ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාලවලටත් එසේම දෙන්න : සුගීශ්වර බණ්ඩාර
ජවිපෙ මූලස්ථානයට පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙක් පක්ෂ කාර්යාලවලටත් එසේම දෙන්න : සුගීශ්වර බණ්ඩාර
(10.04.2026 – hirunews.lk)
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයට STF ආරක්ෂාව ඇතුළු පොලිස් ආරක්‍ෂාව ලබාදෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂ කාර්යාලවලටද එවැනි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා අද (10) දිනයේදී පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.
ජනපතිවරයා සහ අගමැතිවරිය පැලවත්ත පක්ෂ මූලස්ථානයේ සිටින විට ආරක්ෂාව ලබා දුන්නාට ගැටළුවක් නොමැති බවත් නමුත් ඔවුන් දෙදෙනා නොමැති අවස්ථාවලදී ද දිගටම පැලවත්ත පක්ෂ මූලස්ථානයට ආරක්ෂාව ලබාදී තිබෙන්නේ කුමන පදනමකින්ද කියා තමා විමසන බවද සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කරන විට එවකට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයට පොලිස් ආරක්ෂාවක් මේ ආකාරයෙන් අඛණ්ඩව ලබා නොදුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරන විටත් එවැනි ආරක්ෂාවක් ඩාර්ලි පාරේ කාර්යාලයට අඛණ්ඩව ලබා නොදුන් බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලබනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන විට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජනාධිපති වශයෙන් කටයුතු කරන විට බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට ද මේ ආකාරයට අඛණ්ඩ පොලිස් ආරක්ෂාවක් ලබා නොදුන් බවත් සුගීශ්වර බණ්ඩාර පෙන්වා දෙනවා.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට STF ආරක්ෂාව හා පොලිස් ආරක්ෂාව අඛණ්ඩවම ලබා දෙනවා නම් අනෙකුත් දේශපාලන පක්ෂවල ප්‍රධාන කාර්යාලවලටද ඒ ආකාරයට ආරක්ෂාව ලබා දෙන ලෙස තමා පොලිස්පතිවරයාගෙන් අද (10) දින ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවයි සුගීශ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴
අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
(10.04.2026 – 10:47 +0530 – sinhala.adaderana.lk)
අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පැමිණිලිකරු විසින් මිලදී ගත් නව යතුරුපැදිය පසුගියදා (08 වැනිදා) අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන්.
එහිදී එම පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් රු. 10,000 ක මුදලක් ඉල්ලා, එපමණ මුදලක් පැමිණිලිකරුට ලබා දීමට නොහැකි බවට දන්වා සිටි අවස්ථාවේදී, සැකකරු අරක්කු බෝතලයක් ඉල්ලා ඇත.
එය ලබාදෙන තෙක් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත්කර ඇති ලිපිය ඇපයට තබාගෙන, ඊයේ (09) පැමිණිලිකරුගෙන් මෙලෙස අල්ලස් වශයෙන් අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
අදාළ කොස්තාපල්වරයා ඊයේ (09) ප.ව. 3 ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන වෙළෙඳසැලක් අසල වසා ඇති ගොඩනැගිල්ල අසලදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
‘කක්කි සුදා’ ගැන අර්චුනා මන්ත්‍රී … (10.04.2026)
+
පාසල් සිසුන් පිරිසක් මත් පැන් බී රෝහලේ..
(11.04.2026 – lankacnews.com)
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රකට පාසලක සිසුන් පිරිසක් මත්පැන් පානය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හල්දුම්මුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රධාන පාසලක 16 හැවිරිදි වියේ පසුවන සිසුන් සිව්දෙනෙකු (4), පසුගිය 09 වනදා විද්‍යාලයීය පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්වය බරපතල වීම හේතුවෙන් වහාම පළමුව හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. තත්වය දරුණු වූ බැවින් පසුව දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.
රෝහල් තොරතුරු වලට අනුව, මත්පැන් පානය කිරීමෙන් පසු ඇතිවන දුගඳ මර්දනය කිරීම සඳහා මෙම සිසුවා යම්කිසි ද්‍රව්‍යයක් ශරීරගත කරගෙන ඇති බවට සැක කෙරේ.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රකාශ කළේ මෙම විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ පාසලේ නිලධාරීන් සහ සිසුන්ගේ දෙමාපියන් ගෙන්වා ඉදිරි විමර්ශන සහ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි ෴
දැන් නං ජනාධිපතිට කට උත්තරත් නෑ නේද ? (10.04.2026)
+
ලාල්කාන්ත, එන්න අපි අඩියක් ගහලා ෆොටෝ අරන් ෆේස්බුක් දාමු… ඔයාගේ වත්කම් අදාළම නෑ (10.04.2026)
+
ගම්මන්පිල – මුජිබර් සම්මුඛ වීම පුදුමයක් නෙවෙයි (10.04.2026)
+
මාලිමා ආණ්ඩුවේ සුචරිත සලුපිළී උනා දමන පුන්‍ය කුමාර සහ අනුර කුමාරගේ අඹයාළුකම (10.04.2026)
+
විස්වාශ භංගය දිනන්න ආණ්ඩුව ගහපු සුපිරි ප්ලෑන් එක මෙන්න (10.04.2026)
+
මේ ඉන්නේ සහරාන් – මේ ඉන්නේ අනුර – රටම හෙල්ලිලා යන හෙළිදරව්ව මෙන්න (11.04.2026)
+
ගල් අඟුරු වංචාවට සමාගම තේරූ හැටි හෙලි වේ | ලාල්කාන්ත පොහොසත් වුණේ ජෝ බයිඩන් ක්‍රමයටද? (11.04.2026)
+
අපරික්ෂාකාරීව රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක්
(11.04.2026 – hirunews.lk)
අපරික්ෂාකාරීව සහ අනතුරුදායක ලෙස රිය පදවන වීඩියෝ දර්ශන ලබාදීමට පොලිසියෙන් වට්ස්ඇප් අංකයක් ලබාදී තිබෙනවා.
ඒ, 070 554 7600 යන දුරකථන අංකයයි.
එසේම හැකි සෑම විටම දිනය, ස්ථානය සහ පොලිස් වසමත් සඳහන් කර වීඩියෝ දර්ශන ලබාදෙන ලෙසටයි පොලිසිය ඉල්ලා ඇත්තේ ෴
හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
(11.04.2026 – hirunews.lk)
හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා.
ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා.
විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව සිසුන් සහ සිසුවියන් කිහිපදෙනෙක් එම ප්‍රදේශයේම පිහිටි හෝටලයක් තුළදී සාදයක් පවත්වා තිබුණේ පෙරේදා (09) රාත්‍රියේදීයි.
එම සාදය අතරවාරයේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබු අතර, ගැටුමට මැදි වූ සිසුවෙක් එහිදී මියගියා.
ගැටුම අතරවාරයේ සිදුවූ පහරදීමක් මරණයට හේතුවී තිබූ බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබූ නමුත්, වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී අදාළ මරණය පහරදීමක් හේතුවෙන් සිදුව ඇති බවට නිශ්චිතවම තහවුරු වී නොමැති බව පොලිසිය පැවසුවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ cctv කැමරා පරීක්ෂා කිරීමේදී සහ අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඊට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ වූ බවයි.
ඒ අනුව, සාදය අතරවාරයේ එම ස්ථානයේ සිටි සිසුවියන් කිහිප දෙනෙක් වැසිකිළි යෑම සඳහා පිටව ගොස් තිබූ අතර, තවත් සිසුවෙක් ද ඔවුන් පසු පස ගොස් තිබෙනවා.
ඔවුන් පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් එම ස්ථානයට තවත් සිසුන් කිහිප දෙනෙක් ගොස් තිබූ අතර, ගැටුම හටගෙන ඇත්තේ එම අවස්ථාවේදීයි.
පොලිසිය පැවසුවේ මරණයට පත් වූ සිසුවා එම ස්ථානයේ පිහිණුම් තටාකය අසල ඇද වැටෙන අයුරු cctv දර්ශනවල දක්නට ලැබෙන බවයි.
මෙලෙස මිය ගියේ හිරිපිටිය නිකදළුපොත පදිංචිකරුවෙක් වන ‘යසිත් චතුක’ නමැති අවුරුදු 19 ක් වයසැති සිසුවෙක් වන අතර, ඔහුගේ සිරුර මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.
අදාළ සිසුවා එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිට තිබුණා.
මේ අතර, ගැටුමෙන් තුවාල ලැබු තවත් සිසුවෙක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
කටුනායක පාර යටින් මැණික් පතලක් අහුවෙයි – පිටතින් කඩ කාමරයක් – ඇතුළතින් පාර යට පතලක් (11.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴