විදුලි සැපයුම වැඩියි.. Solar අක‍්‍රිය කරන්නැයි දන්වයි..
(14.04.2026 – lankacnews.com)
මේ දිනවල විදුලි පරිභෝජනය අවම මට්ටමක පැවතීම සැලකිල්ලට ගෙන, අද (14) පස්වරු 03:00 වන තෙක් තම සූර්ය පැනල පද්ධති ක්‍රියාවිරහිත කරන ලෙස නිවෙස්වල සූර්ය බලශක්ති ඒකක ස්ථාපිත කර ඇති පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෙම ඉල්ලීමට පාදක වී ඇත්තේ පද්ධතිය තුළ පවතින ඉල්ලුම සහ සැපයුම අතර තුලිතතාව පවත්වා ගැනීමයි.
විදුලි ජාලයේ ක්‍රියාකාරීත්වය වඩාත් සුරක්ෂිත මෙන්ම විධිමත් මට්ටමක පවත්වාගෙන යාම සඳහා සහය වන ලෙස EDL (Private) Limited සහ NSO (Private) Limited ආයතන සූර්ය බලශක්ති උත්පාදකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි ෴
ගල්අඟුරු හොරකම පැලවත්ත පවුලේම සෙල්ලමක්… මුං හොරකම් කරන්නෙ මුලු පවුලටමයි (14.04.2026)
+
මහින්ද අමතක කරවන්න අනුර මාර ට්‍රයි එකක් දෙන්නෙ… ඒ වුණාට ඔයා ෆේල් අනුර (14.04.2026)
+
ලංකාවේ අවුරුදු සිරිය මෙහෙම බොඳ වුණේ ඇයි ? අනුර පිටුපාන්නේ මහින්දටද ? රටේ සංස්කෘතියටද ? (14.04.2026)
+
පවුලක් නැති එකා අවුරුද්ද දවසෙත් පාරෙ තමයි… අපි නැතිකර ගත්තෙ රාජපක්ෂලා නෙවෙයි, අපිවමයි (14.04.2026)
+
ගල්අඟුරු සභාපති හඬපටය පිලිගැනීමෙන් රට පාලනය කරන්නේ ධම්මි¤ පෙරේ¤ බව පැහැදිලි වුනා..
(14.04.2026 – lankacnews.com)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි :
“මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපටය අසන විට ධම්මි¤ පෙරේ¤ට හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සඳහා ක්‍රමවේද උල්ලංඝනය කර, නීතිය නමා ඇති බව පැහැදිලිය. පළමු ගල්අඟුරු ටෙන්ඩරය ගැන අප දිගින් දිගටම පැවසුවේ එයයි. දිගුකාලීන ටෙන්ඩරය ගැන මෙතරම් චෝදනා එල්ලවී තිබියදීත් හදිසි ටෙන්ඩරයේදීත් මේ ආකාරයට හැසිරීම ආණ්ඩුවේ ආධාරකරුවන් පැහැදිලි කරන්නේ කෙසේද?
මෙය ව්‍යාජ හඬපටයක් නොවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලිපියකින් පිළිගෙන ඇති නිසා රට කරන්නේ මාලිමාවේ මහජන නියෝජිතයන් නොව ධම්මි¤ පෙරේ¤ ඇතුළු ජාවාරම්කාර ධනපති චෞර වළල්ලක් විසින් බව පැහැදිලිය.
ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා මේ ලිපිය නිකුත් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීල් තබා ඇති ආයතනයක ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව භාවිත කිරීම විශාල වරදක් බව නොදන්නා නිසා විය නොහැක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය ප්‍රචාරය කිරීම තුළ පෙනී යන්නේ ධනපති චෞර වළල්ලට රාජ්‍ය ව්‍යුහයන් හැසිරවීමට ඇති ශක්‍තිය නොවේනම් වෙන කුමක්ද?
මේ පවතින්නේ ධනේශ්වර රජයක් බවත් කවුරු මොන පුටුවල වාඩිවී සිටියත් මේවා ධනපති ආණ්ඩු බවත් මාක්ස්වාදීන් හැමදාමත් පවසන්නේ ඒ නිසාය. මේ ගල්අඟුරු මගඩියෙන් ජාවාරම්කාරයන්ගේ මඩි තරවන අතර එහි වන්දිය වැඩකරන ජනතාවට ගෙවීමට සිදුවනු ඇත. ඩොලර්වලින් ඉන්ධන ආනයනයට විශාල සමාගම්වලට ආණ්ඩුව ඉඩදී තිබෙන නිසා එම පන්තිය සිය සුපුරුදු කටයුතු කරගෙන යන අතර, විදුලි කප්පාදුව නිසා වැඩකරන පන්තියේ දෛනික ජන ජීවිතය අඩාල වනු ඇත.
මේ සියලු ප්‍රශ්න සමග පන්ති ප්‍රශ්නයක් සම්බන්ධව ඇත. මේවා ධනපති ආණ්ඩු වන අතර වරින් වර එහි මතුපිට සායමේ පැහැය පමණක් අලුත් මූණු හරහා වෙනස්වේ. වත්මන් අත්දැකීමෙන් ලංකාවේ ජනතාවට එම දේශපාලන අවබෝධයවත් ලැබේ නම් ප්‍රමාණවත් වන බව දැනට ලියා තබමු.”
පුංචි අම්මයි පුතයි දීග කන මේ වගේ රටක ආගමක්, ජාතියක්, සංස්කෘතියක් මුන් ටික රකියිද ? (15.04.2026)
+
බෞද්ධයන් උකස් කරන මහමෙව්¤¤ සහ ඉස්ලා¤ය හවුල් ව්‍යාපාරය…! (15.04.2026)
+
දැන් රට විනාස කරන්නෙ, හිරු – දෙරණ ටෙලිවිෂන් චැනල්… ජේවීපීකාරයන්ට උන් කරපු දේවල්ම අමතකයි (15.04.2026)
+
යදමින් බැඳ විලංගු ලා, සිංදුව කියලා බටලන්ද රනිල්ගෙන් සම්මාන ගත්තෙ කොහොමද ? (15.04.2026)
+
තෙමහල් මන්දිරයේ විස්තර නැති, FD ආදායමක් සහ FD ණයක් ඇතත් FD එකක් නැති, ලාල්කාන්තගේ වත්කම් ප්‍රකාශය (15.04.2026)
+++
+
අනුර පව්… අවුරුද්දෙ ගත්ත කෝල් එක (15.04.2026)
+
ගල් අගුරු සටනට වඩා විසල් මගේ සටනේ ජයග්‍රහනය (15.04.2026)
+
හිසතෙල් ගානකොට ගැරඬින්ට බූමිතෙල් ගෑවුණා වගේ (15.04.2026)
+
NDB ආකාරයේම මුදල් වංචා තවත් බැංකු කිහිපයකම..
(15.04.2026 – lankacnews.com)
ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් විරහිතභාවය සහ ක්‍රමවේදයන්ගේ පවතින අසාර්ථකත්වය හේතුවෙන් ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාව තවත් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් කරා ව්‍යාප්ත වී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අනාවරණය කළේය.
කරුණානායක මහතා චෝදනා කළේ, ජාතික වශයෙන් වැදගත්කමක් ඇති තීරණාත්මක ප්‍රශ්න කිහිපයකට මාස ගණනාවක් තිස්සේ පිළිතුරු ලබා නොදීම හරහා මහ බැංකුව සහ අදාළ බලධාරීන් සිය රාජකාරියට බාධා පමුණුවන බවයි.
ජාතික සංවර්ධන බැංකුවේ සිදුවූ මෙම මූල්‍ය වංචාව තවත් බැංකු 5 ත් 7 ත් අතර ප්‍රමාණයකට සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) 4 ත් 9 ත් අතර ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“පාර්ලිමේන්තුවේදී හෝ කාරක සභා වාරවලදී මෙම ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබෙන්නේ නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකුවේ අධීක්ෂණ භූමිකාව දැඩි ලෙස විවේචනයට ලක් කළ කරුණානායක මහතා, කිසිදු පරීක්ෂාවකින් තොරව රුපියල් බිලියන ගණනක මුදලක් මෙරටින් බැහැරට ගොස් ඇති බවත්, මහ බැංකුව ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බවත් පැවසීය.
සේවක අර්ථසාධක අරමුදල (EPF) හසුරුවන මහ බැංකුවම, වංචාවන්ට ලක්වූ ජාතික සංවර්ධන බැංකුවේ ආයෝජනය කිරීමේ පරස්පර විරෝධී ස්වභාවය ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
මහ බැංකුවේ වගවීම පිළිබඳ පවතින මෙම ක්‍රමවේදමය අසාර්ථකත්වය හේතුවෙන් මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව රවී කරුණානායක මහතා අවධාරණය කළේය ෴
මේ වේසිගෙපුතා මොනවා හරි ගහලා ඉන්නේ – ඇහැලියගොඩ අනතුරෙන් වාහන 12කට හානි (15.04.2026)
+
බීගෙන රජකාරියට ආපු පොලිස් නිළධාරින්ට ගම්මු පාඩමක් උගන්නයි (15.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴