශීතකල ඇසුරුම්වල බහා කොළඹ වංසගත රෝග විද්‍යා එකකය වෙත රැගෙන එනු ලැබුවා.

මේ අතර, ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කළ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 05 න් මිලියනයක් මෙරටට පැමිණිමේ ප්‍රමාදයක් සිදුවන බවට එම ආයතනය සදහන් කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප වැඩබලන සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෙන් විමසිමක් සිදුකල අතර එහිදි ඔහු කියා සිටියේ සීරම් ආයතනයේ පසුගියදා ඇතිවු ගිනිගැනීම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව අනෙකුත් රටවල් සදහා එන්නත් බෙදාහැරිමේ කටයුතු වල යම් ප්‍රමාදයක් ඇතිවන බවට දැනුම් දී ඇති බවයි.

මේ මස මැදදි ලැබීමට නියමිත එම කොරෝනා එන්නත් මාත්‍රා මිලියනය අප්‍රේල් මාසය මැදදි දිවයිනට ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

+++++++++++++++++++

(07.03.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය අද (07) අලුයම මෙරටට ළඟා වුණා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම එන්නත් තොගය භාරගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 2,64,000 ක් රැගත් එමිරේට්ස් සමාගමට අයත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ළගා වූයේ අද (07) අලුයම 12:15 ට පමණ.

යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට පිරිනැමෙන්නේ කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේයි.

එය මෙරටට ලබාදීමට නියමිත 20% ක එන්නත් මාත්‍රා ප්‍රමාණයෙන් කොටසක්.

ඒ අනුව ගෙනඑන ලැබූ පළමු එන්නත් තොගය යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් මෙරට කොවිඩ්-19 දැඩි අවදානම් ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 60 ට වැඩි ජනතාව වෙත ලබාදීමට නියමිතයි.

කොවැක්ස් පහසුකම යටතේ පළමු අදියරේ එන්නත් තොගය හිමිවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ අඛණ්ඩ සහය සනිටුහන් කරනවා.

අනතුරුව විශේෂ ශීතකළ ඇසුරුම්වල බහා එම එන්නත් තොගය කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත රැගෙන ආවා.

මේ අතර, ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙකු වාර්තා වුණා. ඉන් 16 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, සෙසු 360 දෙනා දිස්ත්‍රික්ක 19 කින් දේශීයව හඳුනාගත් ආසාදිතයින්.

ඊයේ (06) දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම ගණන 83 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් 24 ක් ලෙස වාර්තා වූයේ කැලණිය ප්‍රදේශයෙන්.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පිළියන්දලින් වාර්තා වූ අතර, එම ගණන 31 ක්.

සෙසු ආසාදිතයින් 173 දෙනා වාර්තා වූයේ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක 16 කින්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 85,335 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 81,768 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

තවදුරටත් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3070 ක් පමණයි.

මේ අතර, ගෙවුණු දිනයේ අලුතින් කොවිඩ් මරණ 4 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 497 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් දොඩම්ගොඩ, කොළම 9, බත්තරමුල්ල, සහ කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මේ අතර, කොවිඩ් ආසාදිත සති 7 ක් පමණ වයසැති වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු පසුගිය 5 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *