අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න


අවුරුදු සමයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න

(13.04.2026 – 08:45 +0530 – sinhala.adaderana.lk)

අවුරුදු සමයේදී සංවිධානය කරන තරග සහ ඉසව්හිදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාව තුළින් අදාළ උත්සව සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර ඇත.

ඒ අනුව අදාළ උත්සව සංවිධානය කිරීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මගින් ගම හරහා දිවීම, මැරතන් තරග, පාපැදි තරග වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට පෙර සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම වඩාත් යෝග්‍ය බවත් පෙන්වා දී තිබේ.

එමෙන්ම උත්සව පැවැත්වෙන ස්ථානයේ මනාව සන්නද්ධ කරන ලද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් ඒ සඳහා අවශ්‍ය උපකරණ සහිත ස්ථානීය වෛද්‍ය පහසුකම් සහිත ස්ථානයක් පවත්වාගත යුතු බවත් අදාළ මාර්ගෝපදේශ මාලාව මගින් දක්වා ඇත.

එම සම්පූර්ණ මාර්ගෝපදේශමාලාව පහතින් :

Festival Sports Guidelines Ecopy by poornima

+


හිරු තරු අවුරුදු සැණකෙළිය (13.04.2026)

+


තුන් පරපුරක අවුරුදු – TV Derana (14.04.2026)

+


‘ගල්අඟුරු වංචාවක්’ සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක්

(13.04.2026 – 11:21 +0530 – sinhala.adaderana.lk)

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ගල්අඟුරු ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ අදාළ ටෙන්ඩරය ලබා දීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයෙකුට ලබා දීමට ක්‍රියා කළ ආකාරය හඬපටයකින් හෙළිවී ඇති බව කියමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

“යම් හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒක ඇහුවාම අපිට තේරෙනවා එතනත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න හිතවතෙකුට මේ ටෙන්ඩරය ලබා දෙන්න ඕනේ, ලබා දිය යුතුයි කියන සාකච්ඡාවක් සම්බන්ධව මේ හඬපටය නිකුත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ ඕඩියෝ එකේ යන සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගේ නම තියෙනවා, ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයින්ගේ නම් තියෙනවා, මේක තුළත් පැහැදිළිවම වංචාවක් සිද්ධ වෙලා තියෙනවා.”

+++

+++

+++

හදිසි ගල් අඟුරු සැපයුම නියම ක්‍රමවේදයට කර තිබෙනවා : ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති

(13.04.2026 – hirunews.lk)

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, නොමඟ යවනසුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක අද (13) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා නිකුත් කරන ලද නිවේදනය පහත සඳහන් වනවා :

“සමාජ මාධ්‍යවල සංසරණය වන 2026 මාර්තු 25 වන දින මා සමග ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙකු අතර වූ දුරකතන සංවාදයක් සම්බන්ධව.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස මා හදිසි ගල් අඟුරු සැපයීම සඳහා කැදවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වන විටත් කැබිනට් අනුමැතිය ද සහිතව කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව බැංකුව විසින් නිකුත් කරන කාර්ය සාධන ඇපකරය එය අදාල බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය කරන බව වාර්තාවේ.

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, නොමඟ යවනසුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.”

+++

https://www.youtube.com/watch?v=pbhd9LiqmyA


රුපියල් කෝටි 2 ක අධිබලැති යතුරුපැදි 5 ක් පොලිස් භාරයට

(13.04.2026 – hirunews.lk)

මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 2 කට ආසන්න වටිනාකමින් යුතු අධිබලැති යතුරුපැදි 5 ක් එකලස් කරමින් සිටි පිළියන්දල ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු පිළියන්දල පොලිසිය අද (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සිද්ධියට අදාල වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදු කරන බවයි පවසන්නේ.

+++

+


වීරවිල පොලිසියේ බීමත් නිලධාරීන් පිරිසක් තරුණයෙකුට වට කරගෙන පහර දෙන හැටි කැමරාවේ (13.04.2026)

+


මාස 03 ක් ඔය විදියට තිබුණොත්, ජේවීපීකාරයින්ට ඒත් ඇති… දැන් පරිසර පොලිසියෙනුත් දාලා (13.04.2026)

+


විගණකාධිපති වාර්තාව යට ගහන්න කෝප් සභාපති හෙළුවෙන් නටයි! (13.04.2026)

+


ලාල්කාන්තගේ වත්කම් මෙන්න ඉඩම්, ගෙවල්, බැංකු, රත්තරන් සියල්ල හෙළිදරව් වෙයි! (12.04.2026)

+


මේ වැඩෙන් අනුරගෙත් රෙදි හොඳටම ලෙෆ්ට් නේද ? ජේවීපී ආණ්ඩුව දැන්නං දුවන්නෙ අමු හෙලුවෙන් (13.04.2026)

+

මට අනුරවයි ධම්මිකවයි බේරාගන්න ඕනෙ… මේක විකෘති කළ හඬපටයක් – ගල්අඟුරු සභාපති පසුව කියයි (13.04.2026)

+


සූර්යසිංහලේ – හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු |14-04-2026

+

Derana Nestomalt Kalaagame Avurudu (කලාගමේ අවුරුදු) 2026 | TV Derana (14.04.2026)

+


කාල්ටන් නිවසේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර – මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමගින් (14.04.2026)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සැම සහභාගී වන හම්බන්තොට කාල්ටන් නිවසේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සජීවීව දැකගන්න SL Leaders සමඟ එක්වන්න. යුධ ගිනි නිවූ ඒ අභීත නායකයා සමගින් ලිප ගිනි මොලවා මෙවර අවුරුදු උදාව වෙනස්ම අත්දැකීමක් කරගන්න.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *